theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

රාමසාන් කාලය ගැන රසවත් කරුණු කිහිපයක් සමඟ ඔබ සැමට සුභ රාමසාන් මංගල්‍යයක් වේවා!

4 අවම කියවීම
රාමසාන් කාලය ගැන රසවත් කරුණු කිහිපයක් සමඟ ඔබ සැමට සුභ රාමසාන් මංගල්‍යයක් වේවා!රාමසාන් කාලය ගැන රසවත් කරුණු කිහිපයක් සමඟ ඔබ සැමට සුභ රාමසාන් මංගල්‍යයක් වේවා!

මේ රාමසාන් කාලය තුළ එම උත්සවය ගැන රසවත් කරුණු කිහිපයක් ගෙන හැර පාන්නෙමු. අනෙකුත් ජාති ආගම වල සිරිත් විරිත් අවබෝධ කර ගැනීමෙන් සාමය හා සංහිඳියාව වර්ධනය කරගත හැක.

මේ සුන්දර ශ්‍රී ලංකාව බහුවිධ හා බහුසංස්කෘතික උරුමයන් හා චාරිත්‍රයන්ගෙන් පිරී රටක්. මේ රාමසාන් කාලය අප දේශයේ උත්තරීතර ගුණාංගයක් වන විවිධ ආගම් හා ජාතීන් අතර පවතින අන්යෝන්‍ය සමගිය හා සහජීවනය නැවත මතක් කරගන්නට අවස්තාවක්. රාමසාන් උත්සවය පිළිබද විස්තරයක් මේ..

මේ සාමයට හා සමාදානයට දායක විය හැකි නම් අප දරුවන්ට සුන්දර සාමකාමී හෙට දිනක් සාදා දීමට අපටත් දායක වන්නට පුළුවන්. මෙසේ අපගේ සහජීවනය දියුණු කර ගත හැකි එක් ක්‍රමයක් නම් අනෙක් ඇයගේ ඇදහිලි හා චාරිත්‍ර ගැන අවබෝධ කර ගැනීමයි.

අප අසල්වාසීන්ගේ චාරිත්‍ර වලට ගරු කිරීම තුළින් අපගේ දරුවන් තුල අප ඉවසීම, සංහිඳියාව වැනි උතුම් ගුණාංග ස්ථාපිත කරමින් වඩාත් සුන්දර වූ හෙට දිනකට අඩිතාලම සපයනවා.

ඉතින් මේ අරමුණ පෙරදැරි කරගෙන අද අප කතා කරන්නේ මේ දින වල අපගේ මුස්ලිම් සහෝදර ජනතාව මෙනෙහි කරන රාමසාන් කාලය ගැන. අප බොහෝ විට මේ කාලය හඳුනන්නේ නෝම්බි අල්ලන කාලය හැටියටයි.

නමුත් මෙම කාලයට මෙයට වඩා ගැඹුරු අරුතක් තියෙනවා.

රාමසාන් උත්සවය

රාමසාන් උත්සවය

රාමසාන් උත්සවය ගැන යම් අවබෝධයක් ලබා ගැනීමට සුළු විස්තරයක් පහත දක්වමු.

1. රාමසන් කාලය යනු කුමක්ද?

මුස්ලිම් ජනතාව වසරක් පාසා සමරන රාමසාන් උත්සවය හැම වසරේම දින තිහක් පුරා නිරාහාරව සිටීම, ආත්ම ධමනය, යාච්ඤාව වැනි පුණ්‍ය ක්‍රියා දාමයන් අවසන් කරන උත්සවයයි.

රාමසාන් දිනය ඉස්ලාමිය චන්ද්‍ර කැලැන්ඩරය හා සම්බන්ධ වන අතර නව චන්ද්‍රයා දැකීම තුළින් නිශ්චිතවම රාමසාන් මාසය පටන් ගන්නා දිනය තීරණය වෙනවා.

සාමාන්‍යයෙන් රාමසාන් කාලය සැම මාස නවයකටම වරක් සිදු වනවා. මෙම වසරේ රාමසාන් කාලය මැයි මස 26 වනදා ඇරඹුණා.

 

2 රාමසාන් කාලය තුළ නෝම්බි ඇල්ලීම යනු කුමක්ද?

රාමසාන් උත්සවය

රාමසාන් කාලය පුරාවට සිදු වන වත් පිළිවෙතක් අතරින් මුල් තැන ගන්නේ නෝම්බි ඇල්ලීමයි. එනම් දිනපතා හිරු උදා වන්නට පෙර පළමු ආහාර වේල අනුභව කරන බැතිමතුන් යළි හිරු බැස යන තුරුම කිසිඳු ආහාරයක් හෝ පානයක් පමණක් නොව කෙළ බිඳක්වත් ගිලින්නේ නැහැ. මෙසේ කරන්නේ මුලික වශයෙන් දුප්පතාගේ බඩගින්න හඳුනාගැනීමටත් ආත්ම ධමනය හුරු වීමටත්ය.

නෝම්බි ඇල්ලීම තුළින් ශාරීරික මෙන්ම ආත්මික පවිත්‍ර කිරීමක් සිදුවන අතර මෙම ආත්ම ධමනය තුළින් දෙවියන් කෙරෙහි අවධානය වැඩි වන බවත් එතුළින් මනස පාරිශුද්ධ කළ හැකි බවත් ඔවුන්ගේ විශ්වාසයයි.

3 රාමසාන් කාලය තුළ බැතුමතුන් කරන/නොකරන අනෙකුත් විශේෂ ක්‍රියාවන් මොනවාද?

මේ කාලයේ දුම් පානය හෝ පසිඳුරන් පිනවන අනෙකුත් සියලුම ක්‍රියා වලින් මිදී සිටීමට මෙම බැතිමතුන් වග බලා ගන්නවා.

වැඩි වැඩියෙන් යාච්ඤා කටයුතු වල නියැලීමත් සිදු වනවා. රාමසාන් කාලයේ විශාල වශයෙන් දාන මාන කටයුතු සිදු කෙරෙන අතර නැති බැරි අය සමඟ විශාල වශයෙන් බෙදා හදා ගැනීම් සිදු කරනවා.

හවස ආහාර වේල නොහොත් නෝම්බි ඇරීම සිදු කරන ඉෆ්තාර් ආහාර වේල අප රටේ දන්සැල් දෙනවා සේ මං මාවත් වල කුඩාරම් ගසා බෙදා හදා ගන්නා අපුරුව අරබිකරයේදී මා අත් දැක තිබෙනවා.

4 රාමසාන් උත්සවය

රාමසාන් උත්සවය

ඉහත කී ආත්මික හා ආගමික ක්‍රියා දිනා තිහක් පුරාවට සපුරා අවසාන දින බොහෝ ආගමික වතාවත් වල යෙදීමෙන් අනතුරුව මේ උත්සවය සැමරෙනවා. මෙදින පවුලේ සැම එක්වී විනෝද වී තෑගි බෝග හුවමාරු කර ගනිමින් වැඩිහිටි නෑ මිතුරන් සමඟ එකතු වන විශේෂ දවසක්.

මෙදින අපගේ මුස්ලිම් මිතුරු මිතුරියන්ගේ සවාන් බුරියානි බෝජනයක් රස විඳ වටලප්පම් කෑමට අප මග බලාගෙන ඉන්නවා.

රාමසාන් උත්සවය ගැන දැන ගැනීම අපටත් වැදගත් වන්නේ අප රටේ සහෝදර ජනතාවගේ විශේෂ ආගමික වතාවත් තේරුම් ගැනීම තුළින් ඔවුන්ගේ විශ්වාසයන් වලට ගරු කිරීමටත් ඔවුන්ගේ විශේෂ දවස් වල සතුට අවබෝධයෙන් බෙදා හදා ගැනීමටත් එවිට අපට හැකි වන නිසා.

මෙවිට අද කාලයට අත්‍යාවශ්‍ය සාමය හා සහජීවනය අප තුළින් ඉගෙන ගන්නා අපගේ දරුවන් මතු පරපුරට ඒවා ගෙන යනවා.

මේ කාලය තුළ මුස්ලිම් ජනයාගේ කැප කිරීම හා ආත්ම ධමනය පසුපස ඇති සුන්දර අරුත ප්‍රශංසනීයයි නේද?

මුස්ලිම් නොවන අනෙකුත් ශ්‍රී ලාංකිකයින් හැටියට රාමසාන් කාලය තුල ඔවුන් සිටිනා අවට කෑම් බිම්, දුම් බිම්, සතුටු වීම් ආදිය මග හැරීමෙන් අපගේ සුහදශීලී බව තුළින් හා පරිණත බව තීව්ර කර සැබෑ සහෝදර ලාංකිකයන් සේ අප දරුවන්ට සොඳුරු හෙට දිනක් සාදන්නට අපට දායක වන්නට පුළුවන්.

 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • මුස්ලිම් උත්සව
  • /
  • රාමසාන් කාලය ගැන රසවත් කරුණු කිහිපයක් සමඟ ඔබ සැමට සුභ රාමසාන් මංගල්‍යයක් වේවා!
බෙදාගන්න :
  • ලොවට එළිය දෙන දීපාවලී උත්සවය ගැන දීප්තිමත් කාරණා 5ක්

    ලොවට එළිය දෙන දීපාවලී උත්සවය ගැන දීප්තිමත් කාරණා 5ක්

  • ලහි ලහියේ සුදානම් වෙන රාමසාන් කෑම මේසය

    ලහි ලහියේ සුදානම් වෙන රාමසාන් කෑම මේසය

  • ලොවට එළිය දෙන දීපාවලී උත්සවය ගැන දීප්තිමත් කාරණා 5ක්

    ලොවට එළිය දෙන දීපාවලී උත්සවය ගැන දීප්තිමත් කාරණා 5ක්

  • ලහි ලහියේ සුදානම් වෙන රාමසාන් කෑම මේසය

    ලහි ලහියේ සුදානම් වෙන රාමසාන් කෑම මේසය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it