theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සාර්ථක විවාහයට ලිංගික එක්වීම් කල හැකි ක්‍රම 4 ක්

4 අවම කියවීම
සාර්ථක විවාහයට ලිංගික එක්වීම් කල හැකි ක්‍රම 4 ක්සාර්ථක විවාහයට ලිංගික එක්වීම් කල හැකි ක්‍රම 4 ක්

මේ ආකාර 4 ටම ලිංගිකව එක්වීම ඔබේ විවාහ ජිවිතයට නැවුම් බවක් ලබාදේවි

විවාහය හා ලිංගික ජිවිතය දෙකම එකට යන්නක්. විවාහයක් තුල ලිංගිකත්වය කියන්නේ නැතුවම බැරි කාරණාවක්.

විවාහයේ මුල් සමය මධුසමයක් වෙනවා. ලිංගිකව එක්වීමට සමීපවීමට දෙදෙනාටම ඇත්තේ දැඩි උනන්දුවක්.

සමහර විට දෙදෙනා තනිව ගමන් බිමන් ගුණාත්මක කාලයක් එක්ව ගත කරනවා. එකිනෙකා වෙනුවෙන් කැප වු ලිංගික ජීවිතයක් ගත කරනවා.

නමුත් පවුල දරුවන් එක්කෙනා දෙන්නා එකතු වෙද්දි තත්වය ටික ටික වෙනස් වෙන්න ගන්නවා. බිරිද දරුවන්ට ලංවෙමින් සැමියා ගෙන් ඈත්වෙනවා.

ඇත්තටම සිදු නොවිය යුත්ත එයයි. ඔබ දරුවන් සදහා සියලු වගකීම් දැරිය යුතු බව ඇත්තයි.

නමුත් ඔබේ විවාහයේ ප්‍රධාන වගකීමක් වු ලිංගික ජිවිතය පවත්වා ගැනීම ඔබ අතින් මග හැරෙනවා නම් ඔබ ඔබේ සහකරුට හෝ සහකාරියට කරන්නේ ලොකු වරදක්.

සමහර විට මේ සදහා ඔබට කියන්න ගොඩාක් හේතු තියේවි.

නමුත් හේතු වලට උත්තර හොය හොය ඉන්නේ නැතුව ඔබේ ලිංගික ජිවිතයට පණ පොවන්න අවස්ථා උදා කරගන්න.

මෙන්න හොද ලිංගික ජිවිතයකට මග පෙන්වීමක්.

සෞඛ්‍ය සම්පන්න ලිංගික ජීවිතයක් ගත කරන්නේ කෙසේද? ඇත්තටම අපේ ලිංගික ජිවිතය සාර්ථකයිද?

එය මනින්නේ ලිංගිකව එක්වෙන වාර ගණනෙන්ද නැතිනම් තෘප්තියෙන්ද?

එය පදනම් වී ඇත්තේ වික්‍රමාන්විත වීම සහ අලුත් දේවල් අත්හදා බැලීමට කැමති වීම මතද?

ඇත්තටම ඔබ සාර්ථක ලිංගික ජිවිතයක් ගැන මොන විදියේ අර්ථකතනයක් දෙන්න උත්සහ කලත්  මෙම සමීප සබඳතා තෘප්තිමත් කර ගැනීම සඳහා වැදගත් වන ලිංගික එක්වීම් ඇතිබව පිළිගන්න වෙනවා. ඒවායින් හතරක් ගැන වැඩිදුර දැනුවත් වෙමු. 

ලිංගික එක්වීම

  1. විවාහය හා ලිංගික ජිවිතය සාර්ථක කර ගැනීම සදහා ‌පෙර සැලසුම් නොමැතිව එකවර ලිංගිකව එක්වීම

 පෙර සැලසුම් නොකල ලිංගික එක්වීම් විවාහය විනෝදජනක හා ප්‍රබෝධමත් කරන බව බ්ලොගර් සහ කර්තෘ කෙනෙක් වන  කෙවින් ඒ. තොම්සන් විශ්වාස කරනවා.

ආදරය හා ආශාව සැසුම් නොකර හා අනපේක්ෂිත ආකාරයකින් ප්‍රකාශ කිරීම වැදගත් වෙනවා.

විශේෂයෙන් දිගු කාලයක් තිස්සේ විවාහ වී සිටින යුවල සඳහා මෙය වැදගත් වෙනවා. 

නැවත ලිංගික ජිවිතය තුලට විනෝදය ලගා කරගැනීමෙන් ජීවිතයේ ආතතිය පහව කර දෙදෙනාම එකිනෙකා තෘප්තිමත් කර ගැනීමටත්, ඔබේ ඒකකාර වු දෛනික පුරුදු වලින් මිදීමටත් ඉඩ සලසනවා. 

නොහිතූ මොහොතක මෙලෙස ලිංගිකව එක්වීම ඔබේ සහකරුට පුදුමය දනවන අත්දැකීමක් වේවි.

ඒ මගින් ඔබේ විවාහය නැවුම් වු අත්දැකීම් එක්ක ඉදිරියට ගෙනයන්න පුළුවන්.

  1. විවාහය හා ලිංගික ජිවිතය සාර්ථක කර ගැනීම සදහා සැලසුම් කල ලිංගික එක්වීම් 

මේ මගින් කරන්නේ ඔබ ලිංගිකව එකතු වීම සදහා කාලයක් වෙන් කිරීමයි. 

මෙලෙස ලිංගිකව එක්වීම සදහා කාලයක් වෙන් කිරීමෙන් පෙන්නුම් කරන්නේ ඔබේ සහකරු සතුටු කිරීමට ඔබේ ජීවිතයේ ප්‍රමුඛතාවයක් ලබා දෙන  බවයි.

මෙය ඔබගේ කාර්යබහුල ජිවිතය වඩාත් කාර්යක්ෂමව කළමනාකරණය කිරීමට ද උපකාරී වෙනවා.

මෙවන් සැලසුම් කල ලිංගික එක්වීම වඩාත්ම ප්‍රේමණිය හැඟීම් සහිත ලිංගික එක්වීමක්  නොවුනත්, එය සෞඛ්‍ය සම්පන්න ලිංගික ජීවිතයක් ගොඩනැගීම සඳහා එය වැදගත් වෙනවා.

තොම්සන්ගේ විවාහ උපදේශන සැසිවාරවලට සහභාගී වු කර සමහර යුවළයන් මෙම සැලසුම් සහගත ලිංගික එක්වීම් ඔවුන්ට සාර්ථක වු බවත් ඔවුන් සිතූ ලෙස එය ලිංගිකව පිබිදීම කෙරෙහි ඍණාත්මක බලපෑමක් නොකල  බව සතුටින් වාර්තා කල බව තොම්සන් පැවසුවා.

ඒ නිසා ඔබේ දින චර්යාව තුල ලිංගිකව එක්වීමට වේලාවක් සැලසුම් කරගන්න.

එය කාර්යබහුලත්වය නිසා ලිංගික එක්වීම් ගිලිහී ඇති පණ අදින විවාහයන් පවා පණ ගන්වන්න පුළුවන් මැජික් එකක් වේවි.

men and miscarriage

  1. විවාහය හා ලිංගික ජිවිතය සාර්ථක කර ගැනීම සදහා  නිවාඩු දින වල කරන  ලිංගික එක්වීම්

නිවාඩු දින වල හෝ විශේෂ අවස්ථාවන්හි ලිංගිකව එක්වීම ප්‍රීතිමත් හා සෞඛ්‍ය සම්පන්න විවාහයන් සඳහා මග පෙන්වයි.

වැඩිය හුරුපුරුදු නැති තැනක ලිංගිකව එක්වීමෙන් ඔබට සමීපව සිටීමට එය ඔබට උපකාරී වෙනවා.

එම ක්‍රියාව අමතක නොවන සිදුවීමක් සමඟ සම්බන්ධ කිරීමටත්, සමීපත්වය සැබවින්ම සුවිශේෂී වන මට්ටමකට රැගෙන යන්නටත් ඉඩ සලසනවා.

ඔන්න ඉතින් නිවාඩු පාඩු වේලාවට ඔබේ සහකරු එක්ක ඒ නිවාඩුව අමතක නොවන එකක් කරගන්න අමතක කරන්න එපා.

  1. විවාහය හා ලිංගික ජිවිතය සාර්ථක කර ගැනීම සදහා මනස සනසවන ලිංගික එක්වීම්

 රණ්ඩු වීමෙන් පසු, සැනසීමක් ලබා ගන්න ලිංගිකව එක්වෙන්න. ඔබේ හිර වු සියලුම  හැගීම් හා ආසාවන් ඔබේ සහකරු සමග අමතක නොවන ලිංගික අත්දැකීමක පාර කියාවි.

තරහා ගිය වේලාවට එය යටපත් කරගන්න ධනාත්මක ක්‍රියාවක් ලෙස  ලිංගිකව එකතු වීම ඔබට සැනසීමක් ලගා කර දේවි.

බොහෝ විවාහයන් දික්කසාදයෙන් කෙළවර වන්නත් විවාහය තුල අනියම් සම්බන්ධතා වල රතු එළි දක්වන්නටත් මෙම ලිංගික අතෘප්තිමත්භාවය හේතු වෙනවා.

පණ අදින ඔබේ විවාහය ජීවයේ හුස්මක් පිඹින්නට මේ ලිංගික එක්වීම් අවස්ථා 4 උපයෝගී කරගන්න.

දරුවන් ලැබු පසු හෝ වේවා දීර්ඝ කාලීන විවාහ ජීවිතයකින් හෙම්බත් වී හෝ වේවා අධික රාජකාරී නිසා හෝ වේවා ඔබ දෙපළගේ බැදීම ටිකක් දුරස් වෙනවා නම් ටිකක් ලංවෙන්න මේ ක්‍රම අත්හදා බලන්න.

ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවල් වල විවාහය කියන බැදීමට ලැබෙන්නේ වැඩි ඉඩකි. එය නිතීමය පසු බිමක් සහිතව එකට ජීවත් වීමට ඉඩ සලසයි.

උදෑසන ලිංගිකව එක්වීම

නමුත් යම් මොහොතක එකිනෙකා තෘප්තිමත් නොවන බව හැගුනොත් කුමක් වේවිද?

එය දික්කසාදය නම් බිදිමෙන් නීතිමය වශයෙන් වෙන් වුවහොත් හැර අනෙක් අවස්ථාවන් වල දෙදෙනාම අතෘප්තිමත් බැදීමක් තුල හිර වී ජිවත් වෙති.

එහිදි අනිසි ප්‍රතිඵල ලෙස අනියම් සම්බන්ධතා ඇතිවීම, රණ්ඩු සරුවල් ඇතිවීම හෝ මත්පැන් වැනි දේවල් වලට ඇබ්බැහිවීම නිසා දරුවන් පවා අපහසුතාවන්ට ලක්වෙනවා.

විවාහය ඔබ දෙදෙනාගේම බැවින් දෙදෙනාම සාකච්ඡා කර විසදුමකට එන්න උත්සහ කරන්න.

ඉහත ක්‍රම 4 අත්හදා බලා නැවුම් අත්දැකීමක් ලබාගන්න උත්සහ කරන්න.

අනිවාර්යයනේම ඔබට හා ඔබේ විවාහයට ‌හොද ප්‍රතිඵල ලැබේවි.

ඔබට මේ සම්බන්ධව අදහස් දක්වන්න අවශ්‍ය නම් හෝ ගැටලුවක් ඇත්නම් පහලින් සටහනක් යොදා අප හා බෙදාගන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

nimnadhi

  • Home
  • /
  • ලිංගික දැනුම
  • /
  • සාර්ථක විවාහයට ලිංගික එක්වීම් කල හැකි ක්‍රම 4 ක්
බෙදාගන්න :
  • ස්වාමිපුරුෂයන් දැනගත යුතු, කාන්තාවන්ගේ සැඟවුණු සුරාන්ත කලාප 7ක්

    ස්වාමිපුරුෂයන් දැනගත යුතු, කාන්තාවන්ගේ සැඟවුණු සුරාන්ත කලාප 7ක්

  • සතුටු විවාහයකට සතියකට කී වරක් ලිංගිකව එකතු විය යුතුද?

    සතුටු විවාහයකට සතියකට කී වරක් ලිංගිකව එකතු විය යුතුද?

  • ස්වාමිපුරුෂයන් දැනගත යුතු, කාන්තාවන්ගේ සැඟවුණු සුරාන්ත කලාප 7ක්

    ස්වාමිපුරුෂයන් දැනගත යුතු, කාන්තාවන්ගේ සැඟවුණු සුරාන්ත කලාප 7ක්

  • සතුටු විවාහයකට සතියකට කී වරක් ලිංගිකව එකතු විය යුතුද?

    සතුටු විවාහයකට සතියකට කී වරක් ලිංගිකව එකතු විය යුතුද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it