ඔබේ සැමියාත් නිල් චිත්‍රපට වලට ඇබ්බැහි වෙලාද?‌ මෙන්න විසදුම් 4 ක්

ඔබේ සැමියාත් නිල් චිත්‍රපට වලට ඇබ්බැහි වෙලාද?‌ මෙන්න විසදුම් 4 ක්

ඔබේ සැමියා කාමුක දර්ශන බැලීමට ඇබ්බැහි ‌වෙලාද?

සැමියා හා නිල් චිත්‍රපට කියන්නේ අද ටිකක් කතා කල යුතු මාතෘකාවක් බවට පත්වෙලා තියෙනවා.

බොහොමයක් කාන්තාවන්ගේ හිත වේදනාවට පත් කරන්නා වුද එයට එරෙහිව හඩ නගන කාන්තාවන් තමන් තේරූම් නොගත් ජාතියක් බව පිරිමින් හිතන්නා වුද සමාජයේ තවත් එක් පැතිකඩක් මෙලෙස අපි අද නිරාවරණය කරන්න සුදානම්.

ඇත්තටම ඔබේ සැමියා නිල් චිත්‍රපට බලන බව ඔබට අනාවරණය වීම ඔබට වේදනාකාරි වෙන්න පුළුවන්.

ඒ වගේම ඔහුගේ දුරකථනයේ එවන් ඡායා රූප දැකීම  හෝ අන්තර්ජාල මතකයේ එවන් වෙබ් අඩවි වලට ඔහු සම්බන්ධ වී ඇති බව දැකීම හද කිරී ගැහෙන අත්දැකීමක් වෙනවා නොඅනුමානයි.

අපි කලින් ලිපි වල කථා කලා වගේ සැමියෙක් එසේ නිල් චිත්‍රපට වලට ඇබ්බැහි වීම බිරිදට කරන ගෞරවයට හානියක් මෙන්ම ඔහුගේ ලිංගික ජිවිතය එපා වීමට තවත් එක හේතුවක් වෙන්න පුළුවන්.

අවසානයේදි සියල්ලෙන්ම තැලෙනුයේ ඒ ඔහු කියන විදියටම  දුපත් මානසිකත්වයෙන් ඉන්න ගැහැනියම වෙන්න පුළුවන්.

ඇත්තටම සැමියාගේ මෙවන් තත්වයක් අනාවරණය සමග බිරිදක් කණගාටු වෙන්න, බියවෙන්න , තරහා ගන්න මෙන්ම වියරු වැටෙන්නත් පුළුවන්.

සමහර විවාහ දෙදරා යන්න තරම් මේ කාරණා දුර දිග යනවා.

එවන් ඉරණමක් ඔබේ විවාහයට අත්වීමට ඉඩ නොදී එය විසදා ගත හැකි ක්‍රම නැතිද?

එවන් සැමියෙකු හා කටයුතු කල හැකි ආකාර 4 ක් මේ ලිපියේ අන්තර්ගතයි.

o shot

1. සැමියා හා නිල් චිත්‍රපට ඈත් කිරීමට නම් ප්‍රශ්න නගන්න

මුලිකවම ඔබ කල යුත්තේ මේ ගැන සාකච්ඡා කිරීමයි. ඔහු මෙලෙස නිල් චිත්‍රපට හා කාමුක දර්ශන නැරඹීමට හේතු වු කරුණු කාරනා සොයා බලන්න.

ගැටළුවක මුල නොදැන පිළියම් සොයන්න බැහැ.

සමහර විට ඔහු ඔබ සමග විවෘතව කතා කරාවි. සමහර විට ඔහු එය කතා කිරීම ප්‍රතික්ෂේප කරාවි.

මෙය ඔබ හා සම්බන්ධ කරුණක් කියා ඔබ කණගාටු වෙන්න එපා.

ඔහු ගෙන් හේතු විමසන්න. සමහර විට ඔහුට ඒවා නැරඹීම  ගැටලුවක් නැති බව කියන්න ඉඩ තියෙනවා.

එසේ නම් ඔහු එසේ බලන එක ඔබට කොහොම දැනෙනවා ඇතිද කියා ඔහු ගෙන් විමසන්න.

ඔබගේ හැගීම් වේදනාව ඔහු හා විවෘතව බෙදාගන්න.

ඒත් එය තවදුරටත් ඔහුට ගැටලුවක් නොවුවත් එය ඔබට කරදරයක් වීම ඔහුටද කරදරයක් වෙන බව ඔහු තේරූම් ගනිවි.

ඒ වගේම විවාහයට මෙවැනි දර්ශන නැරඹීම කෙලෙස බලපානවා යැයි ඔහු හිතනවා දැයි ඔහුගෙන්ම අසන්න.

බොහෝ පිරිමින් කාමුක දර්ශන සදහා ඇබ්බැහි වීමට අකමැති වුනත් පසුව ඔවුන් ඉන් මිදීමට නොහැකි තත්වයට පත්වෙනවා.

පසුව ඔහුව එයින් මිදීමට අවශ්‍ය වුවත් ඒ ගැන සාකච්ඡා කිරීමට සුදුසු වාතවාරණයක් නැතිකම ඔහුව තවදුරටත් එහිම බැද තබනවා වෙන්න පුළුවන්.

ඔබගේ විවෘත කතා බහක් මෙතැනදි වැදගත් වෙන්නේ අන්න ඒ නිසයි.

ඔබේ සැමියාත් නිල් චිත්‍රපට වලට ඇබ්බැහි වෙලාද?‌ මෙන්න විසදුම් 4 ක්

2.සැමියා හා නිල් චිත්‍රපට ඈත් කිරීමට නම් ‌හෙළා දකින්න එපා. දයානුකම්පාව දක්වන්න

ඔබටද ගැටළු හා දුර්වලතා ඇති බව මතක තබා ගන්න. ඔබේ ගැටළුවකදි හෝ ඔබේ දුර්වලතාවයකදි ඔහු එයට ක්‍රියාත්මක වන්නේ කෙලෙසදැයි ඔබ කල්පනා කරන්න.

ඔහුට රිදවමින්, පීඩා කරමින්, ඔහු හා තරහා ගනිමින් ඉන්න ඔබට අවැසිද?

නැතහොත් ඔහුට දයානුකම්පිතව සලකමින්  හා එම ගැටලුව මඟහරවා ගැනීමට උදව් කිරීමට ඔබ කැමතිද?

ඔහුට ඔබ හවුල්කරුවෙකු වීමට අවශ්‍ය වන අතර බොහෝ දුරට ඔබගේ සහයෝගයෙන් ප්‍රයෝජන ගත හැකිය.

බොහෝ පිරිමින්ට කාමුක දර්ශන නැරඹීම කරන්නේ ඔවුන්ට කිරීමට අවශ්‍ය දෙයක් නිසාම නොවේ.

ඔහුට දැනටමත් දැනෙනවාට වඩා නරකක් නොකිරීමට උත්සාහ කරන්න.

ඔබේ උදව්වෙන් යලිත් ඔහුව නිවැරදි මගට ගන්න පුළුවන් වේවි ‌නේද?

3.මෙහි මූල ගැටළුව ඔහුගෙන් විමසන්න සහ ක්‍රියාකාරී පියවරයන් සමඟ ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමට ඔහුව දිරිමත් කරන්න

 ඔබේ සැමියාට තමාගේම සැලැස්මක් මගින් ඔහුගේ අදහස් ඉදිරිපත් කිරීමට ඉඩ දෙන්න.

එය ඔහුව මෙහෙය වනවාට වඩා ඔහුගේ වගකීම් ඔහුටම ගැනීමට ඉඩ දීම ඔහුට සිය වගකීම් මතක් කරාවි.

සෑමවිටම දයානුකම්පාවෙන් සවන්දෙන්න. ප්‍රකාශ නිකුත් කරනවාට වඩා ප්‍රශ්න නගන්න.

විශ්වාසය ගොඩ නගන ප්‍රශ්න ඇසීමට සැලකිලිමත් වෙන්න.

ඔබේ සැමියාත් නිල් චිත්‍රපට වලට ඇබ්බැහි වෙලාද?‌ මෙන්න විසදුම් 4 ක්

4.සැමියා හා නිල් චිත්‍රපට ඈත් කිරීමට නම් ඔබත් විසදුමේ කොටසක් වෙන්න

මෙලෙස කටයුතු කිරීමෙන් ඔහුට ඔබ සතුරෙකු ලෙස නොව සිය දුර්වල කම මග හරවා ගන්නට සහය දක්වනනෙකු ලෙස ඔබව දැනේවි.

පුරුෂයන් ශක්තිමත්ව සිටීමට හැකියාවක් ඇති අතර කිසි විටකත් ඔවුන්ගේ දුර්වලකම් නොපෙන්වීමටත් සමාජයෙන් බලපෑමක් තියෙනවා.

ඔබ හා ඔහු අතර ඇත්තේ සැබෑ මිතුදමක් හා සැබෑ කොටස් කරුවන් වීමක් නිසා ඔහුගේ දුර්වලකම් ඔබ දැනගැනීමේ වරදක් නොමැති බව ඔහුට දැනෙන්න ඉඩ දෙන්න.

ඔබට තිබු ගැටලුවක් ඔහු සමග කියන්න මෙය අවස්ථාවක් කරගන්න.

ඔහුගේ දුර්වලකම් ඔබ හෙලා නොදකින බව ඔහුට දැනෙන්න දෙන්න.

ඔහුගේ දුර්වලතා තුලින් ඔබ ඔහුව විනිශ්වය නොකරන බවත් ඔහුට දැනුම් දෙන්න.

ඔබ ඔහුට උදව් කරන්නේ කෙසේදැයි විමසන්න. ඔහුව පාලනය කරන්න උත්සහ කරන්න එපා.

ඒ වෙනුවට ඔහුව දිරිමත් කරන්න. ඔහුට මෙයින් ගැලවිය හැකි බවත් එසේම එවන් අන් අයවද ගලවා ගත හැකි බවත් ඔහුට පවසන්න.

කාමුක දර්ශන නැරඹීමෙන් තෘප්තිමත් යුග දිවියක් හිමිවන්නේ නැහැ

අද තාක්ෂණයේ දියුණුවත් සමග පිරිමින් ගෙන් බහුතරයක් මේ කාමුක දර්ශන නැරඹීමට පෙළඹෙන්නේ ඉතා ලාබාල වියේ සිටයි.

මෙලෙස ඉල්ලුම ඉහල යද්දි අන්තර්ජාලයට මුදා හැරෙන විවිධ වර්ගයේ නිල් චිත්‍රපට හා ඒවායේ අඩංගු ක්‍රියාදාමයන් නරඹනන්ගේ මනසට හානියක් නොකරනවා යැයි කියන්න බැහැ.

සමහර විට එය ප්‍රචණ්ඩකාරී ලිංගික හැසිරීම් දක්වා වර්ධනය වී බිරිදට විවාහ ජිවිතය තිත්ත කරන්නට පවා පුළුවන්.

අවසානය විවාහ දෙදරා යෑම දක්වා වර්ධනය වන්නට බැරි නැහැ.

ඔබේ සැමියා කාමුක දර්ශන නැරමීමට ඇබ්බැහි වී ඇති බව දැනුනොත් එකවර කෝප නොගෙන ඒ සදහා විසදුම් ගැනීමට මෙහි අඩංගු තොරතුරු ඔබට ප්‍රයෝජනවත් වේවි යැයි සිතනවා.

මේ සම්බන්ධව ඔබටත් අත්දැකීම් තියෙනවාද? නැතිනම් ඔබත් විවෘතව අදහස් දක්වන්න කැමතිද?

එසේ නම් පහතින් ඇති කමෙන්ට් තීරය භාවිතා කරන්න.

පරිවර්තනය හා සංස්කරණය - නදීශා ලක්මිණි

මුලාශ්‍ර- Psychology Today

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

කතන්දර ලිපි