සුවඳ සබන් ගෙදරදී හදා ගමුද?

සුවඳ සබන් ගෙදරදී හදා ගමුද?

ගෙදරදී අපිට ඕනි ඕනි විදියට සුවඳ සබන් හදාගැනීම පුලුවන් කියල ඔයාලා දැනගෙන හිටියාද? අපේ සමග ගැලපෙන විදියට, ස්වාභාවික දේවල් දාලා අපිට සබන් හදා ගන්න දැන් ලොකු මහන්සියක් වෙන්න ඕනි නෑ.

ගෙදරදී අපිට ඕනි ඕනි විදියට සුවඳ සබන් හදාගැනීම පුලුවන් කියල ඔයාලා දැනගෙන හිටියාද? අපේ සමග ගැලපෙන විදියට, ස්වාභාවික දේවල් දාලා අපිට සබන් හදා ගන්න දැන් ලොකු මහන්සියක් වෙන්න ඕනි නෑ.

සුවඳ සබන් ගෙදරදී හදා ගමුද?

වෙළඳපලෙන් ගන්න සබන් වර්ග ගැන අපිට 100%ක් විශ්වාසය තියන්න අමාරුයි. ඒවා මොනවා එකතු කරලා හදනවාද කියලා අපි දන්නේ නෑ. සුවඳ සබන් හදාගැනීම අපිටම කර ගන්න දැන් පුලුවන්.

අද අපි කියලා දෙන්න යන්නේ ඔයාලාට ලස්සන වෙන්න සබන් වර්ග 4ක්.

1. ඇඟේ කුරුලෑ ආසාදන, බිබිළි සුව කරන සුවඳ සබන් හදාගැනීම හරිම ලේසියි.

ගොඩාක් අය මේ කුරැලෑ ප්‍රශ්නය නිසා හරිම අපහසුවෙන් ඉන්නේ. පිට ප්‍රදේශයේ කුරුලෑ ආවාම ලස්සනට ඇඳුමක් අඳින්නවත් බැහැනේ.

ඔබට කැමති විදියේ ඇඳුමක් වත් අඳින්න අපහසුයි පිටේ කුරුලෑ බිබිලි ගොඩාක් පේන්න තියෙද්දි. ඉතින් මේ  සුවඳ සබන් හදාගැනීම වගේම ඒක ඔබට පාවිච්චි කරලා බලන්නත් පුලුවන්.

සුවඳ සබන් හදාගැනීම

මේක හදන්න නම් හරිම ලේසියි. කොහොඹ වලින් හදන මේ සබන් එක හදන්න ඕනි වෙන්නේ;

  • කස්තුරි කහ තේ හැඳි 1ක්
  • කොහොඹ ඉති 4ක කොළ
  • ග්ලිසරින් තේ හැඳි 2ක්
  • ඔලිව් තෙල් තේ හැඳි 1
  • ළදරු සබන් කැටයක්
  • වැස්ලින්

සුවඳ සබන් හදාගැනීම:-

  • මුලින්ම කොහොඹ කොල ඉති 4ක විතර කොළ ටික දාලා කොටා ගන්න.
  • වතුර එකතු කරන්න එපා. තෙත ගතිය මදි නම් සහ කොටා ගන්න අපහසුයි නම් විතරක් රෝස වතුර ටිකක් දාලා කොටා ගන්න.
  • ඕනි නම් බ්ලෙන්ඩර් එකේ කප් එක මේකට පාවිච්චි කරන්න පුලුවන්.
  • ළදරු සබන් කැටය ග්‍රේට් කර ගන්න.
  • ඇලුමිනියම් භාජයක් අරගෙන ග්‍රේට් කරපු සබන් ටික ඒකට දා ගන්න.
  • කොටා ගත්ත කොහොඹ කොළ ටිකත් මේකටම දා ගන්න.
  • කස්තුරි කහ තේ හැන්දක ප්‍රමාණයක් මේකට එකතු කරන්න.
  • ගිලිසරින් තේ හැඳි 2ක් මේකටම දා ගන්න.
  • අන්තිමටම ඔලිව් තෙල් තේ හැන්දක් ඒකට දා ගන්න.
  • මේ ටික අපි ඩබල් බොයිල් කරන්න ඕනි.
  • වෙනම ලොකු ඇලුමිනියම් භාජනයක් අරගෙන ඒකට වතුර දාලා ලිපේ තියලා රත් කර ගන්න.
  • රත් වෙද්දි සබන්, කොහොඹ කොළ දාපු භාජනය ඒ වතුර භාජනයෙන් තියන්න.
  • විනාඩි 5ක් වගේ යද්දි පොඩ්ඩක් දිය වෙනවා වගේ පේනවා.
  • මේක හොඳටම දිය වෙන්න විනාඩි 25ක් වගේ යනවා. ඩබල් බොයිල් නොකරනවා නම් තවත් දෙයක් කරන්න පුලුවන්. ඔයා ගාව මයික්‍රොවේව් අවන් එකක් තියෙනවා නම් මිශ්‍රණයට තත්පර 30ක් වගේ උපරිම උෂ්ණත්වයෙන් රත් කර ගන්න පුලුවන්.
  • සබන් කැටිති නැති වෙනකල් දිය උනාට පස්සේ පොඩි ප්ලාස්ටික් කෝප්පයක් අරගන්න. කෝප්පයේ ඇතුල් පැත්තේ වැස්ලින් හොඳට ගා ගන්න. (වැස්ලින් ගාන්නේ සබන් කැටය හොඳින් ගලවා ගන්න පුලුවන් වෙන්නයි.)
  • හදා ගත්ත මිශ්‍රණය ප්ලාස්ටික් කෝපයට දා ගන්න. කෝප්පය අධි ශීතකරණයේ පැයක් වගේ තියලා හෙමීට ගලවා ගන්න.

සබන් කැටය හදලා ඉවරයි. සුවඳවත් කොහොඹ සබන් කැටය කුරුලෑ ඇති තැන් වල ගාලා විනාඩි 5ක් තියලා සෝදන්න පුලුවන්.
ප්‍රතිපල ඔබටම බලා ගන්නට පුලුවන්.

2. රහස් ප්‍රදේශ සුදු කරන අර්තාපල් සුවඳ සබන් හදාගැනීම

අත් යට, ඉකිලි කලු වෙන එක ගොඩාක් අයට තියන ප්‍රශ්නයක් නේ. අර්තාපල් සබන් එකට පුලුවන් ඒ ප්‍රශ්නය ඉක්මණින් විසඳන්න. මේක අත් යට, ඉකිලි වලට විතරක් නෙමෙයි ශරීරයේ ඕනෑම තැනකට බාහිර ආලේපයට ගන්න පුලුවන් සබන් එකක්.

සුවඳ සබන් හදාගැනීම

හදන්න හරිම ලේසියි.

මෙන්න මේ දේවල් ටික තමයි ඕනි:

  • ලොකු අර්තාපල් ගෙඩියක්.
  • Soap base ටිකක්. මේ වෙනුවට ළදරු සබන් කැටයක් ගන්නත් පුලුවන්.
  • කෝමාරිකා ජෙල් පුරවා ගත් තේ හැඳි 1ක් හෝ ස්වාභාවික කෝමාරිකා මදය තේ හැඳි 2ක්
  • විටමින් E කරල් දෙකක් තුනක්

සුවඳ සබන් හදාගැනීම:-

  • කලින් කියලා දීපු විදියට සෝප් බේස් ටික හරි ග්‍රේට් කරපු සබන් කෑල්ල හරි ඩබල් බොයිල් ක්‍රමයට දිය කර ගන්න.
  • සබන් ටික/ soap base එක දිය උනාට පස්සේ ඒකට විටමින් E කරල් සිදුරු කරලා දා ගන්න.
  • අර්තාපල් අලය වතුර නොදා බ්ලෙන්ඩ් කරගෙන යුෂ වෙන් කර ගන්න ඕනි.
  • ඒ යුෂ ටිකත් දිය උන සබන් එකට දා ගන්න.
  • හොඳින් කලවම් කරන්න.
  • කෝමාරිකා ජෙල්/කෝමාරිකා මදයත් දාලා හොඳින් කලවම් කර ගන්න.
  • පසුව ප්ලාස්ටික් කෝප්පයකට හෝ සිදුරු නැති සබන් පෙට්ටි පියනක වැස්ලින් ගාලා ඒ දියරය දාන්න. අධ් ශීතකරණයක පැයක් තියලා සබන් කෑල්ල හෙමීට ගලවා ගන්න.
  • අල සබන් එක අවශ්‍ය ඕනිම වෙලාවක පාවිච්චි කරන්නට පුලුවන්. අහිතකර රසායනික ද්‍රව්‍ය නැති නිසා සමටත් හොඳයි. සුවඳ සබන් හදාගැනීම හිතුව තරම් අමාරු නෑ නේද?

3. පැහැපත් සමක් සඳහා උබ්ටන් සබන් එකක්

අසල්වැසි ඉන්දියාවේ තරුණියන් පැහැපත් වෙන්න, ලස්සන වෙන්න පාවිච්චි කරන සබන් වර්ගයක් තමයි උබ්ටන් සබන් එක.

සුවඳ සබන් හදාගැනීම

උබ්ටන් සබන් එක හදා ගන්න උවමනා දේ:-

  • ඔබ දිනපතා පාවිච්චි කරන සබන් වර්ගයකින් කැටයක්. (ළදරු සබන් කැටයක් නම් වඩාත් සුදුසුයි. සබන් නැත්නම් ග්ලිසරින් සෝප් බේස් එක උනත් ගන්න පුලුවන්)
  • මුල්තානි මිට්ටි තේ හැඳි 3ක්.
  • සුදු හඳුන් තේ හැඳි 3ක්.
  • කස්තුරි කහ තේ හැඳි 1/2ක්.
  • වැල්මී තේ හැඳි 3ක්.
  • රෝස වතුර මේස හැඳි 6ක්.කැමති සුවඳකාරක තෙල් වර්ගයකින් බිංදු 8ක් පමණ.

සුවඳ සබන් හදාගැනීම:-

  • සබන් කැටය හීනියට ග්‍රේට් කර ගන්න ඕනි.
  • ග්‍රේට් කරපු සබන් ටික ඇලුමිනියම් භාජනයක දා ගන්න.
  • මේකට මුල්තානි මිට්ටි පවුඩර් තේ හැඳි 3ක් එකතු කරන්න.
  • සුදු හඳුන් පවුඩර් තේ හැඳි 3කුත් එකතු කරන්න.
  • මෙයටම කස්තුරි කහ තේ හැඳි 1/2ත් එකතු කරන්න.
  • වැල්මී තේ හැඳි 3ත් එකතු කරන්න.
  • සියල්ලම හොඳින් කලවම් කර ගන්නට අවශ්‍ය වෙනවා.
  • රෝස වතුර මේස හැඳි 6ක් දාලා කලවම් කර ගන්න. රෝස වතුර දාන්නේ ඉක්මනට දිය කර ගන්න ඕනි නිසා.
  • මේක ඩබල් බොයිල් ක්‍රමයට විනාඩි 25ක් තියලා දිය කර ගන්න අවශ්‍යයි.
  • එහෙම දිය කර ගන්නකොට උණු වතුර තියන භාජනය පියනකින් වහන්න අමතක කරන්න එපා.
  • දිය වෙලා මදි නම් තවත් රෝස වතුර මේස හැඳි 3ක් විතර දාලා ඩබල් බොයිල් ක්‍රමයටම දිය කර ගන්න. ගොඩාක් දියාරු කර ගන්න එපා. වතුර වැඩි උනොත් හලලා ටිකක් අයින් කරන්න. විනාඩි 25ක් ගියාම හොඳට දිය වෙනවා. ගනකම මිශ්‍රණයක් හැදෙන්නේ.
  • ඉක්මනින්ම ලිප නිවලා හොඳින් කලවම් කරලා කැමති සුවඳක් දෙන සුවඳකාරක තෙල් වර්ගයකින් බිංදු 8ක් විතර එකතු කරන්න පුලුවන්. විව්ධ සුවඳ තෙල් තියනවා ගන්න. ලැවෙන්ඩර්, සුදු හඳුන් වගේ ඔබ ආස වර්ගයක් ගන්න.
  • දැන් ප්ලාස්ටික් කෝප්පයක් අරගෙන වැස්ලින් ටිකක් ගාගෙන අර සබන් මිශ්‍රණය ඒකට දාලා පැයක් අධි ශීතකරණයේ දාන්න. පසුව ඒක හෙමීට ගලවා ගන්න.

ඔන්න සබන් එක හරි.

දිනපතාම පාවිච්චි කරන්න පුලුවන්. ඒ වගේමයි මේක සමට අහිතකර නැති දේවල් තියන ඉක්මනින් පැහැපත් වෙන්න පුලුවන් සබන් එකක්.
හදා ගත්ත සබන් එක ඇඟේ ගාන්න කලින් සම තෙත් කරගෙන ඉන්න ඕනි. ඇඟේ ගාන්න ඕනි සබන් කෑල්ලෙන්මයි. පසුව සෝදා හරින්න. වෙනස අත් විඳින්න.

4. මුළු ඇඟම ලස්සන කහ පාටක් කරන සබන් කැටයක්

ඇඟට විතරක් නෙමෙයි මුහුණටත් මේ සබන් එක පාවිච්චි කරන්න පුලුවන්. හැබැයි මූණට ගොඩාක්ම සබන් පාවිච්චි කරන්න යන්න එපා. සම වියලෙන්න බලනවා.

සුවඳ සබන් ගෙදරදී හදා ගමුද?

අවශ්‍ය දේ:-

  • සාමාන්‍ය ඇඟේ ගාන්න ගන්න සබන් කැටයක්. (ළදරු සබන් නම් ගොඩාක් හොඳයි)/ ග්ලිසරින් අඩංගු සෝප් බේස් එක හොයා ගන්න පුලුවන් නම් ඒක ගන්න.
  • ආමන්ඩ් ඇට 8ක වගේ කුඩු.
  • ආමන්ඩ් තෙල් තේ හැඳි 3ක්.
  • කස්තුරි කහ තේ හැඳි 2ක්.
  • ග්ලිසරින් තේ හැඳි 2ක්.

සුවඳ සබන් හදාගැනීම:-

  • සබන් කැටය ග්‍රේට් කර ගන්න.
  • ග්‍රේට් කරපු සබන් ටික ඇලුමිනියම් බාජනයක දා ගන්න.
  • කස්තුරි කහ තේ හැඳි 2ක් මේකට දා ගන්න.
  • බ්ලෙන්ඩ් කර ගත්ත ආමන්ඩ් ඇට ටිකත් මේකටම දා ගන්න ඕනි.
  • ආමන්ඩ් තෙල් තේ හැඳි 3ක් වගේ මේකටම එකතු කරන්න.
  • ග්ලිසරින් තේ හැඳි 2ක් එකතු කරන්න.
  • බාජනයක් ලිපේ තියලා ඒකට වතුර දාලා රත් කරන්න.
  • සබන් තියන බාජනය හෙමීට ඒක ඇතුලෙන් තියලා සබන් ටික දිය කර ගන්න.
  • මේ ක්‍රමයට කියන්නේ ඩබල් බොයිල් ක්‍රමයට දිය කර ගන්නවා කියලා.
  • පැය බාගයක් වත් මේ විදියට තියන්න ඕනි.
  • දිය වෙනකල් ඩබල් බොයිල් ක්‍රමයට දිය කර ගන්න එක ටිකක් වෙලාව යන වැඩක්.
  • හැබැයි ඔයා ගාව මයික්‍රොවේව් අවන් එකක් තියෙනවා නම් ඉක්මනින් රත් කරගෙන දිය කර ගන්න පුලුවන්.
  • උකු මිශ්‍රණයක් හැදුනාට පස්සේ පදම නිවැරදියි.
  • ඉක්මනින්ම ප්ලාස්ටික් කෝප්පයක් අරගෙන ඇතුලේ වැස්ලින් ගාලා හදා ගත්ත මිශ්‍රණය ඒකට දා ගන්න.
  • ඒක අධි ශීතකරණයක පැයක් තියලා හෙමීට ගලවා ගන්න.
    අපේ සබන් එක දැන් හරි.

සටහන :- ඈන් නිර්මාණි අත්තනායක

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

Written by

annnirmani

කතන්දර ලිපි