මෙන්න මේ ක්‍රියාවන් 4 ට ඔබේ විවාහයට අවසන් තිත තැබිය හැකිය

මෙන්න මේ ක්‍රියාවන් 4 ට ඔබේ විවාහයට අවසන් තිත තැබිය හැකිය

අද කාලයේ විවාහයෙන් වෙන්වීම සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා තියෙනවා. විවාහක යුවලකගේ වෙන්වීම  ඇසෙන විට අපිට කණගාටුවටක් ඇතිවෙනවා.

විවාහයට හානිකරන ක්‍රියා ගැන ඔබ ඇත්තටම දැනුවත්ද?

අද කාලයේ විවාහයෙන් වෙන්වීම සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා තියෙනවා.

විවාහක යුවලකගේ වෙන්වීම  ඇසෙන විට අපිට කණගාටුවටක් ඇතිවෙනවා.

මෙම විවාහයන් විසිර යෑම විශාල දෙයකින් ආරම්භ වෙන්නේ නැහැ.

ඒ වෙනුවට තම තමන්ගේ වැරදි ක්‍රියා හා පුංචි පුංචි හිත් රිදවීම් ටිකෙන් ටික එකතු වෙලා ඇතිවෙන විශාල තත්වය එයට හේතු වෙනවා.

Hannah Chudleigh ගේ Family Share නම් ලිපියෙහි ඔබ නොදනුවත් කමින් කරන විවාහයට අවසන් තිත තැබිය හැකි ක්‍රියාවන් හතරක් විස්තර කරනවා.

මෙන්න මේ ක්‍රියාවන් 4 ට ඔබේ විවාහයට අවසන් තිත තැබිය හැකිය

 

1. විවාහයට හානිකරන ක්‍රියා: ස්තුතිවන්ත නොවීම

මෙය ඔබේ සැමියා අගය නොකර සීටිමක් බවටද පත්වෙනවා. විවාහය හෝ ආදරණීය වීම පමණක් නොව ඕනෑම සම්බන්ධතාවයකදී ස්තුතිවන්ත වීම වැනි පුංචි වදන් පෙලක් පැවසීම මෙන්ම ඔබගේ සහකරුගේ උත්සහ අගය කිරීමත් ඉතා අත්‍යාවශ්‍ය වෙනවා.

Hanna ට අනුව සහකරුගේ උදව් අගය කරමින්  ස්තුතිවන්ත භාවය පෙන්වීම ඔහුව දිරිමත් කරනවා.

ඒ තුලින් ඔබේ සැමියා කටයුතු ඉටුකිරීම සදහා පහසුවෙන් යොමුවීම සහතික වන අතර වැදගත් දේ වන්නේ ඔබ විසින් ඔවුන්ගේ උත්සහයන් හදුනා ගැනීම හා අගය කිරීමයි.

2.විවාහයට හානිකරන ක්‍රියා:  ඕපාදූප කීම

මෙන්න මේ ක්‍රියාවන් 4 ට ඔබේ විවාහයට අවසන් තිත තැබිය හැකිය

 

ඔබේ පෞද්ගලික දේවල් අනෙක් අය සමග පැවසීම ඔබේ විවාහය තුල කල හැකි නරකම දෙයක් වෙනවා.

ඒවගේම ඔබේ සහකරුගේ දුර්වලතා සමාජ මාධ්‍ය තුලින් කථා කිරීමත් හානිදායක වෙනවා.

ඒ මගින් ඔබේ සම්බන්ධතා වළක්වනු ලබන අතර ඔබගේ සහකරු ගැන ධනාත්මක දේවල් වෙනුවට ඍනාත්මක දේවල් වෙතට ඔබව යොමු කරනවා.

කොහොම නමුත් අපවාදාත්මක අවස්ථා වල නිසි බලධාරින්ගේ සහය ලබාගන්න.

3.විවාහයට හානිකරන ක්‍රියා: සමාජ මාධ්‍ය භාවිතය

සෑම දෙයකම උපරිමයට යෑම නරකයි. සමාජ මාධ්‍ය සුවිශේෂී නෑ.

සමාජ මාධ්‍ය විසින් ඔබ දෙපලට එක්ව ගත කල හැකි වැදගත් කාලයට බාධා කරනවා පමණක් නොව අනෙක් පුද්ගලයන්ගේ වැරදි පුරුදුද ඒ මගින් නිරූපණය වන බව Hanna තර්ක කරනු ලබනවා.

" සමාජ මාධ්‍ය මගින් සම්පුර්ණයෙන්ම විස්තර ලබා නොදෙන නිසා  වෙනත් පුද්ගලයෙකුගේ තරම් ඔබේ සම්බන්ධතාවය සාර්ථක නැහැ කියන වැරදි උපකල්පනය  ඔබේ හිතේ ඇති කරන්න එයට පුලුවන්. "

4.විවාහයට හානිකරන ක්‍රියා: ඔබේ සහකරුට වඩා දරුවන්ට ප්‍රමුඛත්වය ලබා දීම

මෙන්න මේ ක්‍රියාවන් 4 ට ඔබේ විවාහයට අවසන් තිත තැබිය හැකිය 

මෙය ඔබට වැරදි උපදෙසක් සේ පෙනෙන්නට පුලුවන්. සම්බන්ධතා වලදී ඔබේ සහකරු තරමට  දරුවන්ද වටිනවා.

"නමුත් ඔබ සහකරු සමග ගත කිරීමට ඔබ දෙපලටම වෙන්වු කාලයක් සොයා ගැනීම අවශ්‍ය වෙනවා.

ඔබේ සම්බන්ධතාවය සුවිශේෂී බව කවදාවත්ම අමතක කරන්න එපා.

ඔබේ විවාහය අලුත් කර ගැනීම මෙන්ම ඔබ එකිනෙකා ගැන සිතීමට නිතර මද වේලාවක් යොදා ගන්න."

අවසාන වශයෙන් විවාහය රැකගන්න විනාඩි 5 න් ඔබට කරන්න පුළුවන් ‌දෙයක් මතක් කරන්න කැමතියි.

ඔබ බොහෝ දෙනෙක් මේ පුංචි  මොහොතක් කියන්නේ කුමක්ද කියලා කල්පනා කරනවාද?

යුවළක් විවාහ වූ විට, සමීප සබඳතා වර්ධනය කරගැනීමට ඕනෑ තරම් කාලය තියෙන බව බෙලින්ඩා පැහැදිලි කරනවා.

යුවළකට දරුවන් ලැබීමට පෙර, සෝපාව  මත දිගා වී සිටීම, මෝටර් රථයේ අත් අල්ලා ගැනීම හෝ වාඩි වී එක්ව සංගීතයට සවන් දීම වැනි පුංචි මොහොත වල් සම්බන්ධතාවය ගොඩනංවනවා කියලත් ඇය පවසනවා.

නමුත් දරුවන්  ලැබෙන විට, මේ සියල්ලම දුරස් වෙන්න ඉඩ තියෙනවා.

ඒ සඳහා  ඇයගේ විසඳුම වන්නේ මිනිත්තු පහක පුංචි මොහොතකින් සමීපත්වය නැවත ලබා ගැනීමයි.

“ ඔබගේ සම්බන්ධතාවයට බලපෑමක් ඇති කිරීම සඳහා ලොකු කාලයක් අවශ්‍ය  වෙන්නේ නැහැ ,” බෙලින්ඩා පවසනවා. “මේ පුංචිම පුංචි මොහොත ඇත්තටම සම්බන්ධ වීමට ගන්න පුළුවන් පුංචිම අවස්ථාවක් වුනත් ලබා ගන්නවා.”

මේ සියල්ලම පුංචි  දේවල් ගැනයි

එකිනෙකා කෙරෙහි සැලකිලිමත් වීමත් එකිනෙකාට ආදරය කිරීමත් එකිනෙකාට පෙන්වීමට ඇති පුංචිම අවස්ථාව සොයා ගැනීමට තමන් යුවළයන් දිරිමත් කරන බව බෙලින්ඩා තවදුරටත් කියා සිටිනවා.

මෙය ඔබ එකිනෙකාට නිසි ලෙස සුබ පැතීම හා සමුගැනීම සහතික කිරීම තරම් පුංචි  දෙයක් වෙන්නත් පුළුවන්.

ඔබ පසුකර යන විට පුංචි සුරතලයක් කිරීම,අත් අල්ලාගෙන ඔබ නින්දට වැටීම,  මුහුණට ආදරෙයි යැයි පැවසීම, ස්තුතිය ප්‍රකාශ කිරීම හෝ ඔවුන්ගේ ප්‍රියතම තේකක් වැනි පුංචි  තෑග්ගක් ලබාදීම වෙන්නත් පුළුවන්." ඇය පැවසුවා.

“ප්‍රධාන මූලධර්මය නම්, අප විශාල දෙයක් කිරීමට අවස්ථාවක් එළඹෙන තුරු සිටියහොත්, බොහෝ විට මේ අවස්ථාව නොලැබෙන්න හෝ සම්බන්ධතාවය සඳහා ඇති අවස්ථාව දුරස්  වෙන්න පුළුවන්. එබැවින් ඔබට ලබා ගන්න පුළුවන් දේ ගන්න. පුංචිම අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ”

ඔබේ විවාහය රැක කරගන්නේ කෙසේදැයි කල්පනා නොකරන්න. මේ පුංචි  මොහොත වල් උත්සාහ කරන්න.

සුළු කාලයක් එකට ගත කිරීමත් ඔබගේ විවාහය සුරැකීමට උපකාරී වෙනවාද? එහෙනම්  මේ අරුම පුදුම පුංචි මොහොත වල් වැඩිපුර ඇති කිරීමට උත්සාහ කරන්න.

මෙය පරීක්‍ෂාවට ලක් කිරීමට අපි තීරණය කලා.

අපි දන්නා අම්මලාට   ඔවුන්ගේ සහකරු හෝ සහකාරිය සමඟ ආදරයෙන් පුංචි මොහොතක් ගත කර ලබන අත්දැකීම බලන ලෙස  මව්වරුන් කිහිප දෙනෙකු ගෙන් අපි ඉල්ලා සිටියා.

මෙන්න කසාදය ව‌ෙනුව‌ෙන් ඔවුන් ලබාගත් පුංචි අවස්ථා කල විප්ලවය

  • තම ස්වාමිපුරුෂයා හා තමා එකිනෙකා පසුකර යන විට සිනාසෙමින්, වඩා සෙනෙහසින් පිරි මොහොතකට ඔහු ගෙන යා හැකි බව සෙලීනා පවසනවා.
  • තම ස්වාමිපුරුෂයා මුළුතැන්ගෙයෙහි එකිනෙකා පසුකර යන විට ඇය සෙල්ලක්කාර ලෙස ඔහුගේ තට්ටමට තට්ටුවක්  දාන බව රේලීන් පවසනවා. එසේ කරන්නේ දරුවන්ගේ ඇස් වලින් වසන් වෙලාලු. මෙය ශාරීරික හා පසුව මානසික සමීපතාව නැවත ගොඩනැංවීමට උපකාරී වුනාලු.
  • ඇය සහ ඇගේ සැමියා අවසන් වරට බීම එකක් බෙදාගත් අවස්ථාව මතක නැති බව  ජැස්මින් පවසනවා. එක් සැන්දෑවක ළමයින් නින්දට ගිය පසු, ඇය ඇගේ සැමියා සමග බීම වීදුරුවක් පානය  කරන්න තීරණය කළා. මෙය ඔවුනොවුන්ගේ දවස් ගත කල අයුරු එකිනෙකා සමඟ කියන්න හොඳ අවස්ථාවක් වුනා. එසේ කිරීම  ඔවුන්ට මාස කිහිපයක් තිස්සේ අමතක වී තිබු දෙයක්ලු.

අනන්‍යතා ආරක්ෂා කිරීම සඳහා නම් වෙනස් කර ඇත.

ඔබේ කසාදය ව‌ෙනුව‌ෙන් ඔබත් ‌මේ පුංචි ම‌ොහ‌ොතවල් උදා කරගන්න

ඔබේ විවාහය සුරකින්න මේ ඔවදන් ඔබ වෙත ගෙන එන්නේ theAsianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

කතන්දර ලිපි