දසමසක් වූ අපූරු චාරිකාව : හතර වෙනි මාසය

දසමසක් වූ අපූරු චාරිකාව : හතර වෙනි මාසය

මේ මාසේ ඔබේ පුංචි පැටියා ඔබේ කුස තුළ මොනවද කරන්නේ? මෙම ලිපිය කියවා දැනගන්න.

අම්මි මං දැන් අගල් අටක් දිගයි. අම්මිට මං ඉන්නවා කියලා දැනෙනවා නේද ? අම්මියෝ මං මෙතන, මම අම්මාගේ බණ්ඩි පුරාම පිහිනනවා. එතකොට  මගේ පුංචි අතපය අම්මාගේ බණ්ඩියේ වදිනනවා.

මං දැන් මගේ මහපට ඇගිල්ල උරනවා. මේ මං අම්මි ලගට ආවාම කුක්කු බොන්නයි මේ පුරුදු වෙන්නේ, මට දැන් ලස්සන චූටී රෝසපාට දිග නියපොතු තියෙනවා. ඒවා හරිම තියුණුයි. ඒ වගේම මගේ පුංචි ඇගිලි වල ඇගිලි සලකුණුත් සලකුණු වෙලයි තියෙන්නේ.

මගේ පුංචි මුත්‍රාශය දැන් විනාඩි 45 ක්ට වරක් හිස් වෙනවා. මගේ පෙකණි වැල හොදට නිර්මාණය වෙලා ඉවරයි. අම්මියි මායි සම්බන්ධ වෙන වැදැමහ සම්පුර්ණයෙන්ම වර්ධනය වෙලා. අපද්‍රව්‍ය හා පෝෂණය,ජලය ප්‍රවාහනය අතිසාර්ථකයි. අම්මිගේ  පෝෂණය අරන් මම වේගයෙන් වර්ධනය වෙනවා.

අම්මිට ආස නම් මේ පාර ඩොක්ටර් අංකල් ලගට ගියහම මම පුතු පැටියෙක්ද දූ පැටියෙක්ද කියලා දැන ගන්න පුලුවන්.

මං මගේ අම්මාව දකින්න ආසාවෙන් ඉන්නේ අම්මාත් එහෙමයි නේද ?

තුන්වෙනි නැවතුමට

[contact-form][contact-field label="Name" type="name" required="true" /][contact-field label="Email" type="email" required="true" /][contact-field label="Website" type="url" /][contact-field label="Message" type="textarea" /][/contact-form]

Any views or opinions expressed in this article are personal and belong solely to the author; and do not represent those of theAsianparent or its clients.
කතන්දර ලිපි