theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මාස 4 බබාගේ බාධා වෙන රාත්‍රී නින්දට විසඳුම් 9ක්

7 අවම කියවීම
මාස 4 බබාගේ බාධා වෙන රාත්‍රී නින්දට විසඳුම් 9ක්මාස 4 බබාගේ බාධා වෙන රාත්‍රී නින්දට විසඳුම් 9ක්

රෑ තිස්සේ නැගිටගෙන හඩන පුංචි පැටියා නලවගන්න ‌මේ නිදි මන්තර 9 භාවිතා කර බලන්න.

ඔබේ මාස 4 බබාගේ නින්ද කැඩී රාත්‍රියේදි අවදිවීම නිසා ඔබ වෙහෙසින් හෙම්බත් වෙලාද? එහෙනම් ඒ ගැන ඔබ දැනගත යුතු සියල්ල මෙන්න.

අසීරුවෙන් රාත්‍රිය පුරා නිදා ගැනීමට හුරු කර ගත් ඔබේ පුංචි පැටියා දැන් රාත්‍රියේ වරක් නොව කිහිප වතාවක් අවදි වෙනවාද?

 අනෙක් සෑම පැයකදීම ඔබ මෙම අරගලයට හේතුව සෙවීමට උත්සාහ කරමින් නොසංසුන් වෙනවාද? 

බබාට කොලික් හැදිලාද? කණ රිදෙනවාද? නැත්නම් දත් එනවාද?

ඔබ කලබලයෙන් වෛද්‍යවරයා හමුවෙන්න යන්න පෙර නිවස පුරා ආගමානුකූල ආරක්ෂාවක් හොයන්න පෙර මොහොතක් නවතින්න. 

අපි හිතන විදියට ඔබගේ මාස 4 බබාගේ නින්ද පසුබෑමකට ලක්වෙලා.

ඔබ පාන්දර 3 ට අවදි වෙලා බබාලා ඇයි රාත්‍රියේ නිදා ගන්නේ නැත්තේ යන්නට හේතු කාරණා අන්තර්ජාලයේ හොයනවා නම් මාත් ඉන්නේ ඒ බෝට්ටුවේමයි කියලා ඔබට කියන්න සතුටුයි.

මාගේ මාස 4 පුංචි දියණියද රාත්‍රියේ අවදිවීමේ අලුත් පුරුද්දක් ඇති කර ගෙන තියෙනවා. ඇයගේ නින්ද පසුබෑමකට ලක්ව ඇති බව පෙනවා.

සරලව කියනවා නම්, මාස 4 ක බබාගේ නින්ද මෙලෙස පසුගාමී වීම හුදෙක් සංක්‍රාන්ති අවධියකි.

ළදරුවෙකුගේ මොළය පරිණත වීමට පටන් ගන්නා විට ඇගේ නින්දේ රටාවන් වැඩි වැඩියෙන් වැඩිහිටියෙකුගේ ස්වරූපයට සමාන වීමට පටන් ගන්නවා.

සමහර අය විශේෂයෙන් 'මාස 4 නින්ද පසුගාමීත්වය' යනුවෙන් හදුන්වනවාටවත් කැමති නැහැ. මාස 9  හෝ මාස 18 දී සිදුවෙන නින්දේ පසුගාමී වීම මෙන්, මාස 4 දි සිදුවෙන නින්ද අඩාල වීම තාවකාලික නැහැ. 

එය ඔබේ දරුවාගේ නිදාගැනීමේ පුරුදු වල ස්ථිර වෙනසක් පෙන්නුම් කරනවා. ඔබ එය ගණන් නොගෙන සිටියහොත්  ඔබේ දරුවාගේ නින්දේ රටාවන් කිසි විටෙකත් යථා තත්ත්වයට පත් නොවීමට වැඩි ඉඩක් තියෙනවා.

ඔබේ දරුවා අවදිව සිටීම කරදරකාරී තත්වයක් බවක් පෙනෙන්නට තිබුණද, මෙය සාමාන්‍ය දෙයක්. 

ඇත්ත වශයෙන්ම, ඔබේ දරුවා මාස 4 දී  ඇයගේ නින්ද පසුබෑමකට ලක්වන්නේ නම්, එය හොඳ දෙයක්. එය සංවර්ධන සන්ධිස්ථානයකි.

එයින් පෙන්නුම් කරන්නේ ඇයගේ වර්ධනය හා සංවර්ධනය නිසි පරිදි සිදුවන බවයි. අන්න ඒ නිසා ඒගැන කලබල වෙන්න එපා.

මාස 4 බබාගේ බාධා වෙන රාත්‍රී නින්දට විසඳුම් 9ක්

හරියටම මාස 4 බබාගේ නින්ද පසුගාමී වීම කියන්නේ මොකද්ද?

මාස 4 දී, ඔබේ දරුවාගේ සංවර්ධනය තුල බොහෝ දේ සිදුවෙමින් පවතිනවා.

ඇගේ මොළය පරිණත වීමට පටන් ගෙන තියෙනවා. ඇයට ඇගේ වටපිටාව ගැන වැඩි අවබෝධයක් ඇති අතර ඇගේ නින්දේ රටාවන් වැඩිහිටියෙකුගේ නිද්දට බොහෝ සෙයින් සමාන වීමට පටන් ගන්නවා.

අලුත උපන් බිළිඳකු සාමාන්‍යයෙන් නින්දට වැටෙන අතර වහාම REM නොවන (වේගවත් අක්ෂි චලනය) ගැඹුරු නින්දට ඇතුළු වෙනවා.

 නිදා ගැනීමට පැද්දීමෙන් පසු ඔබ ඔවුන්ව යහනේ තැබූ විට ඔවුන් අවදි නොවන්නේ ඒ නිසායි.

කෙසේ වෙතත්, මාස 4 ක් පමණ වයසැති ළදරුවාගේ නින්දේ රටාවන් වැඩිහිටියෙකුගේ නින්දේ ස්වරූපයට සමාන වීමට පටන් ගන්නා අතර ඇය REM සහ REM  නොවන අවස්ථා අතර දෝලනය වීමට පටන් ගන්නවා.

ඇය නින්දට වැටුණු විටම REM අවස්ථාවේ සිටින අතර REM නොවන ගැඹුරු නින්දට යාමට යම් කාලයක් ගත වෙනවා.

එසේම, ඔබ ඔබේ දරුවා පදිදන විට හෝ ඇයට මව්කිරි ලබා දෙමින් නින්දට යවා ඇදෙන් තබන්න හදන විටම ඇය අවදිව තත්පර කිහිපයක් අඩනවා.

ඔබ නැවතත ඇයව නලවා නිදිකරවා ඇදෙන් තබනවිටම අඩනවා.

 මෙම විෂම චක්‍රය අඛණ්ඩව සිදුවන අතර ඔබට ගොඩාක් වෙහෙසට පත් ළදරුවෙකු ඉතිරි වෙන අතර එය නිදා ගැනීමට පවා අපහසු වෙනවා.

මෙම කාල පරිච්ඡේදය කුල  ඔබේ දරුවාගේ නින්දේ රටාව පරිණත වන අතර රාත්‍රී නින්ද ශක්තිමත් වීමට පටන් ගන්නවා.

උදේ 7 ත් 8 ත් අතර කාලයේ නිදාගෙන සිටි ඔබේ දරුවා උදේ 6 ත් 7 ත් අතර වේලාසනින් අවදි වීමට පටන් ගන්නවා.

මෙය ඔබේ දරුවා පෙරළීමට පටන් ගන්නා කාලයයි. ඒ නිසා පොරෝනයකින් ඔතා තැබීම අනාරක්ෂත වෙන්න පුළුවන්.

මීට පෙර, ඔබේ දරුවාට පුදුමාකාර ප්‍රතීකයක් අත්විඳින විට නැවත නින්දට වැටීමට පොරෝනයකින් ඔතා තැබීම විසදුමක් වු නමුත් තවදුරටත් එය එසේ නොවේ.

ඔබේ දරුවාට අලුතින් සොයාගත් ඔවුන්ගේ වටපිටාව ගැන දැනුවත්භාවය ඔවුන්ව අවදිව තබනවා.

එබැවින් ඔබ ඔබේ දරුවා වටේට රැගෙන යන්නේ නම් හෝ ඔබේ කාලසටහනට අනුව ඇයව කාර්යය වල යොදවනවා නම්, ඇය අධික ලෙස අධෛර්යයට හා  අධික ලෙස වෙහෙසට පත් වෙන්න පුළුවන්.

ඒ නිසා ඇයට රාත්‍රියේදී නින්දට යාම වඩාත් අපහසු වේවි.

මාස 4 බබාගේ බාධා වෙන රාත්‍රී නින්දට විසඳුම් 9ක්

මාස 4 බබාගේ නින්ද පසුගාමී වු බව පෙන්වන සලකුණු 

  • පැහැදිලි හේතුවක් නොමැතිව කලබල වීම වැඩි වීම
  • රාත්‍රියේ කිහිප වතාවක් අවදි වීම
  • කෙටි නින්ද, හෝ ‘ආපදා නින්ද’ අඩුවීම
  • ආහාර රුචිය වෙනස් වීම

මාස 4 ක බබාගේ නින්ද අඩාල වීමට විසඳුම්

බොහෝ දෙමව්පියන් මාස 4 ක නින්ද අඩාල වීම කාලයාගේ ඇවෑමෙන් අතුරුදහන් වන අවධියක් පමණක් යැයි විශ්වාස කරනවා.

නමුත්, අවාසනාවකට වගේ එය එසේ වන්නේ නැහැ. එය බොහෝ විට දුර්වල නින්දේ පුරුදු සහ නුසුදුසු කාල පරිච්ඡේද භාවිතා කිරීම නිසා ඇති වෙන ප්‍රතිඵලයකි.

ඉවසීමෙන් හා ටිකක් විනයකින් යුතුව කටයුතු කිරීමෙන් ඒ පිළිබඳව යමක් කළ වීම සතුටට කරුණකි. ඊළඟ අවුරුදු 2 ඔබ රාත්‍රියේ 5 වතාවක් අවදි වනු ඇතැයි සිතිය නොහැක.

1. කෙටි නින්ද අඩු කරන්න

කෙටි නින්ද ලබා දෙන්න එපා කියන එක මෙතැන අදහස් කරන්නේ නැහැ.

නමුත් ඔබේ දරුවාට සවස 5 පසුව කෙටි නින්ද ලබා නොදෙන්න. සවස 5 න් පසුව ලබා ගන්නා කෙටි නින්ද  නිසා වේලාසන නිදාගැනීමේ හැකියාව මෙන්ම රාත්‍රියේ සුව නින්ද අහිමි කරනු ඇත.

2. රාත්‍රියේ ඉක්මනින් නිදි කරවා උදෑසන  වේලාසන අවදි කරවීම 

වෙහෙසට පත් ළදරුවෙකු බොහෝ වෙලා නිදා ගනී යැයි බලාපොරොත්තුවෙන් ඔබේ දරුවා රාත්‍රියේ පසු වී නිදි කරන්න උත්සාහ නොකරන්න.

ඒ මගින් දරුවා බොහෝ වෙහෙසට පත් වෙන අතර ඔහුට නිදාගැනීමට අසීරු වෙන්න පවා ඉඩතියෙනවා.

ඒ වගේම වේලාසන අවදිවෙනන්ත් පුළුවන්. ළදරුවාගේ ස්වාභාවික නින්දේ රිද්මයට පටහැනි බැවින්, වේලාසන නිදා ගෙන වේලාසන අවදිවීමේ රටාව  හා සටන් නොකරන්න.

3. ප්‍රමාණවත් නින්ද ලබා දෙන්න

අවසානයේ නින්ද පුහුණු කිරීම ආරම්භ කිරීමට පෙර, වැඩිපුර වෙහෙසට පත් ළදරුවෙකු සඳහා නින්දේ පුහුණු කිරීම ක්‍රියාත්මක නොවන බව මතක තබා ගන්න.

ඔබේ දරුවා දිවා කාලයේදී, නියමිත වේලාවට ප්‍රමාණවත් ලෙස නිදාගෙන සිටින බවත්, වයසට ගැලපෙන වේලාවක නින්දට යන බවත් සහතික කළ යුතුය.

මාස 4 බබාගේ බාධා වෙන රාත්‍රී නින්දට විසඳුම් 9ක්

4. අන්ධකාර කරන්න

අඳුරු කාමරයක නිදිකරවන්න.  කළු පැහැති තිර භාවිතය වඩාත් සුදුසු වන අතර ළදරුවා නිදා සිටියදී රාත්‍රී ආලෝකයක් නොතබන්න.

ආලෝකයක් නොමැති විට, තවදුරටත් අවදි වී නොසිටීය යුතු බව තේරුම් ගැනීමට ඔබේ දරුවා පුහුණු කරන්න.

5. සංසුන් ශබ්ද යන්ත්‍රයක් භාවිතා කරන්න

 සංසුන් මෘදු ශබ්දය දරුවාට සැනසීමක් ලබා දෙන අතර එය නින්දට ඉගි කරනවා. ළදරුවා නිදා කරවීමට මෙය ප්‍රයෝජනවත් හා ඵලදායී ක්‍රමයකි. 

6. චර්යාවන් වැදගත් වෙනවා

 නින්දේ පුරුද්දක් ඇති කරන්න. ඔබේ දරුවා මාස එකක් හෝ දෙකක් වූ වහාම ඔබට මෙය කරන්න පුළුවන්.

ඇග සෝදවා, ආලේපන ගල්වා, නැලවිලි ගීත, නින්දට යන විට කියන කතන්දර හෝ ඔබේ පවුලට අවශ්‍ය ඕනෑම දෙයක් සමඟ ආරම්භ කරන්න.

ළදරුවන් ඉක්මනින් මෙම පුරුද්ද සමඟ සම්බන්ධයක් ඇති කරගන්නා අතර එය නිදා ගැනීමට කාලය බව දැන ගන්නවා.

7. නිදිබර ගතියෙන්, නමුත් අවදියෙන්

 ඔබ ඔබේ දරුවාව යහනේ තැබීමට පෙර ගැඹුරු නින්දකට වැටෙන තුරු බලා නොසිටින්න. ඇය නිදිබර ගතියෙන් පෙළෙන විට ඇයව යහන මත තබන්න.

මේ ආකාරයෙන්, ඇය තනිවම නිදා ගැනීමට ඉගෙන ගන්නවා. ඒ වගේම ඇය රාත්‍රියේ අවදි වුවහොත් තනිවම නැවත නින්දට යාමට ඉගෙන ගන්නවා.

8. නින්දට වැටෙන ක්‍රම සීමා කිරීම හෝ ඉවත් කිරීම 

මව්කිරි දීම හෝ නැලවිලි ගී ගැයීම වැනි නින්දට වැටෙන ක්‍රම , නින්දට යාමේ පුරුද්දක් සැකසීමේ  මුලික අවදියේදි හෝ මාස 4 ක නින්ද අඩාල වීම පරාජය කිරීමට භාවිතා කරන්න පුළුවන්.

කෙසේ වෙතත්, කාලයත් සමඟ මේ කිසිවක් මත යැපීමෙන් තොරව ඔවුන්ට තනිවම නිදා ගැනීමට හැකිවීම ඉලක්ක කරගන්න. 

රාත්‍රියේ දරුවා අවදි වන විට ඔබට මේවා දිගටම කරගෙන යාමට අවශ්‍ය නැහැ. මව්කිරි ලබා දීමේදි, ඒ සදහා කාල පරතරයන් තබා ගන්න.

එවිට ඔවුන් සැබවින්ම කුසගින්නේ පෙළෙනවාද නැතිනම් සුවපහසුව සදහා මව්කිරි බොන්න ඉල්ලනවාද යන්න ඔබ දන්නවා.

 9. බබාට නොසංසුන්තාවය දැනෙන්න ඉඩ දෙන්න

 මෙය කුරිරු දෙයක් වගේ නේද? නමුත් එය එසේ නැහැ. සමහර විට ඔබ ළදරුවාට ටිකක් නොසංසුන් වීමට ඉඩ දිය යුතු අතර බොහෝ විට ඔවුන් නින්දට වැටෙන බව දැක  ඔබ පුදුමයට පත් වේවි. ඔවුන් වේදනාවෙන් සිටී නම්, හෝ ඩයපර් මාරුකරන්න අවශ්‍ය නම් හෝ කුසගින්නෙන් පෙළෙනවා නම්, ඔබට ඇත්ත වශයෙන්ම බබා ගාවට යන්න පුළුවන්.

නමුත් ඔවුන් හේතු රහිතව නොසංසුන් නම්, ඔවුන්ට එසේ වීමට ඉඩ දෙන්න. 

මව්වරුනි, මේ මාස 4 ක බබාගේ  නින්ද අඩාලවීම සහ එය හා කටයුතු කරන්නේ කෙසේද යන්න ගැන ඔබ දැනගත යුතු සියල්ලමයි.

මෙම විසඳුම් පිළිගත හැකි විකල්ප බව පමණක් මතක තබා ගන්න. ඒ නිසා ඵලදායී වීමට කාලය, ඉවසීම සහ පුහුණුවීම් සිදුකරන්න.

අවාසනාවකට මෙන්, සියලු ළදරුවන්ට ක්ෂණිකව නින්දට වැටෙන මන්ත්‍රයක් නැහැ. 

සෑම දරුවෙකුටම අද්විතීය වන අතර, ඔබේ දරුවාගේ වෙනස්වන අවශ්‍යතා හඳුනා ගැනීමටත්, ඔබේ දරුවාගේ ස්වාභාවික නින්දේ රිද්මය සමඟ සමපාත වන නම්‍යශීලී කාලසටහනක් ඇති කිරීමටත් වග බලාගන්න.

theAsianparent  හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
  • /
  • මාස 4 බබාගේ බාධා වෙන රාත්‍රී නින්දට විසඳුම් 9ක්
බෙදාගන්න :
  • දරුවන්ට රාත්‍රියට සුව නින්දක් ගෙන එන ආහාර

    දරුවන්ට රාත්‍රියට සුව නින්දක් ගෙන එන ආහාර

  • මේ අම්මා ඇගේ දියණිය පමා වී නින්දට යෑම ගැන කණගාටු නොවන්නේ මෙන්න මේ නිසයි.

    මේ අම්මා ඇගේ දියණිය පමා වී නින්දට යෑම ගැන කණගාටු නොවන්නේ මෙන්න මේ නිසයි.

  • දරුවන්ට රාත්‍රියට සුව නින්දක් ගෙන එන ආහාර

    දරුවන්ට රාත්‍රියට සුව නින්දක් ගෙන එන ආහාර

  • මේ අම්මා ඇගේ දියණිය පමා වී නින්දට යෑම ගැන කණගාටු නොවන්නේ මෙන්න මේ නිසයි.

    මේ අම්මා ඇගේ දියණිය පමා වී නින්දට යෑම ගැන කණගාටු නොවන්නේ මෙන්න මේ නිසයි.

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it