theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සාමාන්‍ය දරු උපත පහසු කරන ඉරියව් 4 ක්

5 අවම කියවීම
සාමාන්‍ය දරු උපත පහසු කරන ඉරියව් 4 ක්සාමාන්‍ය දරු උපත පහසු කරන ඉරියව් 4 ක්

යෝනි මාර්ගයෙන් ප්‍රසූතියක් සිදු කිරීමේදී කාන්තාවන්ට තෝරා ගත හැකි ඉරියව්  කිහිපයක් තියෙනවා. ඔබගේ උපත් විකල්ප ක්‍රම වල අවදානම් මෙන්ම ප්‍රතිලාභ ගැන මේ ලිපියට ඔබට  අවබෝධයක් ලබා දේවි. එමගින්, ඔබේ උපත් සැලැස්ම සඳහා හොඳම තේරීමක් කරන්න පුළුවන්.

දරු ප්‍රසූතියේ දෙවන අදියරේදී ගර්භනී කාන්තාවකට විවිධ සාමාන්‍ය දරු උපත ඉරියව් සලකා බලන්න අවශ්‍ය වෙන්න පුළුවන්.  එය තල්ලු කිරීමේදී මෙන්ම උපතේදීද උදව්වක් වෙනවා.
මෙය අර්ධ වශයෙන් සිදුවන්නේ උපත් ඉරියව්ව යෝනිය හා ගුද පෙදෙස අතර විටපීය මාංශපේෂින් වල ප්‍රතිඵලයට  (perineal outcome) එහි බලපෑම පර්යේෂණ සොයා ගැනීම හේතුවෙනි.
යෝනි මාර්ගයෙන් ප්‍රසූතියක් සිදු කිරීමේදී කාන්තාවන්ට තෝරා ගත හැකි ඉරියව් කිහිපයක් තියෙනවා. ඔබගේ උපත් විකල්ප ක්‍රම වල අවදානම් මෙන්ම ප්‍රතිලාභ ගැන මේ ලිපියට ඔබට අවබෝධයක් ලබා දේවි. එමගින්, ඔබේ උපත් සැලැස්ම සඳහා හොඳම තේරීමක් කරන්න පුළුවන්.

1. සාමාන්‍ය දරු උපත පහසු කරන Squatting  ඉරියව්ව

සාමාන්‍ය දරු උපත පහසු කරන ඉරියව් 4 ක්

Squatting දරු ප්‍රසූතියේදී විශාල සහයක් දක්වනවා පමණක් නොව එය වඩාත් ජනප්‍රිය හා සාමාන්‍ය උපත් ඉරියව්වකි.
මෙම ඉරියව්ව සැබෑ දරු ප්‍රසුතියේදී ගුරුත්වාකර්ෂණයේ සහය ගන්න ඔබට උපකාර කරනවා.

සාමාන්‍ය දරු උපත සදහා විශිෂ්ට වන්නේ ඇයි?

  • Squatting ඉරියව්ව නිසා දරු ප්‍රසූතියේදී විස්තාරණය වීම වේගවත් කරනවා.
  • එය ෆෝසෙප් හෝ වැකුම් භාවිතා කිරීමේ අවශ්‍යතාවය අඩු කරනවා.
  • ඒ වගේම මෙය දරු ප්‍රසූතිය සිදුවෙන කාලය අඩු කර ගන්න පුළුවන්.
  • Squatting ඉරියව්වට ඔබේ ශ්‍රෝණි විවරය 20% සිට 30% දක්වා පුළුල් කරන්න  පුළුවන් .

එය ආරක්ෂිත නොවන්නේ ඇයි?

  • ළදරුවන්ගේ පිහිටීම Squatting ඉරියව්ව  සඳහා සුදුසු  නොවන්න පුළුවන්  (breech or transverse).
  • වළලුකර, දණහිස සහ ඉණ දක්වා වික්‍රියා ඇති කළ හැකි නිසා Squatting ඉරියව්වට ඔබේ සිරුරේ අවශ්‍යතාවය ලබා දෙන්න පුළුවන්.
  • උපතට සහය දෙන පුටුවකින් හෝ වෙනත් ආධාරයකින් තොරව සිදු කළ හොත් වැඩි ඉරීමකට ලක්වෙන්න පුළුවන්.

2. සාමාන්‍ය දරු උපත පහසු කරන Reclining ඉරියව්ව

සාමාන්‍ය දරු උපත පහසු කරන ඉරියව් 4 ක්

දරු ප්‍රසූතිය දිගු හා වෙහෙසකාරී විය හැකි අතර, එහි ප්‍රතිඵලයක් ලෙස අම්මලාට ප්‍රසුතිය අතරතුර විවේකයක් අවශ්‍ය වෙනවා.
මෙය ලබා දෙන සාමාන්‍ය උපත් ඉරියව්ව වන්නේ Reclining උපත් ඉරියව්වයි. එහිදී අම්මාට ඇඳ මත විවේක ගත හැකි නිසයි. මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා විවිධ ක්‍රම තියෙනවා. ඇඳේ වැතිරීම, බිත්තියකට පුටුවකට හෝ වෙනත් පුද්ගලයෙකුට හේත්තු වීම ඒ සදහා උදාහරණයි.
ඔබේ පිටුපසට ස්වාමිපුරුෂයාගේ අධාර වුව ගන්න පුළුවන්. එහිදී සංකෝචන අතරතුර ඔහුට කොන්ද පිරිමදින්න පුළුවන්.

සාමාන්‍ය දරු උපත සදහා විශිෂ්ට වන්නේ ඇයි? 

  • මෙම ඉරියව්ව ආතතිය අඩු කිරීමට සහ මාංශ පේශි ලිහිල් කිරීමට උපකාරී වෙනවා.
  • අම්මා වෙහෙසට පත්ව සිටින නමුත්  සම්පූර්ණයෙන්ම වැතිරීමට අකමැති විට මෙය හොඳ විකල්පයක් වෙනවා.

එය ආරක්ෂිත නොවන්නේ ඇයි?

  • එය ගුරුත්වාකර්ෂණයට එරෙහිව ක්‍රියා අතර ඒ නිසා දීර්ඝකාලීන ප්‍රසුතියක් අත්විදින්න වෙනවා.
  • ඔබේ උඩුකුරුව සිටින විට, ඔබේ ගර්භාෂය ප්‍රධාන රුධිර නාල සම්පීඩනය කරන්න පුළුවන්.
  • දරුවාට ඔක්සිජන් නැති හැකි අතර ඔබට කරකැවිල්ල හෝ ඔක්කාරය ඇතිවෙන්න පුළුවන්.
  • ඔබේ දරුවා තට්ටම් වලින් සිටියි නම්, මෙය ඔබේ ප්‍රසුතියේදී වැඩි වේදනාවක් ලබා දෙන්න පුළුවන්.

3.  සාමාන්‍ය දරු උපත පහසු කරන ස්ටූල් ඉරියව්ව (Birthing Stool )

සාමාන්‍ය දරු උපත

උපත  සදහා භාවිතා වෙන ස්ටූල් (බංකුවක්) විවිධ සාමාන්‍ය උපත් ඉරියව් අත්හදා බැලීමට අම්මලාට උදව් කිරීමට හොඳ මෙවලමකි.
කාන්තාවන්ට ඒ මත Squatting ඉරියව්වෙන් සිට ඒ සමග ඉරියව් හතරෙන්ම සිට එය භාවිතා කරමින් දෑත් වලට සහය දෙන්න පුළුවන්. උපත  සදහා භාවිතා වෙන ස්ටූල් එකෙහි සැලසුම අනුව අම්මලාට එය ඉදිරියට ආපස්සට පෙරලෙන්න පවා පුළුවන්.
මෙය ඔබට ජලය තුල සිදු කරන උපතේදී පවා  භාවිතා කළ හැකිවීම මෙහි ඇති වාසියකි. ජලයට ගැලපෙන උපත  සදහා භාවිතා වෙන ස්ටූල් වර්ග පවා තියෙනවා.

සාමාන්‍ය දරු උපත සදහා විශිෂ්ට වන්නේ ඇයි? 

  • මෙය දරුවාට උපත් මාර්ගයට වැඩි වේගයෙන් පිවිසීමට උපකාරී වෙනවා.
  • උපත  සදහා භාවිතා වෙන ස්ටූල් කොන්දට ඇති වෙන පීඩනය සමනය කිරීමට උපකාරී වෙනවා.
  • එය ගැබ්ගෙල විස්තාරණය වැඩි කිරීමට උපකාරී වෙනවා.

එය ආරක්ෂිත නොවන්නේ ඇයි?

  • කාන්තාවන්ට වැඩි රුධිරය වහනයක් වෙන්න පුළුවන් .
  • එය බරපතල විටපීය ඉරීම් ඇතිවීම සහ විටපීය ඉරීම අනුපාතය වැඩි කරනවා.

4. සාමාන්‍ය දරු උපත පහසු කරන දණ්ඩ(බාර්)/ස්කොට් (bar squat)ඉරියව්ව 

සාමාන්‍ය දරු උපත

උපත සිදු කිරීමට සහය දෙන ස්ටූල් එක මෙන්, උපත සිදු කිරීමට සහය දෙන දණ්ඩ(බාර්) එක විවිධ සාමාන්‍ය උපත් ඉරියව් සඳහා උපකාර කිරීමට ඇඳට සවිකරන මෙවලමකි. උපත සිදු කිරීමට සහය දෙන දණ්ඩ(බාර්) භාවිතයේදී  ඔබට ඕනෑම වේලාවක වාඩි වී සහාය සඳහා බාර් එක මතට නැඹුරු වෙන්න පුළුවන්.
දරුවන් ප්‍රසුත කරන අම්මලාට තුවායක් ඔතා කඹයක් ලෙස සකසා භාර දෙන්න එවිට ඔවුන්ට එය භාවිතා කර තල්ලු කර  සහයක් ගන්න පුළුවන්. විශේෂයෙන් දීර්ඝ  කාලයක් තිස්සේ ප්‍රසුතිය සිදු කර ගත නොහැකිව සිටින මවුවරුන්ට තල්ලු කිරීමට අවශ්‍ය ප්‍රතිරෝධය ලබා දීමට එය උපකාරී වෙනවා.

සාමාන්‍ය දරු උපත සදහා විශිෂ්ට වන්නේ ඇයි? 

  • අම්මලාට තල්ලු කිරීම සඳහා ප්‍රතිරෝධය ලබා දෙනවා.
  • අවශ්‍ය නම් දරුවාගේ පිහිටීම මාරු කිරීමට  උදව් කරන්න පුළුවන්.
  • ගුරුත්වාකර්ෂණය භාවිතා කරනවා
  • වේදනාව අඩුයි. හා වඩා ඵලදායී හැකිලීම් ලැබෙනවා.
  • කෝන්දේ වේදනාව සමනය කරනවා
  • සිටගෙන සිටිනවාට වඩා විවේකීව සිටින්න පුළුවන්.

එය ආරක්ෂිත නොවන්නේ ඇයි? 

  • මෙම මෙවලම වෙත ළඟා වන්නේ කෙසේදැයි කාන්තාවන් කල්තියා තීරණය කල යුතුය.
  • squatting ඉරියව්ව භාවිතා කිරීම හා වැරදි ක්‍රමයට තල්ලු කිරීම නිසා ඉරීම වැඩි වෙන්න පුළුවන්.
මවුවරුන්ට තෝරා ගත හැකි විවිධ සාමාන්‍ය උපත් ස්ථාන තිබියදීත්,  සාමාන්‍ය යෝනි ප්‍රසූතියක් සඳහා තෝරා ගැනිමෙන් ඔබේ දරුවාගේ ප්‍රසූත කිරීම පහසු කිරීමට ඒවා උපකාරී වෙනවා.
හෙදියන්ට සහ වෛද්‍යවරයා සමඟ  සාකච්ඡා කිරීමෙන් පසු අම්මලාට වඩාත් සුවපහසු ක්‍රමය තෝරා ගන්න පුළුවන්. කෙසේ වෙතත්, ඔබ ගන්නා ඕනෑම තීරණයක් ඔබේ දරුවාගේ ජීවිතය සහ ආරක්ෂාවට ප්‍රමුඛතාවය ලබා දිය යුතුය.
ඔබ සැලසුම් කළ දරු ප්‍රසූතිය සඳහා ඔබේ දරුවා ප්‍රශස්ත ස්ථානයක නැති නම්, නම්‍යශීලී වන්න සහ වෙනස්කම් පිළිගන්න. සිසේරියන් සැත්කමකින් දරුවන් බිහිකිරීම ලැජ්ජාවට කරුණක් නොවේ.
theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නදීශා ලක්මිණි
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.
සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දරු ප්‍රසූතිය
  • /
  • සාමාන්‍ය දරු උපත පහසු කරන ඉරියව් 4 ක්
බෙදාගන්න :
  • අවුරුදු 12ක සොයුරිය සිය සොහොයුරාට මෙලොව එළිය දකින්නට උදව් කරයි - පිංතුර කියන කථාවක්

    අවුරුදු 12ක සොයුරිය සිය සොහොයුරාට මෙලොව එළිය දකින්නට උදව් කරයි - පිංතුර කියන කථාවක්

  • සීසේරියන් සැත්කමකට මුහුණ දුන් අම්මාට සාමාන්‍ය දරුඋපතක් සිදු කල මවක් කියන කථාව

    සීසේරියන් සැත්කමකට මුහුණ දුන් අම්මාට සාමාන්‍ය දරුඋපතක් සිදු කල මවක් කියන කථාව

  • අවුරුදු 12ක සොයුරිය සිය සොහොයුරාට මෙලොව එළිය දකින්නට උදව් කරයි - පිංතුර කියන කථාවක්

    අවුරුදු 12ක සොයුරිය සිය සොහොයුරාට මෙලොව එළිය දකින්නට උදව් කරයි - පිංතුර කියන කථාවක්

  • සීසේරියන් සැත්කමකට මුහුණ දුන් අම්මාට සාමාන්‍ය දරුඋපතක් සිදු කල මවක් කියන කථාව

    සීසේරියන් සැත්කමකට මුහුණ දුන් අම්මාට සාමාන්‍ය දරුඋපතක් සිදු කල මවක් කියන කථාව

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it