theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සතුටින් විවාහය ගෙවමින් වුවත් විවාහය තුළ රැවටීම සිදුවන්නේ ඇයි?

3 අවම කියවීම
සතුටින් විවාහය ගෙවමින් වුවත් විවාහය තුළ රැවටීම සිදුවන්නේ ඇයි?සතුටින් විවාහය ගෙවමින් වුවත් විවාහය තුළ රැවටීම සිදුවන්නේ ඇයි?

සතුටින් පවුල් ජිවිතයක් ගත කරමින් වුවත් ඔවුන් තම සහකාරිය සහකරුවා රවටන්නේ ඇයි?

තම සහකාරිය හෝ සහකරුවා විවාහය තුළ රැවටීම කෙනෙකුට බොහෝ විට අප නොසිතන හේතු නිසා සිදුකරන්නට පුළුවන්. ඔවුන් සතුටින් තම පවුල් ජීවිතය ගෙවුවත් මේ කරන දේවල් හා සම්බන්ධ ඒවා නොවෙයි.

විවාහ ගැටළු පිළිබඳ ඇහුන්කම් දෙන විශේෂඥවරයෙකු වන ආරන් ඇන්ඩර්සන් ට අනුව ඔහුගෙන් උදවු ඉල්ලන බොහෝ අය කියන්නේ “අපි කවදාවත් හිතුවේ නැහැ එහෙම සම්බන්ධයක් ඇතිවෙයි කියලා”.

ඔහුට අනුව ගොඩක් සහකරුවන් සහකාරියන් රැවටීම් කරන්නේ ඔවුන් තම විවාහයෙන් අසතුටෙන් ජිවත් වන නිසයි.

ඒත් පුදුමයට කාරණය මෙම අනෙක් කොටස; එනම් සතුටෙන් පවුල් ජිවිත ගෙවමින් රැවටීම් කරන අය කියන්නේ.

ඔවුන් තවමත් තම බිරිඳට, සැමියාට, දරුවන්ට පෙර වගේම මුළු හදින්ම ආදරය කරන බවයි.

සතුටින් විවාහය ගෙවමින් වුවත් විවාහය තුළ රැවටීම සිදුවන්නේ ඇයි?

1. බොහෝ දෙනෙකු තම පුද්ගලික පසුබෑම් මතත් මේ තත්වයට යොමු වෙනවලු

සමහර පුද්ගලයන් තමාගේ අතීතය වලලා දමන්න කැමති නැහැ. එය තම වර්තමාන ජිවිතයට ගේන්නේ අන්න ඒ නිසයි.

ඇන්ඩර්සන් ට අනුව මෙවැනි අය කිසිවක් නොවන ආකාරයට වැඩකටයුතු කරන පිරිසක්.

හැමදේම හොඳින් සිදුවෙන බව ඔවුන් ලෝකයට පෙන්වන නමුත් ඔවුන් තුළ ඔවුන් විසඳනු නොලැබූ අමිහිරි මතක නිදන්ගත කරගෙන තියෙනවා.

ඔවුන් ලෝකයට හොරෙන් ඒ සමග ජිවත් වෙන්න උත්සහ ගන්නවා.

2. අසම්පූර්ණ ඉටු නොවූ අවශ්‍යතාවන් රහසින් පුරවගන්න සිහින මවනවා

බොහෝ විටෙක ඔවුන් තම පසුතැවීම්, කලකිරීම් හා අනාරක්ෂිත බව මුදා හරින්න හේතු සොයමින් ඔවුන් ඔවුන්ගේ සැබෑ තත්වය වසන් කරන්න උත්සහ ගන්නවා.

ඔවුන් මනඃකල්පිත  ලෝකයක ඔවුන්ගේ සතුට විඳිනවා. නමුත් ඔවුන් වේදනා විඳින අර නිදන්ගත ප්‍රශ්න ටික ඒ විදිහමයි.

ඉතින් මේ වියවුල ලෝකයට කියාගන්න බැරි නිසා ඔවුන්ගේ ගුප්ත ලෝකය ඔවුන් තවත් කා සමග හරි බෙදාගන්නවා.

උදාහරණයක් ලෙස ඔවුන් වෙනත් සබඳතාවයක් පටන් ගන්නවා වෙන්න පුළුවන්.

3. විවාහය තුළ රැවටීම හැමතැනම නොසිතන ලෙස සිදුවන්නේ ඇයි?

ඔවුන්ගේ මේ මවාගත් ලෝකය පවත්වාගෙන යද්දී අවධානම වන්නේ ඔවුන් නොදැනම ඔවුන් පිරිහීමට ලක්වෙන එකයි.

ඊට හේතුව ඔවුන් මේ රහස් සදාතනිකවම නිදන්ගත කරන්නට උත්සහ කලත් නොසිතන මොහොතක මේ අවිචාරවත් අනාචාර හැසිරීම එළිදකින්න පුළුවන්.

4. විවාහයක අවසානය රැවටිමක හෙළිවීමක්  විය යුතු නැහැ

වැදගැම්මකට නැති දේවල් කතා නොකර ඍජුවම අමාරු මාතෘකාවට එළබෙන්න.

හදවතට දැනෙන දේවල් කතා කරන්න අමාරු වුනත් එය කළ යුතු වෙනවා. සමහර විටෙක හිත රිදුනත් එය කළ යුතු වෙනවා.

සමහර විට ඇහුම්කන් දීම, තීන්දු දීමට වඩා වැදගත් වෙනවා. ඒ නිසා අපහසු දෙයට වඩා ඔබට ඉන් මිදීමට පහසු ක්‍රමය සිතන්න.

විවාහයක අවධානම් සහිත බව අඩු කරගන්න නම් අඩුපාඩුකම් ගැන නිතර දැනෙන හැඟීම්, අනාරක්ෂිත බව දෙදෙනාම කතා කල යුතු වෙනවා.

මෙවැනි පුද්ගලයන්ට ඔබ සමග ඕනෑම දෙයක් කතා කල හැකි බව අවබෝධ කරවන්න. ඔබත් සමග කිසිවක් සැඟවිය යුතු නොවන බව ඔවුනට ඒත්තු ගන්වන්න.

මේ මගින් සහකරුවෙකු හෝ සහකාරිය විසින් නිදන්ගත කරගෙන සිටි අමිහිරි මාතෘකා එලියට ගන්න ඔබට පුළුවන්.

ඔබ කතා කරන තරමට අනාරක්ෂිත බව පහවෙනවා.

ඔවුන් සඟවාගෙන සිටි රහස් තව දුරටත් රහසක් වන්නේ නැහැ. එය ඉතා අප්‍රසන්න අවස්ථාවක් ලෙස මුලදී සිතුනත් ඉන් ලැබෙන සහනය කෙතරම් වටිනවද කියලා අවසානයේ සිතේවි.

කිසිවෙක් රැවටෙන්න කැමති නැහැ...

එය එතරම් අප්‍රසන්නයි. එහි අතුරු ඵලයක් ලෙස ඔබේ දරුවන් ඉන් වේදනා විඳීම ඉතාම කණගාටුදායකයි.

ඒ නිසා සිත තුළ සිරවූ හැඟීම් ඔබට විශ්වාසවන්තම අයෙකුට නැතිනම් සහකරුවා සමග බෙදාගන්න.

 ඔබේ දරුවන්ගේ ලෝකය නිදහසේ සතුටින් ගතකරන්න ඔබේ යහ පැවැත්ම හරිම වැදගත්. theAsianparent Sri Lanka අපි මෙවැනි ගැටළු ගැන ළගම ඉන්න හොඳම මිතුරියක් වගේ ඔබව දැනුවත් කරන්නේ ඒ නිසයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • සතුටින් විවාහය ගෙවමින් වුවත් විවාහය තුළ රැවටීම සිදුවන්නේ ඇයි?
බෙදාගන්න :
  • අනාචාරයට හේතු වන ලිංගික ගැටළු නොවන වෙනත් හේතු 3ක්

    අනාචාරයට හේතු වන ලිංගික ගැටළු නොවන වෙනත් හේතු 3ක්

  • කාන්තාවන් ඔවුන්ගේ සහකරුවන් රවට්ටන්නේ ඇයි?

    කාන්තාවන් ඔවුන්ගේ සහකරුවන් රවට්ටන්නේ ඇයි?

  • අනාචාරයට හේතු වන ලිංගික ගැටළු නොවන වෙනත් හේතු 3ක්

    අනාචාරයට හේතු වන ලිංගික ගැටළු නොවන වෙනත් හේතු 3ක්

  • කාන්තාවන් ඔවුන්ගේ සහකරුවන් රවට්ටන්නේ ඇයි?

    කාන්තාවන් ඔවුන්ගේ සහකරුවන් රවට්ටන්නේ ඇයි?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it