theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔසප් චක්‍රය අක්‍රමවත්ද? මෙන්න හේතු 4 ක්

3 අවම කියවීම
ඔසප් චක්‍රය අක්‍රමවත්ද? මෙන්න  හේතු 4 ක්ඔසප් චක්‍රය අක්‍රමවත්ද? මෙන්න  හේතු 4 ක්

හෝමෝන ප්‍රතිකාර මගින් ඔසප් වීම නැවත අක්‍රමවත් වීම වලකාලීමට නොහැකියි. එම නිසා මෙයට මුල් වූ හේතූන් පරීක්ෂා කර ඒ අනුව ප්‍රතිකාර කිරීම වැදගත්.

ඔසප් චක්‍රය අක්‍රමවත් වීම කාන්තාවන් බොහොමයක් අත්විදින තත්වයකි. සමහර විට ඒ නිසා දරුවෙකු පිළිසිද ගැනීම පවා ප්‍රමාද වෙන්න පුළුවන්.

මේ ඒ හා සම්බන්ධ ප්‍රසව හා නාරි වෛද්‍ය සමන් හේවා මහතාගේ ලිපියකි.

මල්වර වීමේ සිට ආර්තවහරනය දක්වා ඔසප් වීම කාන්තාවන් චක්‍රයක් ලෙස සිදු වෙනවා.

මෙම කාලය දින 21 සිට 45 දක්වා වෙනස් වෙන්න පුළුවන්. නමුත් බොහෝ කාන්තාවන් හට මෙය දින 28ක් හෝ ආසන්න දිනකදී වෙනවා.

ඔසප් චක්‍රය අක්‍රමවත්ද? මෙන්න  හේතු 4 ක්

දින 21ට අඩුවෙන් හෝ දින 45ට වැඩියෙන් වීම සාමාන්‍ය තත්වයක් වන්නේ නැහැ.

ඔසප්වීම හදුනාගන්නේ යෝනිමාර්ගයෙන් රුධිර වහනය වීමත් සමගයි.

රුධිර වහනය ආරම්භ වූ දිනය චක්‍රයේ පලමු දිනයයි. මෙය පාලනය වන්නේ ශරීරයේ හෝමෝන මට්ටම වෙන්ස් වීම මගිනුයි.

හෝමෝන වල ප්‍රධාණ මද්‍ය්යස්ථානය වන්නේ හයිපොතැලමස කියය ප්‍රදේශයයි.

එමගින් නිපදවන GnRh කියන හෝමෝනය මහින් පිටියුටරි ග්‍රන්ථියේ හෝමෝන නිපදවීම පාලනය කරනවා.

මෙම හෝමෝන මට්ටම් චක්‍රාකාරයෙන් සිදුවම නිසා ඊට අනුරූපිව ඩිම්බ කෝෂ වල වෙනස් වීම් සිදු වෙනවා.

ඔසප් චක්‍රයේ මුල් දින 14 තුල ඩිම්බ කෝෂ වල ඩිම්බ මේරීම සිදු වෙනවා. මේ කාලය තුල ඩිම්බ කෝෂ වලින් ඊස්ට්‍රජන් නම් හෝමෝනය නිපදවනවා.

එමගින් ගර්භාෂයේ ඇතුලත බිත්තිය මත කලලයක් හට ගැනීමට සුදුසු ලෙස හැඩගැහෙනවා.

14 වන දිනය වනවිට ඩිම්බ කෝෂ වලින් ඩිම්බයක් පිටවෙනවා.

පසුව ඩිම්බ කෝෂයේ ඩිම්බය පිට්වූ ස්තානයෙන් දිගටම තව දින 10ක් පමන ප්‍රොජෙස්ටරෝන් හෝමෝන නිපදවිම සිදු වනවා.

පසුව මෙම සෛල හැකිලී යන අතර රුධිරයේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන මට්ටම අඩු වෙනවා.

මේ නිසා ගර්භාෂයේ ඇතුලත බිත්තිය බිදවැටී රුධිර වහනය ආරම්භ වනවා.

අක්‍රමවත් ආර්තවය

ඔසප් චක්‍රය අක්‍රමවත් වීම සදහා හේතු

මෙම හෝමෝන චක්‍රය විවිධ හේතූන් හා සංකූලතාවයන් හේතුවෙන් හා ඔබේ නොසැලකිලිමත් බව නිසා වෙනස් වෙන්න පුළුවන්.

  • අධික ලෙස ව්‍යායාම කිරීම හා මානසික ආතතිය නිසා මොලයේ හයිපොතැලමස ප්‍රදේශයේ හෝමෝන නිපදවිම අක්‍රමවත් වී ඔසප් චක්‍රය අක්‍රමවත් වෙන්න පුළුවන්.
  • සිරුරේ බර අධික ලෙස වැඩිවුණොත් මේද ස්තර වලින් නිපදවන රසායන නිසාත් මෙම හෝමෝන ක්‍රියාකාරිත්වය අසමතුලිත වෙන්න පුළුවන්.
  • ඒ වගේම ඩිම්බ කෝෂ හෝමෝන වලට ප්‍රතික්‍රියා නොදක්වන රෝග තත්වයන් polycystic ovarian syndrome වැනි තත්ව නිසාත් ඔසප්වීම වෙනස් වෙන්න පුළුවන්.
  • ඩිම්බ කෝෂ වයසට කලින් අකර්මණ්‍ය වීම නිසාත් සමහර විට ඔසප්වීම වෙනස් වෙන්න පුළුවන්.

ඔසප් චක්‍රය අක්‍රමවත්ද? මෙන්න  හේතු 4 ක්

ඔබේ ඔසප් චක්‍රය අක්‍රමවත් නම් එය දරුවෙකු පිලිසිද ගැනීමට බාධාවක් වෙන්න පුළුවන්.

ඔබ දරුවෙක් අපේක්ෂාවෙන් සිටිනම් මෙයට අනිවාර්යයෙන් වෛද්‍යවරයකුගේ උපදෙස් ලබාගැනීම ඉතා වැදගත්.

නමුත් දරුවන් බලාපොරොත්තු නොවන තරුනියක්නම් ඔසප් චක්‍රයේ සුලු වෙනස්කම් පිලිබඳව බිය විය යුතු නැහැ.

මන්ද අසාමාන්‍ය ලෙස හැගීම් සිරකරගෙන සිටීම මෙයට බලාපාන්න පුළුවන්.

නමුත් ඔබට මාස තුනකට වඩා ඔසප්වීම ප්‍රමාදනම් සමහරවිට ගර්භාෂයේ පිලිකා තත්ත්වයක් වීමට ඉඩ තිබෙන නිසා එවන් අවස්තාවකදී ඔබේ යෝනිමාර්ගය වෛද්‍යවරයකු ලවා පරීක්ෂා කරගෙන අවශ්‍ය උපදෙස් ලබාගන්න.

සැ: යු . ප්‍රතිකාර ඔසප්වීම අක්‍රමවත් වීමට බලපා ඇති හේතුව අනුව වෙනස් වෙන්න පුළුවන්.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

ඒ නිසා මෙන්සස් වෙන්න වෙනත් කෙනෙකු ගත් හෝ වෙනත් කෙනෙකු ගත් බව කියන ඖෂධ ගැනීම සුදුසු නැහැ.

ඖෂධ ලබාගැනීමට අනිවාර්යයෙන් වෛද්‍යවරයකුගේ උපදෙස් මත සිදු කිරීමට මතකයේ තබාගන්න.

පරීක්ෂා කිරීමෙන් තොරව ඖෂධ හිතුමතේ ලබාගැනීම අනතුරුදායකයි.

බොහෝවිට මේ සදහා නිර්දේශ කරන්නේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන අඩංගු ඖෂධයක්.

එම ඖෂධ ගෙන නතර කල පසුව රුධිර වහනය වෙනවා.

නමුත් හෝමෝන ප්‍රතිකාර මගින් ඔසප් වීම නැවත අක්‍රමවත් වීම වලකාලීමට නොහැකියි. එම නිසා මෙයට මුල් වූ හේතූන් පරීක්ෂා කර ඒ අනුව ප්‍රතිකාර කිරීම වැදගත්.

වෛද්‍යතුමන්ගේ මුල් ලිපියට

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • ඔසප් චක්‍රය අක්‍රමවත්ද? මෙන්න හේතු 4 ක්
බෙදාගන්න :
  • ඔසප් චක්‍රය ගැන ඔබ දැන ගත යුතු දේ

    ඔසප් චක්‍රය ගැන ඔබ දැන ගත යුතු දේ

  • අක්‍රමවත් ඔසප් චක්‍රයක් ඇති කාන්තාවන් දරු පිළිසිඳ ගැනීමකට කළ යුත්තේ මොනවද?

    අක්‍රමවත් ඔසප් චක්‍රයක් ඇති කාන්තාවන් දරු පිළිසිඳ ගැනීමකට කළ යුත්තේ මොනවද?

  • ඔසප් චක්‍රය ගැන ඔබ දැන ගත යුතු දේ

    ඔසප් චක්‍රය ගැන ඔබ දැන ගත යුතු දේ

  • අක්‍රමවත් ඔසප් චක්‍රයක් ඇති කාන්තාවන් දරු පිළිසිඳ ගැනීමකට කළ යුත්තේ මොනවද?

    අක්‍රමවත් ඔසප් චක්‍රයක් ඇති කාන්තාවන් දරු පිළිසිඳ ගැනීමකට කළ යුත්තේ මොනවද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it