theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

උදෑසන ලිංගිකව එක්වීමට ඉතා රසවත් හේතු 4ක්!

5 අවම කියවීම
උදෑසන ලිංගිකව එක්වීමට ඉතා රසවත් හේතු 4ක්!උදෑසන ලිංගිකව එක්වීමට ඉතා රසවත් හේතු 4ක්!

උදෑසනම ලිංගිකව එක් වීම ඔබ දෙදෙනා වඩාත් ළං කර ජීවිතයට රසයක් එක් කරන්නේ මේ අකාරයෙන්

උදෑසන ලිංගිකව එක්වීම ඉතා රසවත් වීමට හේතු රැසක් තිබෙනවා.

මව්වරුන්ට සාමාන්‍යයෙන් උදේ පාන්දර කියන්නේ දවසේ වඩාත්ම කාර්යබහුල හා ආතතියෙන් පිරි වේලාවක්.

සුදානම් කරන්න දේවල් එමටයි. උදේ ආහාරය, ළමයින්ට ඇඳෙන් නැගිට්ටවීම,  ඇඳුම් ඇන්දවීම, එකම කෝලහාලයක්.

බොහෝ දෙනෙක් උදෑසන ලිංගික එක්වීමක් ගැන හිතන්නවත් කැමති නැහැ. එතකොට සති අන්තය? කොහෙත්ම නැහැ.

ඒ ටිකක් වැඩිපුර නිදාගන්න තියෙන දවස. ඒත් ඔබ හිතන විධිය වෙනස් කරන්නයි මේ හදන්නේ. එයට හේතු හතරක් තිබෙනවා.

1. උදෑසන ලිංගිකව එක්වීම: ඔහුගේ ශිෂ්ණය ප්‍රාණවත් වෙලා!

නිසැකවම ඔබ උදෑසන කූඩාරම් ගැන අසා ඇති. ඇතැම් විට නිදිබර ගතියෙන් සිටින අතරතුර නිමක් නැතිව ඔබට එහෙන් මෙහෙන් ඇන ඇවිස්සීම ගැන ඔබ කෝපයට පත්වනවාඅත් ඇති.

උදෑසන ලිංගිකව එක්වීම

නමුත් ඔවුනට ඒ ගැන වැරැද්දක් කිය්නාට බැහැ. ඔහුගේ ලිඟුව ප්‍රාණවත් වෙලා! ඉතින් ඔහුගේ හැඟීම් ඇවිස්සී ඇති බව කියන්නත් දෙයක්ද? එය ජීව විද්‍යාත්මක සත්‍යයක්!

ලිංගික චිකිත්සකවරියක වන ආර්ලීන් ගෝල්ඩ්මන්ට අනුව, "බොහෝ පිරිමින් වඩාත්ම උච්ච ලෙස ලිංගිකව උත්තේජනය වී සිටින්නේ උදෑසන කාලයේදීයි."

ඉතින් මට මොකද? ඔබ අසාවි. හොඳයි, ගෝල්ඩ්මන් තවදුරටත් මෙසේ පැවසුවා: "මිනිසෙකුට වැඩි ටෙස්ටොස්ටෙරෝන් ප්‍රමාණයක් ඇති අතර ඔහු හොඳින් විවේකයෙන් සිටින විට, ලිංගිකව එක්වීමේදී ඔහුට වැඩි ශක්තියක් තිබෙනවා.

එම ශක්තිය ඔහුට දිගු කාලයක් ලිංගිකව ප්‍රාණවත්ව සිටින්නත් උදව් වනවා."

රැය පුරා ඔහුගේ ශිෂේණයේ රුධිර සංසරණය වැඩි වී ඇති අතර ඒ හේතුවෙන් ඔහුගේ ලිඟුව ප්‍රාණවත් වනවා.

ඔබට තවමත් උදෑසන ලිංගික එක්වීමක් ගැන උඩ්‍යෝගයක් ඇති වන්නේ නැතිනම් ඒ සඳහාද විසඳුමක් තිබෙනවා.

"මුහුණ පොඩ්ඩක් සෝදා මඳක් නැවුම් වීමෙන් ඔබට  වඩාත් සෙල්ලක්කාර උද්‍යෝගිමත් මනෝභාවයට පත්වන්නට පුළුවන් වනු ඇත," ගෝල්ඩ්මන් පවසයි.

තත්පර 30 ක් ගන්න බැරි නැහැනෙ. ඉක්මනින් දත් ටික මැදගෙන “උදෑසන ආහාරයට පෙර යෝධ සොසේජස්” එකෙන් ප්‍රයෝජන ගන්න.

දවසේ ආරම්භයේදීම අත්විඳිය හැකි හොද ලිංගික ක්‍රියාවලියකින් ඔබ දෙදෙනාගේම දව ප්‍රබෝධමත් වී බොහෝ දේ හොඳ අතට වෙනස් වනු ඇත.

2. උදෑසන ලිංගිකව එක් වීම: ආත්ම විශ්වාසය ජය ගෙන ඇත

ඔබේ පුරුෂයාට සුළු හීනමානයකින් හෝ පෙළෙන්නේ නම් හෝ, දවස පුරා වෙහෙස වී රාත්‍රියේ ඔබ සතුටු කිරීමට තරම් ශක්තියක් නැති නම්, ඉන් ගැලවීමට අගනා ක්‍රමයක් තිබේ.

උදෑසන ලිංගිකව එක්වීම

ඔහු අවදි වන විටත් ඔහුට ශිෂේණයේ ප්‍රාණවත් වීමක් නොමැති නම්, ඔබ ප්‍රාණවත්ව එය ප්‍රාණවත් කරන්න.

ඊරෝස් කෝචින් හි සායනික ලිංගික විද්‍යාඥ මාර්තා ලී මෙසේ පවසයි. “ඇත්ත වශයෙන්ම, දෙපාර්ශවයම තම තමන් ගැන ආත්ම විශ්වාසයෙන් සිටින විට, එය වඩාත් තෘප්තිමත් ලිංගික අත්දැකීමකට දායක වනවා. ”

තෘප්තිමත්, විනෝදජනක ලිංගික අත්දැකීමකින් පසු ඇතිවන විශ්වාසනීය හා සරාගී හැඟීම ගැන ඔබේ නොදන්නවා නොවේ නේද?

තෘප්තිමත් ආදරණීය එක්වීමක් එය දායාද කරන බව සියලු දෙනා දන්නා කරුණකි.

ඔබට ඔබ තරබාරු යැයි හෝ ලස්සන නැති බවක් හැඟෙන විට, ඔබේ විශ්වාසය බිඳ වැටී ඇති අතර මනස ඔබ ගැන සෘණාත්මක සිතිවිලි ඇති කරන්නට ගන්නවා.

නමුත් ඔබ දෙදෙනා අතර ඇති ලිංගික ආකර්ශනීයෙන් ඔබ ගැන ඔබ සුවාදීව  දකින්නට ගන්නවා.

3. උදෑසන ලිංගිකව එක් වීම: සරාගී ආදරයෙන් දවස ආරම්භ කිරීම

දවසේ ආරම්භයේදීම ඔබ දෙදෙනාගේ සරාගී එක්වීම තුළින් චිත්තවේගීය සමීපතාවය ශක්තිමත් වනවා. සරාගී කාලය තුළ ඔබට එකිනෙකා සමඟ එතරම් සමීප බවක් දැනෙනවා - ඔබ දෙදෙනා එක් අයෙකු බවට පත්ව ඇත.

උදෑසන ලිංගිකව එක්වීම

මනෝ විද්‍යාඥයෙකු සහ උපදේශන ස්ථානයක අධ්‍යක්ෂ හෝ ෂී වයි පැහැදිලි කළේ පෝෂණය කරන ලද බැදීමක් තුළින් මුළු දවසම ශක්තිමත් මෙන්ම දෙදෙනා අතර ආදරයද පවත්වාගන්නට උපකාර වන බවයි.

මීට සුළු මොහොතකට පෙර ඔබ එතරම් අපූරු හා අර්ථවත් දෙයක් බෙදාගෙන ඇති බව දැන දැන ඔබේ සේවා ස්ථානයට යෑමට වඩා තවත් හොඳ විනෝදයක්, සතුටක්, සැනසීමක් තිබෙනවාද?

ඒ වගේම ඔබට එයින් දවස පුරාවටම හොඳ ජවයක් ලැබෙනවා.

සිරුරේ හොඳම හෝමෝන හොඳ යුෂ වලින් ඔබ පෝෂනැය වන්නේ ඒවා සියල්ලම ඉහළ මට්ටමක පවතින නිසයි.

මේ අතර ඔබේ එන්ඩොර්ෆින් හෝමෝනය ඔබේ ශරීරය තුළ සංසරණය වෙමින් පවතිනවා.

ඕනෑම අභියෝගාත්මක තත්වයක් ලිහිල් කිරීමට ඔබ සූදානම්.

ඔබ වඩාත් සැහැල්ලුවෙන් හා සියල්ලටම වඩා දීප්තිමත් මනෝභාවයකින් සිටින නිසා උදේ පාන්දරම සරාගී එක්වීමක් අතපසු කරන්නට එපා!

4. උදෙන්ම ලිංගිකව එක් වීම: දෛනික චර්යාව ජනේලයෙන් ඉවතට විසි කරන්න

ඔබ මහා උදාසීන ලිංගික එක්වීම් කැලැන්ඩරයක සිර වී සිටින්නේ නම් (සෑම අඟහරුවාදා සහ සෙනසුරාදා දිනකම 10.32 සිට 11.05 දක්වා) ඔබ එම කම්මැලි රටාවෙන් මිදීමට කාලයයි!

උදෑසන ලිංගිකව එක්වීමට ඉතා රසවත් හේතු 4ක්!

කාලය සීමා කිරීම ඇත්ත වශයෙන්ම මෙම අවස්ථාවේ දී දේවල් කුල්මත් කරාවි.

ලිංගික එක්වීම තුළ දිගු කාලයක් සිපගැනීම් ඇතුළත් කළ යුතු යැයි කියන්නේ කවුද? (උදේ පාන්දර දත් මැදලත් නැති නිසා සිපගැනීම නම් ටඑතරම් හොඳ වැඩක් නෙවෙයි)

මාර්තා ලී මෙසේ පවසනවා: "ලිංගික ක්‍රියාකාරකම කෙබඳු විය යුතුද යන්න පිළිබඳ ඔබේ අපේක්ෂාවන් සමහරක් අතහැර. දැමීමට උදෑසන එක්වීම ඔබට ඉඩ සලසනවා."

කවුද දන්නේ, උදේ පාන්දර ඔබට තියෙන කලබලය නිසා ඒ උමතුවෙන් සිදු වන ලිංගික එක්වීමට ඔබ අමුතුම රසයක් එකතු කරාවි. අහ්! ඒ එක්කම මේ කාලය ඉතිරි කර ගැනීමේ ඉඟිය ගැනත් කියන්න ඕන.

මේ 2-in-1 ගනුදෙනුවක්. ඇදෙන් එළියට ඇවිත් ශවර් එකේ නාන ගමන් එකතු වෙන්න. දෙන්නටම එක වෙලාවෙ පිරිසිදු වෙන්නත් පුළුවන්.

හැම වෙලාවෙම  මිෂනාරි ඉරියව්වෙන් එකතු වෙන්න කියල නියමයක් නැහැනේ. විනෝද වන්න. දරුවො තාම නිදි නම් කෑම මේසයේ වුණත් එකතු වෙන්න බැරියැ. කවුද දන්නෙ උදෑසන එක් වීම ඔබව කොහෙ කොහේ ගෙන යාවිද කියලා

වෛද්‍ය කෲස් පවසන්නේ උදෑසන ලිංගික එක්වීම ඉතා හොඳ වුවත්, වැදගත් දෙය නම් සහකරුවන් වැඩි වශයෙන් ලිංගිකව හැසිරීම හා සමීප සබඳතා ගොඩනඟා ගැනීම යන්නයි.

ඔබ එය උදේ කළත් හෝ රාත්‍රියේ කළත් කමක් නැත - එය ප්‍රේමමුසුකොට ගෙන එකිනෙකාගේ ශරීර තුළින් එකිනෙකා සතුටු කිරීම ය.

ඔබ මෑතකදී උදේ ලිංගික සම්බන්ධකම් පවත්වා තිබේද? එය කෙසේද?

 

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: එන්. පෙරේරා

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • ලිංගික දැනුම
  • /
  • උදෑසන ලිංගිකව එක්වීමට ඉතා රසවත් හේතු 4ක්!
බෙදාගන්න :
  • “Your wife needs you”: An open letter to all dads

    “Your wife needs you”: An open letter to all dads

  • අවුරුදු විස්සකට පස්සෙත් සැමියා ඔබට ආදරෙයිද? මෙන්න කියවන්න සලකුණු 21ක්

    අවුරුදු විස්සකට පස්සෙත් සැමියා ඔබට ආදරෙයිද? මෙන්න කියවන්න සලකුණු 21ක්

  • “Your wife needs you”: An open letter to all dads

    “Your wife needs you”: An open letter to all dads

  • අවුරුදු විස්සකට පස්සෙත් සැමියා ඔබට ආදරෙයිද? මෙන්න කියවන්න සලකුණු 21ක්

    අවුරුදු විස්සකට පස්සෙත් සැමියා ඔබට ආදරෙයිද? මෙන්න කියවන්න සලකුණු 21ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it