theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බබාගේ කට ගඳ ගහන්නේ ඇයි කියා සිත් තැවුලෙන්ද?

5 අවම කියවීම
බබාගේ කට ගඳ  ගහන්නේ ඇයි කියා සිත් තැවුලෙන්ද?බබාගේ කට ගඳ  ගහන්නේ ඇයි කියා සිත් තැවුලෙන්ද?

බබාගේ කටින් එන දුර්ගන්ධය ඔබටත් හිසරදයක්ද? එසේනමි කියවන්න

කට ගඳ ගැසීම ඔබේ දරුවාට විතරක් ඇති තත්වයක් නොවේ.

දෙමාපියන් බොහෝ ගණනාවක් මේ ප්‍රශ්නය සදහා විසදුම් සොයමින් වොහස වෙනවා.

කුඩා දරුවන් අතර මේ තත්වය බහුලව දක්න්න ලැබීම එයට හේතුවයි.

මේ සදහා හේතු හොයනවාට වඩා පිළියම් සෙවීම වැදගත්ය. ඒ නිසා අපි අද ඒ ගැන සොයා බලමු.

මුඛ සෞඛ්‍යය ගැටළු හා කට ගඳ ගැසීම

බබාගේ කට ගඳ  ගහන්නේ ඇයි කියා සිත් තැවුලෙන්ද?

මිනිස් මුඛය බැක්ටීරියා වලින් පිරි පවතිනවා.

මේ බැක්ටිරියා වල ක්‍රියාකාරිත්වය නිසා ඇතිවෙන සල්ෆර්, වාෂ්පශීලී මේද අම්ල සහ වෙනත් රසායනික ද්‍රව්‍යයන් වන නිසා කට ගද ගැසීම ඇතිවෙන බව බොහෝ ප්‍රවිණයන් හිතනවා.

මෙම බැක්ටීරියා ප්‍රධාන වශයෙන් දිව තුල වාසය කරන අතර දත් හා විදුරු මස මතද වාසය කරනවා.

ඒ සදහා පිළියම්

බබාගේ දත්

  • දිව මැදීම, විශේෂයෙන් දිවේ පිටුපස භාගය මැදීම මගින් මුඛයේ දුර්ගන්ධය අඩු කරන්න පුළුවන්.
  • වැඩිහිටියන්ගේ කට ලද ගැසීම සදහා  ඔබට නිවසේදී උත්සාහ කළ හැකි අවදානම් රහිත ප්‍රතිකාරයක් ලෙස මුඛ සේදුම් කාරකයකින්, විශේෂයෙන් සින්ක් අඩංගු සේදුම් කාරයකින් කට සෝදන්න. 
  • කුඩා දරුවන්ට මුඛය සෝදා කෙල ගසන්න තරම් අවබෝධයක් නැති නිසා  කුඩා දරුවන් සදහා ඍජුවම භාවිතා නොකට වෛද්‍ය උපදෙස් මත භාවිතා කරන්න. 
  • දරුවාට වයස අවුරුදු 1 සිට නිතිපතා දත් පිරිසිදු කරන්න. ඒ වගේම දත් පරීක්ෂා කිරීම සඳහා දන්ත වෛද්‍යවරයකු හමුවීමට ගොස්  දුර්වල දන්ත සෞඛ්‍යය සහ දත් දිරායාම වළක්වා ගත හැකි අතර එය කට ගද ගැසීම වළක්වා ගැනීමට උපකාරි වෙනවා.

කට ගද ගැසීම හේතු වෙන නාසික ගැටළු

බබාගේ කට ගඳ  ගහන්නේ ඇයි කියා සිත් තැවුලෙන්ද?

නිදන්ගත සයිනසයිටිස් කුඩා දරුවන්ගේ කට ගද ගැසීමට හේතු වෙන්න පුළුවන්.

මෙම තත්වය ඇති දරුවන්ට නිතර දකින්න ලැබෙන රෝග ලක්ෂණ

  • දිගටම සොටු දියර ගැලීම
  • කැස්ස
  • නාසික බාධා
  • මුහුණේ වේදනාව

මීට අමතරව, පබළු හෝ ආහාර කැබැලි වැනි පිටස්තර දේවල්  නාසයේ  සිරවී තිබීම මෙම වයස් කාණ්ඩයේ දරුවන් අතර බහුලව දක්නට ලැබෙනවා.

මෙය ද මුඛයේ දුර්ගන්ධය සදහා හේතු වෙනවා.

මෙය සිදු වූ විට, දරුවාගේ මුඛයෙන් සාමාන්‍යයෙන් දුර්ගන්ධයක් ඇති වෙන අතර බොහෝ විට කොළ පැහැයෙන් යුක්තස්‍රාවයක්  නාසයෙන් පිටවීම දකින්නට ලැබෙනවා.

එය බොහෝ විට සිදුවන්නේ  එක් නාස්පුඩුවකින් පමණි. මෙම අවස්ථා වලදී, ගද පැහැදිලිව දැනිය හැකිය.

ඒ සදහා පිළියම්

  • ඔබේ දරුවාට සයිනසයිටිස් ඇති බව ඔබ සිතන්නේ නම් සහ එය මෑතකදි ඇති වුනේ මදක්  බලා සිටීමට පුළුවන්. ඔබේ දරුවාට ජලය ගොඩක් පානය කිරීමට ලබා දෙන්න. ඔවුන්ගේ නාසය සුරා දමනන් උදව්ව කරන්න
  • නමුත් ඔබ කරන ඉහත ප්‍රතිකර්ම වලින් ප්‍රතිඵලයක් නොමැති නම්  ඔබේ දරුවාගේ වෛද්‍යවරයා හමුවන්න. සමහර විට නිදන්ගත සයිනසයිටිස් විසඳීමට ප්‍රතිජිවක අවශ්‍ය වෙන්න පුළුවන්.
  • ඔබේ දරුවාගේ නාසයේ පිටස්තර  වස්තුවක් ඇතැයි ඔබ සිතන්නේ නම්, ඔබේ දරුවාගේ වෛද්‍යවරයා අමතන්න. කට ගද ගරසීම හා කොළ පාට ස්‍රාවයක් නාසයෙන් පිටවේ නම්  එම  වස්තුව දැන් ඉදිමුණු නාසික පටක වලින් වටවී තියෙන්න පුළුවන්. එය නිවසේදී ඉවත් කිරීම අපහසුයි.
  • ඔබේ දරුවාගේ වෛද්‍යවරයාට විසින් එය ඉවත් කිරීම සිදුකරනු  ඇත.

ආමාශ ආන්ත්‍රයික ගැටළු සහ කට ගද ගැසීම

කුඩා ළමුන් තුළ කට ගද ගැසීම ඇතිවීමට ආමාශ ආන්ත්‍රයික ගැටළු  අනෙක් හේතු තරම් බහුලව දකින්න නොලැබේ.

ඒ නිසාම වෙනත් ආමාශික ගැටළු ඇති විට ඒවා නොසලකා හරින්න එපා.

ඔබේ දරුවාට නිදන්ගත කට ගද ගැසීම මෙන්ම උදර වේදනාව, ඔක්කාරය, වමනය හෝ අජීර්ණ තිබේ නම්, ආමාශ ආන්ත්‍රයික ප්‍රතීක රෝග (GERD) නිසා ඇති වුවක් වෙන්න පුළුවන්.

මෙම තත්වය තුළ, ආමාශ ආම්ලිකතාවය නැතිනම් අපි ගෑස් කියන ගතිය මුඛයට නැතිනම් උගුරට එන්න පුළුවන්

පුංචිම බබාලාට මෙන්ම කුඩා වයසේ දරුවන්ටද මෙම GERD තත්වය ඇතිවෙන්න පුළුවන්.

හෙලිකොබැක්ටර් පයිලෝරි නම් බැක්ටිරියාව ආමාශයට ආසාදනය විය හැකිය. එහි රෝග ලක්ෂණයක් ලෙස සමහර විට කට ගද ගැසීම ඇතිවෙන්න පුළුවන්.

උදර වේදනාව, ඔක්කාරය, වමනය හෝ ගුඩුස් යෑම වැනි GI රෝග ලක්ෂණ සමගම මෙයත් ඇතිවෙනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

මෙම ආසාදනය තරමක් ලොකු දරුවන් හා වැඩිහිටියන් අතර නිතර දැකිය හැකි අතර ඉඳහිට කුඩා දරුවන් තුළද දකින්න පුළුවන්.

ඒ සදහා පිළියම්

මෙම ගැටළු සඳහා වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වෙනවා. මෙම තත්වය පරීක්ෂා කිරිමෙන් බොහෝ විට ඖෂධ නියම කරනු ලබනවා

මෙම කට ගද ගැසීම සමග GI රෝග ලක්ෂණ පෙන්වයි නම් දරුවාගේ වෛද්‍යවරයාට පෙන්වන්න.

මේ තත්වය ඇති වීමට වෙනත් හේතු

කට ගද ගැසීම ඇතිවීමට නිදා සිටියදී මුඛයෙන් හුස්ම ගන්නා දරුවන්ට එසේ නොකරන දරුවන්ට වඩා වැඩිපුර අවස්ථාවක් ඇත.

එලෙස මුඛ ආශ්වාස කිරීමේදි කෙළ වියළීමට හේතු වන අතර එමඟින් කෙළ ගලායාම අඩු වේ.

මේ නිසා මුඛයේ සිටින බැක්ටිරියා මගින් දුර්ගන්ධයක් මුදා හරින්න පුළුවන්.

එසේම, ඔබේ ළදරුවා රාත්‍රියේදී බෝතලයකින් හෝ සුප්පු කෝප්පයකින් ජලය හැර වෙනත් යමක් පානය කරන්නේ නම්, මෙම තත්වය උග්‍ර වෙන්න පුළුවන්.

ආසාත්මිකතා නිසා නාසය සිරවීමේ  සිට ඇඩිනොයිඩ්ස් නිසා නාස් මාර්ගය අවහිර නීම වැනි විවිධ හේතුන් ගණනාවක් නිසා ළමයින් මුඛයෙන් හුස්ම ගන්න ඉඩ තියෙනවා.

ඒ සදහා පිළියම්

දරුවා නින්දට යාමට පෙර දත් මදින්න. පසුව උදේ වන තුරු ඔවුන්ට වතුර ( රාත්‍රියේ මව්කිරි දෙන්නේ නම් මව්කිරි) පමණක් දෙන්න.

ඔබේ දරුවා නිතරම ඔවුන්ගේ මුඛයෙන් හුස්ම ගන්නවා නම්, ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ගන්න.

වැඩිහිටියන් සේම, කුඩා දරුවන්ටද කට ගද ගැසීම ඇතිවිය හැකි බව ඔබ අව‌බෝධ කරගන්න ඇත.

ඒ  සදහා හේතු මුඛයේ බැක්ටීරියා සෑදීමේ සිට ආමාශ ආබාධ දක්වා විහිද පවතිනවා.

ඔබේ දරුවාගේ කට ගද ගැසීම ගැන ඔබ සැලකිලිමත් වන්නේ නම්, ඔබේ දරුවාට වෙනත් රෝගි තත්වයක් ඇති නම් එයද හදුනා ගැනීම සදහා වෛද්‍යවරයෙකු වෙත දරුවා යොමු කල හැකි වෙනවා.

කට ගඳ ගැසීම පිළිබද  මේ ලිපිය ඔබට වැදගත් වෙන්න ඇති කියා අපි සිතමු.  මේ සම්බන්ධව ඔබටත් අත්දැකීම් තියෙනවාද? ඔබේ අදහස් අප හා බෙදාගන්න.

මුලාශ්‍ර - www.healthline.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • බබාගේ කට ගඳ ගහන්නේ ඇයි කියා සිත් තැවුලෙන්ද?
බෙදාගන්න :
  • හොඳ අතට හැරවිය හැකි දරුවන්ගේ නරක පුරුදු 5 ක්

    හොඳ අතට හැරවිය හැකි දරුවන්ගේ නරක පුරුදු 5 ක්

  • දරුවාගේ බුද්ධිය හීන කරන ආහාර වර්ග 4ක්

    දරුවාගේ බුද්ධිය හීන කරන ආහාර වර්ග 4ක්

  • හොඳ අතට හැරවිය හැකි දරුවන්ගේ නරක පුරුදු 5 ක්

    හොඳ අතට හැරවිය හැකි දරුවන්ගේ නරක පුරුදු 5 ක්

  • දරුවාගේ බුද්ධිය හීන කරන ආහාර වර්ග 4ක්

    දරුවාගේ බුද්ධිය හීන කරන ආහාර වර්ග 4ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it