අද අපි තාත්තිට කියමුද උයන්න කියලා? නිකන් නෙමෙයි, ඒ කියනකොට මේ ලිපියත් පෙන්නන ගමන්ම කියන්න. මොකද හරිම සතුටින් හා ලේසියෙන් තාත්තාට උයන්න පුළුවන් කෑම වේලක්ම පිළියෙල කරගන්නා හැටි අපි කියන්න යන හින්දා.
දැන් ඉතින් දවල් කෑම වේලක් පිළියෙල කරගන්නට තාත්තිට පහසුම වෑංජන ටිකක් තීරණය කරගෙන ඉමු නේද?
තාත්තාට උයන්න පුළුවන් කෑම අතුරින් සම්පූර්ණ බත් වේලක් උයාගන්න වෑංජන ලයිස්තුව
- සුදට උයාගත්තු රස පරිප්පු කරියක්
- බෝංචි තෙම්පරාදුවක්
- මිරිසට මාළු කරියක්
- සලාදයක්
- පපඩම්/කරවල/මිරිස් බැදුමක්
1. තාත්තාට උයන්න පුළුවන් කෑම: පරිප්පු රෙසිපිය
පින්තූර: inside.lk
- පරිප්පු ග්‍රෑම් 100ක්
- ළුණු ( පොඩි කරගන්නා ලද) ½ක්
- සුදු ළුණු (පොඩි කරගන්නා ලද) තේ හැඳි ½ක්
- අමු මිරිස් (කුඩා කැබලි වලට කපාගන්නා ලද) 1ක්
- කුරුඳු පොතු ½ක්
- කහ කුඩු තේ හැඳි 1ක්
- අමු තුනපහ කුඩු තේ හැඳි ½ක්
- ජලය කෝප්ප 2-3ක්
- උකු පොල් කිරි මිලි ලිටර් 150ක්
- රම්පෙ සහ කරපිංචා
- අවශ්‍ය ප්‍රමාණයට ලුණු
සාදාගන්නා ආකාරය
- පරිප්පු සමඟ සුදුළුණු, අමු මිරිස්, රම්පෙ, සහ කරපිංචා භාජනයට දමන්න.
- තුනපහ සහ කහ කුඩු එකතු කරගන්න. කුරුඳු පොතු ද එකතු කරගන්න.
- ජලය කෝප්ප 2ක් 3ක් එකතු කරගන්න.
- ජලය හිඳෙන තෙක් මැදි රස්නයෙන් පිසගන්න.
- පොල් කිරි එකතු ගෙන හොඳින් කලවම් කරගන්න.
- අවශ්‍ය ප්‍රමාණයට ලුනු එකතු කරගන්න.
- හොඳින් පිසගෙන උණුවෙන් පිළිගන්වන්න.
2. තාත්තාට උයන්න පුළුවන් කෑම: බෝංචි තෙම්පරාදුව
පින්තූරය: whimsicalchef.com
- බෝංචි ග්‍රෑම් 100ක්
- අමුමිරිස් 1ක්
- ලොකු ළූණු ගෙඩි ½ක්
- තක්කාලි ගෙඩි ½ක්
- මිරිස් කුඩු තේ හැඳි ½ක්
- අවශ්‍යනම් කෑලි මිරිස්
- රම්පෙ සහ කරපිංචා
- අවශ්‍ය ප්‍රමාණයට ලුණු
- කැමති තෙල් වර්ගයක්(තෙම්පරාදුවට)
- අවශ්‍ය නම් උම්බලකඩ
සාදාගන්නා ආකාරය
- බෝංචි, ළූණු, තක්කාලි, අමුමිරිස් අවශ්‍ය පරිදි හීනියට ලියාගන්න
- ලියා ගත් බෝංචිවලට කහ කුඩු, මුතුනපහ කුඩු හා ලුනු එකතු කර, කලවම් කරගන්න.
- භාජනයක් රත් කර තෙල් දමාගන්න
- තෙල් රත් වූ විට බී ලූනු, අමුමිරිස්, උම්බලකඩ, කරපිංච රම්පෙ ටික දමා සුවද දැනෙන්න මලවා ගන්න.
- එයට බෝංචි ටික එකතු කර ගන්න.
- විනාඩියක් පමන වසා තබා නැවත ඇර හොදින් කලවම් කරන්න. නැවතත් වහල විනාඩි 3ක් පමන තියන්න.
ලිපෙන් බෑවට පස්සෙ පියන ඇරල දාන්න.නැත්නම් පාට වෙනස් වෙයි.
3. තාත්තාට උයන්න පුළුවන් කෑම: මිරිසට මාළු
පින්තූරය: foodcnr.com
- මාළු ග්‍රෑම් 500 යි
- මිරිස් කුඩු මේස හැඳි 1 ½ක්
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1ක්
- රම්පේ, කරපිංචා
- අමු ඉගුරු කැබැල්ලක්
- සුදු ළූණු බික් 3 ක්
- අමු මිරිස් කරල් 2 ක්
- කුරුඳු කැබැල්ලක්
- ගොරකා කැබලි 4 ක් පමණ
- ලුණු අවශ්‍ය පමණ
සාදාගන්නා ආකාරය
- මාළු කපා සෝදා ගන්න.
- අමු ඉඟුරු හා සුදු ළූණු අඹරාගන්න.
- ගොරකා ද අඹරාගන්න.
- බඳුනකට මේ සියළුම දුව්‍ය සමග මිරිස් කුඩු ඇතුළුව මාළුද දමන්න.
- හොඳින් කළවම් කර මාළු කැබලි වැසෙන සේ වතුර ටිකක්ද දමා කළවම් කර මද ගින්නේ පිසගන්න.
(ඔබට අවශ්‍යනම් ගොරකා, ඉගුරු,සුදු ළූණු අඔරන්නේ නැතිව එකතු කරන්නත් පුඵවන්.)
- උණු උනුවේ පිළිගන්වන්න
4. තාත්තාට උයන්න පුළුවන් කෑම: සලාදය
පින්තූරය: Laylita.com
- ළූණු ගෙඩි 1ක්
- අමු මිරිස් කරලක් හෝ දෙකක්
- තක්කාලි ගෙඩියක්
- දෙහි බෑයක්
- ගම්මිරිස් කුඩු ස්වල්පයක්
- ලුනු අවශ්‍ය පමණට
සාදාගන්නා ආකාරය
- ළූණු, අමු මිරිස් සහ තක්කාලි හීනියට ලියාගන්න
- මේවා හොඳින් මිශ්‍ර කොට, ලුනු, ගම්මිරිස් දමා අතගා, දෙහි යුෂ රස පරිදි මිරිකාගෙන කලවම් කරගන්න
දැන් ඉතින් බත් එකත් ලිපේ තියාගන්න.
හාල් ටික හොඳින් හෝදාගෙන හාල් ප්‍රමාණයට වඩා උසට වතුර එකතු කරගන්න. හාල් මතුපිට මැදැඟිල්ල තැබූ විට පළමු පුරුක දක්වා වතුර දමා ගැනීමෙන් බත් එක හරි ගානට තම්බාගත හැකියි.
තව ටිකක් වැඩ පෙන්වන්න කැමති නම් තෙල් ටිකක් ලිපේ තියල, පපඩක් ටිකක්, කරවල කෑලි ටිකක්, වියළි මිරිස් කරල් ටිකක් එහෙම බැදගන්නත් පුළුවන්.
දැන් ඉතින් තාත්තේ බොහොම ආඩම්බරෙන් ඔබ හැදූ කෑම වේල පිළිගන්වන සුන්දර මොහොතයි. අම්මා කෑම හද්දී කවදාවත් තිබුනෙ නැති උනන්දුවකින් කෑම මේසය සකස් කරන්න ඔබේ දරු මල්ලන් උදව් වෙන හැටි දැක්කද? බඩ කට විතරක් නෙමෙයි, හැමෝගෙම හිතත් පිරෙන්න ඇති අද නම්!