theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගෙදර ඉන්න බබාලාට කරන්න පුළුවන් අපුරු ක්‍රියාකාරකම් 4 ක්

5 අවම කියවීම
ගෙදර ඉන්න බබාලාට කරන්න පුළුවන් අපුරු ක්‍රියාකාරකම් 4 ක්ගෙදර ඉන්න බබාලාට කරන්න පුළුවන් අපුරු ක්‍රියාකාරකම් 4 ක්

නිවස පුංචි විද්‍යාගාරයක් කලොත් පුංචි හපනාට විනෝද වෙන්න පුළුවන්.

බබාලාට ගේ ඇතුළේ කළහැකි සෙල්ලම් ගැන මේ දවස් වල දෙමව්පියන් හරිම උනන්දුයි.

ලෝකය මුහුණ දී ඇති වර්තමාන තත්වය එක්ක පාසැල ගමන අඩාල වු දරුවන් නිවසටම වී කාලය ගත කරනවා.

ඒ නිසාම ඔවුන්ගේ නිකරුනේ ගෙවි කාලය විනෝදාත්මක වගේම විද්‍යාත්මක පැත්තට නැඹුරු ක්‍රියාකාරකම් කිහිපයක් සදහා යොදවමුද?

ගේ ඇතුළේ කළහැකි සෙල්ලම් 4 ක්

1.දේදුනු ජෝගුවක් හදමුද?

ගෙදර ඉන්න බබාලාට කරන්න පුළුවන් අපුරු ක්‍රියාකාරකම් 4 ක්

දේදුන්න බඳුනක්  සකස් කරගන්න නම් එයට භාවිතා කරන වර්ණ එකිනෙක මිශ්‍ර නොවීම අවශ්‍ය වෙනවා.

මේ ක්‍රියාකාරකම දරුවන්ගේ අවධානය ගොඩාක් වෙලා තියා ගන්න සමත් වෙනවා.

ඒක නම් අම්මලාට සුභ ආරංචියක් නේද?

ඒ වගේම මේ ක්‍රියාකාරකම අත්හදා බැලීම ආරක්ෂිතයි වගේම පහසුයි.

ප්‍රතිඵලයත් වර්ණවත් නිසා හරිම සුන්දරයි.

මේ දේදුන  බඳුනට දරුවන් ආකර්ෂණය කරගන්න නම් ලස්සන බදුනක් තෝර ගන්න අමතක කරන්න එපා.

අවශ්‍ය දේවල්

  • උස වීදුරු බඳුන
  • ආහාර වර්ණ වර්ණක  රතු, නිල් සහ කොළ
  • මී පැණි කෝප්ප  ¼  
  • නිල් ඩිෂ් සබන් කෝප්ප  ¼ 
  • ජලය කෝප්ප  ¼ 
  • ඔලිව් තෙල් කෝප්ප  ¼ 
  • ඇල්කොහොල් ඇතිල්ලීමට කෝප්ප  ¼ 
  • මිශ්‍ර කිරීම හා වත් කිරීම සඳහා භාජන
  • මිශ්‍ර කිරීම සඳහා තේ හැඳි

සකස් කරන ආකාරය

  • දේදුන්නේ අගම වර්ණය දම්පාටින් පටන් ගනිමු. දම් පැහැය  ලබා ගැනීම සඳහා මී පැණි කෝප්පයක් සමඟ රතු සහ නිල් ආහාර වර්ණක මිශ්‍ර කරන්න. එය භාජනයට වත් කරන්න. 
  • ඊලගට නිල් වර්ණය සදහා නිල් ඩිෂ් සබන් කෝප්ප  ¼ ක් දම් පැහැයට උඩින් බදුනට එකතු කරන්න
  • කොළ පාට ලබා ගැනීම  සඳහා වතුර කෝප්ප ¼ ට කොළ පාට වර්ණක බිංදු කිහිපයක් එකතු කර එය දේදුන්න බඳුනට එක් කරන්න.
  • ජලය අනෙක් ස්තර වලට යාම වැළැක්වීම සදහා එය භාජනයේ පැත්තට පහළට තල්ලු කරන්න.
  • කහ වර්ණය සදහා ඔලිව් තෙල් එකතු කරන්න. කොළ පාටට මුලින්ම තැම්පත් වීමට අවස්ථාවක් ලබා දෙන්න. ඉන්පසු ඔබ කොළ පාට කළාක් මෙන් ඔලිව් තෙල් සෙමින් හා ප්‍රවේශමෙන් වත් කරන්න.
  •  ඇල්කොහොල් කෝප්ප ¼ ට රතු පැහැයෙන් යුත් බින්දු කිහිපයක් එකතු කර භාජනයේ දෙපැත්තට රතු සෙමෙන් වත් කරන්න.
  •  ඒවා මිශ්‍ර වීම වැළැක්වීම සඳහා සෑම විටම මෙම ස්තර සෙමින් වත් කරන්න

2. වතුර ලීක් වෙන්නේ නැති අපුරු හිල් කල බෑගය

ගෙදර ඉන්න බබාලාට කරන්න පුළුවන් අපුරු ක්‍රියාකාරකම් 4 ක්

වතුර පුරවපු බෑගයක් හිල් කලොත් හැම තැනම වතුර විසිරෙයි නේද?

ඒත් අපි මේ හදන්න යන සිදුරු කරපු වතුර බෑග් එකෙන් වතුර ලීක් වෙන්නේ නැත්තේ කොහොමද කියලා ටිකක් වයසින් වැඩි දරුවන්ට පවා හිතාගන්නවත් බැරි වේවි.

මැජික් නම් නෙමෙයි. මේ විද්‍යාවේ ඇතැම් සංකල්ප ප්‍රායෝගිව ක්‍රියාත්මක වෙන අවස්ථාවකි

ඔබට අවශ්‍ය දේවල්

  • පොලිතින් බෑගයක්
  • තියුණු කුඩු සහිත පැන්සල්

සකස් කරන ආකාරය

  • පැහැදිලි පොලිතින්  බෑගයක් වතුරෙන් පුරවන්න.
  • අවශ්‍ය නම් ජලයට වර්ණක එකතු කිරීමෙන් ඔබට මෙම ක්‍රියාකාරකම වඩාත් රසවත් කරගන්න පුළුවන්.
  • මෙම පරීක්ෂණය අතරතුර අත්වැරැද්දකක් වුවහොත් එය කරන ස්ථානය තෙමෙන්න පුළුවන්ත.
  • වතුර පිර වු පොලිතින් බෑගය හරහා තියුණු තුඩ සහිත පැන්සලක් යවන්න.
  • දරුවන් මෙම ක්‍රියාකාරකමෙන් විනෝද වෙන අතර, අවුරුදු තුනක් හෝ හතරක් වයසැති දරුවන්ට සුදුසු වෙනවා.
  • මෙම පැන්සල් වල තුඩු තියුණු බැවින් පරීක්ෂණය අතරතුර අනතුරක් නොවීමට වගබලා ගන්න.

3.ගේ ඇතුළේ කළහැකි සෙල්ලම්:  නටන වර්ණවත් කිරි බදුන

ගෙදර ඉන්න බබාලාට කරන්න පුළුවන් අපුරු ක්‍රියාකාරකම් 4 ක්

මෙම ක්‍රියාකාරකම  කුඩා දරුවන් සඳහා සංවේදක අත්හදා බලන්න යොදා ගන්න පුළුවන්.

පාසැල් යන දරුවන් තුළ කලාත්මක දක්ෂතා ඔප් නංවන්න යොදා ගන්නත් පුළුවන්.

ඒ වගේම මේ කිරි සිතුවම් ක්‍රියාකාරකම් විනෝදාත්මක මෙන්ම අධ්‍යාපනයක් ලබා දෙන ක්‍රියාකාරකමකි.

නිවස නම් ටිකක් හැඩිවේවි. ඔබ ඒ ගැන හිතනවා නම් පොඩ්ඩත් එක්ක එළිමහනට යන්න.

මේක හරිම සරල වගේම පහසුවෙන් කරන්න පුළුවන් ක්‍රියාකාරකමකි.

ඔබට අවශ්‍ය දේවල්

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
  • සම්පූර්ණ කිරි (අඩු මේදය )
  • පෑන් එකක්
  • ආහාර වර්ණක
  • ඩිෂ් සබන්
  • ටූත් පීක් එකක්

සකස් කරන ආකාරය

  • මේ වර්ණවත් ක්‍රියාකරම් කල හැකි ආකාර දෙකක් තියෙනවා.
  • කුමන ක්‍රමයට කලත් පළමුව නොගැඹුරු පෑන් එකට කිරි ටික වත් කරගන්න අවශ්‍ය වෙනවා.
  • ඊළඟට, පාට කිහිපයක ආහාර වර්ණක කිහිපයක් එක් කරන්න (ඒ ඒ වර්ණ බිංදු එක තැනකට දමන්න).
  •  දැන් ඔබට ඩිෂ් සබන් බිංදු ලෙස එයට වත් කරන්න පුළුවන් . නැතිනම් ටුත් පීක් එකක තවරා ගිල්ලවන්න.
  • ඔබ ඩිෂ් සබන් එකවර දැමුවහොත්, ඔබට වර්ණ එක්ව ලස්සනට නටන ආකාරය දකින්න පුළුවන්.
  • ඔබ ටුත් පීක් එකක් භාවිතා කරන්නේ නම්, ඔබට ආහාර වර්ණකය විකර්ෂණය කරන මැජික් දණ්ඩක් මගින් වර්ණ හසුරවන්න පුළුවන්.
  • සබන් විෂබීජ පලවා හරින ආකාරය පෙන්වීමට මෙන්ම  සහ අප අත් සේදීමේදී සබන් භාවිතා කිරීම වැදගත් වන්නේ ඇයිද යන්න පෙන්වා දීමට මෙය පහසු හා කදිම ක්‍රියාකාරකමකි.

4. ගේ ඇතුළේ කළහැකි සෙල්ලම්: වැස්සක් මවමුද?

මෙම ක්‍රියාකාරකම හරිම විනෝදජනකයි. වැස්ස ඇතිවෙන්නේ කොහොමද කියලා මේ මගින් පොඩ්ඩන්ට පහසුවෙන්ම කියාදෙන්න පුළුවන්.

හැබැයි ඉතින් මේ ක්‍රියාකාරකම නිසා එය සිදු කරන තැන තෙමෙන්න පුළුවන්. ඒ වගේම දරුවන් මෙය නැවත නැවත කරන්න පෙළඹෙන්න පුළුවන්.

ටිකක් කරදරකාරී වුනත් ඉතින් පොඩ්ඩන්ට මේ වගේ අත්දැකීමක් නොදී බැනේ ඉතින් නේද? එහෙනම් අපි වැස්සක් මවමුද?

ඔබට අවශ්‍ය දේ:

  • වීදුරු භාජනය
  • පිඟනක් (සෙරමික්)
  • උණු වතුර (දෙමව්පියන්ගේ අධීක්ෂණය යටතේ)
  • අයිස් කැට 4

සකස් කරන ආකාරය

  • පළමුවෙන්ම, වීදුරු බදුනේ  සෙන්ටිමීටර 5 ක් පමණ උසකට උණු වතුර වත්කර පිගාන හා බදුනේ පියන භාවිතා කර හොදින් වසන්න.
  • මිනිත්තු තුනක් හෝ පහක් එය එසේ තබන්න.
  •  ඉන්පසු අයිස් කැට හතර පිගාන මත තබා ජල බිඳිති වලින් වැස්ස සැදෙන අයුරු බලන්න. 
  • ඔබේ දරුවන්ට වාෂ්පීකරණය හා ඝනීභවනය වීමේ ක්‍රියාවලිය පැහැදිලි කරන්න. 
  • ඔබට අවශ්‍ය නම් පරීක්ෂණය තවත් පුළුල් කරන්න පුළුවන් . සෙරමික් පිගාන වෙනුවට කඩදාසි පිගානක් තබා දරුවන්ට නිරීක්ෂණය කරන්න දෙන්න.
  • එහිදි වැස්සක් ඇති නොවන්නේ ඇයි කියලා හා කඩදාසි ජලය අවශෝෂනය කරන බව දරුවන්ට කියලා දෙන්න.

විද්‍යාව කියන්නේ බොහොම සංකීරණ දෙයක් කියලා අපි හිතාගෙන හිටියාට දැක්කානේ විද්‍යාවත් එක්ක බොහොම විසිතුරු හා විනෝදජනක දේවල් කරන්න පුළුවන්.

ටිකක් සංකීරණ සංකල්ප වුනත් බොහොම පහසුවෙන් කියලා දෙන්න පුළුවන් ක්‍රියාකාරකම් තියෙනවා.

මේ ක්‍රියාකාරකම් 4 ඔබටත් පොඩ්ඩාටත් බොහොම විනෝදජනක වේවි කියලා අපි හිතනවා. 

ඒ වගේම උණුවතුර එක්ක කටයුතු කරද්දි නම් බොහොම ප්‍රවේශම් වෙන්න දෙන්න අවශ්‍ය වෙනවා.

ඔබත් දන්න මෙවන් ක්‍රියාකාරකම් තියෙනවා නම් අපිත් එක්ක බෙදාගන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය හා සංස්කරණය – නදීශා ලක්මිණි
මුල් රචනය: Kidspot Editor
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • අධ්‍යාපනය
  • /
  • ගෙදර ඉන්න බබාලාට කරන්න පුළුවන් අපුරු ක්‍රියාකාරකම් 4 ක්
බෙදාගන්න :
  • ගෙදර ඉන්න කාලයේ දරුවන්ගේ මෝටර් කුසලතා ඉහළ නංවන ක්‍රියාකාරකම් 10 ක්

    ගෙදර ඉන්න කාලයේ දරුවන්ගේ මෝටර් කුසලතා ඉහළ නංවන ක්‍රියාකාරකම් 10 ක්

  • තාත්තායි දුවයි මේ ආදරයයි - කුරුලු පිහාටු පොත

    තාත්තායි දුවයි මේ ආදරයයි - කුරුලු පිහාටු පොත

  • ගෙදර ඉන්න කාලයේ දරුවන්ගේ මෝටර් කුසලතා ඉහළ නංවන ක්‍රියාකාරකම් 10 ක්

    ගෙදර ඉන්න කාලයේ දරුවන්ගේ මෝටර් කුසලතා ඉහළ නංවන ක්‍රියාකාරකම් 10 ක්

  • තාත්තායි දුවයි මේ ආදරයයි - කුරුලු පිහාටු පොත

    තාත්තායි දුවයි මේ ආදරයයි - කුරුලු පිහාටු පොත

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it