theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

Hubby's kitchen වෙතින් හවස තේ වේලාවට රසවත් රෙසපි 4 ක්

9 අවම කියවීම
Hubby's kitchen වෙතින් හවස තේ වේලාවට රසවත් රෙසපි 4 ක්Hubby's kitchen වෙතින් හවස තේ වේලාවට රසවත් රෙසපි 4 ක්

හවසට තේ බොන ගමන් පොඩ්ඩන්ට වගේම ලොක්කන්ටත් රසවත් රෙසපි 4 ක් hubby's kitchen වෙතින්

මේ ලිපියෙන් හවසට කෙටි කෑම වට්ටෝරු ටිකක් ගෙන එනවා. ඔබත් මේ රසවත් කෑම හදලා බලන්න.

හවසට කන්න කෙටි කෑම වට්ටෝරු 4 ක්

1. හවසට කෙටි කෑම: Burrito

Hubbys kitchen වෙතින් හවස තේ වේලාවට රසවත් රෙසපි 4 ක්

 

නම අහපු ගමන් දන්නවා ඔයාලා taco bell එකේ burrito එකේ රස. මේක මම මස් මාලු නොදා හදන්නේ ඔනිම කෙනෙක්ට කන්න පුලුවන් විදියට.

ඔයාලට ඕනි නම් චිකන් එහෙමත් ෆිලින් එකට දාලා හදන්න පුලුවන්.

චිකන් grilled කරලා එහෙමත් දාන්න පුලුවන්. මික්ස්චර් එක ඕනිම විදියකට හදාගන්න නිදහස තියෙනවා

මුලින්ම පාන් පිටි 300g බදුනකට දාගන්න. ඒකට ලුණු කුඩු 3g, දාලා කලවම් කරගන්න.

තරමක් උණුසුම් වතුර වරින් වර එක් කරමින් අතින් අනමින් soft dough එකක් හදාගන්න.

ඒ dough එක cling wrap එකකින් ආවරණය කරලා විනාඩි 20ක් තියෙන්න අරින්න.

ඒ විනාඩි 20 තුල අපිට කරගන්න වැඩ ගොඩාක් තියෙනවා.

රොටිය ඇතුලට දාන ෆිලින් එක හදාගන්න ඕනි නෙ. හරි එහෙනම් අල ගෙඩියක් අරන් පොතු ඇරලා ඒක රවුම් සිහින්ව පෙති කපාගන්න.

නැවත ඒ පෙති ටික ඉතා සිහින්ව දික් අතට පටි ලෙස කපා ගන්න. දැන් ඒ ටික සීතල වතුරේ දාලා හෝදලා අරන් බදුනකට දාගන්න.

ඊට පස්සේ කැරට් අලයකින් බාගයක් අරන් ඒ ආකාරයටම ඉතා සිහින් දිග පටි කපාගෙන ඒ ටිකත් වෙනම බදුනකට දමාගන්න.

කොළ පාට බෙල් පෙපර් ගෙඩියක් අරන් ඒකත් සිහින්ව පටි ලෙස කපාගෙන බදුනකට දමාගන්න.

දැන් non-stick saucepan එකකට තෙල් මේස හැදි 2-3 වගේ දාලා රත් වෙනකොට මුලින්ම අර කපාගත්ත කැරට් ටික දාලා කලවම් කරමින් ෆ්‍රයි කරගන්න.

ටික වේලාවක් පිසෙනකොට කපාගත්ත අල ටික ඒකටම එකතු කරලා කලවම් කරමින් පිසගන්න.

ලුණු කුඩු 2g වගේ එකතු කරලා නැවත කලවම් කරගන්න.

Soy sauce තේ හැදි 2, ඔයිස්ටර් සෝස් තේ හැන්දකුත් එකතු කරලා හොදින් කලවම් කරමින් ෆ්‍රයි කරගන්න.

දැන් ඒකට විනාකිරි තේ හැන්දකුත් එකතු කරගෙන ඉන්පස්සේ අර කපාගත්ත බෙල් පෙපර් ටිකත් දාලා හොදින් පිසගන්න

ඒ විදියට පිසගත්ත ෆිලින් එක වෙනම බදුනකට එකතු කරලා පසෙකින් තියාගන්න නිවෙන්න.

දැන් අර විනාඩි 20ක් තිබ්බ ඩෝ එකේ වෙලාව හරි.

දැන් dough එක එලියට අරන් නැවත වරක් අනලා දිග පතෝල කරලක් වගේ මහතට knead කරගන්න.

ඊටපස්සේ පිහියකින් කොටස් වලට වෙන් කරගන්න. දැන් එහෙම වෙන් කරගත්ත එක කොටසක් රවුම් බෝලයක් වගේ ගුලි කරගෙන ඒක මත රෝලින් පින් එක තියලා ගොඩාක් තුනී රවුම් හැඩයේ රොටි හදාගන්න.

ඔක්කොම එහෙම හදාගෙන ඉවර වෙලා, එක රොටියක් අරගෙන උඩ පෘෂ්ඨයෙ තෙල් ආලේප කරලා තව රොටියක් අරන් ඒක උඩින් තියන්න.

ඒකෙත් උඩ තෙල් ආලේප කරලා තව එකක් තියන්න. ඔය විදියට රොටි 3 හෝ 4 එකමත එක තියලා හදාගන්න.

ඒත් අවසානයට තියෙන රොටියේ උඩ පෘෂ්ඨයෙ තෙල් ආලේප කරන්න එපා. දැන් එහෙම හදාගත්ත ඝනකම් රොටියේ උඩින් රෝලින් පින් එක තියලා තුනී කරගන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

අනිත් ඒවයිනුත් ඒවගේ රොටි හදාගන්න ඔයාලට පුලුවන්.

කොහොමහරි ඔහොම තුනී කරගත්ත රොටි ටික හුමාලයට ඔරොත්තු දෙන පිගානක් මත තියලා හුමාලයෙන් තම්බාගන්න ඕනි විනාඩි 10 විතර.

ඊට පස්සේ ඉවතට අරන් රොටි සියල්ල එකමත එක සිටින සේ තියෙද්දී සෝස් පෑන් එක ඒ රොටි මත තියලා ඒකේ ගානට පිහියකින් කපලා වටේ ඉවත් කරගන්න.

ඊට පස්සේ රොටි ටික ගලවලා එකින් එක වෙන් කරගන්න නිකන් පරාටා වගේ.

ඒත් ඊට වඩා ගොඩාක් තුනී. දැන් එක සමාන තුනී රොටි 8-10 විතර ඔයාලා ලග තියෙනවා.

දැන් එක රොටියක් අරන් ඒකේ එක කෙලවරකට වෙන්න අර කලින් අපි හදාගත්ත ෆිලින් එකෙන් ටිකක් දාලා, රොටියේ ෆිලින් එක දාපු side එකෙන් එක වටයක් රෝල් කරලා, රොටියේ දෙපැත්තෙන් ඇතුලට නවන්න.

ඉන්පස්සේ ඉදිරියට රෝල් කරගන්න. ඔය විදියට හැම රොටියකටම ෆිලින් එක දාලා රෝල් කරගන්න.

රොටි ටික ෆිලින් දාලා හදාගත්තාට පස්සේ non-stick sauce pan එකකට තෙල් මේස හැදි 2-3 දාලා (deep fry කරන්න නෙමෙයි නිසා පොඩ්ඩක් ඇති) අර රෝල් කරගත්ත රොටි සියල්ල හරව හරවා ෆ්‍රයි කරගන්න

2. හවසට කෙටි කෑම: කරස් ගාලා රසට හැපෙන්න Vegitable Spring Rolls

Hubbys kitchen වෙතින් හවස තේ වේලාවට රසවත් රෙසපි 4 ක්

 

කරස් ගාලා රසට හැපෙන්න Vegitable Spring Rolls ලෙහෙසියෙන්ම ගෙදරදී හදාගමු.

මේක හදන වෘත්තීමය ආකාර නම් ගොඩාක් තියෙනවා. ඒත් මේ ක්‍රමයට ලේසියෙන්ම ගෙදරදී හදාගන්න පුලුවන්.

බොහෝ දෙනෙකුගේ ඉල්ලීම නිසාම මේ රෙසිපිය ගෙනාවේ වෙජිටේරියන් අය වෙනුවෙන්මයි. Fab එකේ තියෙන Vegitable Spring Rolls වගේම රසයි මේකත්.

හරි මුලින්ම non-stick pan එකකට තෙල් මේස හැදි 2 දාගන්න.

තෙල් ටික රත් වෙනකොට සිහින්ව කපාගත් බීළුණු මේස හැදි 2ක් පමණ දාලා විනාඩි දෙකක් පමණ රන් වන් පාට වෙනකම් බැදගන්න.

ඉන්පස්සේ ඒකටම සාමාන්‍ය ප්‍රමාණයේ කපාගත් තක්කාලි ගෙඩියක් එකතු කරගන්න.

කුඩා කොටස් වලට කපාගත් අල කප් 1/4 කුත් එකතු කරගන්න. ඒ විතරක් නෙමෙයි සිහින්ව ලියාගත් කැරට් කප් 1/4, කපාගත් අමුමිරිස් කරලක් එහෙමත් දාලා හොදින් කලවම් කරමින් පිසගන්න.

ඒකට ගාර්ලික් පවුඩර් තේ හැදි 1/4, ජින්ජර් පවුඩර් තේ හැදි 1/4, කහකුඩු, මිරිස් කුඩුත් ඒවගේම ප්‍රමාණයක්, රස අනුව ලුණු කුඩු ටිකකුත් එකතු කරලා, ආහ් තව ගම්මිරිස් කුඩු ස්වල්පයකුත් එක් කරගෙන හොදින් කලවම් කරමින් පිසගන්න.

ඉගුරු, සුදුළූණු පවුඩර් හොයන්න නැත්නම් තලලා පේස්ට් එක දාගන්න පුලුවන් මම කියපු ප්‍රමාණවලින්. මේ මිශ්‍රණයටම අවසානයේ green peas තේ හැදි 2, එකතු කරලා තවත් විනාඩි 10 පමණ පිසගන්න ඕනා.

ඒකටම සිහින්ව කපාගත් කොත්තමල්ලි කොල මේස හැන්දක් එකතු කරලා කලවම් කරගන්න. හරි අපි දැන් ෆිලින් එක හදලා ඉවරයි.

ඊලගට අපිට තියෙන්නේ ශීට්ස් ටික හදාගන්න. ඒකට බදුනක් අරන් ඒකට පිටි කප් 1/2, කෝන් පිටි කප් 1/4, ලුණුකුඩු ටිකක්, දාලා හොදට කලවම් කරගන්න.

ඉන්පසු වතුර කප් 3/4, අවස්ථාවන් කිහිපයකදී එකතු කරමින් කලවම් කරමින් උකු මිශ්‍රණයක් හදාගන්න.

ඒ හදාගත්ත පාන්පිටි මිශ්‍රණයෙන් මේස හැදි 3ක් කුඩා දීසියකට එකතු කරගෙන තියාගන්න වෙනම.

දැන් Non-Stick Rounded shape Pan එකක් අරන් තෙල් ටිකක් ආලේප කරගන්න.

තෙල් ආලේප කරපු පින්සලෙන්ම අර හදාගත්ත උකු මිශ්‍රණයෙන් pan එක මත රවුමට ආලේප කරගන්න.

ආලේප කරනවා මිසක් මිශ්‍රණය pan එකට වක් කරන්නේ නෑ. මොකද අපි මේකට හදාගන්නේ විනිවිද පේන තරම් තුනී ශීට්ස්.

ඒකයි පාන්පිටි මිශ්‍රණය පින්සලකින් ආලේප කරන්නේ. ආලේප කරන අතරතුර pan එක මද ගින්නේ තමයි තියෙන්න ඕනා.

තත්පර කීපයක් යනකොට ඔයාලට ශීට් එක ගලවාගන්න පුලුවන් වෙයි. එතකොට ඔයාලට ලැබෙන්නේ ඉතාමත් තුනී ශීට් එකක්.

ඔය වගේ ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ශීට්ස් හදාගෙන වෙනම තියාගන්න.

දැන් ඒ ශීට් එකක් මතට අර ෆිලින් එකක් ටිකක් කොනකට වෙන්න දාලා දෙපසින් ඇතුළට නවලා ඉදිරියට රෝල් කරන්න ඔයාලා රෝල්ස් හදනකොට නවන විදියටම.

නවන්න කලින් ශීට් එක මත කලින් වෙන්කරගත් පාන් පිටි මේස හැදි 3න් ශීට්ස් මත ආලේප කර ගත්තාම නවනකොට පහසුවෙන් අලවාගන්න පුලුවන්.

එතකොට ගැලවෙන්නේ නෑ. ඊට පස්සේ deep fry කරගන්න. සෝස් ටිකක් එක්ක පිලිගන්වන්න පුලුවන්.

3. හවසට කෙටි කෑම: තක්කාලි සහ බිත්තර වලින් හදන්න පුලුවන් රසවත් bun

Hubbys kitchen වෙතින් හවස තේ වේලාවට රසවත් රෙසපි 4 ක්

 

මුලින්ම ලොකු තක්කාලි ගෙඩි 3 අරන් ඒක 80% වගේ වැහෙන්න රත්වූ උණු වතුර එක් කරන්න.

ඉන්පස්සේ තක්කාලි ටික වතුරෙන් එලියට අරන් රවුම් හැඩයේ පෙති කපාගන්න. දැන් ඒ ටික ප්ලාස්ටික් හෝ non-stick බදුනකට දාලා බිත්තර දෙකක් කඩලා ඒක උඩින් දාගන්න.

ඉන්පස්සේ තක්කාලි ටික බිත්තර වල හොදින් තැවැරෙන විදියට පොඩි නොවෙන්න හැන්දකින් පෙරලන්න.

දැන් තක්කාලි සහ බිත්තර සාරය බ්ලෙන්ඩර් කප් එකට දාලා හොදට බ්ලෙන්ඩ් කරගන්න. එහෙම බ්ලෙන්ඩ් කරගත්ත මිශ්‍රණය බදුනකට දාගන්න.

දැන් තවත් බදුනක් අරන් ඒකට පාන්පිටි 300g දාලා ඒ පිටි මිශ්‍රණයට සුදු සීනි 15g සහ ඊස්ට් 3g එකතු කරන් කලවම් කරගන්න හැන්දක් ආධාරයෙන්.

ඉන්පස්සේ ඒ පිටි මිශ්‍රණයට අපි මීට කලින් හදාගත්ත තක්කාලි/බිත්තර මිශ්‍රණය වක් කරන්න ඕනා.

හැදි මිටක් වගේ දෙයක් මගින් කලවම් කරගෙන ඊලගට අතින් අනාගෙන soft dough එකක් හදාගන්න ඕනා.

හොදින් අනාගත්තාට පස්සේ dough එක cling wrap එකකින් ආවරණය කරලා රැයක් පිපෙන්න තියන්න ඕනා.

එහෙම රැයක් පිපෙන්න තියලා උදේට ඇඟිල්ලෙන් ඔබලා බලන්න ඔයාලට පෙනේවි කොච්චර හොදට පිපිලා තියෙනවද කියලා.

දැන් ඒ මිශ්‍රණය බදුනෙන් එලියට අරන් හොදට අතින් අනාගන්න. ඒක දිග පටියක් වෙන හැඩයට knead කරගන්න ඕනා හරියට පතෝල කරලක් වගේ.

ඉන්පස්සේ පිහියකින් ඒක තරමක් කුඩා කොටස් වලට වෙන් කරගන්න.

එහෙම වෙන්කරගත්ත කුඩා කොටස් දෙකකින් අපි මුලින්ම එක බන් එකක් හදාගමු.

එතකොට ඔයාලට තේරේවි අනිත් ඒවා හදාගන්න විදිය.

හරි දැන් ඒ කුඩා කොටසක් නැවත දිග අතට රෝල් කරගන්න හරියට පැන්සලක් ගානට.

අතේ ඇලෙනවා නම් පාන් පිටි ටිකක් උඩින් ඉහ ගන්න. ඒවා ඉතින් කියන්න ඕනා නෑ නෙ. අනිත් කොටසත් එහෙමම රෝල් කරගන්න.

දැන් ඒවා එකක් මත එකක් එකිනෙකට විරුද්ධ අතට කතිරයක් වගේ තියන්න. තේරෙන්නෙ නෑ වගේ නම් ඔන්න රූපයේ තියෙනවා.

දැන් දිග අතට තියෙන stripe එකේ උඩින් අල්ලලා පහලට නමන්න.

රූපයේ තියෙනවා බලන්නකෝ. ඒ stripe එකේම යටි කොටස දකුණට නවන්න රූපයේ විදියට.

ඔය විදියට ගොතාගෙන යන්න stripe දෙකම. හරියට සපත්තුවට ලේස් එකක් දානවා වගේ.

එහෙම ගොතපු ඒවා ඔය රූප වල තියෙනවා බලන්නකෝ. ඔයලා කපාගත්ත හැම කොටසක්ම ඔය විදියට හදාගෙන හතරැස් බේකින් තැටියකට බේකින් ශීට්ස් දාලා ඔය ටික අතුරලා විනාඩි 15 විතර තියෙන්න අරින්න ferment වෙනකම්.

දැන් ඒවා උඩින් බිත්තර කහ මදයේ සාරය හොදින් ආලේප කරලා සෙල්සියස් 170ට pre heat කරපු අවන් එකේ දාලා විනාඩි 25 ඒ උෂ්ණත්වයටම බේක් කරගන්න.

4. කෙසෙල්ගෙඩි පෑන්කේක්

Hubbys kitchen වෙතින් හවස තේ වේලාවට රසවත් රෙසපි 4 ක්

ලොකු කෙසෙල්ගෙඩි 2-3 ක් (ආනමාලු නම් හොදයි) අරන් ලෙලි ගහලා කැබලි වලට කපාගෙන බදුනකට දාගන්න.

බිත්තර දෙකක් කඩලා බදුනකට දාලා ඒ බිත්තර දාපු එකටම විනාකිරි තේ හැන්දක් වගේ එකතු කරලා හොදට මිශ්‍ර කරගන්න.

දැන් ඒ බිත්තර මිශ්‍රණය කපාගත්ත කෙසෙල් සහිත බදුනට දාලා ඒකට fresh milk 200ml එකතු කරගෙන මිශ්‍රණය බ්ලෙන්ඩ් කරගන්න.

ඒවිදියට බ්ලෙන්ඩ් කරගත්ත මිශ්‍රණය තරමක් විශාල බදුනකට දාලා ඒකටම ඊස්ට් 4g සහ සුදු සීනී මේස හැන්දක් වගේ එකතු කරගන්න.

ඉන්පස්සේ ඊස්ට් ටික හොදින් දියවෙනකම් හැන්දකින් වේගයෙන් කලවම් කරගන්න ඕනා. දැන් එයටම කෝන් පිටි 150g එකතු කරලා, පාන්පිටි 200g ද එකතු කරගන්න.

එතකොට ඔයාලට තරමක් sticky paste එකක් ලැබේවි.

දැන් ඒ පේස්ට් එක cling wrap එකක් මගින් ආවරණය කරලා රැයක් ශීතකරණයේ තබන්න. උදේට ඔයාලට එලියට ගන්න පුලුවන්.

වියලි මිදි 80g වගේ අරන් chop කරගෙන අර ශීතකරණයෙන් උදේ එලියට ගත්ත මිශ්‍රණයට එකතු කරලා හැන්දක් ආධාරයෙන් මිශ්‍ර කරගන්න.

දැන් නැවත cling wrap එකකින්ම ආවරණය කරලා ටික වේලාවක් තියන්න පැත්තකින් ferment වෙන්න.

Non-Stick බදුනක් අරගෙන ලිපේ තියාගන්න. ඒත් ගින්දර on කරන්න එපා. ඒකට තෙල් තේ හැන්දක් වගේ දාලා පින්සලක් මගින් තෙල් ටික බදුනේ ආලේප කරගන්න.

දැන් අර ferment වෙන්න තිබ්බ මිශ්‍රණය එයට එකතු කරලා හොදින් තුනී කරගන්න හැන්දක් වගේ ආධාරයෙන්.

Sesame ටිකක් එකතු කරගන්න පුලුවන්නම් පෑන් කේක් එක වඩාත් රසවත් වෙනවා. දැන් ලිප on කරලා පියනකින් වහලා විනාඩි 7 පමණ මද ගින්නේ පිසගන්න.

පිසෙනකොට සුවද එනවා. දෙපැත්තම රන්වන් කහ පාට වෙනකම් පිසගන්න ඕනා. කැමති හැඩයකට කපලා පිලිගන්වන්න පුලුවන්.

ඔබත් දන්නා රසවත් රෙසපි තියෙනවා නම් අපි හා බෙදා ගන්න.

The House of Cakes නම් ආයතනයේ හිමිකාරිත්වය දරන ඉමාලි මහත්මිය හා සශි දෙපල අතුරින් සශි හල්නෙත්ති මහතා විසින්  hubby's kitchen සමුහය තුල  කියාදුන් රසවත් ආහාර රෙසපි කිහිපයක් අප වෙබ් අඩවියේ පළ කිරීමට අවසර දීම පිළිබදව අපි ඒ දෙපළට ස්තුතිවන්ත වන්නෙමු.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • කෑම වට්ටෝරු
  • /
  • Hubby's kitchen වෙතින් හවස තේ වේලාවට රසවත් රෙසපි 4 ක්
බෙදාගන්න :
  • අනූගේ කිචන් එකේ හැදුන රසවත් ඉතාලි රෙසපි 2ක්

    අනූගේ කිචන් එකේ හැදුන රසවත් ඉතාලි රෙසපි 2ක්

  • පොලොස් වලින් රසවත් රෙසපි 7 ක් හදමු

    පොලොස් වලින් රසවත් රෙසපි 7 ක් හදමු

  • අනූගේ කිචන් එකේ හැදුන රසවත් ඉතාලි රෙසපි 2ක්

    අනූගේ කිචන් එකේ හැදුන රසවත් ඉතාලි රෙසපි 2ක්

  • පොලොස් වලින් රසවත් රෙසපි 7 ක් හදමු

    පොලොස් වලින් රසවත් රෙසපි 7 ක් හදමු

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it