“කාර්යාල සහකරුවෙක්” සිටීම ප්‍රේම සම්බන්ධයක් හා සමානද?

“කාර්යාල සහකරුවෙක්” සිටීම ප්‍රේම සම්බන්ධයක් හා සමානද?

ඔබේ රැකියා ස්ථානයේ ඔබට ඉතා සමීප, ඔබ සමඟ දිවා ආහාරය ගන්නා, ඔබට විශ්වාසී විරුඩ්ධ පාර්ශවයේ සගයෙක් සිටීද? ඔබ තරයේ කියා සිටින්නේ ඔබ දෙදෙනා අතර ඇත්තේ මිතුදමක් පමණක් බවයි. ඒත් ඔබ නොදැනුවත්වම අනියම් සබඳතාවක පැටලිලාද නැද්ද යන බව කියවලා දැනගන්න...

ඔබට දිනපතා දුක සැප බෙදාගන්නට ඉතා සමීප සගයෙකු සිටී නම්, ඔහු හෝ ඇය සමඟ දිනපතා දිවා ආහාරය ගන්නේ නම්, ඔබට ඔහු හෝ ඇය ගැන කාර්යාලයේ විශ්වාසය තැබිය හැකි යැයි හැඟේ නම්, ඔබට ඇත්ත වශයෙන්ම “කාර්යාල සහකරුවෙකු” ඉන්නවා විය හැකිය. අනාචාරයේ හැසිරීම

නමුත් මෙය සැබවින්ම මිත්‍රශීලී මිත්‍රත්වයක්ද, නැතහොත් එය අනාචාරයේ හැසිරීම ක් හෝ අනියම් සම්බන්ධතාවයක් බවට පත්වීමේ අවස්ථාවක් තිබෙන තත්වයක්ද?

ඔබ ගෙවන්නේ ඉතා පිඩකාරී දවසක්. වැඩපොළේ ලොක්කා ඔබට හුස්ම ගන්නට නොදී ඔබෙන් සූරා වැඩ ගන්නවා. ඔබටම අවශ්‍යම වේලාවේ ඡායා පිටපත් යන්ත්‍රය නොහොත් ෆොටෝකොපි මැෂිම අක්‍රීය වනවා.

මුළු දවසම ඔබට හමු නොවූ ඔබේ සහකරුට රැකියා ස්ථානයේ ඔබේ දවස ගැන කියන්නට ගෙදර යන්නට ඉස්පාසුවක් නැතිව ඔබ බලා සිටිනවාද?

එසේ නැතිනම් ඔබ ඔබේ රැකියාස්ථානයේ සගයාගේ මේසය වෙතට ගොස් ඔබේ හිතේ තියෙන ආතතිය හා දුක් කන්දරාව වමාරනවාද? ඔහු/ඇය තුළ විශ්වාසයක් තැබිය හැකිද?

රැකියා ස්ථානයේ මිත්‍රත්වයන් ඇති කර ගැනීමේ කිසිදු වරදක් නැත. නමුත් විශේෂයෙන් ඔබේ සගයා ඔබ හා පමණට වඩා සමීප පුද්ගලයෙක්ද?

ඔබ සමඟ වැඩිපුර කාලයක් ගත කරනවාද? ඔහු/ඇය විරුද්ධ ලිංගයේ අයෙක්ද? මේ දේවල් අනුව, ඔවුන් ඇත්තවශයෙන්ම ඔබේ “කාර්යාල සහකරුවා”  විය හැකිය ”.

ඉතින් මේ සැබෑ මිත්‍රත්වය ගැන, ඔබේ සැබෑ ජීවිතයේ සහකරු හෝ සහකාරිය කනස්සල්ලට පත්විය යුතුද?

කවදා හෝ ඔබගේ කාර්යාලයේ සගයා සමඟ ඇති සබඳතාව ඔබට අපකීර්තියක් එක් කරන ප්‍රේම සම්බන්ධයක් බවට පරිණාමය වීමේ අවස්ථාවක සළකුණක් හෝ තිබේද?

නැතහොත් එය දැඩි ලෙස වෘත්තීයමය වන අතර කිසි විටෙකත් ඊට වඩා වැඩි දෙයක් බවට පත් නොවන්නේද?

අනාචාරයේ හැසිරීම: “රැකියාස්ථානයේ ස්වාමිපුරුෂයෙක්” හෝ “රැකියාස්ථානයේ බිරිඳක්” යනු කවුද?

අනාචාරයේ හැසිරීම

ඔබේ කාර්යාල සහකරු හෝ සහකාරිය සමඟ ඇති සම්බන්ධය විවාහයක් හා සමාන විය හැකිය

ඔබ ඔබේ දවසේ භාගයක් කාර්යාලයේ ගත කරන අතර ස්වාභාවිකවම ඔබේ සගයන් සමඟ මිත්‍රත්වයක් ඇති කර ගනී.

නමුත් රැකියා සහකරු හෝ සහකාරිය සමඟ ඇති සම්බන්ධතාවය මදක් තීව්‍ර වන අතර එය කිසිදු ප්‍රේම සම්බන්ධයක් හෝ ලිංගික සම්බන්ධතාවයක් නොමැති විවාහයක් මෙන් පෙනේ.

දිගු වේලාවක් වැඩ කිරීමෙන් පසු, ඔබ නිවසට පැමිණි පසු ඔබ රැකියා ස්ථනයෙන් නිවසේ පරිසරයට මාරු වේ.

දැන් ඔබගේ පවුල කෙරෙහි අවධානය යොමු කිරීමට අවශ්‍ය වන අතර, ඔබ වැඩ කරමින් සිටින නවතම ව්‍යාපෘතිය පිළිබඳ සියලු විස්තර සමඟ ඔබේ සහකරුට කරදර කිරීමට ඔබට අවශ්‍ය නොවනු ඇත.

ඊට අමතරව, ඔබේ දරුවාගේ පාසලේ ඉගෙනුම් වැඩ, හෝ ඉක්මනින් ගෙවිය යුතු බිල්පත් හෝ ඔබ තවම සැලසුම් කර නොමැති ඔබේ සහකරුගේ ඉදිරි උපන්දින සාදය වැනි වෙනත් දේ ගැන ඔබට නිවසේදී අවධානය යොමු කළ යුතුය.

කෙසේ වෙතත්, කාර්යාලීය දේශපාලනය සහ රැකියාව ආශ්‍රිත වෙනත් ගැටළු පිළිබඳව සියල්ල දන්නා කාර්යාල සගයෙකු සමඟ ඔබට අවශ්‍ය සහාය, උපදෙස් හෝ සරලව ඇහුම්කන් දීම සඳහා වුවත් විවෘතව යැපීම ඔබට පහසු කාර්‍යයකි.

ඔබට කාර්යාල සහකරුවෙකු සිටින බවට සංඥා : අනාචාරයේ හැසිරීම

අනාචාරයේ හැසිරීම

එය සගයන් අතර සාමාන්‍ය මිත්‍රත්වයක්ද, නැතහොත් “රැකියා විවාහයක්ද” කියා ඔබ දන්නේ කෙසේද?

සිංගප්පූරුවේ බිස්නස් ඉන්සයිඩර්ට (Business Insider Singapore) අනුව, ඔබේ සම-සේවකයා සමඟ ඇති ඔබේ මිත්‍රත්වය සැබවින්ම විශේෂ විය හැකි බවට ලකුණු කිහිපයක් මෙන්න:

1. ඔබ සැමවිටම එකට සිටී

ඔබගෙන් එක් අයෙකු කෝපි කෝප්පයක් උදුරා ගැනීම සඳහා පැන්ට්රිය දෙසට හැරෙන්නේ නම්, අනෙකා සිටින්නේ ඔබට වඩා මහ දුරකින් නොවේ, ඔහු/ඇය ඔබේ පිටුපසින් ඒ දෙස ඇදෙනු ඇත.

ඔබ දෙදෙනා එකට දිවා ආහාරය සඳහා පිටතට යන අතර බොහෝ විට එකිනෙකාගේ ආහාර රුචි අරුචිකම් ගැන හොඳ අවබෝධයකින් පසුවේ.

ඒ සඳහා අවශ්‍ය වන්නේ හුරුපුරුදු සංඟාවක් පමණක් වන අතර ඉක්මන් තේ එකක් සඳහා පිටව යා යුතු කාලය ඔබ දෙදෙනාම දනී.

නත්තල් උත්සවය සඳහා කාර්යාල සාදයක් තිබුනේ නම්, ඔබ බොහෝ විට එකට පැමිණ එකිනෙකා සමඟ සමීපව සිටිනු ඇත.

2. ඔබ පළමුව හැරෙන්නේ එකිනෙකා දෙසටයි

ඔබට පෙන්නන්නට බැරි කරදරකාරී සගයකු ගැන පැමිණිලි කිරීමට ඔබට අවශ්‍යද? නැතහොත් ඉදිරියට එන කාර්ය සාධන සමාලෝචනය ගැන ඔබේ කනස්සල්ල ප්‍රකාශ කරන්නට සිටිනවාද?

ඔබ නිරායාසයෙන්ම එකිනෙකා සමඟ සම්බන්ධ වීමට සහාය වනු ඇත.

ඔබ අනෙක් සගයන් සමඟ බෙදා නොගන්නා රහස් එකිනෙකා සමඟ බෙදා ගනී.

3. එකිනෙකා අසල ඔබට පහසුවක් දැනේ

එකිනෙකා තමා ගැන කුමක් සිතාවිදැයි බියක් නැත. ඔබේ දැඩි ආයතනික පෞරුෂය අතහැර දමා ඔබ එකට සිටින විට, ඔබට ඔබම වන්නට පුළුවන්.

ඔබ දෙදෙනාම පමණක් දන්නා තොරතුරු ඇතුලත් විහිළු හෝ කථා පවා බෙදා ගත හැකිය.

4. ඒවා සැමවිටම ඔබේ මනසෙහි පවතී

ඔබ කාර්යාලයේ නොසිටින විට පවා, ඔබේ මනස ඉබාගාතේ යා හැකි අතර ඔබ ඔවුන් ගැන සිතනු ඇත. නැතිනම් යමක් දැක, ඔවුන් මතක් කරනු ඇත.

රැකියා ස්ථානයෙන් පිටත සිටින ඔබේ මිතුරන්ටද ඔවුන් ගැන කතා කළ හැකිය.

අනාචාරයේ හැසිරීම: එය ඔබගේ විවාහයට හා රැකියාවට බලපාන්නේ කෙසේද?

අනාචාරයේ හැසිරීම

කාර්යාල සහකරුවෙකු  සිටීම ඔබේ විවාහයට සහ අනෙකුත් සගයන් සමඟ ඇති ඔබේ මිත්‍රත්වයට බලපායි

ඔබට දැනටමත් නිවසේ සැබෑ සහකරුවකු සිටී නම්, ඔබට කාර්යාලයේ සහකරුවෙකු අවශ්‍ය වන්නේ ඇයි?

His Needs, Her Needs: Building an Affair-Proof Marriage පොතේ කතුවරයා වන PhD, විලාර්ඩ් එෆ්. හාර්ලි කනිෂ්ඨ,  WebMD වෙත මෙසේ පැහැදිලි කරයි.

“කාර්යාල සහකරුවකු විසින් ඔබට රැකියාව කිරීමට අවශ්‍ය ප්‍රමාණයට වඩා මානසික සුවයක් ලබා දෙනු ඇත.  ඔබ බැඳී සිටින්නේ නම්, මෙහි සම-සේවකයෙක් – විරුද්ධ ලිංගයේ අයෙක් – ඔබ ගැන සැලකිලිමත් වනවා, ඔබට යැපෙන්න පුළුවන් කෙනෙකු වනවා, සහ ඔබට විශ්වාස කළ හැකි වනවා ”

නිවසේ දී

ඔබේ සැබෑ සහකරු හෝ සහකාරිය විරුද්ධ ලිංගයේ කෙනෙකු සමඟ ඔබ කෙතරම් සමීපද යන්න ගැන එතරම් උනන්දුවක් නොදැක්විය හැකියි.

ඒ අතර එවැනි විශේෂ මිත්‍රත්වයක් පවත්වා ගැනීම සඳහා ඔබේ අභිප්‍රායයන් ප්‍රශ්න කිරීමට පටන් ගත හැකිය.

දේවල් අතපසු විය හැකි අතර ඔබ දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් ඇති විය හැකිය.

කාර්යාලයේදී

රැකියා ස්ථානයේ සිටින ඔබේ අනෙක් සගයන්ටද ඔබ දෙදෙනා සැමවිටම එකට සිටින ආකාරය දැක විහිළු තහළු කරන බවක් පෙනේ.

නැතහොත් කිසියම් හේතුවක් නිසා, ඔබ සහ ඔබේ සහකරු හෝ සහකාරිය ඔබේ සම්බන්ධතාවය අවසන් කළහොත්, එය කාර්යාලයේ දේවල් තරමක් අවුල් සහගත වන අතර රැකියා ස්ථානයේ ඔබේ ක්‍රියාකාරිත්වයට බලපායි.

සීමාව පනවන්නේ කොතැනටදැයි, කොහෙන්දැයි දැන ගන්න

අනාචාරයේ හැසිරීම

ඔබේ “කාර්යාල සහකරු” සමඟ ඇති මිත්‍රත්වය නුසුදුසු දෙයක් බවට වර්ධනය වීමට ඉඩ තබන්න එපා.

ඔබට කාර්යාල සහකරුවකු සිටී නම්, ඔබේ සම්බන්ධතාවය වැරදි දිශාවකට නොපැමිණීම සහතික කිරීම සඳහා මූලික නීති කිහිපයක් මෙන්න:

  • රැකියාවෙන් පරිබාහිරව විනෝදාත්මක කටයුතුවලට සහභාගී වීමෙන් වළකින්න
  • රැකියාවෙන් පිටත ඔවුන් සමඟ තනිව සිටීමට උත්සාහ කරන්න
  • එකට බීම සඳහා පිටතට යාම නුසුදුසු දෙයකි
  • සමහර පෞද්ගලික ගැටළු (විශේෂයෙන් විවාහ ගැටලු) බෙදා නොගත යුතුය
  • අනවශ්‍ය ශාරීරික සම්බන්ධතා පැවැත්වීමෙන් වළකින්න
  • එකිනෙකාට සල්ලාල කෙටි පණිවිඩ යැවීමෙන් වළකින්න. නුසුදුසු අන්තර්ගතයන් බෙදා නොගන්න
  • මෙය වෘත්තීය මිතුදමක් පමණක් බව නිතර නිතර මතක් කරගන්න

රැකියා ස්ථානයේ චිත්තවේගීය සහය ලබා ගැනීම සහ ඔබට විශ්වාස කළ හැකි සහ අවට සිටීම සතුටක් විය හැකියි.

නමුත්, මෙම අහිංසක මිත්‍රත්වයට අන් අයව වැරදි ආකාරයෙන් දළුලන්නට හැකි අතර අනියම් සම්බන්ධතාවයක් බවට පත්වීමට හැකියාවක් ඇති බැවින් ප්‍රවේශමෙන්ඉදිරියට යාමට මතක තබා ගන්න.

රැකියා සහකරු හෝ සහකාරිය සමඟ සම්බන්ධ වීමෙන් ඔබට කාර්යාලයේ හොඳ හැඟීමක් ඇති විය හැකි නමුත් ඔබ නිර්මාණය කර ගොඩනගාගත් ආදරණීය පවුලටත් දුවා දරුවන්ටත් ඔබේ අනියම් සම්බන්ධ නිසා වන්දි ගෙවන්නට ඉඩ තබන්නට එපා!

theAsianparentහි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලූෆ පෙරේරා 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

Written by

Niloufer Perera

කතන්දර ලිපි