දික්කසාදය නිසා බිද වැටෙන ඔබේ දරුවා ශක්තිමත්ව තබන්න කල යුතු දේවල් 4 ක්

දික්කසාදය නිසා බිද වැටෙන ඔබේ දරුවා ශක්තිමත්ව තබන්න කල යුතු දේවල් 4 ක්

විවාහයේ ඇති වී දික්කසාදයෙන් බිඳී යන ආදරණිය පුංචි හිත් මෙලෙස සුවපත් කරන්න

විවාහය හා දික්කසාදය කියන්නේ එකිනෙක සම්බන්ධ මාතෘකා දෙකක් වුනත් කාගෙවත් විවාහයක අවසානය දික්කසාදයක් නොවේවා යයි කාගෙත් පැතුම වෙනවා.

එකිනෙකා ආදරයෙන් හෝ යෝජනාවකින් බැදන දෙන්නෙක්ගේ ආදරයක අවසානය උසාවිය නම් එය ඒ දෙදෙනාට පමණක් නොව දරුවන් හා දෙමාපියන්ටද පහසු වාතාවරණයක් නිර්මාණය කරන්නේ නැහැ.

දික්කසාදය වේදනාකාරී මෙන්ම මානසික පීඩනයෙන් යුත් ක්‍රියාවක් බවට සැකයක් නැහැ. 

නඩත්තු කිරීම, වත්කම් සහ භාරකාරත්වය සඳහා යුවලක් අතර වෙන නිතීමය සටනක් බවට එය පත්වෙනවා.

යුවළගේ මෙම ද්වන්ධ යුද්ධය අවසන් වන්නේ අවසානයේදි තම ලෙයින් ජනිත වු නමුත් දෙමව්පියන්ගේ වෙන්වීම නිසා වියෝ දුකට පත් වු දරුවන් නොසලකා හරිමිනි. 

දරුවන්ගේ මෙම තත්වයට අවධානයට නොදුන්නහොත් පසුව ඒ නිසා දරුණු ප්‍රතිවිපාක ඇතිවෙන්න පුලුවන්.

සමාජයෙන් ඉවත්වීම, වරදකාරිත්වය සහ අපරාධ වැඩි වීම මෙහි අනිටු  ප්‍රතිඵල විදියට එළි දකින්න පුළුවන්.

කෙසේ නමුත් තම දෙමව්පියන්ගේ . දික්කසාදය සදහා ශක්තිමත්ව මුහුණ දිය හැකි  දරුවෙකු නිර්මාණය කරන්නේ කෙසේද?

අපි  ඒ ගැන කථා කරමු.

අද වනවිට බිහිවෙන තරුණ වැරදිකරුවන්ගෙන් 53% ක් දෙමාපියන්ගේ නියෝග ඔබ්බට ගිය අය නැතිනම් දෙමව්පියන් වෙන්වූ හෝ දික්කසාද වූ පවුල්වලින් පැමිණි අයයි. 

දික්කසාදය තම දරුවන්ට කොතරම්  අහිතකර ලෙස බලපානවාද කියා හැගීම් වල අතරමං වුන දෙමව්පියන්ට අදහසක් නැහැ.

දරුවන් කොතරම් මානසිකව වැටෙනවාද  සහ එහි ප්‍රතිඵල කොතරම් කල් දරුවන්ට බලපායිද යන්න  දෙමව්පියන් දන්නේ නැහැ.

දික්කසාදය නිසා බිද වැටෙන ඔබේ දරුවා ශක්තිමත්ව තබන්න කල යුතු දේවල් 4 ක්

දෙමව්පියන්ගේ දික්කසාදයෙන් පසුව දරුවන්ට ඔවුන්ගේ ජීවන රටාව සැලකිය යුතු වෙනස්කම් කිරීමට සිදුවීම නම්  වළක්වන්න බැහැ.

එසේ වුවද, දික්කසාදයකට යන දෙමව්පියන් එහිදි මෘදුව දරුවන් සම්බන්ධව ක්‍රියා කිරීම වැදගත් වෙනවා.

විවාහය හා දික්කසාදය: දික්කසාදය සමඟ කටයුතු කිරීමට දරුවෙකුට උදව් කරන්නේ කෙසේද?

දික්කසාදය ලඟ අතරමං වෙන දරුවාට උපකාර කළ හැකි ක්‍රම 4 ක්

1. දික්කසාදයට පෙර: ඔබ කුඩා දරුවන් සිටින දෙමාපියෙක් නම්, උපදේශන සේවාවකට යොමුවෙන්න

දික්කසාදයෙන් පසු දරුවා රැකබලා ගැනීම , මානසිකව සුදානම් කිරීම යනු සුවිසල් ක්‍රියාවලියකි.

ඔබ එයට හරියාකාරව මුහුණ දීමට නම් ඒ සදහා සුදානම් වීම වැදගත් වෙනවා.

දික්කසාදයට පෙර ගොස් උපදේශකයෙකු හමුවෙන්න. 

එහිදි දික්කසාදයෙන් පසු දරුවන්ට දෙමව්පියන් දෙනො මුණ ගැසිය හැකි ආකාරය, ඔවුන් රැකබලා ගැනීම මෙන්ම දික්කසාදය පිළිබඳ වු පුවත දරුවන්ට දැනුම් දිය හැකි  හොඳම ආකාරය ද ඇතුලු කාරණා ගණනාවක් සදහාම ඔබට උපදෙස් ලබා ගන්න පුළුවන්.

දෙමව්පියන් දික්කසාද වුවද  දරුවාගේ අවශ්‍යතා අතිශයින්ම වැදගත් විය යුතු බව දෙමාපියන්ට මුල සිටම මතක් කර ගැනීමට මෙය සුදුසු ක්‍රමයකි.

සමහර  විට මෙවන් උපදේශකයෙකු හා සාකච්චා කිරීමෙන් පසු ඔබ දික්කසාද වීමට යන කාරණාවට වඩා හොද විසදුමක් ලැබෙන්නටද අවස්ථාව තියෙනවා.

ඒ නිසා දික්කසාදයට පෙර උපදේශකයෙකු හමු වී ඔබේ දරුවා ශක්තිමත් කිරීමට අවශ්‍ය දේවල් වලින් ඔබ ශක්තිමත් වෙන්න.

2. දික්කසාදය අතරතුර: නඩු පැවරීම වෙනුවට සමාදානව වෙන්වීම සලකා බලන්න

දික්කසාදය නිසා බිද වැටෙන ඔබේ දරුවා ශක්තිමත්ව තබන්න කල යුතු දේවල් 4 ක්

දික්කසාද නඩු බොහොමයක්  දිග්ගැස්සුනු හා අප්‍රසන්න ඒවා බවට පත්වෙනවා.

ඒ නිසාම  ඔබට ඒ වෙනුවෙන් බොහෝ මුදල්ද වියදම් කිරීමට සිදුවෙන්න පුළුවන්.    

නඩු මගට බැස දික්කසාදය දිගින් දිගටම ඉදිරියට ඇද ගෙන යාම වෙනුවට ඔබටට දික්කසාද වෙන්න අවශ්‍ය නම් සමාදානයෙන් වෙන්වෙන්න. 

දෙපාර්ශවයටම එකිනෙකා වඩා හොඳින් තේරුම් ගැනීමට සහ ඔවුන්ගේ දරුවාගේ යහපතට හේතු වන විධිවිධාන සාකච්ඡා කිරීමට ඉඩ ලබාගන්න.

ඒ වගේම  ගත යුතු වැදගත් තීරණ ලෙස දරුවා කා භාරයේ සිටින්නේච යන්න තීරණය කිරීම මෙන්ම දරුවා කෙරෙහි රැකවරණය සහ පාලනය තිබිය යුත්තේ කාටද යන්න තීරණය කිරීම කරන්න.

3. දික්කසාද යෙන් පසු: ආධාරක කණ්ඩායම් සහ වැඩසටහන් වල සහය දිගටම ලබා ගන්න

දික්කසාදයේ සැබෑ අභියෝගය ආරම්භ වන්නේ දික්කසාදයෙන් පසුවයි.

දරුවන්ට තවදුරටත් අම්මයි තාත්තයි එක්ක සම්පූර්ණ පවුලක් නොමැති බව වැටහීම දැඩි වේදනාවක් වෙනවා. 

මෙය එදිනෙදා ජීවිතය තුල  දැඩි මානසික පීඩාවක් ඇති කරනු ලබනවා.

ඒ නිසා දරුවාගේ මානසිකත්වය ඉහළ නැංවිය හැකි වැඩසටහන් සොයා බලා ඔවුන්ව ඒ සදහා යොමු කරන්න.

ඔබේ දරුවා කෙරෙහි ඔබට රැකවරණය සහ පාලනය ලබා දී ඇත්නම්, ඔබට නිරන්තරයෙන් ඔබේ පෙර සහකරුවා ප්‍රවේශය ලබා දීම වැදගත්වෙනවා. 

දරුවාගේ මානසික යහපැවැත්මට දෙමාපියන්ගේ සහාය අත්‍යවශ්‍ය වීම මෙයට හේතුවයි.

අවශ්‍ය නම්, දරුවාට දෙමව්පියන් සමඟ නිරන්තර අන්තර් ක්‍රියාකාරිත්වයක් ඇති කර ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට  ඔබේ හිටපු සහකරු සමඟ උපදේශන සැසිවාරවලට සහභාගී වන්න.

4. විවාහය හා දික්කසාදය: දරුවා සමග නිතර අදහස් හුවමාරු කරගන්න

අළුත් මව්වරුන්ට උපදෙස්

දික්කසාද වූ දෙමව්පියන්ගේ දරුවන් සම්පූර්ණ පවුල්වල දරුවන් මෙන්ම හදා වඩා ගත යුතු වෙනවා.

ඔවුන්ටද දෙමාපියන්ගෙන් බොහෝ ආදරය හා සහයෝගය අවශ්‍ය වෙනවා. 

දික්කසාදය වැළැක්විය නොහැකි වුවද, දරුවාව තවමත් සෙනෙහසින් හා ආදරයෙන් රැකබලා ගන්නා බවට දරුවාට සහතික වන්න.

මෙම අසීරු කාලය තුලදී  දරුවා අධෛර්යයට පත්වීම වැළැක්වීම සඳහා දරුවාගේ ජීවිතයේ චර්යාවක් ඇති කර පවත්වා ගන්න. 

නිදසුනක් වශයෙන්, ඔබේ හිටපු සහකරුට දරුවා හමුවීමට ස්ථාවර, විධිමත් වේලාවක් ලබා දෙන්න.

සමීප සම්බන්ධතා පැවැත්වීමෙන් සහ අවශ්‍ය විටෙක සහාය ලබා දීමෙන් දරුවාගේ ජීවිතයට ධනාත්මකව සම්බන්ධ වන්න.

ඉහත දක්වා ඇති තොරතුරු නීති උපදෙස් වලින් සමන්විත නොවේ.

කිසියම් නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙර ඔබ නීතිඥයෙකු ගෙන් නිශ්චිත නීති උපදෙස් ලබා ගත යුතුය. 

විවාහය හා දික්කසාදය එකින් එක බැදි  විවාහයක අවාසන දික්කසාදය වීමටද ඉඩ කඩ තියෙනවා.

එය නොවැළක්විය හැකිය.

නමුත් දරුවෙකුට සම්පුර්ණ  පවුලක් අහිමි වීම තරම් අවාසනාවන්ත ඉරණමක් තවත් නොලැබෙනු ඇතී. 

දෙමාපියන් මෙන්ම වගකීමෙන් යුත් මිනිසුන් ලෙස විවාහය තුල හැම දෙයක්ම සාකච්ඡා කර විසදා ගැනීමට දෙදෙනාම සහයෝගයෙන් කටයුතු කල යුතුය.

දරුවන් යනු ඔබේ සෙනෙහසේ හා බැදීමේ සුන්දර වු නිර්මාණයන්ය.

ඔබේ විවාහය සිද බිද දමා ඔවුන් වේදනාවට පත් කිරීමට ඇති අවස්ථා හැකි තරම් සමතයකට පත් කරගන්න.

ඔබේ  දරුවන්ට අම්මාගේ හා තාත්තාගේ ආදරයෙන් පිරුණ සම්පුර්ණ පවුලක් ලබා දීම ඔබගේ වගකීම බව අමතක නොකරන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය හා සංස්කරණය - නදීශා ලක්මිණි
මුල් රචනය: Singapore Legal Advice
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය 
 
 
Any views or opinions expressed in this article are personal and belong solely to the author; and do not represent those of theAsianparent or its clients.
කතන්දර ලිපි