theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන්ට භයානක ප්‍රතිඵල ගෙන දෙන තැලසීමියාව (Thalassemia)

4 අවම කියවීම
දරුවන්ට භයානක ප්‍රතිඵල ගෙන දෙන තැලසීමියාව (Thalassemia)දරුවන්ට භයානක ප්‍රතිඵල ගෙන දෙන තැලසීමියාව (Thalassemia)

දෙමාපියන් වන්නට පෙරුම් පුරන ඔබට තැලසීමියාව වැනි භයානක රෝග වලින් දරුවන් සම්පුර්ණයෙන්ම ආරක්‍ෂිත කරගන්න පුළුවන් බව ඔබ දන්නවාද?

දෙමාපියන් වන්නට පෙරුම් පුරන ඔබට තැලසීමියාව (Thalassemia) වැනි භයානක රෝග වලින් දරුවන් සම්පුර්ණයෙන්ම ආරක්‍ෂිත කරගන්න පුළුවන් බව ඔබ දන්නවාද?

වර්තමානයේ ඉතා සීග්‍රයෙන් පැතිරී යන භයානක රෝගයක් ලෙස සැලකෙන තැලසීමියාවෙන් සිදුවන්නේ රතු රුධිරාණු බිඳ වැටීමයි.

රුධිරය රතු පැහැ  කරන හිමොග්ලොබින් වල ඇති ග්ලොබින් නිපදවීම අඩු වීම මෙයට ප්‍රධානම හේතුව වෙනවා. රතු රුධිරාණු බිඳ වැටීම සාමාන්‍ය පුද්ගලයෙකුගේ සිදුවන්නේ මාස 3 කට සැරයක්.

නමුත් තැලසීමියා රෝගියෙකුගේ මසකට වරක් රතු රුධිරාණු බිඳ වැටීම සිදු වෙනවා. 

දරුවන්ට භයානක ප්‍රතිඵල ගෙන දෙන තැලසීමියාව (Thalassemia)

තැලසීමියාව වැළඳිය හැකි ආකාරය

මෙය දෙමාපියන්ගෙන් දරුවන්ට ජාන මගින් ඇතිවන රෝගයක්. සුළු තැලසීමියාව ඇති දෙමාපියන් දෙදෙනෙකුට දාව උපදින දරුවා මහා තැලසීමියා රෝගියෙකු වීමේ අවධානම ඉතාම ඉහළ බව පැවසෙනවා.

නමුත් දෙමාපියන්ගෙන් එක් අයෙකුට පමණක් සුළු තැලසීමියාව ඇත්නම් එසේ උපදින දරුවා තැලසීමියා රෝගියෙකු වීමේ සම්භාවිතාවය ඉතාම අඩු බව වෛද්‍ය මතයයි.

දරුවන්ට භයානක ප්‍රතිඵල ගෙන දෙන තැලසීමියාව (Thalassemia)

තැලසීමියාව හඳුනාගත හැකි ලක්ෂණ

දරුවා ඉපදී පළමු අවුරුද්දේදිම මෙය හඳුනා ගත හැකි අතර රුධිර පරීක්ෂාවකින් එය නිවැරදිව සනාථ කර ගැනීමට හැකිවේ.

එතැන් සිට ප්‍රතිකාර කිරීම සඳහා යොමුවීම වැදගත් වෙනවා. තැලසීමියා රෝගය වැළඳුණ දරුවෙකු හඳුනා ගත හැකි ලක්ෂණ

  • කුඩා දරුවන් කිරි බීම ප්‍රතික්ෂේප කරයි.
  • දරුවාගේ වර්ධනය අඩාල වීමට පටන් ගනී.
  • දරුවා සුදු මැලි වීම.
  • නිතරම උණ ගැනීම.
  • විවිධ අසාත්මිකතා වලට නිතරම ගොඳුරු වීම.
  • හුස්ම ගැනීමට අපහසු වීම.
  • පපුවේ වේදනා.
  • අත් සහ පතුල් සීතල වීම.
  • කකුලේ මස් පෙරලීම.
  • හදගැස්ම වේගවත් වීම.
  • හිසේ කැක්කුම සහ කරකැවිල්ල.

වැනි දේ දැක ගත හැක.

තැලසීමියාව කොටස් දෙකකින් යුක්ත වේ.

  1. සුළු තැලසීමියාව
  2. මහා තැලසීමියාව

සුළු තැලසීමියා තත්වය එතරම් භායානක වන්නේ නැහැ. නමුත් සුළු තැලසීමියා වාහකයින් දෙදෙනෙකු කිසි විටකත් විවාහ වීම නම් සුදුසු නැහැ. ඉන් උපදින දරුවා මහා තැලසීමියා රෝගියෙකු වීමේ අවධානම ඉතාමත් වැඩියි.

මහා තැලසීමියාව ඇති දරුවන්ගේ රතු රුධිරාණු බිඳ වැටීමේ හේතුව නිසා ඔවුන්ට මසකට වරක් රුධිරය ලබා දීම සිදු කළයුතු වෙනවා.

මේ හේතුවෙන් අක්මාව, ප්ලීහාව ඉදිමී දරුවා අසාධ්‍ය තත්වයට පවා පත්වීමට පුළුවන්. මහා තැලසීමියාවට ලබා දෙන ඖෂධ වල යකඩ අඩංගු නිසා මේවා ශරීරයේ තැම්පත් වෙනවා.

ඒවා ඉවත් කිරීමටත් මෙම රෝගීන්ට එන්නත් ලබා දිය යුතු අතර එසේ නොවුනහොත් ඉතා භයානක ප්‍රතිඵල අත්විය හැකි බව වෛද්‍යවරුන් පවසනවා.

රෝගීන් සංඛ්‍යාව

දරුවන්ට භයානක ප්‍රතිඵල ගෙන දෙන තැලසීමියාව (Thalassemia)

උතුරු මැද, මධ්‍යම හා ඌව පළාත් වල වැඩි වශයෙන් ව්‍යාප්තව ඇති මෙම රෝගය ලංකාවේ ජනගහනයෙන් 2-3% අතර ඇති බව අධ්‍යන වාර්තා සඳහන් කරනවා.

මේ වන විට 3000 කට අධික සංඛ්‍යාවක් රෝග වාහකයින් වන අතර 60 කට අධික සංඛ්‍යාවක් වාර්ෂිකව මෙයට ඇතුළත් වන බව පැවසෙනවා.

ප්‍රතිකාර

1. රුධිර පාරවියලනය

රුධිරය පාරවියලනය මගින් හිමොග්ලොබින් ප්‍රමාණය හා රතු රුධිරාණු ප්‍රමාණය නැවත සාමාන්‍ය මට්ටමට පත් කර ගත හැකි වෙනවා.

තැලසීමියා රෝගීන් සඳහා අවුරුද්දක් තුළ වාර 8 සිට 12 දක්වා ප්‍රමාණයක් රුධිරය පාරවියලනය කිරීමට සිදු වෙනවා.

අඩු තැලසීමියා රෝගීන්ට වුවත් බරපතල අවස්ථාවන් වලදී අවුරුද්දක් තුළ වාර 8 කට වඩා රුධිරය පාරවියලනය කිරීමට සිදු වේ.

රුධිරය පාරවියලනයේදී අධික ලෙස ශරීරයේ යකඩ තැම්පත් වෙනවා. ඒ මගින් හෘදයට සහ ශරීරයේ අනෙක් ඉන්ද්‍රියන්ට හානි වීමේ අවධානමක් පවතිනවා.

මේ නිසා මේ තත්වය නැති කිරීමටත් ඖෂධ ලබා ගැනීමට සිදුවේ. රුධිරය පාරවියලනය කළ රෝගීන් ෆෝලික් ඇසිඩ් ඖෂධය ලබා ගත යුතු අතර එය රතු රුධිරාණු වර්ධනයට උදව් වෙනවා. 

2. ඇටමිදුළු බද්ධය

ඇටමිදුළු බද්ධය මගින් රතු සහ සුදු රුධිර සෛල හිමොග්ලොබින් සහ පට්ටිකා වර්ධනය වන අතර මෙම සැත්කම් මේ වන විට ලංකාව තුළත් සිදුවෙනවා. නමුත් ඒ සඳහා විශාල මුදලක් දැරීමට සිදුවෙනවා.

3. ජාන තාක්ෂණය

තැලසීමියා රෝගය සඳහා ජාන තාක්ෂණය යොදා ගැනීමට විද්‍යාඥයන් කටයුතු කරමින් ඉන්නවා.

4. තැලසීමියා රෝගයෙන් ඔබේ දරුවා ආරක්ෂා කරගන්න ඔබට පුළුවන්

මෙම රෝගය සුව කර ගැනීම එතරම් පහසු නොවන නමුත් ඉන් වැළකීමට කටයුතු කිරීමයි වැදගත් වන්නේ. මේ සඳහා රට පුරා විවිධ ස්ථාන වල දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා.

ඒ සමගම කළ යුතු විශේෂම දේ වන්නේ තම රුධිර පරීක්ෂාවක් සිදු කර ගැනීමයි. මේ සඳහාම රුධිරය පරික්ෂා කිරීමේ මධ්‍යස්ථාන මේ වන විටත් රෝහල් කිහිපයකම පවත්වාගෙන යන අතර ලේ පරික්ෂා කිරීමෙන් පසුව තැලසීමියා රෝගියෙකු නම් රෝස පැහැති කාඩ් පතක්ද, රෝගියෙකු නොවේ නම් කොළ පැහැති කාඩ් පතක්ද ලබා දීමට කටයුතු කරනවා.

රෝස පැහැති කාඩ් පතක් හිමි අයෙක් තවත් රෝස පැහැති කාඩ්පතක් හිමි අයෙක් සමග විවාහ වීම සුදුසු නැහැ. එහි බලපෑම සිදුවන්නේ ඉන් උපදින දරුවාටයි.

රෝස පැහැති කාඩ්පතක් හිමි අයෙක් අනිවාර්යයෙන්ම කොළ පැහැති කාඩ් පතක් හිමි අයෙක් සමග විවාහ විය යුතුයි.

හැමකෙනෙක්ම දෙමාපියන් වන්නට පෙරුම් පුරනවා. ඉතින් ඔබ රුධිර පරීක්ෂාවක් කරගෙන දැනුවත් වී මේ අවධානමෙන් මිදෙන්න.

 

 

img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • දරුවන්ට භයානක ප්‍රතිඵල ගෙන දෙන තැලසීමියාව (Thalassemia)
බෙදාගන්න :
  • පුංචි දියණියගේ මිනී වල කපා ඇය මරණයට සුදානම් කරන පියෙක්

    පුංචි දියණියගේ මිනී වල කපා ඇය මරණයට සුදානම් කරන පියෙක්

  • දරුවන් සෙලවීම නිසා ඇතිවිය හැකි භයානක ප්‍රතිඵල

    දරුවන් සෙලවීම නිසා ඇතිවිය හැකි භයානක ප්‍රතිඵල

  • පුංචි දියණියගේ මිනී වල කපා ඇය මරණයට සුදානම් කරන පියෙක්

    පුංචි දියණියගේ මිනී වල කපා ඇය මරණයට සුදානම් කරන පියෙක්

  • දරුවන් සෙලවීම නිසා ඇතිවිය හැකි භයානක ප්‍රතිඵල

    දරුවන් සෙලවීම නිසා ඇතිවිය හැකි භයානක ප්‍රතිඵල

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it