theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දියණියගේ මල්වර වීම ගැන ඇය දැනුවත් කර තබන්නේ මෙහෙමයි

3 අවම කියවීම
දියණියගේ මල්වර වීම ගැන ඇය දැනුවත් කර තබන්නේ මෙහෙමයිදියණියගේ මල්වර වීම ගැන ඇය දැනුවත් කර තබන්නේ මෙහෙමයි

පෙර යොවුන් වයසේ දියණියකගේ පළමු ඔසප් වීම ගැන ඇය දැනුවත් කර තැබීම වැදගත්. මෙම ලිපිය කියවා ඒ ගැන මනාව දැනුවත් වන්න.

අද අප කතා කරන්නට යන්නේ වැඩිය ප්‍රසිද්ධියේ කතා කෙරෙන්නේ නැති කාරණාවක් ගැනයි. දියණියගේ මල්වර වීම ඇයගේ මෙන්ම දෙමාපිය අපගේත් විශේෂ සන්ධිස්ථානයක්.

පසුගිය දශකයේ බොහෝ දෙනා මේ සිදුවීම මහත් හරසරින් ලොකු උත්සවයක් සංවිධානය කර සමරනු ලැබූවා.

අද කාලයේ මෙසේ සැමරීමේ යම් කිසි අඩු වීමක් දක්නට ලැබුනද එවැනි උත්සව නොපවත්වෙනවාම නොවේ.

සාමාන්‍යයෙන් මල්වර වීම දියණියකගේ වයස අවුරුදු එකොළහත් දහතුනත් අතර වයසේ සිදු වේ.

නමුත්, අවුරුදු දහයේ සිට දාහත දක්වා කාලය තුළත් මල්වර වීම සිදු වන්නට පුළුවන්.

මෙය දියණියගේ නිරෝගී වැඩීම, හෝමෝන ක්‍රියාකාරිත්වය ආදී පසක් කර ඇය යෞවන වියට පා තැබීම සනිටුහන් කරන උතුම් මොහොතක්.

දරුවාගේ මල්වර වීම නොහොත් පළමු ඔසප් වීමට ඇය දැනුවත් කර සුදානම් කර තිබීම මේ සියලු දේට වඩා වැදගත්.

මේ ලිපිය ලියන්නේ ඔබත් පෙර-යොවුන් වියේ පසු වන දියණියකගේ මවක් නම්, මල්වර වීම ගැන ඇය දැනුවත්  කොට සුදානම් කල හැකි ක්‍රම කිහිපයක් ගැනයි.

දියණියගේ මල්වර වීම ගැන ඈ දැනුවත් කොට සුදානම් කල හැක්කේ මෙසේයි.

1. දියණියගේ මල්වර වීම නිසා හෝමෝන වෙනස් වීම් හේතුවෙන් ඇති වන චක්‍රිය කුප්තිය

මල්වර වීමට ප්‍රථම නොයෙකුත් හෝමෝන විෂමතා ඇති වන බව අප සැම දන්නා කරුණක්. මෙවන් විෂමතා හේතුවෙන් මනසේ හැඟීම්, සිතුවිලි යනාදියටද බලපෑම් ඇති වනවා.

දියණියගේ ඉක්මන් කේන්තිය, අසාමාන්‍ය කනස්සලු ගති වැනි වෙනස් කම් ඇති වන සෙයක් ඔබට හැගේද?

එසේ නම්  එයට හේතුව මේ හෝමෝන වෙනස් වීම් බව තේරුම් ගත යුතුයි.

මෙතුළින් දරුවා කෙරෙහි ඉවසීමෙන් හා අවබෝධයෙන් කටයුතු කිරීමට මාපිය අපට හැකි වනවා.

2. හෝමෝන වෙනස් වීම් නිසා ඇති වන ශරීරයේ වෙනස් කම්

මනසට මෙන්ම සිරුරටද මේ හෝමෝන ක්‍රියාදාමයන් නිසා බලපෑම් ඇති වනවා.

වැඩිවියට පත් වන්නට ආසන්න වන විට දියණියකගේ පියයුරු වල වෙනස් වීම්, ශරීරය වර්ධනය වීම, රෝම වර්ධනය වීම යනාදී වෙනස් කම් රැසක් ඇති වනවා.

මේ වෙනස් වීම් නිසා දැරිය ලජ්ජාශීලි වන අතර මේ සිදුවීම් තුල ඇතැම් දැරියන් මානසිකව පිඩාවට පත් වන්නට පුළුවන්.

දියණිය සමග මිත්‍රශීලීව ආශ්‍රය කිරීමෙන් ඇය අස්වසාලන්නටත් මේ වෙනස් වීම් ඉතා සාමාන්‍ය සිදුවීම් බව පසක් කර දීමටත් පහසුවෙන් හැකි වනවා.

යටි බඩේ හා  ඇඟ පතේ වේදනා ඇති විය හැකි අතර මෙවන් වෙනස් කම් ගැනද දැරිය දැනුවත් කර තිබීම වැදගත්.

3. දියණියගේ මල්වර වීම නොහොත් ඇගේ පළමු ඔසප් වීම ගැන අවබෝධ කර දිය යුතුයි.

හදිසි රුධිර වහනයක් දැක දැරිය බියපත් නොකිරීමට ඇයට කල් තියා මේ ගැන අවබෝධ කර තැබිය යුතුයි.

බොහෝ විට අද කාලයේ මේ ගැන දියණියන් සමග කතා බහ කිරීම පහසු වන්නේ ඔවුන් පාසලේ යෙහෙළියන් සමග කතා බස් කොට මේ ගැන යම් තාක් අවබෝධයක් ඇති කරගෙන සිටින නිසයි.

මේ ගැන ඔවුන්ගේ කුතුහලය ඉතා වැඩි අතර මේ ගැන බොහෝ ප්‍රශ්ණ කරනා ඔවුන් සතුව තිබෙනවා.

ඔබ දරුවා සමග මිත්‍රශීලි සමබන්ධතාවක් පවත්වන්නෙක් නම් මේ ගැන පහසුවෙන් ඇය හා කතා කොට අවබෝධ කර දෙන්නට පුළුවන්.

4. දරුවාට පළමු ඔසප් වීමට සුදානමින් සිටීමට අවශ්‍ය කළමනා කට්ටලයක් සකසා දීම.

මේ අවස්ථාව නොදන්නා මොහොතක සිදු වන නිසා යටි බඩේ වේදනාවක්, බද කොර වීමක් වැනි අපහසුතාවක් වේද?

එසේ නම් ඒ ගැන විමසිල්ලෙන් සිටීමට ඇය දැනුවත් කර තැබිය හැකියි.

දියණියට මෙයට පහසුවෙන් මුහුණ දීමට අව්හෂ්‍ය කළමණා කට්ටලයක් පිළියෙළ කර දීම ඉත වැදගත්.

සුරැකි පසුම්බියක් තුලට සනීපාරක්ෂක තුවා කිහිපයක්, දිග ලියුම් කවර කිහිපයක් හා වැඩිපුර යට ඇඳුමක් ඇතුළත් කර දිය යුතුයි.

පාසලේදී ඔසප් වීම සිදු  වුවහොත් අන්ද සිටින යට ඇඳුම කවරයක දමා ඉවත් කරන්නට දැනුවත් කල යුතුයි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

මේ අතර සනීපාරක්ෂක තුවායක් පාවිච්චි කරන ආකාරය පිළිබඳවද ඇය දැනුවත් කල යුතුයි.

කාන්තාවකගේ යොවුන් මල් වියට එළඹෙන මල්වර වීම ඉත සොඳුරු මොහොතක් වනවා සේම අති පුද්ගලික මොහොතක්ද වනවා.

නුතන කාලයේ දු දරුවන් අප කුඩා අවධියේ දරුවන්ට වඩා වෙනස් සිතුම් පැතුම් දරනවා. මාගේ පුද්ගලික මතය නම් ඔවුන් අපහසුතාවයකට පත් නොවන ලෙස මේ උත්සවය පැවැත්වීමයි. 

තම පවුලේ අය සමඟ සුදුසු ආගමික වතාවත් ඉටු කර චාම් වත් පිළිවෙතකින් සැමරීම තුළින් එය ඔබේ ආදර දියණියට මිහිරි සිහිවටනයක් කර දියහැකි බවයි.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • වර්ධනය
  • /
  • දියණියගේ මල්වර වීම ගැන ඇය දැනුවත් කර තබන්නේ මෙහෙමයි
බෙදාගන්න :
  • මල්වර දිනය මංගල්‍යක් නොකරගෙන එහි අරුත පුංචි දියණියට කියා දෙන්න.

    මල්වර දිනය මංගල්‍යක් නොකරගෙන එහි අරුත පුංචි දියණියට කියා දෙන්න.

  • මල්වර වෙන වියේ වර්ධනය: මල්වර වෙන වියේ ඉන්න දෝණිගේ වර්ධනය මෙහෙම ඉහල නංවමු.

    මල්වර වෙන වියේ වර්ධනය: මල්වර වෙන වියේ ඉන්න දෝණිගේ වර්ධනය මෙහෙම ඉහල නංවමු.

  • මල්වර දිනය මංගල්‍යක් නොකරගෙන එහි අරුත පුංචි දියණියට කියා දෙන්න.

    මල්වර දිනය මංගල්‍යක් නොකරගෙන එහි අරුත පුංචි දියණියට කියා දෙන්න.

  • මල්වර වෙන වියේ වර්ධනය: මල්වර වෙන වියේ ඉන්න දෝණිගේ වර්ධනය මෙහෙම ඉහල නංවමු.

    මල්වර වෙන වියේ වර්ධනය: මල්වර වෙන වියේ ඉන්න දෝණිගේ වර්ධනය මෙහෙම ඉහල නංවමු.

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it