දරුවන්ට විධිමත් නිදහසක් ලබා දෙන්නේ මෙහෙමයි

දරුවන්ට විධිමත් නිදහසක් ලබා දෙන්නේ මෙහෙමයි

දරුවන්ට නිදහස දෙන්න භිය වන්න අවශ්‍ය නැහැ. එය ක්‍රමානුකුලව සිදු කරන්නට පුළුවන් ක්‍රම 4ක් මේ.

දරුවන්ට නිදහස ලබා දිය යුතුයි කිවහොත් බොහෝ දෙමාපියන් එක් වරම තිගැස්සෙන්න පුළුවන්. නිදහසට අපි කවුරුත් කැමතියි. ක්‍රමවත්ව හා විධිමත්ව අපගේ දරුවන්ට මේ නිදහස ලබා දෙන්නට පුළුවන්.

ඇත්තෙන්ම දරුවන් හට නිදහස උවමනාද? නිදහස, අසීමිත වූ කිසිදු රාමුවකින් තොර වූ අත්දැකීමකි.

නිදහස තුල දරුවන් ඇති දැඩි කිරීම තුළින් දරුවන් අනුන්ගේ නිදහසට ගරු කරන, අන් අයට කරදරයක් නැතිව ජිවත් වන දරුවකු ලෙස පරිනත වීම විශේෂත්වයක්.

එම නිසා අප භුක්ති විඳින නිදහස තුළ ජීවිතයේ නිදහස දරුවන්ට ලබාදීමත් දෙමාපියන් ලෙස අපෙන් ඉටුවිය යුතු වගකීමක්.

ක්‍රමානුකුලව දරුවන්ට නිදහස ලබා දෙන්නේ කෙසේද?

1. අන් අයගේ නිදහසට ගරු කරන්න

දරුවන්ට නිදහස

නිදහස යන වචනයේ සැබෑ අරුත අපේ ජීවිත වලට බැඳී තියෙනවා. රටේ ජීවත් වන හැමෝගෙම සිත් නිදහස් විය යුතුයි. අන් අයගේ නිදහස ගරු කරන්න අපි ඉගෙන ගත්තොත් අන් අයත් අපට පෙරලා අපේ නිදහසට ගරු කරන බව ඔවුන්ට කියාදෙන්න.

2. ගෙදර පුංචි දෙයකින් ඔබට ඒ කතාව කියාදෙන්න පුළුවන්

දරුවා සෙල්ලම් කරන අතරතුර ඔබ පොතක් කියවන්න පටන් ගන්නවා. නමුත් ඒ එක්කම දරුවා මේ දැන් කාලා ඉවරවෙලා හිටියත් ඔහුට බඩගිනි බව කියනවා. ඔබේ අවධානය ගන්න ඔහු මෙය කරන බව දන්නවා.

ඒත් මොහොතෙන් අම්මා පුතාට දුන්න නිදහස වගේම අම්මාත්  නිදහසේ මේ පොත කියවන්න කැමති බව දරුවට කියාදෙන්න.

දරුවන්ට විධිමත් නිදහසක් ලබා දෙන්නේ මෙහෙමයි

දරුවා යමක් තේරුම් ගතහැකි අවධියක ඉන්නවා නම් ඔහුට මෙය තවමත් තේරුම් ගන්න බැරි නම් දැන් ඔබට ඔහුගේ සෙල්ලමට බාධා කර බලන්න පුළුවන්. “දැන් ඇති අපි කෑම කමු” ඉන් දරුවාට හැඟෙන දුක, කේන්තිය අම්මාටත් පෙරලා දැනෙන බව කියාදෙන්න.

ඔබටත් මටත් නිදහස වටින්නේ ඒ නිසා බව කියා දෙන්න. එවිට දරුවන් වැඩිහිටියන් වූ විට කාටත් කරදරයක් නැති දරුවන් බවට පත්වීමේ අනර්ඝ සතුට දෙමාපියන් ලෙස ඔබට භුක්ති විඳින්න පුළුවන්.

අවුරුදු 72ක් පරණ මේ අතීතයේ අපට නිදහස නැති වීමට හේතුවත් එයම බව ඔබට වැටහේවි.

තවත් ජාතියක් නැතිනම් රටක් අන් අයගේ නිදහසට ගරු නොකිරීම නිසා ඔවුන්ට අපේ රට පාලනය කරන්නට හා අයිති කර ගන්නට සිතුනේ මේ සිතුවිල්ලේ දැඩි අවස්ථාවේදී බව දැන් ඔබට වැටහේවි.

ඒ නිසා අපේ පුංචි පැටවුන්ට අන් අයගේ නිදහසේත් තමන්ට ඇති නිදහසේත් සීමාවන් වටිනාකම් කියාදීම හරිම වැදගත්. අපේ සීමාව ඉක්මවා යාමත් අන් අයට ඊට ඇති අයිතියත් ගැන ගෙදරින් ඉගෙන ගන්න පාඩම් ඔවුන් හෙට දවසේ ලෝකයට ගෙන යනවා. ඉන් ඔවුන් වගේම තවත් පිරිසක් දුකට පත්වීම අපි නොකළ යුතු බව ඔවුන්ට කියාදෙන්න.

3. දරුවන්ට නිදහස සෙල්ලමෙන් ඉගෙන ගන්නට සලසන්න

අයියා කැමති ක්‍රීඩාවට මල්ලි අකමැතියි. මල්ලිත් එහෙමයි. ඉතින් දෙන්නා දෙන්නට කැමති ක්‍රීඩාව කරන්නත් අයියට නිදහස දෙන්නත් ඔබට කියාදෙන්න පුළුවන්.

දරුවන්ට නිදහස

අනෙක් අතට පුංචි පුංචි සත්තු නිදහසට කොයි තරම් කැමතිද කියලා ඔවුන්ව සිරකරගෙන ඉන්න කොට ඔවුන්ට කොයිතරම් පීඩාවක් ද කියලත් ඔබට කියාදෙන්න පුළුවන්. නිතරම එය තමන්ට වුනොත් දරුවාට හිතෙන දේ ගැන ඔහුට  සිහිකර දීමෙන් ඔහු එහි ගැඹුර වටහා ගන්නවා.

4. දරුවන්ට නිදහස දීමේදී ජීවිතයට නිදහස දෙන්න

නිවස තුළ අපි එකිනෙකාට නිදහස දීම තුළින් නිවස සාමකාමී පරිසරයක් වන බවත් ඔබට මේ නිදහස් දිනයේ දරුවට කියාදෙන්න පුළුවන්. ඊට ඔබේ යොමුවීම හුඟක් වැදගත්.

නිවාස තුළදී ඔහුට කැමති දෙයක් කරන්න යම් කාලයක් ලබාදීම තුළින් ඔවුන්ගේ සිතට නිදහසක් දැනෙනවා. අප දෙමාපියන් වූ පමණින් අපට ඔවුන්ගේ නිදහස හැසිරිය හැකිද? නිදහසේ හැදෙන දරුවෙකු හා නිවස තුළ සිරවී හැදෙන දරුවන් අතර විශාල වෙනස්කම් තිබෙනවා.

නිදහස කිව්වත් සීමාවන් තුළ දරුවෙකු හැදීම, වැඩීම වැදගත් වුවත් එහි පමණ අපි අවබෝධ කරගත යුතුයි. නිදහස් දරුවන් නිර්මාණශීලි, කලහකාරී නොවන සෞම්‍ය දරුවන් බවට පත් කරනවා. දිගුකාලීනව මේ නිසාම දරුවන් කාටත් කරදරකාරී නැති දරුවන් බවට පත් වෙනවා.

theAsianparent Sri Lanka අපෙන් ඔබට නිදහස් අදහසක්.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

Any views or opinions expressed in this article are personal and belong solely to the author; and do not represent those of theAsianparent or its clients.

Written by

Niloufer Perera

කතන්දර ලිපි