theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ දරුවාට උස යාම වැඩි කරගන්න උදව් වන පහසු ව්‍යායාම් ක්‍රම 4 ක්

3 අවම කියවීම
ඔබේ දරුවාට උස යාම වැඩි කරගන්න උදව් වන පහසු ව්‍යායාම් ක්‍රම 4 ක්ඔබේ දරුවාට උස යාම වැඩි කරගන්න උදව් වන පහසු ව්‍යායාම් ක්‍රම 4 ක්

මේ ව්‍යායාම ඔබේ දරුවාට තවත් අඟල් කිහිපයකින් උස වැඩි කරගන්න හුඟක් උදව් වේවි.

උස පුද්ගලයින් හුඟක් විනෝදයෙන් හා සතුටින් වගේම සාර්ථකව ඔවුන්ගේ ජීවිත ගත කරන බව අධ්‍යන මගින් පෙන්වනවා. මේ ව්‍යායාම ඔබේ දරුවාට තවත් අඟල් කිහිපයකින් උස වැඩි කරගන්න හුඟක් උදව් වේවි.

හැම දෙමාපියෙකුටම අවශ්‍ය ඔවුන්ගේ දරුවන්ට සාර්ථක ජීවිතයක් ගත කරන්න හොඳම දේ ලබා දෙන්නයි. සමහර අවස්ථා වලදී උස පිළිබඳ ඔබේ මනසට ප්‍රශ්න නැගෙන්න පුළුවන්. ඔබ ඔබේ දරුවාට උස යන්න උදවු කරන්නේ කොහොමද?

උස ඔබේ දරුවාගේ අනාගතයට විශ්මිත ලෙස වැදගත් වන දෙයක් බව පරීක්ෂණ මගින් සනාථ කර තියෙනවා.

උස වැඩිවීම දරුවෙකුගේ අධ්‍යාපනය හා රැකියාවෙන් ඉහළට යාමට බලපෑමක් ඇති කරනවා.

සාමාන්‍ය උස වාර්තාවට අනුව ඔවුන්ගේ මිටි ප්‍රතිරූපයට වඩා උස වීම ඔවුන්ට සතුටක්. මේ අදහස වෙනස් ආකාරයේ වුනත් මේ කරුණු නිසා ඔබේ දරුවන්ගේ ජීවිතයේ ලොකු වෙනසක් වෙන්න පුළුවන්.

වාසනාවකට එය පාලනයෙන් සම්පුර්ණයෙන්ම ඉවත් වන්නේ නැහැ. ඇමරිකාවේ විද්‍යාත්මක මතයට අනුව 60-80% අතර උස යාමට ජාන වල බලපෑම ඇති බව පවසනවා.

උස යාමට 20-40% ට පාරිසරික සාධක, පෝෂණය හා ව්‍යායාම බලපෑ හැකි බව පැවසෙනවා. සතුටුදායකම කාරණය තමයි 40% ක් ප්‍රමාණයක් ආසියාව තුළ ඉහත සඳහන් සාධක තිබීම.

උස යාමේ කාලය පසු කලත් තව අඟලක් දෙකක් වැඩි කරගන්න ක්‍රියාකාරීත්වයෙන් වැඩි ව්‍යායාමයක යෙදීම තුළින් පුළුවන්. යෞවන වියේදී එනම් අවුරුදු 16 දී පිරිමි ළමුන් ඔවුන්ගේ උපරිම උසට ළඟා වෙනවා. නමුත් ගැහැණු ළමුන්ගේ එය අවුරුදු 14-15 දී සිදුවෙනවා.

ඔබේ දරුවාගේ උස මේ නිසා එකවර පෙනෙන ලෙස සිදුනොවුනත් එය අඟල් එකකින් දෙකකින් ක්‍රමයෙන් සිදුවන්නට පුළුවන්. එය ඉතා සුළු වුවත් ඒ මගින් ඔබේ දරුවන්ට නිවැරදි ඉරියව් ලබාගැනීමට හා ශක්තිමත් ශරීරයක් ලබාගන්න පුළුවන්.

  1. පිටකොන්ද ඇදීමේ ව්‍යායාම

මෙම ඇදීමේ ව්‍යායාම මගින් කශේරුකාවේ නම්‍ය බව හා කොඳු ඇට පෙළ නිවැරදිව පෙළ ගැසීම ඇති කරනවා. පහසු සහ දරුවන්ට සමීප උස යාමට සාර්ථක යතුරක් වන මෙම ව්‍යායාම මගින් කොඳු ඇට පෙළේ කාටිලේජ දිග්ගස්සමින් නම්‍යතාවය ඇති කරනවා.

ඔබේ දරුවාට උස යාම වැඩි කරගන්න උදව් වන පහසු ව්‍යායාම් ක්‍රම 4 ක්

ඔබේ දරුවාට උස යාම වැඩි කරගන්න උදව් වන පහසු ව්‍යායාම් ක්‍රම 4 ක්

මෙය click කර ව්‍යායාමය සඳහා සම්පූර්ණ උපදෙස් ලබාගන්න.

  1. ඉරියව් පිළිබඳ ව්‍යායාම

බර පාසල් බෑග් ඔසවාගෙන හෝ දිගු පැය ගණනක් පරිඝනකය අසල සිටීමෙන් දරුවන්ට හොඳ ඉරියව්වක් සාදා ගැනීමට නොහැකි වෙනවා. ස්ථාවර උස මගින් ඔබේ දරුවාගේ කොඳු ඇට පෙළ සම්පුර්ණයෙන් ශක්තිමත් කරනවා.

මෙම විනෝදජනක ව්‍යායාමය ඔබේ දරුවාව ශක්තිමත්ව හා සෞඛ්‍ය සම්පන්නව තැබීමට උදව් වේවි.

මෙම නිවැරදි ඉරියව් මගින් කශේරුකාව දිග්ගස්සනවා පමණක් නොවෙයි. ඔබේ දරුවා හුඟක් විශ්වාසයෙන් තබනවා.  පාසලේ ඉදිරිපත් කිරීමකදී හෝ රැකියාවක සම්මුඛ පරීක්ෂණයකදී මෙය ඔවුන්ට හොඳ අවස්ථාවක් වෙනවා.

 

මෙය click කර ව්‍යායාමය සඳහා සම්පූර්ණ උපදෙස් ලබාගන්න. 

  1. ගෙලට ව්‍යායාම

පිටුපස මෙන්ම දිගු හා ශක්තිමත් ගෙලක් තිබීමෙන් ශරීරයට අමතර අඟල් කිහිපයක් උස වැඩි කරගන්න පුළුවන් වෙනවා. මෙම ගෙල සඳහා කරන සරල ව්‍යායාම මගින් පීඩනය නැති කර තයිරොයිඩ් ග්‍රන්ථි උත්තේජනය කිරීමට හා වර්ධනය කිරීමට හැකි බව ගුරු මිකේ මෙහෙතා මහතා පවසනවා.

 

මෙය click කර ව්‍යායාමය සඳහා සම්පූර්ණ උපදෙස් ලබාගන්න.

  1. සිරස්ව එල්ලීම

ගුරුත්වාකර්ෂණය මගින් ලබා දෙන පීඩනය සුළු වෙලාවකට කොඳු ඇට පෙළේ කාටිලේජ වලට සම්පීඩනයක් ලබා දෙනවා. අභ්‍යවකාශයේදී ගගනගාමීන්ගේ උස 3% කින් වැඩිවීමට හේතුව වන්නේ මෙයයි.

බර තෙරපුමක් මේ මගින් කශේරුකාවට ඇති කරන අතර එය කුඩා සම්පීඩනයක් ඇති කරන බව සෞක්‍ය පිළිබඳ ගුරු මිකේ මෙහෙතා පවසනවා. දිගු කාලීනව මෙය කිරීම මගින් ඔබේ දරුවාගේ උස අඟලකින් හෝ දෙකකින් වර්ධනය කර ගැනීමට පුළුවන්. මන්ද හැම අඟලක්ම උසට වැදගත් වෙන නිසා.

ඔබේ දරුවාට උස යාම වැඩි කරගන්න උදව් වන පහසු ව්‍යායාම් ක්‍රම 4 ක්

මෙය click කර ව්‍යායාමය සඳහා සම්පූර්ණ උපදෙස් ලබාගන්න.

ඉක්මනින් උස යන්න උත්සාහ කරන පොඩ්ඩන්ට උදව්වෙන්න theAsianparent Sri Lanka මේ ලිපිය සකස් කළා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • දරුවන් ලොකු මහත් කිරීම
  • /
  • ඔබේ දරුවාට උස යාම වැඩි කරගන්න උදව් වන පහසු ව්‍යායාම් ක්‍රම 4 ක්
බෙදාගන්න :
  • දරුවාගේ උපරිම උස ළඟා කරගන්න දෙමාපියන්ට කළ හැකි දේවල් කිහිපයක්

    දරුවාගේ උපරිම උස ළඟා කරගන්න දෙමාපියන්ට කළ හැකි දේවල් කිහිපයක්

  • ඔබේ දරුවාට උස යන්න උදවු කරන්න මේ කෑම තෝරා දෙන්න

    ඔබේ දරුවාට උස යන්න උදවු කරන්න මේ කෑම තෝරා දෙන්න

  • දරුවාගේ උපරිම උස ළඟා කරගන්න දෙමාපියන්ට කළ හැකි දේවල් කිහිපයක්

    දරුවාගේ උපරිම උස ළඟා කරගන්න දෙමාපියන්ට කළ හැකි දේවල් කිහිපයක්

  • ඔබේ දරුවාට උස යන්න උදවු කරන්න මේ කෑම තෝරා දෙන්න

    ඔබේ දරුවාට උස යන්න උදවු කරන්න මේ කෑම තෝරා දෙන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it