theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවා නිදිකරවීම: ඔබේ දරුවා නිවසෙන් පිට නිදිකරවන්නේ මෙහෙමයි

3 අවම කියවීම
දරුවා නිදිකරවීම: ඔබේ දරුවා නිවසෙන් පිට නිදිකරවන්නේ මෙහෙමයිදරුවා නිදිකරවීම: ඔබේ දරුවා නිවසෙන් පිට නිදිකරවන්නේ මෙහෙමයි

සීතල, නුහුරු තැනක දරුවා නිදා කරවීම අභියෝගයක් විය හැකිය. එය පහසු කිරීම සඳහා ක්‍රම කිහිපයක් මෙන්න.

හෝටල් කාමරයක දරුවා නිදිකරවීම සියළුම දෙමව්පියන්ට ඇති පොදු කනස්සල්ලට කරුණක් වේ.

ඔබ මවක් වීමෙන් පසු, ඔබ ඔබේ දරුවාගේ සියලු අත්‍යවශ්‍ය දේවල් ඇසුරුම් කර ඇති බවට වග බලා ගැනීම පමණක් නොව ඔබ සංචාරයේ සිටියදී ඕනෑම දෙයක් සඳහා සූදානම් විය යුතු බව ඔබ දන්නවා.

ගුවන් යානයක දරුවා නිදිකරවීම නිසැකවම අභියෝගයකි. නමුත් දෙමාපියන් මුහුණ දෙන අනපේක්ෂිත කරදරයක් වන්නේ හෝටල් කාමරයට ගිය පසු ඔවුන් නිදි කරවා ගැනීමයි.

ඔබට හෝටල් කාමරයක් සුවපහසු, විනොදජනක විය හැකි  නමුත්, ඔබේ පුංචි පැටියාට එය සීතල, නුහුරු තැනක් වෙන්න පුළුවන් .

හොටෙල් කාමරයත් නිවස වගේ දැනෙන්න සලස්වන්නේ මෙහෙමයි. මම්ස් ඔන් ලයින් (mums online) හි උපදෙස් අනුව ඔබේ අනර්ඝ දරුවාට ඔවුන්ගේ ප්‍රීතිය භුක්ති විඳින්න පුළුවන්.

නුපුරුදු තැනකදි දරුවා නිදිකරවීම

ඔබ ගැලපෙන හොඳම කාමරය තෝරගන්න

නිවැරදි කාමරයේ තෝරා ගැනීම කල හැකි හොදම දේ වෙනවා.

ඔබ හා ඔබේ දරුවා සඳහා තනි කාමරයක් තෝරා ගැනීමක් නොකිරීමට බොහෝ දෙමාපියන් කැමතියි.  බොහෝවිට  යාබද කාමර හෝ කාමර කට්ටලයක් වෙන් කර ගැනීම ඔබට වඩා හොඳ වේවි.

එහෙත් අමතර කාමරයකට සදහා ඔබට මුදල් වැය කිරීමට නොහැකි නම් ගමන් මාර්ග වලින් ඉවත ඇති ශාලාව කෙලවරේ ඇති කාමරයක් තෝරා ගැනීමට වග බලා ගන්න.

සෘජු හිරු එළිය පැමිණෙන්නේ නැති ජනේල ඇති  කාමරයක් තෝරා ගැනීමෙන් දිවා කාලය තුළද ඔබේ කුඩා දරුවාට නින්දක් ලබා ගත හැකි වනු ඇත.

නමුත් විකල්ප භාවිතා කරන්න.

ඔබ ඔබේ කාමරයට ඇතුල් වීමට පෙර, කළමනාකරණය හෝ පිළිගැනීමේ කවුන්ටරය වෙත ගොස් ඔබට හොඳම කාමරය ලැබී ඇතිදැයි පරීක්ෂා කර බැලීමට වග බලා ගන්න.

ඔබේ කාමරයට දීප්තිමත් ආලෝකය හෝ අධික ශබ්දයක් එන බවක් ඔබට පෙනී යයි නම්, ඔවුන්ට දන්වන්න.

ඔවුන් ඔබට වෙනත් කාමරයක් ලබා දිය නොහැකි නම් වික්ලපයක් සොයාගන්න.

දරුවා නලවන උපකරණ ගෙන එන්න.

රාත්‍රී විදුලි බුබුලු හා සුප්පුව  සදහාද පිටිකිරි බොතලය හා ඩයිපර් වෙත ලබා දෙන ප්‍රමුඛතාවය ලබා දී ඇසුරුම් කිරීම  කළ යුතුය.

ඔබේ පුංචි පැටියා ඇද මත විප්ලවයක් කරද්දී නිවසේ හුරු පුරුදු බව ලබාදෙන මේවා  ඔබේ හොඳම මිතුරන් වනු ඇත.

ඔවුන් නිදා ගත් පසුත් මවට හා පියාට මද අස්වැස්ල්ලක් ලබා දෙන බේබි මොනිටර් වැනි උපකරණ ඔබට තනිව විනෝදයෙන් කාලයක් ගත කිරීමට අවස්ථාව ලබා දෙනු ඇත.

ඔබේ දරුවා සඳහා සුරක්ෂිත නිදාගන්නා ස්ථානයක් සකස් කරන්න.

ඔබේ දරුවා තොටිල්ලේම නිදා ගැනීමට පුරුදු වී ඇත්නම්  ඔවුන් සාමාන්‍ය ඇඳක නිදි කරවීම ඔබට දුෂ්කර වනු ඇත.

සමහර හෝටල් අමුත්තන් සමග සිටින ළදරුවන් සඳහා තොටිල්ලක් සපයන නමුත් මෙය සැමවිටම  සිදු නොවේ. ඒමනිසා සූදානම් වීම සුදුසු වේ.

ඔවුන්ගේ හුරුබුහුටි නිදියහන නැවත නිර්මාණය කිරීම සඳහා එක් මාර්ගයක් වන්නේ ඔබ අතේ ගෙන යා හැකි තොටිල්ලක් ගෙන යාමයි.

කාමරයක් සිසිල් සහ අඳුරු වූ විට බිලිඳුන් හොඳට නිදාගනියි. මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා, නිදසුනක් ලෙස, තිර රෙද්ද මත අතිරේක බ්ලැන්කට් හොදා ඔබට ආවරණය කල හැකිය.

එසේත් නැතිනම් ආලෝකය නොඒන ලෙස තිර රෙදි සකස් කරන්න.

පුංචි ප්‍රයන්තයකින් ඔබට ඔබේ දරුවා හෝටල් කාමරය තුල සුවස සේ නිදි කරවන්න පුළුවන්.

ඔබේ සුපුරුදු නින්දට අදාල  චර්යාව පවත්වාගන්න. සුපුරුදු සෙල්ලම් බඩු, ශබ්ද ,සිංදු රැගෙන එන්න. ඔබ ඔබේ දරුවාව හොදින් දන්නවා.

නුපුරුදු තැනකදි ඔබේ දරුවා නිදිකරවීම සදහා  අවැසි මේ තොරතුරු ඔබ වෙත ගෙන ආවේ the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දරුවාගේ නින්ද
  • /
  • දරුවා නිදිකරවීම: ඔබේ දරුවා නිවසෙන් පිට නිදිකරවන්නේ මෙහෙමයි
බෙදාගන්න :
  • "අම්මි මම තව ටිකක් ඇහැරිලා ඉන්නද?" ඔබ මීට "එපා" කිව යුතු ඇයි?

    "අම්මි මම තව ටිකක් ඇහැරිලා ඉන්නද?" ඔබ මීට "එපා" කිව යුතු ඇයි?

  • දරුවන්ට රාත්‍රියට සුව නින්දක් ගෙන එන ආහාර

    දරුවන්ට රාත්‍රියට සුව නින්දක් ගෙන එන ආහාර

  • "අම්මි මම තව ටිකක් ඇහැරිලා ඉන්නද?" ඔබ මීට "එපා" කිව යුතු ඇයි?

    "අම්මි මම තව ටිකක් ඇහැරිලා ඉන්නද?" ඔබ මීට "එපා" කිව යුතු ඇයි?

  • දරුවන්ට රාත්‍රියට සුව නින්දක් ගෙන එන ආහාර

    දරුවන්ට රාත්‍රියට සුව නින්දක් ගෙන එන ආහාර

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it