theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පරිඝණක වෛරස ගැන දෙමාපිය අපි කරදර විය යුතුද?

5 අවම කියවීම
පරිඝණක වෛරස ගැන දෙමාපිය අපි කරදර විය යුතුද?පරිඝණක වෛරස ගැන දෙමාපිය අපි කරදර විය යුතුද?

පරිඝනක වයිරස් අසාදන අපගේ පවුලට බලපාන්නේ ආකාරයත්, ඉන් මිදෙන ආකාරයත් ගැන දැනුවත් වමු.

බොහෝ දෙමව්පියන් අන්තර්ජාල විලෝපිකයන්ගෙන් ළමයින් ආරක්ෂා කිරීම ගැන කරදර වනවා. දරුවන්ගේ ආරාක්ෂාව තහවුරු කිරීමට ඒ වෙනුවෙන් බොහෝ කාලයක් ගත කරනවා. නමුත් පරිඝණක වෛරස හෝ අනිෂ්ට මෘදුකාංග වලින් තම දරුවන් හා පවුලේ අය ආරක්ෂා කරගත්‍ය් යුතු බාව් ඔවුන් සිතනවාද? 

කලකට ඉහතදී කප්පම් ගැනීමකින් නතර වුණු, ලංකාවට පවා බලපෑ පරිඝණක වෛරස විශේෂයක් ගැනද මේ අවස්ථාවේ සිහිවනවා.

එවකට Newsfirst අඩවියේ පල වූ පුවත අනුව මෙම වෛරසය එකල මන්දගාමිව ව්‍යාප්ත වුවද, මෙයින් පරිඝණක ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයකට බලපෑම් වූ බව වාර්තා වුණා.

මේ නිසා නොසිතන වේලාවල් වල ඇතිවිය හැකි මෙවන් සයිබර් ප්‍රහාර වලට සූදානමින් සිටීම දෙමාපිය අපට ඉතාම වැදගත් වනවා. මෙවැනි දැවැන්ත සයිබර් ප්‍රහාර අනාගතයේදී බහුලව සිදුවිය හැකි බවට අනතුරු ඇඟවෙනවා.

ඉහත සඳහන් Ransomwareහි විශේෂත්වයක් වූයේ එය පරිඝණකයක දත්ත සියල්ලක්ම අතුරුදහන් කළා පමණක් නොව, ඒවා යලි ලබා  දීමට විශාල කප්පම් මුදලක් ඉල්ලා සිටීමයි.

මෙම ප්‍රවුත්තියෙන් මාපිය අපට බලපෑමක් නැතැයි හැඟුනද, විදෙස් වාර්තා අනුව එංගලන්තයේ රෝහල් පවා මෙයින් මොහොතකට අක්‍රිය වූ බවත්. වෛද්‍යවරුන් පොත් පැන්සල් උපයෝගී කරගනිමින් රෝගීන්ගේ කටයුතු පවත්වාගෙන ගිය බවත් දැනගත් විට අප ජිවිත පවා පරිඝණකයක් මත රැඳී ඇති සෙයක් මොහොතකට හැඟී ගියා.

අද පරිඝණකය හා ජංගම දුරකථන අප එදිනෙදා ජීවිතය ආක්‍රමණය කර තිබෙනවා.

අපගේ දින දසුන්, කෙටි පණිවුඩ, දුරකථන අංක, ගී එකතුවන් පමණක් නොව, සියලු වැදගත් වාර්තා, ලිපි ලේඛන කැටිවූ ඊ-මේල්.ගිණුම් සහ වැදගත් අවස්ථා ග්‍රහණය කරගත් වීඩියෝ පට හා චායරූපද අපගේ ජංගම දුරකථන හරහා අන්තර්ජාලයේ තැන්පත් වී තිබෙනවා.

ස්වයංවින්දනය

අපගේ බැංකු ගිණුම් සියල්ලම පාහේ පරිඝණකගත කර ඇති අතර අප බොහෝ දෙනෙක් බැංකු ගණුදෙණු කරන්නේ අන්තර්ජාලය ඔස්සේ.

ඔබ ඔබේම ව්‍යාපාරයක් පවත්වාගෙන යන කෙනෙක් නම් ඊට අදාල ලිපි ගොනුද බොහෝ විට තැන්පත් කරන්නේ පරිඝණක තුළයි.

ලෝකයේ විශාලතම රටවල් වල රාජ්‍ය අමාත්‍යයංශ හා සෞක්‍ය දෙපාර්තමේන්තු අඩපණ කිරීමට මෙවැනි මෘදුකාංග සමත් වේ නම් අපගේ දත්ත තොරතුරු අතුරුදහන් කිරීම ගැන කුමන කතාද?

මේ නිසා මෙය පාඩමක් කොට ගෙන අපගේ සියලුම දත්ත තොරතුරු හා වැදගත් ලිය කියවිලි ඇතුළු සියලු දත්ත ආරක්ෂා කර ගැනීමට යුහුසුළු විය යුතුයි.

මයික්‍රොසොෆ්ට් ආයතනය පවසන පරිදි ඉදිරියේදී පරිගණක මෘදුකාංග වලට මෙවැනි දැවැන්ත සයිබර් ප්‍රහාර එල්ල විය හැකිය.

ඒ අතර ලොව පුරා අදාල බලධාරීන් ඊට පිළියම් නොයෙදුවොත් පරිගණක මෘදුකාංගවලට ලොකු විනාශයක් සිදුවිය හැකි බවට පෙන්වා දෙනවා.

එපමණක් නොව, මේ ගැන මනාව දැනුවත් සිටීම තවත් වැදගත් වන්නේ, ඒ ගැන අප දරුවන්වද දැනුවත් කළ යුතු නිසයි.

පාසල් වැඩ වලට පවා පරිඝණක නැතිව බැරි යුගයක, පරිඝණක වෛරස ගැනත්, ඒවායේ ආදීනව ගැනත්, දරුවන් දැන සිටීම ඉතා වැදගත්. ඉන් මුළු පවුලේම ආරක්ෂාවද තහපවුරු කළ හැකි වනවා.

ඔබේ දරුවන් පරිගණකයක් භාවිතා කරන්නේ නම්, ඒවා අන්තර්ජාලය තුළ ආරක්ෂිතව තබා ගැනීම පිළිබඳ සියලු මූලික කරුණු ඔබ දන්නවා ඇති.

චැට් රූම් වල ඔවුන්ගේ සැබෑ නම් නොදෙන්නැයි ඔබ ඔවුන්ට පවසා ඇති අතර, ඔවුන් නිවසේ මධ්‍යම කාමරයක පරිගණකය භාවිතා කරන බවට වග බලා ගන්න.

ඔබ ඔවුන්ගේ විද්‍යුත් තැපැල් සහ ක්ෂණික පණිවිඩවල ඕනෑම වේලාවක ප්‍රවේශ වීමේ හැකියාව තබාගන්න.

පරිඝණක වෛරස වලින් ආරක්ෂා වීමට, ඔබ කළ යුතු සියල්ලම ඔබ අතින්  ඔබ කරනවා යැයි සිතීමට ඔබ පෙළඹෙනු ඇත. එහෙත්, ඇත්ත වශයෙන්ම, මෙය පහසු කාරියක් නොවේ. 

ඔබ ළමයින්ව අන්තර්ජාලය තුළ ආරක්ෂිතව තබා ගැනීම ගැන කරදර වන අතර, පරිගණකයද ආරක්ෂිතව තබා ගැනීමේ අවශ්‍යතාවය ඔබ තහවුරු කළ යුතුය.

දරුවන් නොදැනුවත්ව හෝ පරිඝණක වෛරස ආකර්ෂණය කළ හැක්කේ කෙසේද? 

ළමයින්ට හිතකර අඩවි වල පවා ක්ලික් කළ හැකි දැන්වීම් තිබිය හැකිය; ළමයින්ට නව iPod එකක් දිනාගෙන ඇති බව දැනුම් දෙන දීප්තිමත්, දැල්වෙන බැනර්; හෝ ආකර්ෂණීය නව සමීක්ෂණයකදී ඡන්දය ප්‍රකාශ කිරීමට ආරාධනා කරයි.

පරිඝණක වෛරස

මෙයට ආකර්ෂණය වන දරුවා තිර කිහිපයක් ක්ලික් කිරීමෙන් පසුව ඔහුගේ/ඇයගේ තැපැල් ලිපිනය ඇතුළත් කරයි. 

මන්ද නොමිලේම අළුත් iPod එකක්  ලබාගන්නා එකම ක්‍රමය එය නිසයි.

ඔබේ පරිගණකය ඔබ නොදැනුවත්වම නැවුම් ස්පයිවෙයාර් වලින් නැහැවී ඇත. 

මෙයට එකම ප්‍රතිකර්මය වන්නේ ඔබේ අධීක්ෂණය යටතේ පමණක් දරුවා පරිඝණකය භාවිතා කිරීමත්, ඔබ කියන දේ ඇසීමට දරුවා පෙළඹවීමත්‍ ය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

පරිඝණක වෛරස වලින් පවුලේ සියලු ඉලෙක්ට්රොනික දත්ත වාර්තා ආරක්ෂා කරගත හැකි මාර්ග කිහිපයක් සලකා බලමු.

1. ගොනු පද්ධතියක් පවත්වාගෙන යාම (Filing System)

අප කාර්යාලයේ මෙන්ම නිවාස තුළද පුංචි ලිපි ගොනු පද්ධතියක් පවත්වාගෙන යාමෙන් ඕනෑම අවස්ථාවක අවශ්‍ය වැදගත් ලිපි ලේඛණ පහසුවෙන් සොයා ගැනීමට හැකි වීමත්.ඒවා සයිබර් ප්‍රහාර වලට ලක් නොවීමත් නිසා එදිනෙදා කටයුතු පහසු වෙනවා. මේවා සෞක්‍ය, බැංකු, බිල්පත් යනාදී වශයෙන් සංවිධානය කරගත හැකියි.

2. දත්ත උපස්ථ කර තිබීම (Data back-up)

අප ගන්නා චායාරුප, වීඩියෝ පට හා අනෙකුත් දත්ත මසකට වරක් සේ කාලීනව ච්ඩ් තැටියක, hard disk එකක හෝ.පරිභාහිර වූ වෙනම තොරතුරු ගබඩා කරන උපාංගයකට back-up කර ගැනීමෙන් දත්ත සුරක්ෂිතව හා දිගු කාලීනව පවත්වාගෙන ය හැක.

3. ආරක්ෂක මෘදුකාංග යාවත්කාලීන කීරීම (Virus Protection)

අපගේ පරිඝණක වල Windows මෙහෙයුම් පද්ධතිය නිතර යාවත්කාලින කර ගැනීම හා යාවත්කාලින කරගත් anti-virus මෘදුකාංග භාවිතා කිරීමෙන් මෙවැනි අවධානම් අවම කරගත හැක.

4. උපාංග හා පරිඝණක පරිහරණය පිළිබඳව දරුවන් දැනුවත් කිරීම 

අන්තර්ජාලය හා පරිඝණක හා අනෙකුත් විද්‍යුත් උපාංග පරිහරණය පිළිබඳව අප දරුවන් දැනුවත් කර තැබීම ඉතා වැදගත්. දරුවන් නොයෙකුත් එලෙක්ට්‍රොනික ක්‍රීඩා වල නියැළෙන බව රහසක් නොවේ.

මෙසේ විද්‍යුත් ක්‍රීඩා කිරීමේදී දිස් වන අනේකාකාර වෙළද හා ප්‍රවර්ධන තිර මත click කිරීමෙන් වැළකිය යුතු බවට ඔවුන් දැනුවත් කල යුතුයි.

තමන්ගේ මුරපද (passwords) පිට අය සමඟ හුවමාරු නොකිරීමත්, නොදන්නා මෘදුකාංග පරිහරණය කිරීමෙන් වැළකිය යුතු  බවටත් ඔවුන් දැනුවත් කල යුතුයි.

පරිඝණක වෛරස

මිට අමතරව සැක සහිත ඊ-මේල් පණිවුඩ හා වෙළඳ දැන්වීම් යනාදී සැක සහිත තිර වෙත යොමු නොවීමද ඉතා වැදගත්.

මේවා අනුගමනය කර අපගේ නිවසේ දත්ත ආරක්ෂාව ගැන වගකීමෙන් කටයුතු කිරීමෙන් ඉදිරියේ ඇති විය හැකි සයිබර් ප්‍රහාර ගැන බියෙන් තොරව කටයුතු කල හැක.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • ළමා ආරක්ෂාව
  • /
  • පරිඝණක වෛරස ගැන දෙමාපිය අපි කරදර විය යුතුද?
බෙදාගන්න :
  • මොකද්ද මේ හැන්ටා වයිරසය? අප ඒ ගැන බිය විය යුතුද?

    මොකද්ද මේ හැන්ටා වයිරසය? අප ඒ ගැන බිය විය යුතුද?

  • COVID-19 ආසාදනය වූ විට පෙනහළු වලට සිදුවන්නේ කුමක්ද?

    COVID-19 ආසාදනය වූ විට පෙනහළු වලට සිදුවන්නේ කුමක්ද?

  • මොකද්ද මේ හැන්ටා වයිරසය? අප ඒ ගැන බිය විය යුතුද?

    මොකද්ද මේ හැන්ටා වයිරසය? අප ඒ ගැන බිය විය යුතුද?

  • COVID-19 ආසාදනය වූ විට පෙනහළු වලට සිදුවන්නේ කුමක්ද?

    COVID-19 ආසාදනය වූ විට පෙනහළු වලට සිදුවන්නේ කුමක්ද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it