මැයි මාසය ජාත්‍යන්තර ස්වයං වින්දනය සඳහා වෙන් වූ මාසය යි. (International masturbation month)
කොරෝනා වයිරස් (COVID-19) වසංගතය අඛණ්ඩව සිදුවන බැවින්, ලොව පුරා සිටින ජනයා ඔවුන්ගේ ජීවිතයේ සෑම අංශයකින්ම පීඩාවට පත්ව ඇත.
නිවසේ වෙනදාට වඩා ගොඩක් දෙනා රැඳී සිටින නිසා ස්වයං වින්දනයත් ඇතුළුව නොයෙක් දේවල් කිරීම අපහසු වෙලා.
අපට තනිවම සිටීම තවදුරටත් කළ හැකි දෙයක් නොවන බවත් අපට අවශ්‍ය විටෙක නිවසින් බැහැර වීමත් දුෂ්කර විය හැකිය.
තම පෙම්වතා පෙම්වතිය සමග කාලය ගත කිරීමද වසංගත කාලයේ පහසු නොවන හෙයින් මේ කාලය මානසික ආතතිය ද වැඩි වූ කාලයකි.
නේවාසිකාගාර වල මිතුරන් එකට සිටින අතර, නිවෙස් වල දෙමව්පියන්, සහෝදර සහෝදරියන් අවට සිටීම තර තුර ස්වයං වින්දනය මගින් ලබා දෙන මානසික සහ චිත්තවේගීය සෞඛ්‍ය ප්රතිලාභ ලබා ගැනීමට ද බොහෝ දෙනා ට නොහැකියි.
එනම් ආතතිය අඩු කිරීම, මනෝභාවය ඉහළ නැංවීම, වැඩි සාන්ද්‍රණය , සහ වේදනා සමනය කිරීම ආදිය වෙන කවරදාකටත් වඩා දැන් එය අවංකවම අවශ්‍ය වේ.
ඉතින් හුරු පුරුදු වූ දෙයින් රිසි සේ සන්තර්පනය විය නොහැකි වූ විට පුද්ගලයෙකු කුමක් කළ යුතුද?
සායනික ලිංගික විද්‍යා වෛද්‍ය මේගන් ස්ටබ්ස්, එඩ්. ඩී යෝජනා කරන්නේ ඔබේ දෑත් භාවිතා කිරීම හෝ ඔබට සොයා ගත හැකි නිහඬ ම ලිංගික සෙල්ලම් බඩුවක් (සෙක්ස් ටෝයි) සොයා ගැනීම සහ ඔබේ ව්‍යාපාරය කරගෙන යාමයි.
“Living in shared spaces and close quarters means that you’re bound to hear your roommate do a variety of things,” Dr. Stubbs tells HelloGiggles.
“හවුල් අවකාශයන්හි සහ සමීප නිවාසවල ජීවත් වීම යනු ඔබේ නේවාසික මිතුරා විවිධ දේ කරන බව ඔබට ඇසෙනු ඇත” යනුවෙන් වෛද්‍ය ස්ටබ්ස් හෙලෝ ගිගල්ස් වෙත පවසයි.
“ඔවුන් වැසිකිළිය භාවිතා කිරීමට යන විට ඔවුන් ඔබට අනතුරු අඟවනවාද? ස්වයංවින්දනය 100% ඒ වගේම සාමාන්‍ය දෙයක් වන අතර ඔබේ සතුටද එසේමය. ”

ස්වයංවින්දනයෙහි කිසිදු ලැජ්ජාවක් නොමැති අතර, ඔබ මිනිසුන්ගෙන් පිරුණු නිවසක වෙසෙන විට, ඔබේ සුපුරුදු දේ වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් තිබිය හැකිය. ඔබගේ නිවසේ සිටින එකම පුද්ගලයා ඔබ නොවන විට ස්වයංවින්දනය කරන්නේ කෙසේද යන්න මෙන්න.
ඔබේ කාලය ඥානවන්තව තෝරා ගන්න
මේ දිනවල ව්‍යසනය හේතුවෙන් දෙමව්පියන්ගේ මහ ගෙදර වෙසෙන ඇමැන්ඩා ශට්ල් ඇගේ ලිපියෙහි සඳහන් කරන්නේ, "නිසි කාලය" තෝරා ගැනීම යනු වැදගත් ම දේ බවයි.
ඇයට නම්, ස්වයං වින්දනය සඳහා සුදුරු වේලාව යන්නෙන් අදහස් වන්නේ මධ්‍යම රාත්රියේදී, අම්මා සහ තාත්තා නින්දට ගොස් බොහෝ වේලා ගිය පසුවය.
“ඔබ ස්වයංවින්දනය කරන විට ඔබ මුළු නිවසේම අවධානය ආකර්ෂණය නොවන බව සහතික කිරීමට ඇති පහසුම ක්‍රමයක් නම් අනෙක් සියල්ලන් නිදා සිටින තෙක් බලා සිටීමයි” යනුවෙන් ඩේම් ප්‍රොඩක්ට්ස් හි ප්‍රධාන විධායක නිලධාරි සහ කෝෆවුන්ඩර් ඇලෙක්සැන්ඩ්රා ෆයින් හෙලෝ ගිගල්ස් වෙත පවසයි. “එය පැහැදිලිව පෙනෙන දෙයකි, නමුත් එය ඔබට අඩු පීඩනයක් සහිතව සැහැල්ලුවෙන් සිටීමට ඉඩ ලබා දෙනු ඇත.”
ඇලෙක්සැන්ඩ්රා පැහැදිලි කරන පරිදි, ස්වයං වින්දනය ඔබගේ රාත්‍රී කාලයේ කොටසක් බවට පත් කිරීම, මානසික ආතතිය දුරු කිරීමට මෙන්ම වඩා හොඳින් නිදා ගැනීමට උපකාරී වන ස්ථිර මාර්ගයකි.
සුවඳ ඉටිපන්දමක් දැල්වීම සහ ඔබේ හෙඩ්ෆෝන් හරහා මිශ්‍රණයට සංගීතය එක් කිරීම ඇත්තෙන්ම අත්දැකීම වඩාත් ප්‍රසන්න කළ හැකි බව ඇය පවසයි.
හැමෝම නිදා සිටින රාත්‍රී කාලය වන තෙක් ඔබට බලා සිටිය නොහැකි නම්, බර ඩුවේ (duvet) එකකින් ඔබ වසා ගෙන සිටින්න.
“මම ප්‍රතිලෝම ශබ්ද විකාශනය ගැන සිතීමට කැමතියි” කියා වෛද්‍ය ස්ටබ්ස් පවසයි. “ඔබේ නිවසේ අන් අය සිටින්නේ කොහේද? ඔවුන් සාලයේ සිටින්නේ රූපවාහිනිය සමඟද?
ඔබට ඇහුම්කන් දීමට වඩා ඔබට ඒවා ඇසීමට ඇති අවස්ථා, ඔබව වෙන් කරන සියලුම ස්ථර ගැන සිතන්න, ඒ අනුව සකස් කරන්න. ඔබ සහ ඔවුන් අතර ශබ්දය වැඩි වන තරමට ඔබට ඇති ශබ්ද බෆරය විශාල වේ. ”
තව දුරටත් නිහඬ කම්පන යන්ත්‍රයක් (වයිබ්‍රේටර් යන්ත්‍රයක්) යොදා ගන්න ඔබට සිදු වේවි. එමෙන් ම ඔබට සංගීතය වැනි දෙයක් ගුවන් විදුලි යන්ත්‍රයේ විකාශය වන්නට හැර සුපුරුදු වින්දනයේ යෙදෙන්නට පුළුවන්.
“ඔබ වටා ඇති ජලයේ ශබ්දයෙන් ඔබ නඟන ඕනෑම ශබ්දයක් ගිල දැමීමටත්, ඔබට සම්පූර්ණයෙන්ම පෞද්ගලිකත්වයක් ලබා දීමටත් ඇති හොඳම තැන නාන කාමරයයි.
ඇඳුම් සියල්ල ගලවා දැමිය හැකි නිසා අමතර සරාගී බවක් සහ ඔබේ ශරීරය සමඟ සම්බන්ධ වීමටත් නාන කාමරය උපකාරී වේ” යනුවෙන් ෆයින් පවසයි. වෝටර් පෲෆ් සෙක්ස් ටෝයි එකක් ගෙන එය දැනෙන ආකාරය අත්හදා බලන්න."
මුනින් අතට වැතිරෙන්න
ඔබ සාමාන්‍යයෙන් ඔබේ පිටේ වැතිර සිටින පුද්ගලයෙක් නම්, ස්වයංවින්දනය අතරතුර කකුල් පළල් කිරීමක් කරන්නේ නම්, පෙරළා ඒ වෙනුවට ඔබේ බඩ මත වැතිරීමට උත්සාහ කරන්න.
ශරීරයත්, ඔබේ කොට්ටයත් සමඟ පහසුවෙන් ඕනෑම ශබ්දයක් මෆල් කිරීම මෙම ක්‍රමයෙන් පහසු කරයි.
සමහර වයිබ්‍රේටර් යන්ත්‍ර ඇඳ මෙට්ටය සෙලවීමට තරම් ශක්තිමත් බැවින් ඔබේ කාමරයෙන් විශාල හඬක් පැමිණිය හැකිය - ඒ නිසා ශබ්දය අවම මට්ටමක තබා ගැනීමට නිහඬ කම්පන යන්ත්‍ර තෝරා ගැනීම වැදගත්.
එකට සිටින ඔබේ නේවාසික සගයන් සමඟින් විවෘතව කතා බහ කිරීම
“එය සෑම කෙනෙකුටම විසඳුමක් නොවිය හැකියි. ස්වයං වින්දනය සඳහා ඔබට යම් නිහඬ කාලයක් අවශ්‍ය බව ඔබේ නේවාසික මිතුරන් සමඟ අවංකව යමක් පැවසිය යුතුය,” ෆයින් පවසයි.
“එය අතිශය පෞද්ගලික ක්‍රියාවක් වුවද, රහසක් විය යුතු නැත. මේ ලිපිය ලියන මා බටහිර ලෝකයේ මෙවැනි අත්දැකීම වලට මුහුණපා ඇති බැවින් එවන් දෙයක් ගැන පුදුමයට පත් නොවෙමි.
එහෙත් පෙරදිග රටවල එය කෙතරම් ප්‍රායෝගිකද යන්න තීරණය වන්නේ ඔබත්, ඔබේ සමීප මිතුරන්/මිතුරියන් අතර ඇති විශ්වාසය සහ එකිනෙකා තේරුම් ගැනීමේ ශක්තිය මත බව පැහැදිලි ව කියා සිටිමි.
එබැවින් ඔබ වෙනත් ඕනෑම මාතෘකාවකට කැමති ආකාරයට සංවාදය සඳහා සැහැල්ලුවෙන් පිවිසීමට උත්සාහ කරන්න. එවිට හදිසියේම, ස්වයංවින්දනය සඳහා ඔබේ සැලසුම් ප්‍රකාශ කිරීම එතරම් අමුතු දෙයක් ලෙස නොපෙනේ. ”
ස්වයං වින්දනය සඳහා නිහඬ ලිංගික සෙල්ලම් බඩුවක් තෝරන්න

වෙළඳපොලේ ඇති, ඔබට සුදුසු නිහඬ වයිබ්‍රේටර් යන්ත්‍රයක් තෝරා ගන්න. අන්තර්ජාලයේ ඇති සමාලෝචන (reviews) සැලකිල්ලට ගෙන සෑම ඔබේ අවශ්‍යතා සපුරාලන යන්ත්‍රයක් තෝරා ගන්න.
එවන් අදහස් කිහපයක් ඇමැන්ඩා ගේ පෞද්ගලික අත්දැකීම් මත මෙසේයි.
1. ඩේම් සහ පොම් යන නමින් යුතු වෛබ්රේටර් යන්ත්‍ර අවම ශබ්දයක් ඇති සෙල්ලම් බඩු සඳහා ප්‍රසිද්ධයි. එයිනුත් පොම් නියත වශයෙන්ම දෙදෙනාගෙන් වඩාත් ම නිහඬ යන්ත්රයයි.
2. ල වොන්ඩ් සින් රචිත මුළු ක්‍රෝම් කලෙක්ශන් නිහඬ යන්ත්‍ර වුවත්, පොකුරේ නිහඬ ම යන්ත්‍රය වන්නේ ල වොන්ඩ්, ග්‍රෑන්ඩ් බුලට් ය. එහි විශාලත්වය තිබියදීත්, කම්පන මාදිලි 11 ක් සහ තීව්‍රතා හතරක් සමඟ එය ඉතා බලවත් ය. එය ජලයට ඔරොත්තු දෙන නිසා ෂවර් ස්වයංවින්දනය වඩාත් විනෝදජනක කරයි.
3. මෙම සෙල්ලම් බඩු ඔබේ මිල පරාසයෙන් මඳක් වැඩි නම්, තවත් නිහඬ කම්පන යන්ත්‍රයක් වන්නේ බේබිලන්ඩ් හි ඉරෝහා මිනි වයිබ් ය.
4. ඔබ වයිබ්‍රේටර් වලට කැමැත්තක් නොදක්වයි නම් සහ ඩිල්ඩෝස් වලට වැඩි කැමැත්තක් දක්වන්නේ නම්, ල වොන්ඩ් හි මල නොබැඳෙන වානේ ඩිල්ඩෝස් එකතුව සළකා බලන්න.
කම්පනය වන ශබ්දයක් ඉන් නොඇසෙන නිසා ඒ ගැන ඔබට කරදර විය යුතු නැත. එහෙත් ඉන් ඔබේ අවශ්‍යතා සැපිරේවි යැයි සිතමි.
මූලාශ්‍ර: Hello Giggles
පරිවර්තනය: බෝසඳුන් ගුණසේකර
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.