theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ දරුවන් වම් පැත්තට වඩා ගැනීම ගැන අධ්‍යනයක් කියන කථාව

4 අවම කියවීම
ඔබේ දරුවන් වම් පැත්තට වඩා ගැනීම ගැන අධ්‍යනයක් කියන කථාවඔබේ දරුවන් වම් පැත්තට වඩා ගැනීම ගැන අධ්‍යනයක් කියන කථාව

අධ්‍යනයන් ඒ ගැන කියන්නේ මෙහෙමයි...

දරුවා අතට ගැනීම ගැන තොරතුරු  අපි සොයා බලන්නේ නැහැ. අපි දරුවා හුරු අතට වඩා ගැනීම සිදු කරනු ලබනවා.

පුරුෂයින් තුල මේ සම්බන්ධයෙන් විශේෂත්වයක් නොමැති අතර කාන්තාවන්  ඔවුන්ගේ දරුවන් හදවතට ලගින් තබා ගන්න වැඩි කැමැත්තක් දක්වන්නේ ඇයි යන්න පරීක්ෂණයන් අනාවරණය කර ගෙන තියෙනවා.

දරුවා අතට ගැනීම

හෙළ සිරිත් විරිත්

මෙම සිත් ගන්නා සුලු අධ්‍යනය ඔබව මෙන්ම මාවද පුදුමයට පත් කලා.

මෙය කියවීමෙන් පසුව වහාම මගේ අවුරුදු අටක් වයසැති දියණියට ඇගේ බෝනික්කා අතට ගන්නා ලෙස  පැවසුවා.

මා පුදුමයට පත් කරමින් ඈ බොනික්කා ඇයගේ වම් අතින් දරා ගත්තා.

පැහැදිලිව මේ පරීක්ෂණය සදහා තවත් අදහස් තියෙනවා. ( තව බොහෝ පරීක්ෂණ මේ සම්බන්ධයෙන්  තියෙනවා වුනත් මම උත්සහ කරපු කරුණ සහ ඒ මගින් සිදු වු හෙලිදරව්ව සත්‍ය හා විශ්මය ජනක වෙනවා.)

එමනිසා ඊලග වතාවේ ඔබ ඕනෑම දරුවෙකු අතට ගන්නා විට ඔබ දරුවා ගන්නේ වම් පැත්තටද දකුණු පැත්තටද යන්න විමසිලිමත් වෙන්න.

මේ වාර්තා වලට අනුව, බොහෝ කාන්තාවන් තම වම් පැත්තෙන් දරුවන් අතට ගැනිමට වැඩි ප්‍රවණතාවක් දක්වන බව විද්‍යාවෙන් පවසා සිටියි.

ඒ වගේම එහි වඩාත්ම රසවත්ම පැත්ත වනුයේ මෙම සහජ පුරුද්දට ඔබ මවක් වීමට අවශ්‍ය නොවීමයි.

සත්‍ය ලෙසම පුරුෂයන් විසින් මේ වම් පැත්තට දරුවන් අතට ගන්නේ නැහැ.

මෙම වම් පැත්තට දරා ගැනීම විස්තර කිරීමට බොහෝ න්‍යායයන් තිබෙන අතර මවගේ හදවතේ ස්පන්දනයට හා වම් පියයුරෙහි සංවේදිතාව පරාසයක පැතිර ඇති බව මේ වාර්තාවට අනුව හේතුන් මස්තිෂ්කය වෙන බව නුතන වාර්තාවන් ඔප්පු කරනවා.

දරුවෙක් වම් පසෙන් අතට ගත්විට  මවට ඇයගේ බබාත් හා සම්බන්ධ වීමට සහය වීමට මවගේ මොලයේ දකුණු පසට දැනුම් දෙනවා.

එය ඔවුන්ව වම් පසෙකින් අතට ගෙන සිටීම තොරතුරු සම්පාදනයට හා ඔවුන්ගේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීමට මොලයට පහසු කරනවා.

Nature හී ප්‍රකාශිත මෙම පරීක්ෂණයට අනුව, " මව දරුවාව වම් පසෙන් තබා ගන්නා ආකාරය ප්‍රධාන වශයෙන් සංවේදී තොරතුරු මවගේ මොලයේ දකුණු අර්ධ ගෝලයට හරවා යවමින් මාතෘ අධීක්ෂණය උපරිම කරනු ලබයි."

අතට ගන්නා පැත්ත නොසලකා හැර දරුවෙකු , විශේෂයෙන් අලුත උපන් දරුවෙකු අතට ගන්නේ මෙහෙමයි.

මේ සියල්ල සහජයෙන් වීම සහ බොහෝ කාන්තාවන් දරුවන් අතට ගනිද්දී ස්වාභාවිකව වම් පැත්තට යොමු වෙනවා.

එහිදි  පළමු වරට අලුත උපන් දරුවෙක් අතට ගන්නා විට පරිස්සම් වෙන්න අවශ්‍ය සමහර කල යුතු හා නොකල යුතු  දේවල් තියෙනවා.

සියලුම දෙමාපියන් මතකයේ තබා ගත යුතු කරුණු කිහිපයක් මේ සමග ඉදිරිපත් කරනවා.

ඔබේ දරුවන් වම් පැත්තට වඩා ගැනීම ගැන අධ්‍යනයක් කියන කථාව

 

1. දරුවා අතට ගැනීම: සුවපහසුවත්, විශ්වාසනීයත්වයත් ඇති කරගන්න. 

දරුවෙක් අතට ගන්නා විට ඔබ සුවපහසුව ලබා ගනිමින් එය ඒ අයුරින්ම දරුවාට දැනෙන්න සලස්වන්න.

ඒ වගේම දරුවෙක් අතට ගැනීමට පෙර විශේෂයෙන් ඒ දරුවා අලුත උපන් දරුවෙක් නම් හා ඔබට ඔවුන් අතට ගැනීම පිලිබඳ එතරම් අත්දැකීම් නොමැති නම්  විශ්වාසනීයත්වයක් ඇති කරගන්න.

ඔබට විශ්වාසයක් නොමැති නම් වාඩි වී දරුවා අතට ගන්න.

2. ප්‍රමාණවත් සහයක් දක්වන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

දරුවා වඩා ගැනීමට පෙර ඔහුගේ හිසට හා බෙල්ල පිටුපසට සහයක් දෙන්න.

ඔවුන්ගේ බෙල්ලේ මාංශපේෂින් ඔවුන්ගේ හිස දරාගන්න තරම් ශක්තිමත් වීම සිදුවන්නේ මාස තුනත් හතරත් අතර නිසා එතකම් එයට අවශ්‍ය සහය දක්වන්න අපහසුයි.

3. අතට ගන්නා රටාව තෝරා ගන්න

වයසට යෑම

 

ඔබට වඩාත් ගැලපෙන ආකාරය තෝරා ගන්න කලින් විවිධ ආකාරයන් උත්සහ කර බලන්න.

ඔබට දැනෙන්නත් පෙර ඔබේ දරුවා ඔහුව අල්ලා සිටින ආකාරයෙන් ප්‍රීතිමත් වෙන්න පටන් ගනිවී.

  • තොටිල්ලේ ආකාර රදවා ගැනීම  පහසු මෙන්ම සුවපහසුව දනවන ආකාරයක් වන අතර ඔබේ පපුව මට්ටමේ තිරස් අතට දරුවා අල්ලා ගෙන වැලමිටෙහි නෙරායෑම තුල හිස නිදහස්ව තබන්න.
  • අලුත උපන් දරුවෙකුට කිරි ගුඩුස් යැවීමට උරහිස්සේ රදවාගැනීම හොද ආකාරයක් වේ.  දරුවාගේ හිස උරහිස මත නිදහසේ රැදෙන සේ ඔබේ සිරුරට සමාන්තරව දරුවා රදවා ගන්න.
  • උදරය මත රදවාගැනීම මගින් දරුවන්ගේ උදර අපහසුතා ( කෝලික්) විශේෂයෙන් ඔවුන් වේදනාවෙන් සිටියදී මදක් සුවපහසුව ලැබෙනවා. බඩ යටට සිටින සේ ඔබගේ අත්ල මත හිස වැලමිට දෙසට යොමු වෙන සේ දෙපා අත දෙපස නිදහසේ වැටෙන සේ දරුවා හරවා තබන්න. මේ මගින් දරුවාගේ කුස මත පීඩනයක් ඇති වී ඔහුගේ කුසේ ඇති වාතය ඉවත් වෙනවා.

4.බහුකාර්යය වෙන්න එපා

ඔබේ අතේ දරුවෙක් සිටී නම් අනෙක් නිවසේ කටයුතු ඒ සමග කිරීමෙන් වළකින්න.

සමහර වේලාවට උණු තේකක් බීම වැනි අවදානම අඩු යැයි පෙනෙන දෙයක් වුනත් එය විසිරි යෑමක් වුවහොත් අනතුරුදායක වෙන්න පුලුවන්.

නව දෙමව්පියෙක් වශයෙන්  ඔබේ දරුවා අතට ගැනීම සතුටුදායක දෙයක් වෙන්න පුලුවන්.

කෙසේ වෙතත් එය මදක් තිගැස්මක්ද ඇති කරනවා. ( එය මටත් වුනා ) .ඔබේ දරුවාව අතට ගෙන ලංවෙන්න මේ ඉගි උදව් කරාවියැයි මම සිතනවා.

දරුවා අලුත් වගේම හැගීම් අලුත් ,දරුවා අතට ගන්න  තිගැස්මක් තියෙනවා නේද?

ඔබටයි දරුවාටයි දෙන්නටම සුවපහසුව ඇති කරන මේ තොරතුරු ඔබට ආදරයෙන් ගෙන එන්නේ The Asianparent Sri Lanka විසිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මව්පදවිය
  • /
  • ඔබේ දරුවන් වම් පැත්තට වඩා ගැනීම ගැන අධ්‍යනයක් කියන කථාව
බෙදාගන්න :
  • ගෙදරදීම පටන් ගන්නා ඔබේම ව්‍යාපාරය ඔප් නංවා ගන්නේ මෙහෙමයි

    ගෙදරදීම පටන් ගන්නා ඔබේම ව්‍යාපාරය ඔප් නංවා ගන්නේ මෙහෙමයි

  • අම්මියෙක්ගේ  කදුලු...

    අම්මියෙක්ගේ කදුලු...

  • ගෙදරදීම පටන් ගන්නා ඔබේම ව්‍යාපාරය ඔප් නංවා ගන්නේ මෙහෙමයි

    ගෙදරදීම පටන් ගන්නා ඔබේම ව්‍යාපාරය ඔප් නංවා ගන්නේ මෙහෙමයි

  • අම්මියෙක්ගේ  කදුලු...

    අම්මියෙක්ගේ කදුලු...

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it