මොකද්ද මේ වෝටර් බෑග් එක ඩැමේජ් වෙනවා කියන්නේ?

මොකද්ද මේ වෝටර් බෑග් එක ඩැමේජ් වෙනවා කියන්නේ?

මේ ගැබිනි මවක් අනපේක්ෂිත මුහුණ දෙන වතුර බෑගය බිදියාම ගැනයි.

වෝටර් බෑගය (Water bag) නැතිනම් වතුර බෑගය කියන්නේ ගැබිනි මවකට ගොඩාක් හුරුපුරුදු වචනයක්.

එය  ඔබේ කුසේ ඉන්න පුංචි පැටියාට ආරක්ෂාව සලමින් සිටින ඇම්නියොටික් තරලය පිරුනු බෑගයයි.

ඔබේ දරු ගැබට නිසි කාලය සම්පුර්ණ වෙන්නට මත්තෙන් මේ වෝටර් බෑගය බිදි ගිය හොත් ඇත්තටම මොකද වෙන්නේ?

Water bag  එක ගැන ඔබට කුතුහලයක් ඇති නේද?

  • වෝටර් බෑග් එක කැඩෙන්නේ ඇයි?
  • එය සිදුවන්නේ කවදාද?
  • එය බිදි ගියහොත් ක්‍රියා කල යුත්තේ කොහොමද?

මේ ප්‍රශ්න නිතරම ඔබේ හිතේ තියෙනවා. දරු ප්‍රසුතියට සුදානම්ව ඉන්න ඔබේ සිතේ අනවශ්‍ය බිය ඉවත් කිරීමට මෙන්ම ඔබව ඒ සදහා හොදින් සුදානම් කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා.

ඉතින් අපේ මේ සුදානම මේ වතුර බෑගය බිදියාමට මත්තෙන් ලැබෙන පෙරමං සලකුණු ගැන වගේම ඒ මගින් ඔබේ ප්‍රසුතිය සිදුවීම ගැන අදහසක් ඔබට ලබා දෙන්නයි.

දිගටම කියවන්න. දැනුවත් වෙන්න. ඔබේ දරු ප්‍රසුතිය සදහා මෙය අත්වැලක් කරගන්න.

වතුර බෑගය (Water bag) කැඩීයාම කියන්නේ මොකද්ද?

මොකද්ද මේ වෝටර් බෑග් එක ඩැමේජ් වෙනවා කියන්නේ?

 ඔබේ කුස තුල වර්ධනය වෙන සමයේදි  ඔබේ දරුවා ඇම්නියොටික් නම් තරලයෙන් පිරුනු බෑගයක් තුල සුරක්ෂිත වෙනවා. 

එම බෑගය දරු ප්‍රසූතියේ ආරම්භ වෙන විට බිදි යෑම හො බිද දැමීම සිදුවෙනවා.එය වෝටර් බෑග් එක කැඩි යෑම ලෙස හදුන්වනු ලබනවා.

ප්‍රසුතිය සිදුවීමට පෙර මෙම වෝටර් බෑගය බිදි යෑම සිදුවිය හැකි අතර එය දරු උපතට පෙර පටල බිදි යෑම (PROM) ලෙස හැදින්වෙනවා.

මෙලෙස වෝටර් බෑගය බිදි ගිය විට ඔබේ යෝනි මාර්ගයට හා පෙරනියම කොටසට යම් කිසි තෙතමනයක් දැනෙනවා.

ඒ වගේම ඔබේ යෝනි මාර්ගය තුලින් වතුර වන් දියරයක් හෝ පැහැදිලි හෝ සුදු කහ තරලයක මද ප්‍රමාණයක් පිටවෙන්න පුළුවන්.

වතුර බෑගය කැඩිලා කියලා හරියටම දැනගන්නේ කොහොමද?

මොකද්ද මේ වෝටර් බෑග් එක ඩැමේජ් වෙනවා කියන්නේ?

ගැබිනි සමයේ යෝනි මාර්ගය නිතර තරල වලින් තෙමෙන බැවින් ඇත්තටම වෝටර් බෑග් එක බිදි ගිහින්ද කියලා හරියටම දැනගන්න පහසු නැහැ.

ඒ වගේම ඇම්නියොටික් තරලය හා මුත්‍රා අතර වෙනස හදුනාගන්නත් ටිකක් අමාරුයි.

එහෙම කිව්වා කියලා දැන් බය වෙන්න එපා. ඔබගේ යෝනි මාර්ගයෙන් තරලයක් පිටවෙන විට එය සිදුවන්නේ වෝටර් බෑගය කැඩිමෙන්දැයි ඔබට සැක සහිත නම් වහාම ඔබේ වෛද්‍යවරයා අමතන්න.

නැතිනම් රෝහල වෙත යන්න.

මෙය ප්‍රසුතියේ මුලික සලකුණක් විය හැකි බැවින් ඔබ රෝහලට ගෙන යාමට සුදානම් කල බෑගය අරගෙන යන්න අමතක කරන්න එපා.

ඔබේ වෝටර් බෑගය කැඩි ඇම්නියොටික් තරලය පිටවේදැයි ඔබේ වෛද්‍යවරයා විසින් පරීක්ෂා කරනු ලබනවා.

ඒ වගේම අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් එකකින්  ඔබේ ඇම්නියොටික් තරල ප්‍රමාණය පරීක්ෂා කරන්න පුළුවන්.

ඒ වගේම ඔබගේ වගේම ඔබේ දරුවාගේ සෞඛ්‍යයද ඔවුන් විසින් පරික්ෂා කරනු ලබනවා.

වෝටර් බෑගය (Water bag) කැඩුනු පසු ප්‍රසුතිය ඇරඹීම

මොකද්ද මේ වෝටර් බෑග් එක ඩැමේජ් වෙනවා කියන්නේ?

සාමාන්‍යයෙන් නම් ප්‍රසුතිය ආරම්භ වී නොමැති නම් වෝටර් බෑගය කැඩුන විට ප්‍රසුතිය ඉක්මනින්ම ආරම්භ වෙනවා.

එසේ නොමැතිව ප්‍රසුතිය ආරම්භ නොවි  ඔබේ වෝටර් බෑග් එක බිදි ගියහොත් ඔබේ වෛද්‍යවරයා ගර්භාෂ හැකිලීම් උත්තේජනය සදහා පියවර ගනු ලබනවා.

ඔබේ වෝටර් බෑගය කැඩී ප්‍රසුතිය ආරම්භයට වැඩි වේලාවක් ගන්නා විට ඔබ හෝ ඔබේ දරුවා ආසාදනයන්ට ලක් වීමේ වැඩි අවදානමක් තියෙනවා.

කාලය සම්පුර්ණ වීමට ගොඩාක් කලින් වෝටර් බෑගය ඩැමේජ් වුනොත්

ගැබිනි ඔබ සති  37 ඉක්මවා යාමට පෙර ඔබේ වෝටර් බෑගය කැඩි ගියහොත් එය පූර්ව නොමේරූ තත්වයක් (නොමේරූ PROM)  ලෙස හැදින්වෙනවා. 

කාලය සම්පුර්ණ වීමට වතුර බෑගය කැඩි යාමට හේතුවෙන සාධක

  • නොමේරූ PROM තත්වයක් සහිත ගර්භනි ඉතිහාසයක් තිබීම
  • අභ්‍යන්තර ඇම්නියොටික් ආසාදන
  • දෙවන හා තුන්වන ත්‍රෛමාසික කාලය තුළ යෝනියෙන් ලේ ගැලීම
  • ගර්භණී සමයේදී දුම් පානය කිරීම 
  • ගර්භණී සමයේදී  නුසුදුසු ඖෂධ භාවිතා කිරීම
  • දුර්වල පෝෂණය නිසා බර අඩු වීම
  • කෙටි ගැබ්ගෙල

මාතෘ හෝ කලල ආසාදන, දරු ප්‍රසූතියට පෙර වැදෑමහ ගර්භාෂයේ අභ්‍යන්තර බිත්තියෙන් ඉවතට ගැලවි යාම සහ පෙකණි වැල සම්බන්ධ ගැටළු නිසා මවට හා දරුවාට සංකූලතා ඇතිවෙන්න පුළුවන්. 

ඔබට මෙවැනි දරු උපතක ඉතිහාසයක් ඇති නම්  සහ ඔබ අවම වශයෙන් සති 34 ක් සම්පුර්ණ කර ඇති නම් සංකූලතා අවම කර  ගැනීමට දරු ප්‍රසූතිය ඔබේ වෛද්‍යවරයා විසින් නිර්දේශ කිරීමට වැඩි ඉඩක් තියෙනවා.

නමුත් ඔබට හෝ දරුවාට කිසිදු ගැටලුවක් නොමැති බව පරීක්ෂණ වලින් අනාවරණය වන්නේ නම් සමීපව නිරීක්ෂණය කරමින් කල් පිරුනු  ප්‍රසුතියට යාමට ඉඩ ලබා දෙනවා

නමුත් ඔබ පසුවන්නේ සති 24 ත් 34 ත් අතර නම්, ඔබේකුස තුල සිටින දරුවා හොදින් වර්ධනය වෙන තුරු ප්‍රසුතිය පමා කරන්න ඔබේ වෛද්‍යවරයාට අවශ්‍ය වෙන්න පුළුවන් 

එහිදි දරුවාගේ පෙනහළු මේරීම වේගවත් කිරීම සඳහා ආසාදනයක් වැළැක්වීම සඳහා අවශ්‍ය ඖෂධ ඔබට එන්නත් කරනු ලබනවා. 

ඔබ සති 32 ට අඩු ගැබිනියක් නම් සහ ඉදිරි දින කිහිපය තුළ දරු ප්‍රසූතිය සිදුවීමට අවදානමක් තිබේ නම්, දරුවාගේ ස්නායු පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය ඖෂධ ඔබට ලබා දෙනු ලබනවා.

ඊට අමතරව ඔබේ ප්‍රසුතිය සිදුවීමේ අවදානම අනුව ඔබට නිසි ඖෂධ ඔබේ වෛද්‍යවරයා විසින් වරින් වර නිර්දේශ කරනු ලබනවා.

නමුත් ඔබ සති 24 ට අඩු ගැබිනියක් නම්, නොමේරූ දරුවෙකු ලැබීමේ අවදානම සහ ප්‍රසුතිය  ප්‍රමාද කිරීමට උත්සාහ කිරීමෙන් ඇතිවෙන අවදානම් සහ ප්‍රතිලාභ ගැන ඔබේ වෛද්‍යවරයා ගෙන් ඔබට දැනගන්න පුළුවන්.

ප්‍රසුතිය අවස්ථාවේදිත් වතුර බෑගය (Water bag) ඉබේ බිදි නොයන්නේ නම්?

ක්‍රියාකාරී දරු ප්‍රසූතියේදී, ඔබේ ගැබ් ගෙල දුර්වල වී සිහින් වී දරුවාගේ හිස ඔබේ ශ්‍රෝණියේ ගැඹුරට පැමිණ ඇති නම්, ඔබේ වෛද්‍යවරයා  ප්‍රසව සංකෝචන ආරම්භ කිරීමට කටයුතු කරනවා.  

ඒවා දැනටමත් ආරම්භ කර ඇත්නම් ඒවා ශක්තිමත් කිරීමට ඇම්නියෝටෝමී නමින් හැඳින්වෙන තාක්ෂණයක් භාවිතා කරන්න පුළුවන්.

මෙහිදි කුඩා කොක්කක් භාවිතා කර ඔබේ වෝටර් බෑගය වෛද්‍යවරයා විසින් සිදුරු කරනු ලබනවා.

දරු ප්‍රසූතිය ගැන ඔබට ගොඩාක් ගැටළු මෙන්ම බිය සංකා තියෙන්න පුළුවන්.

ඒ වගේම  ඔබේ වෝටර් බෑගය බිඳී යන්නේ කවදාදැයි හරියටම කියන්න බැහැ.

නමුත් එහිදි සිදුවෙන දේ එවන්නක අවදානමක් ඇතිද යන්න දැනුවත්ව සිටීම ඔබට ප්‍රයෝජනවත් වේවි.

මුලාශ්‍ර - www.mayoclinic.org

පරිවර්තනය හා සංස්කරණය - නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය