theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන් වෙනුවෙන් දෙමාපියන් නොකළ යුතු කාරණා 4 ක්

4 අවම කියවීම
දරුවන් වෙනුවෙන් දෙමාපියන් නොකළ යුතු කාරණා 4 ක්දරුවන් වෙනුවෙන් දෙමාපියන් නොකළ යුතු කාරණා 4 ක්

දරුවන් ඉල්ලන පරක්කුවෙන් දෙයක් ලැබුනොත් ඊට ඇති වටිනාකම නැතිවී යන්න පුළුවන්. ඒ වගේම කිසිවක් ප්‍රසංශා කිරීමට හෝ අගය කිරීමට ඔවුන් ඉන් ඉගෙන ගන්නේ නැහැ.

දෙමව්පියන් හැටියට අප සියලු දෙනාම අපේ දරුවන් ට ආදරෙයි. ජීවිතයේ සියලු දුක් ගැහැට විඳ ගෙන උපයන හැමදේ ඔවුන් වෙනුවෙන්ම වියදම් කරන බොහෝ දෙමව්පියන්ගේ එකම අරමුණ වන්නේ තම දරුවන් සතුටු කිරීමයි. එහෙත් දරුවන් ඉල්ලන පරක්කුවෙන් දෙයක් දීම නිවැරදි ද? එසේ ඔනෑම දෙයක් ලැබුනොත් ඔවුන්ට ඊට ඇති වටිනාකම නැතිවී යන්න පුළුවන්. ඒ වගේම කිසිවක් ප්‍රසංශා කිරීමට හෝ අගය කිරීමට ඔවුන් ඉන් ඉගෙන ගන්නේ නැහැ. දරුවන් නරක් කිරීම පමණයි වෙන්නේ.

ෆැමිලි ෂෙයාර් (Family Share) හි මේගන් සයුරි කියන ආකාරයට දරුවන් රැකබලා ගැනීමේදී කළයුතු සහ නොකළයුතු කාරණා වල සීමාවක් නැති බව පෙන්වයි. ඇය කියන සමහර කාරණා හරිම ගැටළු සහිතයි. ඒ නිසා ඒ දේ හොඳ අවධානයකින් යුතුව වටහා ගැනීමට උත්සාහ කිරීම සුදුසුයි.

දරුවන් නරක් කිරීම

දරුවන් නරක් කිරීම

දරුවන් නරක් කිරීම: දරුවන් වෙනුවෙන් දෙමාපියන් නොකළ යුතු කාරණා 4 ක්

1. ඔවුන්ගේ හැසිරීම් වලට සමාව දෙන කාරණා ගෙතීම හෝ නරක හැසිරීම් සැහැල්ලුවෙන් තැකීම (Being lenient)

සමහර දරුවන්ගේ හැසිරීම් ඉදිරියේ සැබෑ හේතුව ඔබ දන්නවා වුනත් ඊට වෙන හේතුවක් ගෙතීම ඔවුන් පසුව අවියක් කරගන්න පුළුවන්.

මෙය වෙනත් හේතුවකට ඉතා නොසන්සුන් ලෙස දරුවා හැසිරෙන විට බඩගිනි වෙලා, නිදිමතෙන් ආදී එවන් හේතු බැඳීම එතරම් සුදුසු නැහැ. ඔබේ දරුවා තරමක් වැඩුණු දරුවෙකු වුනත් ඔහුටත් අන් අය ඉදිරියේ අපහසුවට පත්වීමේ ලැජ්ජාව දැනිය යුතුයි. මන්ද ඔවුන්ගේ ක්‍රියාවන් පිළිගත නොහැකි බව ඒත්තු ගැන්වීම වැදගත්.

දරුවා අතින් යම් වරදක් වූයේ නම් ඔබ ඔහු වෙනුවෙන් නිදහසට කාරණා කීමෙන් ඔහු ඉගෙන ගන්නේ කුමක් ද? ඔනෑම වරදක් සිදු කොට ඉන් ගැලවීමට හැකි බවයි.

2. දරුවන් නරක් කිරීම: ඔවුන්ගේ වැඩ ඉටුකර දීම (Pampering and waiting on them)

දරුවන්ට මෙය කෙටි කාලීනව පහසුවක් දැනුනත් දිගුකාලීනව ඔවුන් ජීවිතේ කිසිවක් ඉගෙන නොගන්න අයෙකු බවට පත්වෙන්න පුළුවන්. ඔවුන්ට උදවු කිරීම කළයුතු වුවත් හැමදේම කරලා දෙන්න යාම සුදුසු වන්නේ නැහැ. එය ඔබ විසින්ම කර තිබීම පහසු වුනත් එය ඔහුගේ කැමැත්තෙන්, තනිව කරගන්නට දරුවාට පුරුදු කිරීම වටිනවා.

දරුවා ඊට හුඟක් කාලය ගත්තත් ඉන් දරුවා ඉගෙන ගන්න දේවල් වැදගත්. මන්ද අද කුඩා වියේ පසුවන ඔබේ දරුවා/දැරිය පසු කලෙක වැඩිහිටියකු ලෙස ජීවිත් විය යුතු නිසයි.

උවමනාවට වඩා හුරතල් කිරීමෙන්, අතට පයට වැඩ කර දීමෙන් ඒ දරුවා ස්වයංපෝෂිත වන්නට තියෙන ඉඩ කඩ ඇහිරෙනවා. ස්වාධීනත්වය ඔහු ඉගෙන ගන්නේ නැහැ.

දරුවන් නරක් කිරීම

දරුවන් නරක් කිරීම

3. ඔවුන්ව අඩු තක්සේරු කිරීම (Underestimating)

සමහර විට දරුවන්ගේ වයස හා හැකියාව මත ඔවුන්ට එය කරගත නොහැකි යැයි සිතන්න පුළුවන්.

එහෙත් ඔවුන්ට උත්සාහ කරන්න නොදුන්නොත් ඔවුන් ඉගෙන ගන්නේ කොහොමද? නමුත් ඔවුන්ගේ හැකියාව ගැන ඔබට පුදුම හිතන්නවත් පුළුවන්. හැමවිටම තාම එයා පොඩියි, එයාට කරගන්න බැහැ කියලා හිතුවොත් දරුවා කවදාවත් එය ඉගෙන ගන්නවද? ඉන් ඔවුන්ගේ  සංවර්ධනය නිසි ලෙස සිදු වන්නේ නැහැ.

4. ඔවුන්ට ඉල්ලන දේ දීම (Addressing all wants)

ඔවුන් ඉල්ලන සැනින් යමක් නිතරම ලබාදෙනවා නම් ඔවුන් කිසිවක වටිනාකම තේරුම් ගන්නේ නැහැ වගේම එය අගය කරන්න ඉගෙන ගන්නෙත් නැහැ. යමක් වෙනුවෙන් වෙහෙසෙන්නත්, යමක් ලබාගන්න ඉවසන්නත් ඔවුන්ව උනන්දු කරන්න මේ නිසා ඉගෙන ගන්නවා.

එමෙන්ම එයින් ඔවුන් ආත්මාර්තකාමී ව සිතන්න පුරුදු වෙනවා. ඒ දේ ලබා දීමට තම දෙමව්පියන් දැරූ උත්සාහය කෙතරම් ද යන්න වටහා ගන්නෙ නැහැ.

දරුවන් නරක් කිරීම

දරුවන් නරක් කිරීම

ඔවුන්ට ඉවසීම හා සංයමය පුරුදු කරන්න. හොඳ වැඩක් කිරීම හෝ හොඳ හැසිරීමක් වැනි දෙයක් වෙනුවෙන් දෙන ත්‍යාගයක් (reward) බවට ඒත්තු ගන්වා යමක් දීමට උත්සාහ කරන්න. ඉන් ඔවුන්ට තමන් කැමති දේ ලබාගන්න පුළුවන් බව කියන්න.

3. ඔවුන්ට අල්ලස් දීම සහ මුරණ්ඩු ගති ලක්ශණ නොසලකා හැරීම (Bribing and giving in)

දරුවාගේ නරක හැසිරීමක්, ඇඬීමක් නතර කිරීමට සමහර දෙමව්පියන් හා වැඩිහිටියන් ඔවුන් සනසන්නට යමක් දෙනවා ඔබ දැක තිබෙනවාට සැකයක් නැහැ. මේ හැසිරීම පාදක කර ගෙන ඔවුන් දිගින් දිගටම එවන් නරක හැසිරීමට හිතා මතාම යොමු වන බව ඔබ දන්නවා ද?

නිතරම යමක් තරයේ ඉල්ලා ඇඬීමට (demanding) ඔවුන් එයින් ඉගෙන ගන්නවා. ඔවුන්ගේ ඒ මුරණ්ඩු ගති තව දුරටත් වැඩි දියුණු වීම පමණයි ඉන් සිදු වන්නේ.

මේ අතරතුර ම, සමහර දෙමව්පියන් දරුවන්ට ගහනවා, සැර පරුෂ ලෙස කතා කරනවා, ඔවුන් ට ඉතා දැඩි ලෙස නීති පනවා තිබෙනවා. මින් දරුවන් ඉගෙන ගන්නේත් සැර පරුෂ ලෙසට හැසිරීමටයි.

පැරණි ඉංග්‍රීසි කියමනකට අනුව “It is not what you do for your children, but what you have taught them to do for themselves that will make them successful human beings.” ”

"ඔබ ඔබේ දරුවන් වෙනුවෙන් කරන දේ නොව, ඔබ ඔවුන් ට තනිවම කරගැනීමට 
උගන්වා ඇති දෙය ඔවුන් සාර්ථක මනුෂ්‍යයන් බවට පත් කරනු ඇත."

දරුවන් හදාවඩා ගන්න විට ඔවුන්ව අවබෝධ කරගැනීම ඉතා ගැඹුරු මාතෘකාවක්. ඒ ගැඹුර ඔබට වටහා දෙන්න theAsianparent Sri Lanka ගත් තවත් උත්සාහයක්.

 

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

සංස්කරණය – බෝසඳුන් ගුණසේකර 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • දරුවන් වෙනුවෙන් දෙමාපියන් නොකළ යුතු කාරණා 4 ක්
බෙදාගන්න :
  • කෑනොගසා ඔබේ දරුවා සන්සුන් කළහැකි ක්‍රම 6 ක්

    කෑනොගසා ඔබේ දරුවා සන්සුන් කළහැකි ක්‍රම 6 ක්

  • විනය හැසිරවීම කලින්ම ආරම්භ කළ යුතුද?

    විනය හැසිරවීම කලින්ම ආරම්භ කළ යුතුද?

  • කෑනොගසා ඔබේ දරුවා සන්සුන් කළහැකි ක්‍රම 6 ක්

    කෑනොගසා ඔබේ දරුවා සන්සුන් කළහැකි ක්‍රම 6 ක්

  • විනය හැසිරවීම කලින්ම ආරම්භ කළ යුතුද?

    විනය හැසිරවීම කලින්ම ආරම්භ කළ යුතුද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it