theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

වැස්ස දවස් වල හැදෙන මේ රෝග වලින් ඔබේ දරුවා ආරක්ෂා කරන්න

5 අවම කියවීම
වැස්ස දවස් වල හැදෙන මේ රෝග වලින් ඔබේ දරුවා ආරක්ෂා කරන්නවැස්ස දවස් වල හැදෙන මේ රෝග වලින් ඔබේ දරුවා ආරක්ෂා කරන්න

වැසි කාලය යනු ඔබේ දරුවා විවිධ ජලය හා ව්‍යාප්ත වන ලෙඩ රෝගවලට ගොදුරු විය හැකි කාලයයි. ඔවුන්ව ආරක්ෂා කිරීමට වගබලා ගන්න.

වැසි සමය දැනටමත් පටන් ගෙන තිබෙනවා. විවිධ  ලෙඩ රෝග දරුවාට හැදෙන්නේ ඔවුන් වැස්සට හෝ ගංවතුරට නිරාවරණය වීමෙනි. දෙමාපියන් වශයෙන්, දරුවන්ට වැස්ස දවස් වල හැදෙන රෝග ගැන දැනුවත් වීම වැදගත්. ඉතින් අද මෙම ලිපියේ අපි මේ ගැන විස්තර ගෙන එන්න හිතුව.

වැස්ස දවස් වල හැදෙන රෝග: WILD යනු කුමක්ද?

වැස්ස දවස් වල හැදෙන මේ රෝග වලින් ඔබේ දරුවා ආරක්ෂා කරන්න

WILD කියන අකුරු හතර  මගින් ඔබේ දරුවාට වැසි සමයේ සැදිය හැකි ප්‍රධාන ලෙඩ වර්ග හතරක් නිරූපණය කරනවා.මේවා බොහෝ විට වැලදෙන්නේ ගංවතුරට නිරාවරණය වීම තුලිනි. මෙන්න ඒ ලෙඩ රෝග හතර ,

W - Water borne (වතුරෙන් බෝවෙන) පාචනය, කොළරාව වැනි තත්වයන්.

I   -  Influenza  or flu ( ඉන්ෆුඑන්සා හෝ උණ ) සීත කාලගුණය හා වැස්සට නිරාවරණය විමෙන් ඇතිවේ.

L    - Leptospirosis (මී උණ) අපිරිසිදු ගංවතුරෙන් සෑදෙන ආසාදන.

D    - Dengue ඩෙංගු මදුරුවන් හරහා දැනටමත් රට පුරා පැතිර යයි.

දෙමව්පියන්ට වැසි සමයෙහි පැතිර යන දරුවන්ට වැළදිය හැකි මේ ප්‍රධාන රෝග හතර ගැන දැනුවත් වී සිටීම වටිනවා. එය ඔවුන්ට තම දරුවන් වැසි සමයේ ආසාදනයන්ට ගොදුරුවීම වැලැක්වීම උදව් කරාවි.

  • වැස්ස දවස් වල හැදෙන රෝග - මී උණ 

වැස්ස දවස් වල හැදෙන මේ රෝග වලින් ඔබේ දරුවා ආරක්ෂා කරන්න

මෙම රෝගය වැළඳෙන්නේ කෙසේද?

මී උණ/ලෙප්ටොස්පිරෝසිස් හටගන්නේ ලෙප්ටොස්පිරා ඉන්ට්‍රෝගන්ස් නම් බැක්ටීරියාවෙනි.

මෙම ජීවියා බොහෝ සතුන් විසින් ප්‍රවාහය කරන අතර එය සත්ව වකුගඩු වල ජීවත් වේ. එය ඔවුන්ගේ මුත්රා හරහා පස් හා ජලය මත පතිත වේ.

යමෙක් ආසාදිත සතෙකු මුත්‍රා කළ පස් හෝ ජලය අවට ගැවසේ නම්, සීරීම්, විවෘත තුවාල හෝ වියළි ප්‍රදේශ වැනි සමේ බිඳීම් හරහා විෂබීජයට ඔබේ ශරීරය ඇතුළු විය හැකිය.

එය කෙනෙකුගේ නාසය, මුඛය හෝ ලිංගේන්ද්‍රිය හරහාද ඇතුළු විය හැකිය.

ලිංගික එක්වීමේදී හෝ මව්කිරි දීම හරහා මී උණ ආසාදනය විය හැකි වුවද එය කෙනෙකුගෙන් තවත් කෙනුකුට ආසාදනය වීම ඉතා දුර්ලභය.

කෙනෙකු සත්වයින් ගැවසෙන ස්ථාන වල හෝ එළිමහනේ හෝ වැඩි කාලයක් ගත කරන්නේ මෙම රෝගය වැළඳීමේ අවදානමක් ඇත.

මී උණ රෝග ලක්ෂණ

සාමාන්‍යයෙන් සති 2ක් ඇතුළත මී උණ/ලෙප්ටොස්පයිරෝසිස් (leptospirosis ) රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම පටන් ගනී.

ඇතැම් අවස්ථාවල දී රෝග ලක්ෂණ මාසයක් යන තුරු පවා නොපෙන්විය හැකිය.

සාමාන්‍ය රෝග ලක්ෂණ අතර පහත ලඛ්ෂණ දැකිය හැක:

  • හිසරදය
  • මාංශ පේශි කැක්කුම
  • සෙංගමාලය (සම සහ ඇස් කහ වීම)
  • වමනය
  • පාචනය
  • සමේ කැසීම

මී උණ (Rat fever): ප්‍රතිකාර හා වැළැක්වීම

පෙනිසිලින් සහ ඩොක්සිසයික්ලයින් ඇතුළු ප්‍රතිජීවක සමඟ ලෙප්ටොස්පයිරෝසිස් ප්‍රතිකාර කළ හැකිය.

උණ සහ මාංශ පේශි වේදනාව සඳහා වෛද්‍යවරයා විසින් ඉබුප්රොෆෙන් නිර්දේශ කළ හැකිය.

රෝග තත්වය සතියක පමණ කාලයක් පවතිනු ඇත.

  • වැස්ස දවස් වල හැදෙන රෝග - ඩෙංගු

ඩෙංගු රෝගය

ඩෙංගු මදුරුවාගේ සීග්‍රයෙන් වෙනස් වන අනුවර්තන ලක්ෂණත්,  මෙම රෝගයේ සීග්‍රයෙන් වෙනස් වන රෝග ලක්ෂණත් නිසා රෝගය පාලනය කිරීමත්, රෝගය හඳුනා ගැනීමත් අභියෝගයක් වී තිබෙනවා.

මෙය වයිරසයක් මගින් බෝවන රෝගයක් වන අතර ආසාධිත මදුරුවකු වාහකයෙක් ලෙස ක්‍රියා කරනවා.

මේවා ව්‍යුහයෙන් ඉතා සමාන වූවත් රෝගය බෝ කිරීමේදී  වෙනස් වයිරසයන් ක්‍රියාත්මක වන්නේ ඩෙංගු වර්ග DEN 1, DEN 2 , DEN 3,  DEN 4 ලෙසයි.

ඩෙංගු රෝගයේ සාමාන්‍ය රෝග ලක්ෂණ

තද උණ/හිසරදය/වමනය/ඔක්කාරය/ඇඟ පත වේදනාව/අධික නිදිමතබව/ ආහාර අරුචිය

පේරාදෙණිය ශීක්ෂණ රෝහලේ වෛද්‍ය උදය රලපනාවට අනුව නවතම ලක්ෂණ අතරට පාචනය, උගුර බැරැන්ඩි වීම හා පිටියුටරි ග්‍රන්ථියේ ඉදිමුම්ද ඇති විය හැකියි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

මීට අමතරව පහත ඩෙංගු රක්තපාත උණ රෝග ලක්ෂණ දිස් වේ නම් වහාම වෛද්‍ය උපදෙස් පතන්න

  • අත් පා සුදුමැලි හා සීතල බව
  • නොසන්සුන්බව හා කලබලකාරී බව
  • සමේ පැහැය වෙනස් වීම
  • මුත්‍ර පිට නොවීම හෝ මුත්‍ර පිට වීම අවම වීම
  • හැසිරීමේ වෙනස් කම් – සිහිමද ගතිය/ අසභ්‍ය වචන භාවිතය
  • අසාමාන්‍ය ලේ ගැලීම් තත්වයන් උදා: ඔසප් චක්‍රයෙදී අධික ලෙස රුධිර වහනයක් සිදුවීම, නියමිත කාලයට පෙර ඔසප් චක්‍රය සිදු වීම

රොගය සදහා ප්‍රතිකාර හා සත්කාර

උණ පාලනය කර ගැනීම සඳහා පැරසිටමෝල් ඖෂධය පමණක් භාවිතා කල යුතුයි.

වෛද්‍ය උපදෙස් පරිදි දියර පාවිච්චිය, පානිය ජලය පමණක් පාවිච්චිය  (ආහාර ගැනීමෙන් පසුව)  විශේෂයෙන්ම ලවණමය දියර පානය කිරීම මුලික ප්‍රතිකාරයයි.

මීළඟ ප්‍රතිකාරය අත්‍යවශ්‍යය හා අනිවාර්ය විවේකයයි.

දරුවාගේ උණ පාලනය කරන්න. Ac/විදුලි පංකා ආදිය නිවන්න එපා. වතුරෙන් තවා .

දරුවාට සැහැල්ලු ඇඳුම් අන්දවන්න.

මුත්‍රා පහ කිරීමට හැකි තරම දියර දිය යුතු අතර රෝහල්ගත කල දරුවෙකු නම් දිනකදී පැහැ කරන මුත්‍රා ප්‍රමාණය මැන ලේඛනගත කල යුතුයි

මුඛයෙන් දියර දීමේදී ඔබේ පහසුවට සේ-ලයින් දීමට හෙදියන්ට බලා කිරීමෙන් වලකින්න.

දෙමාපියන්ට කරන්න පුලුවන් මොනවාද?

වැසි සමයේ දෙමාපියන්ට තම දරුවන්ව ලෙඩ රෝග වලින් මුදවා ගැනීම සදහා ඉගි කිහිපයක් මෙන්න.

  • රේන් කෝට්, ජැකට් හා බූට් වැනි ගැලපෙන ආරක්ෂාවක් හා කුඩයක් ඔබේ දරුවා සතුව ඇතිබව තහවුරු කරගන්න. ඒමගින් ඔබේ නිවස හෝ දරුවාගේ පාසැල ගංවතුර පෙදෙසක තිබේනම් ඔබට ඔබේ දරුවා කාලගුණයෙන් ආරක්ෂා කරගන්න පුලුවන්.
  • දරුවාගේ ඇත නිතර සබන් දා සෝදන්න. විශේෂයෙන් ආහාර වේල ගැනීමට පෙර, එළියේ සෙල්ලම් කිරීමෙන් පසුව හා වැසිකිළිය භාවිතා කිරීමෙන් පසුව. ඔබේ දරුවාගේ ඩයපර් මාරු කිරීමෙන් පසුවත් හොඳට ඇත සෝදාගන්න.
  • ඒ වගේම ඔබේ දරුවාට සියලුම උණ  වර්ග සම්බන්ධයෙන් එන්නත් ලබා දී ඇති බවට තහවුරු කරගන්න. එවිට විශේෂයෙන් උණ බෝවෙන කාල වල ඒ සම්බන්ධ වෛරස් ඔවුන්ට ආසාදනය වෙන්නේ නෑ.
  • ඔවුන් ගංවතුර මතින් ඇවිද ගියේ නම් නිවසට පැමිණි වහාම කකුල් හා පතුල් සේදීමට වගබලා ගන්න. හැකිනම් ඔවුන්ව සම්පුර්ණයෙන්ම නහවා ගංවතුරෙන් ආසාදන විය හැකි බැක්ටීරියා නොමැති බවට තහවුරු කරගන්න.
  • වර්ෂා කාලයේ ඩෙංගු මදුරුවන් වර්ධනය වන බැවින් මදුරුවන් බෝවෙන්න පුලුවන් හිස් වතුර භාජන සියල්ල විනාශ කරන්න.
  • තදින් වැස්ස වැටෙයි නම්, ගංවතුර මට්ටම ඉහල යයි නම් හොදම දේ ඔබ දරුවා නිවසේ රදවා සුරක්ෂිතභාවය තහවුරු කිරිමයි.

මේ පුංචි පුංචි වැදගත් දේවල් හැමදාම ඔබට ආදරයෙන් ගෙන එන්නේ theAsianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • වැස්ස දවස් වල හැදෙන මේ රෝග වලින් ඔබේ දරුවා ආරක්ෂා කරන්න
බෙදාගන්න :
  • වැස්ස දවස් වල ඔබේ දරුවා රෝගී වීමෙන් ආරක්ෂා වීමට කිරීමට ක්‍රම 6ක්

    වැස්ස දවස් වල ඔබේ දරුවා රෝගී වීමෙන් ආරක්ෂා වීමට කිරීමට ක්‍රම 6ක්

  • දරුවාගේ සෞඛ්‍ය දවස් දහයකින් ඉහල නංවමු!

    දරුවාගේ සෞඛ්‍ය දවස් දහයකින් ඉහල නංවමු!

  • වැස්ස දවස් වල ඔබේ දරුවා රෝගී වීමෙන් ආරක්ෂා වීමට කිරීමට ක්‍රම 6ක්

    වැස්ස දවස් වල ඔබේ දරුවා රෝගී වීමෙන් ආරක්ෂා වීමට කිරීමට ක්‍රම 6ක්

  • දරුවාගේ සෞඛ්‍ය දවස් දහයකින් ඉහල නංවමු!

    දරුවාගේ සෞඛ්‍ය දවස් දහයකින් ඉහල නංවමු!

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it