theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අවුරුදු 4ක් වයසැති දරුවා: පෙර පාසැල් ළමා සංවර්ධනය

10 අවම කියවීම
අවුරුදු 4ක් වයසැති දරුවා: පෙර පාසැල් ළමා සංවර්ධනයඅවුරුදු 4ක් වයසැති දරුවා: පෙර පාසැල් ළමා සංවර්ධනය

ඔබේ දරුවාට දැන් වයස අවුරුදු හතරක් (මාස 48). මේ ගෙවි  යන්නේ මොනතරම් සිත්ගන්නාසුලු යුගයක්ද? 

වයස අවුරුදු 4 ළමා වර්ධනය: ඔහු මේ වන විට කුඩා ළමා  වියෙන් ඔබ්බට ගොස් ලෝකය ගවේෂණය කර අලුත් දේවල් අත්හදා බැලීමට පෙළඹෙනවා.

ඔහුගේ අලුත් විශ්වාසය ගැන අවධානය යොමු කරන්න.  ඔහු දවසින් දවස වඩාත් ස්වාධීනව,  විශ්වාසවන්ත  හා බලවත් පෞරුෂයක් ගොඩනගා ගනිමින් සිටිනවා.

“මට ඒක තනිවම කරන්න  පුළුවන් "  ඔබ ඔබට නිතර ඇහේවි.

අවුරුදු හතරක් වයසැති    මේ  ඔබේ කුඩා දරුවා බොහෝ විට අත්කර ගනු ලබන ළමා සංවර්ධන සන්ධිස්ථාන දෙස බලමු. 

මේවා මාර්ගෝපදේශ පමණයි.   සෑම දරුවෙකුම වෙනස් වන අතර ඔහුගේ හෝ ඇයගේ වේගයෙන් හා වේලාවකදී සංවර්ධන සන්ධිස්ථාන පහු කරන බව මතක තබා ගන්න.

ගණිත උපක්‍රම

අවුරුදු 4 ළමා වර්ධනය -  ඔබේ දරුවා නිසි ලෙස වර්ධනය වෙනවාද?

අවුරුදු 4    පෙර පාසැල් ළමා සංවර්ධනය - ශාරීරික සංවර්ධනය

ඔබේ සිව් හැවිරිදි දරුවා මේ වන විට බොහෝ සෙල්ලම් කළ යුතුය.

එයට දිවීම, පැනීම, බෝලය විසි කිරීම හෝ එයට පයින් ගැසීම, නැගීම ඇතුළත් වෙනවා.   ඔබ සතුව ඇත්තේ සියල්ල කැටි වු එක් ක්‍රියාකාරී දරුවෙකි.

පුංචි  දරුවාට දැන් ඔහුගේ කුසලතාවන් ගැන  වැඩි වැඩියෙන් පැහැදිළි වන අතර, ඔහුගේ සියලු කටයුතු කිරීමට ඔහුට ඉවසිල්ලක්  නැහැ.

ආහාර කටක් කවන්න යද්දී හෝ ඇදුම් අන්දවන්න හදද්දී  "මම ඒක කරන විදිය  දන්නවා ” යනුවෙන් ඔහු ඔබව ඉවතට තල්ලු කරන්න පුළුවන්.

මේය සත්‍ය ලෙසම වටිනා කාලයකි. ඔබේ දරුවා සෙමෙන් ඔහු  වෙමින් පවතිනවා.

ඔහුගේ විශ්වාසය ධෛර්යමත් කරන්න. ඒ වගේම  ඔහුගේ කුසලතා වර්ධනය කර ගැනීමට ඔහුට වැඩි අවස්ථාවන් ලබා දෙන්න.

ළමා හිංසනය

මේ වන විට ඔබේ දරුවාට තිබිය යුතු කුසලතා කිහිපයක්,

  • තත්පර දෙකක් දක්වා තනි කකුලෙන් ඉන්න, පනින්න පුළුවන්.
  • එකතැන උඩ පනින්න පුළුවන්.
  • සහයක් නැතුව  පඩිපෙළ ඉහළට හා පහළට යන්න පුළුවන්.
  • ඔලුවට උඩින් බෝලයක් විසි කිරීම හෝ විශාල බෝලයක් අල්ල ගන්න පුළුවන්.
  • ඉදිරියට හා පසුපසට පහසුවෙන් ඇවිදින්න පුළුවන්.
  • ට්‍රයිසිකල් එකක් පදින්න පුළුවන්.
  • පාට කූරක් මහපට ඇගිල්ල හා ඇගිලි අතර රදවා ගන්න පුළුවන්. කුරුටු ගාන්න පුළුවන්.
  • කුරුසය,රවුම, කොටුව, ත්‍රිකෝණය හා වෙනත් හැඩ පිටපත් කරන්න පුළුවන්.
  • සිරුරක් සහිත පුද්ගලයෙකු අදින්න පුළුවන්.
  • බ්ලොක්ස් දහයක් ගොඩ නගින්න පුළුවන්.
  • තමන්ගේ ආහාර වත් කරන්න, පොඩි  කරන්න පුළුවන්.

දෙමාපියන්ට ඉඟි:

  • උද්‍යාන හා ක්‍රීඩා පිටිවලට නිතිපතා යමින් ඇති තරම් සෙල්ලම් කරන්න ඉඩ දෙන්න.
  • පබළු ඇමිණීම, කැපීම සහ ඇදීම එම කුඩා මාංශ පේශි ශක්තිමත් කළ හැකි ක්‍රියාකාරකම් වෙනවා.

ක්ලේ සමඟ වැඩ කිරීම සහ හැඩතල සෑදීමද ඒ සදහා උපකාරී වෙනවා.

  • බ්ලොක්ස් සහ ලෙගෝ ඔහුගේ පරිකල්පනය වර්ධනය කර ගැනීමටත්, ඔහුගේ අත් වල  මාංශ පේශි සංවර්ධනය කිරීමට  හොඳ ක්‍රමයකි.
  • කුතුහලයෙන් පිරි දරුවා ඕනෑම දේකට ලංවෙනවා. ඒ නිසා පළිබෝධනාශක, ඖෂධ   ආදිය අගුලු දමා ඇති කැබිනෙට්ටුවල තබා  ඔබේ නිවස ආරක්ෂිත කර ගන්න.
  • ඔබේ දරුවාට තනිවම දත් මදින්නට අවශ්‍ය වෙන්න පුළුවන්. නමුත් මේ වයසේදී ඔහුට දත් නිසි ලෙස පිරිසිදු කරගන්න  බැහැ. ඒ නිසා අවසානයේදී  ඔබත් ඔහුගේ දත් මැදීම  කරන්න අමතක කරන්න එපා.
  • බොත්තම්, සිපර් සහ සපත්තු ලේස් දැමිම  පුංචි  දරුවාට  තවමත් අසීරු වෙන්න  පුළුවන්.

ඔහුගේ චලන  කුසලතා සඳහා මේවා විශිෂ්ට වුවත්, ඔබට මේ  දේවල් ඔහුට කරන්න ඉඩ දීලා ඔහු තුල විශ්වාසය ගොඩ නගන්න    අවශ්‍ය වෙන්න  පුළුවන. ඔහු අනිවාර්යයෙන්ම ඉලාස්ටික් ඉණ පටි සහිත කලුසම් සහ ලේස් රහිත සපත්තු වලට කැමති වේවි.

  • නිදහසට ආසා කරන දරුවා තමාගේම උදෑසන ආහාරය පිළියෙළ කිරීමට කැමතියි.  ඔහු තනිවම සීරියල් හා කිරි මිශ්‍ර කර  ගන්න දෙන්න. හැඩිකිරීම ගැන කනස්සල්ලට පත්වෙන්න එපා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • ඔබේ දරුවාට එක තැන පනින්නට නොහැකි නම්,
  • ඔහු යම් යම් දෑ බැලීමට ඇස් කරකවනවා නම් සමහර දේවල් දැකීමට අපහසු නම්, හෝ ඔහුගේ ඇස්වල ඇති කණිනිකාව (pupil )   සෑම විටම එකම දිශාවකට එල්ල නොවේ නම්
  • මාපට ඇඟිල්ල සහ ඇඟිල්ල අතර පාට කූරක් ග්‍රහණය කර ගන්න නොහැක නම්
  • උදව් නැතිව, ඇදුම් ගලවන්න නොහැකි නම්, ඔහුට හෝ ඇයට දත් මදින්නට නොහැකි නම් හෝ අත් සේදීමට හා වියළීමට අපහසු නම්
  • ඔබේ දරුවාට වරක් තිබූ කුසලතා නැති වුවහොත්

අවුරුදු 4ක් වයසැති දරුවා: පෙර පාසැල් ළමා සංවර්ධනය

අවුරුදු අවුරුදු 4 ළමා වර්ධනය - මානසික සංවර්ධනය

කාලය ගතවීම ඔබේ දරුවාට තේරුම් ගන්න  පුළුවන්.  රාත්‍රියට පසු උදෑසන පැමිණෙන බවත්, අදට පසු හෙට පැමිණෙන බවත්  ඔහු දැන් දන්නවා.

චර්යාවන් තේරුම් ගැනීමට ද ඔහුට පුළුවන්. අවුරුදු හතරක් වයසැති ළමයින් නීති රීති හා චර්යාවන්හි ව්‍යුහයට හා ඉන්  ලැබෙන  ආරක්ෂාවට කැමතියි.

ඔහුට දැන් ගණන් කරන්න පුළුවන්. හැඩ සහ වර්ණ හඳුනා ගැනීමට ආසා කරනවා.

අවුරුදු හතරක් වයසැති දරුවෙකුගේ මානසික  සංවර්ධනය පිළිබඳ ප්‍රධාන කරුණු කිහිපයක්,

  • ගණන් කිරීමේ අදහස තේරුම් ගන්න පුළුවන්. වස්තූන් දහයක් හෝ ඊට වැඩියෙන් ගණන් කල  හැකිය.
  • මවාගත් රගපෑම් වලින් විනෝද වෙනවා.
  • වර්ණ සහ හැඩතල නම් කරන්න පුළුවන්
  • ත්‍රිකෝණයක්, රවුමක්, චතුරස්‍රයක් සහ වෙනත් හැඩයන් පිටපත් කරනවා.
  • කාල සංකල්පය තේරුම් ගන්න පුළුවන්. උදේට උදේ ආහාරය, දහවල්ට දිවා ආහාරය සහ රාත්‍රීයට රාත්‍රී ආහාරය වැනි දෛනික ක්‍රියාකාරකම් වල කාල සංකල්පය සහ අනුපිළිවෙල තේරුම් ගන්න පුළුවන්.
  • වැඩි අවධානයක් තියෙනවා.
  • කොටස් තුනක විධානයන් අනුගමනය කරනවා. උදාහරණයක් ලෙස, “ඔබේ පොත පැත්තකින්  තියන්න, දත් මදින්න, නිදාගන්න ”
  • “ලොකු” සහ “කුඩා” වැනි ප්‍රමාණ සම්බන්ධතා තේරුම් ගන්නවා.

දෙමාපියන්ට  ඉඟි:

  • නිවසේදී වර්ග කිරීමේ සෙල්ලම් කරන්න. අවුරුදු හතරක් වයසැති ළමයින් වර්ග කරන්න  කැමතියි.  වර්ණය, හැඩය හෝ වස්තුව අනුව ඔහු වර්ග කර විනෝද වෙන අයුරු නරඹන්න. ඔන්න සෝදාන රෙදි වර්ග කරන්න කෙනෙක්  ඔබට දැන් ඉන්නවා.
  • ලොකු හා කුඩා, උස හා මිටි වැනි සැසඳීම් කිරීමට ඔබට ඔහුට උදව් කරන්න පුළුවන්.
  • හැකිතාක් දුරට දෛනික චර්යාවන් අනුගමනය කරන්න. ඒ ගැන කතා කරන්න. උදාහරණයක් ලෙස ඔබට මෙසේ කියන්න පුළුවන්,  “රාත්‍රී 7 ට රෑ කෑම  අරගෙන  අපි පුස්තකාලයෙන් ගෙනාපු ගත් පොත් කියවලා අපි රාත්‍රී 9 ට නිදාගමු”

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • ඔබේ දරුවා කොටස් තුනක විධානයන් අනුගමනය නොකරන්නේ නම්,
  • අන්තර්ක්‍රියාකාරී සෙල්ලම් හෝ මවාපෑමේ සෙල්ලම් කෙරෙහි උනන්දුවක් නොදක්වයි නම්
  • පහසුවෙන් අවධානය වෙනතකට යොමු කළ හැකි අතර මිනිත්තු පහකට වඩා වැඩි කාලයක් එක් කාර්යයක් කෙරෙහි අවධානය යොමු කළ නොහැකි නම්

අවුරුදු 4 ළමා වර්ධනය - සමාජීය හා හැගීම් සංවර්ධනය

ඔබේ දරුවා අනෙක් දරුවන් සමඟ ඔහුගේ අන්තර් ක්‍රියාකාරී වී විනෝද  වීමට  පටන් ගන්නවා. ඔහු බෙදාහදා ගැනීම සහ අවස්ථාව  ගැනීම ගැන  ඔබ පුදුමයට පත් වෙන්න  පුළුවන්.

ඉදහිට උද්වේගකාරීව හැසිරින්න පුළුවන්. නමුත් පසුගිය වසරට සාපේක්ෂව ඔහුගේ සමාජ කුසලතාවන්හි විශාල දියුණුවක් දැන් තියෙනවා.

ඔහු වයසින් වැඩෙත්ම, අන් අයගේ හැඟීම් වඩාත් හොඳින් තේරුම් ගැනීමටත් ඒවා බෙදාහදා ගැනීමටත් ඔහුට පුළුවන්.  ඔහුට කතා කරන්න පුළුවන් නිසා දැන් ඔහු තමාගේම හැඟීම් වචන වලින් ප්‍රකාශ කරනවා.

ඔබේ දරුවා පන්තියකට හෝ පෙර පාසැලට ඇතුළත් කිරීමට මෙය හොඳ කාලයක් වෙනවා.

ඔහු අලුත් දේවල් ඉගෙනීමෙන් සතුටක් ලබාවි. ඒ වගේම ඔහු නීතිවලට ගරු කිරීමටත් අනෙක් ළමයින් සමඟ සමාජගත වීමටත් ඉගෙන ගනිවි.

අවුරුදු 4 ළමා වර්ධනය: මෙන්න මේ වයසේ සමාජ හා හැගීම් සන්ධිස්ථාන කිහිපයක් මෙන්න,

  • ඇලී සිටීම හා දෙමව්පියන් ඉවත්ව යන විට නිතර හඩා වැටෙන වාර ගණන දැන් අඩුයි.
  • අළුත් දේවල් කිරීමෙන් සතුටක් ලබනවා.
  • මවාපෑමේ රංගනයෙන් විනෝදයක් ලබනවා.
  • තනිව සෙල්ලම් කරනවාට වඩා අනෙක් දරුවන් සමඟ සෙල්ලම් කරනවා.
  • අනෙක් ළමයින් සමඟ සහයෝගයෙන් කටයුතු කරනවා.
  • ඔහුගේ රුචි අරුචිකම් ගැන කතා කරනවා. හැඟීම් වාචිකව ප්‍රකාශ කරනවා.
  • සැබෑ සහ මවාගත් දේ අතර වෙනස හඳුනා ගැනීමට  අසිරුයි.

දෙමාපියන්ට ඉඟි:

  • ඔබේ දරුවාට ඔහුගේ හැඟීම් නමින් හදුනාගැනීමට උදව් කරන්න: “අද ඔයාගේ යාලුවා හම්බවුනේ නෑනේ.  ඔයාට  දුකයි නේද” ඔහුගේ හැඟීම් කෙතරම් සුළු දෙයක් ලෙස පෙනුනත්, ඔවුන් සමඟ හැඟීම් බෙදාගන්න.
  • ඔහුගේ හැඟීම් ඔබ සමඟ බෙදා ගැනීමෙන් ඔහුට සුවපහසුවක් දැනේවි. ඔහුව වැළදගන්න.
  • හැගීම් බෙදාගැනීම ආදර්ශනය කරන්න. ළමයින් කරන දේ  ළමයින්  දකිනවා. එසේම, ඔහු හැගීම් බෙදාහදා  ගන්නා විට ඔහුට ප්‍රශංසා කරන්න.
  • උද්වේගකාරී හැසීරම් සිදුවුනත් ඔබේ නිතීරිතී සම්බන්ධයෙන් ඔබ ඍජුව සිටින්න.
  • අපේක්ෂා කළ යුතු දේ දැන ගැනීමට දරුවෙකුට උපකාර කරන්න. ඔහුගේ හැඟීම් වඩාත් හොඳින් පාලනය කිරීමට එය ඔහුට උපකාරී වේවි.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • ඔබේ දරුවා වෙනත් දරුවන් නොසලකා හැරියහොත් හෝ පවුලෙන් පිට පුද්ගලයින්ට ප්‍රතිචාර නොදක්වන්නේ නම්
  • වැසිකිළිය භාවිතය, ඇඳුම් ඇඳීම, නිදාගැනීම සදහා විරුද්ධ වෙනවා නම්
  • අතිශයින්ම බියපත්, ලැජ්ජාශීලී හෝ ආක්‍රමණශීලී නම්
  • දෙමව්පියන්ගෙන් වෙන් වූ විට අතිශයින් කනස්සල්ලට පත්වේ නම්.
  • අක්ෂි සම්බන්ධතා නොපවත්වන්නේ නම් හෝ වෙනත් පුද්ගලයින්ට ප්‍රතිචාර නොදක්වයි නම්

වයස අවුරුදු 4 ළමා වර්ධනය - කථනය හා භාෂාව සංවර්ධනය

ඔබේ දරුවා වේගයෙන් ඉගෙන ගන්නවා. ඔහු රිද්මානුකූල ගී ගායනා කිරීමට හා කතන්දරවලට සවන් දීමට ප්‍රිය කරනවා. ඔහු ගොතපු  කතාවක් හෝ දෙකක් අහන්න සුදානම් වෙන්න.

මෙම වයස අනුව බොහෝ දරුවන්ට කළ හැකි දේ මෙන්න,

  • ආගන්තුකයන්ට තේරුම් ගැනීමට තරම් පැහැදිලිව කථා කරන්න පුළුවන්.
  • වචන පහක පමණ වාක්‍ය භාවිතා කරන්න පුළුවන්.
  • සම්පූර්ණ නම කියන්න පුළුවන්.
  • “මම” සහ “ඔබ” නිවැරදිව භාවිතා කරන්න පුළුවන්.
  • මතකයෙන් ගීතයක් හෝ රිද්මයක් ගායනා කරන්න පුළුවන්.
  • අකුරු හදුනාගන්න පුළුවන්.
  • වචන 1,500 ක් දක්වා වචන මාලාවක් තියෙනවා.
  • පොත් වල හුරුපුරුදු වස්තු නම් කරන්න පුළුවන්.
  • දැකීමෙන් සරල වචන කිහිපයක් හඳුනා ගන්න පුළුවන්.

දෙමාපියන්ට ඉඟි:

  • ගොඩාක් කියවන්න. ඔබේ දරුවා දිනපතා අලුත්  වචන ඉගෙන ගන්නවා. ඔබ වැඩි වැඩියෙන් ඔබේ දරුවාට පොත් කියවා ඔහු සමඟ සංවාදයේ යෙදෙන තරමටම ඔහු භාෂාව සමඟ පුහුණුවීම් කරනවා. ඔහුට වචන පෙන්වා දෙමින් ඔබ කියවන්න.

කතාවේ ඊලගට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව ප්‍රශ්න ඇසීමෙන් ඔහුට සිතීමට උදව් කරන්න. අනිවාර්යයෙන්ම ඔහු ඔබ පුදුමයට පත් කරන පිළිතුරක් දේවි.

  • දවස පුරාම ඔබේ දරුවා සමඟ කතා කරන්න. නිවසේදී, සුපිරි වෙළඳසැලකදී, මෝටර් රථයේදී හෝ ඔබ යන එන ඕනෑම තැනකදී වස්තූන් හෝ ශබ්ද පෙන්වා දෙන්න. ඔහුගෙන් ප්‍රශ්න අසන්න. ඔහුගේ පිළිතුරු වලට ප්‍රතිචාර දක්වන්න.
  • ඔබේ දරුවා පුංචි ගීත (rhymes) ගායනා කරන්න. මවාපෑමේ රංගනයන් හෝ එක එක අවස්ථා රගපෑම ඔබේ දරුවාගේ වාචික සංවර්ධනය වැඩිදියුණු  කිරීමට  තවත් හොඳ ක්‍රමයක් වෙනවා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • ඔබේ දරුවා පැහැදිලිව කථා නොකරන්නේ නම්
  • “මම” සහ “ඔබ” නිවැරදිව භාවිතා නොකරන්නේ නම්
  • ඔහුගේ සම්පූර්ණ නම කීමට නොහැකි නම්

අවුරුදු 4 ළමා වර්ධනය - සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

ඔවුන්ගේ වයස, ප්‍රමාණය සහ ක්‍රියාකාරකම් මට්ටම අනුව, අවුරුදු හතරක දරුවෙකුට දිනකට කැලරි 1,200 ත් 1800 ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා.

මෙම වයසේ ගැහැණු ළමයින් සෙන්ටිමීටර 98 සිට 104 දක්වා උසකින් සහ කිලෝග්‍රෑම් 14.6 සිට 17.5 දක්වා බරින් යුක්ත වෙනවා. පිරිමි ළමයින්ගේ  උස සෙන්ටිමීටර 99.5 සිට 105.4  දක්වාද   බර කිලෝග්‍රෑම් 15 සිට 17.7 දක්වාද වෙනවා.

ඔබේ දරුවාගේ දෛනික ආහාර පරිභෝජනයට  අඩංගු විය යුතු පෝෂ්‍ය පදාර්ථ

කාබෝහයිඩ්රේට් සහ මේද

අවුන්ස 4-6 ක්, එයින් අඩක් සම්පූර්ණ ධාන්‍ය ප්‍රභවයන්ගෙන් ලබා දිය යුතුය. අවුන්ස 1 ක් =  පාන් පෙත්තක්, සීරියල් කෝප්ප 1 ක් හෝ පිසූ බත් පිසූ, පැස්ටා හෝ පිසූ ධාන්‍ය කෝප්ප 1/2

ප්‍රෝටීන්

ඔබේ දරුවාට  කැල්සියම් ලබා ගැනීමට දිනකට කිරි / කිරි  ආහාර කෝප්ප2 සිට 2.5 ක්   අවශ්‍ය වෙනවා. ඔබට කිරි කෝප්ප 1ක් වෙනුවට  යෝගට් කෝප්පයක්, ස්වාභාවික චීස් අවුන්ස 1½ ක් හෝ සැකසූ චීස් අවුන්ස 2 කින් මෙය ලබා දෙන්න පුළුවන්.

මස් සහ බෝංචි වැඩෙන දරුවාට හොද  ප්‍රෝටීන් ප්‍රභවයක් වෙනවා. මේ වයසේදී ඇයට දිනකට ඒවා අවුන්ස 3-5ක් අවශ්‍ය වෙනවා. අවුන්ස 1 ක් =  මස්, කුකුළු මස් හෝ මාළු අවුන්ස 1 ක්, පිසින ලද වියළි බෝංචි කෝප්ප 1/4 හෝ බිත්තර 1

විටමින් සහ ඛනිජ

පලතුරු සහ එළවළු  ඔබේ  වැඩෙන දරුවාට  විටමින් සහ ඛනිජ ලවණ ලබාදෙන  මූලික ප්‍රභවය වෙනවා. මෙම වයසේදී ඇයට දිනකට පලතුරු කෝප්ප 1සිට 2  දක්වාත්,  එළවළු කෝප්ප 1.5 සිට 2.5  දක්වාත් අවශ්‍ය වෙනවා.

දෙමාපියන්ට ඉඟි:

  • ඔබේ දරුවාට සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම සඳහා ඔබ හොඳ ආදර්ශයක් වන්න.
  • ඔබේ දරුවා අකමැති ආහාරයක් ආහාරයට ගැනීමට  බල කරන්න එපා.
  • නිතිපතා පවුල එක්ව ආහාර ගන්න.
  • ආහාර පිළියෙළ කිරීමේදී ඔබේ දරුවන් සම්බන්ධ කරගන්න.
  • නිතිපතා ආහාර සහ කෙටි කෑම සැලසුම් කරන්න. ඒ වගේම දරුවන්ට ආහාර ගැනීමට  ප්‍රමාණවත් කාලයක් දෙන්න. ළමයින් පිගානේ කෑම සියල්ලම ගනිවියැයි බලාපොරොත්තු වෙන්න එපා.
  • අඩු පෝෂ්‍යදායී ක්ෂණික ආහාර සහ චිප්ස් සහ රසකැවිලි  වැනි සීනි සහිත කෑම වර්ග සීමා කරන්න.  නමුත් ඔබේ දරුවාට ඒවා අහිමි වේ යැයි හිතන පරිදි ඒවා ඔබගේ නිවසෙන් සම්පූර්ණයෙන්ම ඉවත්  නොකරන්න.
  • සෞඛ්‍ය සම්පන්න පාන වර්ග වන්නේ ජලය සහ කිරි ය.
  • ආහාර සහ කෙටි කෑමවලට පෙර නිසසල කාලයක් සැලසුම් කරන්න. ළමයින් විවේකීව සිටින විට වඩා හොඳින් ආහාර ගන්නවා.
  • තෑග්ගක් ලෙස ආහාර භාවිතා නොකරන්න.
  • ළමයින්ට ගැළපෙන  පිගන්, කෝප්ප, ගෑරුප්පු සහ හැඳි භාවිතා කරන්න.
  • විශේෂයෙන් ආහාර ගන්නා වේලාවේදි රූපවාහිනිය නිවා දමන්න.
  • මේසයේ භාවිතා වන පුරුදු උගන්වන්න. ඔබේ දරුවාට දැන් ඔහුගේ හැඳි ගෑරුප්පු නිසි ලෙස තබා ගැනීමට හැකි විය යුතුය.

කෑම කටේ තියාගෙන කතා නොකිරීම, නැප්කින් භාවිතා කිරීම සහ වෙනත් පුද්ගලයෙකුගේ පිගාන උඩින් අත දිගු නොකිරීම  වැනි වෙනත් මේස පුරුදු ඔබට උගන්වන්න  පුළුවන්.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවාගේ වයස අනුව බර අඩුයි නම් හෝ කුඩා නම්, මෙය ඔහු ඉක්මවා යන සාමාන්‍ය අවධියක්ද, නැතහොත් එය ගැඹුරු ප්‍රශ්නයක් සලකුණක්ද යන්න දැන ගැනීමට ළමා රෝග විශේෂඥ  වෛද්‍යවරයෙකුගෙන් විමසන්න.

ඔබේ කුඩා දරුවාගේ සන්ධිස්ථාන පිළිබඳව සොයා බැලීමට අවුරුදු හතරක් වයසැති ළමා සංවර්ධනය පිළිබඳ වු මෙම ලිපිය ප්‍රයෝජනවත් වේවි නේද?

සියලු දරුවන් තමන්ගේම වේගයෙන් වර්ධනය වෙනවා. ඔබේ කුඩා දරුවාගේ වර්ධනය පිළිබඳව ඔබට යම් ගැටළුවක්  ඇත්නම්, ඔබේ ළමා රෝග විශේෂඥ  වෛද්‍යවරයා හමුවෙන්න.

මීලඟ ලිපියෙන්  පෙර පාසැල් ළමා  සංවර්ධනය  අවුරුදු 04 මාස 01

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

 

පරිවර්තනය: නදීශා ලක්මිණි

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
  • /
  • අවුරුදු 4ක් වයසැති දරුවා: පෙර පාසැල් ළමා සංවර්ධනය
බෙදාගන්න :
  • අවුරුදු 04 මාස 04 පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 04 මාස 04 පෙර පාසැල් ළමා සංවර්ධනය

  • අවුරුදු 04 මාස 02  පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 04 මාස 02  පෙර පාසැල් ළමා සංවර්ධනය

  • අවුරුදු 04 මාස 04 පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 04 මාස 04 පෙර පාසැල් ළමා සංවර්ධනය

  • අවුරුදු 04 මාස 02  පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 04 මාස 02  පෙර පාසැල් ළමා සංවර්ධනය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it