ඔබත් ඔබේ විවාහය තුල මේ දරුණු වැරදි 40 න් එකක් හෝ කරනවාද?

ඔබත් ඔබේ විවාහය තුල මේ දරුණු වැරදි 40 න් එකක් හෝ කරනවාද?

ඔබේ විවාහය රැකගන්න ‌මේ වැරදි 40 ‌නොකර ඉන්න.

ලොව සියල්ලම සර්වසම්පුර්ණ නොවන්නා සේම විවාහය තුලද විවාහ වැරදි සිදුවීම අසාමාන්‍ය නැහැ.

විවාහය කියන්නේ ඔබේ ජිවිතයේ ඉදිරිගමන යන්න ගැලපෙන සහකරුවෙක් තෝරා ගැනීමයි.

ඔබ කොතරම් ගැලපෙන සහකරුවෙකු තෝරාගත්තත් විවාහය අභියෝග වලින් පිරුනු දගු ගමනකි.

මෙම ගොඩාක් අභියෝග ඔබට තනිව කටයුතු කල නොහැකි ඒවා වන්නට පුළුවන. විවාහය තුල සිදුවෙන වැරදි 40 ක් අපි අද බලමු.

විවාහ වැරදි

 

1. විවාහ වැරදි: අගය නොකිරීම

ඔබේ සහකරු හෝ සහකාරිය ප්‍රසංශනිය යමක් කල විට බොහෝ අය අගය නොකරයි. එය ඇත්තටම වැරද්දකි. පුංචි ප්‍රසංශාවකට බොහෝ දුරක් යා හැක. ඒ නිසා ස්තුතියි යන්න මෙන්ම අගය කිරීම් කරන්න අමතක කරන්න එපා. එය ඔබේ නිදන කාමරයේ ක්‍රියාකාරකම් වලදිද අත්හදා බලන්න.

2.විවාහ වැරදි: එක්ව මුදල් ඉතිරි නොකිරීම

දුප්පත්කම ඉස්සරා දොරින් එබෙන කොට ආදරය පෑල දොරින් පලා යනවා කියලා කථාවකුත් තියෙනවා.

විවාහය තුල බොහොමයක් මත භේදයන්ට හේතු වෙන්නේ මුදල් නිසා පැන නගින ප්‍රශ්නලු. මුදල් ඉතිරි කර තිබීමෙන් මේ බොහොමයක් ප්‍රශ්න වලට විසදුම් ලැබෙනවා.

තමාගේ හීන මාලිගාව ඉදිකර ගන්න. තමන් ආසම වාහනය ගන්න වගේම විවාහය හොදින් පවත්වාගන්න මෙලෙස මුදල් ඉතිරි කිරීමෙන් පුළුවන්.

3.විවාහ‌යේ වැරදි: විවාහයට වඩා විවාහ උත්සවය සංවිධානයට වැඩි කාලයක් ගැනීම

විවාහ උත්සවයක් සංවිධානය කිරීම විනෝදජනක නමුත් විවාහය සැලසුම් කිරීම අතිශය වැදගත් වෙනවා.

විවාහයෙන් පසු අනාගත අරමුණු හා අනාගත ගැටළු වලට මුහුන දෙන ආකාරය සාකච්ඡා කිරීම යුවලකට ඇත්තටම වැදගත් වෙනවා.

විවාහය යනු එක් දවසක් පමණක් ප්‍රීතියෙන් සිටිය යුත්තක් නොවන අතර විවාහ ජිවිතය පුරාම ඒ ප්‍රීතිය පවත්වාගන්න සැලසුම් කරන්න.

4.විවාහ වැරදි: එකිනෙකා අවතක්සේරු කිරීම

මෙය බොහෝවිට සිදුවන්නේ දරුවන් සිටින විටයි. නැතිනම් දෙමව්පියන් හෝ මිතුරන් සිටිනවිටද සිදුවෙන්න පුළුවන්.

ගැටලුවකදි එකිනෙකාගේ මත වලට සවන් දෙමින් සාකච්ඡා කර විසදුමකට යෑම මේ සදහා හොදම විසදුම වෙනවා.

මහත්තයා නිතර රණ්ඩු කරනවා

5.විවාහ‌යේ වැරදි: සම්පුර්ණයෙන්ම කැප නොවීම

ගැටලු වලදී විවාහය අතහැර යෑම එතරම් සුදුසු නොවේ . විවාහයක් යනු ඒ තුල සිටින සියලු දෙනාගේම කැපකිරීමකි. සැපේදි මෙන්ම දුකේදී එක්ව සිටීම නියම විවාහයක සිදුවන්නකි.

6.විවාහ වැරදි: එකිනෙකා මත පමණට වඩා රැදි සිටීම

ඔබේ සම්බන්ධතාවය තුල එක් කෙනෙකුට පමනක් ඔබට අවැසි සියල්ල සපයන්න අසීරු වෙන්න පුළුවන්.

එක් අයෙකු මත පමණක් පමණට වඩා රැදී සිටීමට උත්සහ නොකර ඒ ඒ පුද්ගලයාට ඉටුකරගත හැකි පමණට ඔබේ අරමුණු තබාගන්න.

7.විවාහ‌යේ වැරදි: සම්බන්ධතාවය මනින්න ලිංගික සම්බන්ධතාවය භාවිතා කිරීම

ලිංගික සම්බන්ධතා ඔබේ විවාහය තුල වැදගත් අංගයක් වුවද එය විවාහයේ සියල්ලම නොවේ.

ලිංගික සම්බන්ධතා පිළිබද ආසාව අවශ්‍යතාවය එකිනෙකා අනුව අඩු වැඩි වෙන්න පුළුවන්.

නමුත් එය ඔබේ විවාහයේ පැවැත්ම තීරණය කරන එකම සාධකය නොවන බව මතක තබාගන්න. 

8.විවාහ වැරදි: එකිනෙකාට ප්‍රේම නොකල යුතු බව සිතීම

විවාහ වු පසු ආදරය අවශ්‍ය නැහැ කියා සිතන්න එපා. සියලුම විවාහ සම්බන්ධතා සිරුරෙන් මෙන්ම හැගීමෙන්ද පවත්වා ගැනීම වැදගත් වෙනවා.

හැකිනම් ආදරවන්තයින් වු සමයටත් වඩා එකිනෙකා ආදරය කරන්න. එකිනෙකා පුදුම කරන්න.

9.විවාහ වැරදි: තවදුරටත් මිත්‍රත්වයක් නොවීම

යුවලක් තුල මිත්‍රත්වය අනිවාර්යයෙන්ම තිබිය යුතුය. ඒ මගින් එකිනෙකා තේරූම් ගැනීම මෙන්ම සැනසීමද පහසු වනු වෙනවා.

10.විවාහ‌යේ වැරදි: රණ්ඩු කිරීම

එකිනෙකා වාද කරගැනීම අමනාපයට මගපාදයි. හොදම දේ නම් ප්‍රශ්නයක් නැගුන සෑම විටකම දෙදෙනාම සාකච්ඡා කරමින් ගැටලු විසදාගැනීමයි.

එය රණ්ඩු කර පීඩනයට පත්වීමට වඩා සහනදායී ක්‍රමයක් වෙනවා නොඅනුමානයි.

11.විවාහ වැරදි: පාලනය සදහා සටහන් කිරීම

විවාහය තුල ආධිපත්‍ය පතුරන්න උත්සහ කරන්න එපා. ඔබට ඇති ගැටලු හෝ අරමුණු සියල්ල ඔබ දෙපල සාකච්ඡා කර හොදම විසදුමට යන්න. ඔබේ තීරණයට පමණක් මුල්තැන දෙන්න උත්සහ කරන්න එපා.

විවාහ වැරදි

 

12.විවාහ‌යේ වැරදි: උපදේශන ලබා ගැනීමට ප්‍රමාදවීම

ඔබේ විවාහ තුල ගැටළු පැන නගින විට එය ඔබට විසදා ගැනීමට හැකි මට්ටමෙන් ඔබ්බට යන විට ප්‍රමාද නොවී උපදේශන සදහා යොමු වෙන්න.

උසාවිය තුල වෙන්වීමකට වඩා නිසි උපදේශනයක් ලග හීලෑවීම ඔබට සැනසීමක් ලබා දේවී.

13.විවාහ වැරදි: ලිංගික සම්බන්ධතා හා ආශාව ගැන කතා කිරීම අමතකවීම

විවාහ වු අලුත තරම් සරාගය ඔබ අවුලවන්නේ නැති වෙන්න පුළුවන්.

නමුත් අතීතය ගැන කතා කරමින් සිටිනවාට වඩා ඔබ දෙදෙනාගේ ලිංගික සම්බන්ධතාවය හා ආශාවන් ගැන එකිනෙකා අදහස් හුවමාරු කරගන්න අමතක කරන්න එපා.

14. විවාහ‌යේ වැරදි: ඉටුකර ගත නොහැකි බලාපොරොත්තු තිබිම

ලොව සියල්ල සර්වසම්පුර්න නැහැ. ඔබේ සහකරු සර්ව සම්පුර්ණයැයි අහස උසට බලාපොරොත්තු තබාගන්න එපා.

සහකරුටත් වැරදීම් වෙන්න පුළුවන්. ඔහු තුල ඔබ හිතාගෙන හිටියාට වඩා වෙනස් දේවල් තියෙන්න පුළුවන්.

විවාහය සුරංගනා කථාවක් නොවන නිසා ඉටු නොවන ගනයේ බලාපොරොත්තු තබා නොගන්න.

15. විවාහ වැරදි: එකට වැඩි නමුත් ගුණාත්මක නොවන කාලයක් සිටීමට උත්සහ කිරීම

බොහෝ යුවල එකට බොහෝ කාලයක් ඉන්න උත්සහ කරනවා. නමුත් ඒ කාලය ගුණාත්මක නැහැ.

එනම් ඔබ සහකරු සමග සිටිමින් දුරකථනයේ සිටීම, රූපවාහිනි හෝ පුවත්පත් බැලීම හෝ වෙනත් වැඩක නිරතවීම ගුණාත්මක කාලයක් නොවන බව මතක තබාගන්න.

16. විවාහ‌යේ වැරදි: සම්බන්ධතා බිදවැටීම් නොසලකා හැරීම

අපි නොදැනීම මානසිකව හෝ ශාරිරිකව පුංචි පුංචි ඈත්වීම් වෙන්න පුළුවන්. නමුත් එසේ වුවායැයි නොදැන සිටීම විවාහය තුල සිදුවෙන වැරැද්දකි.

එම පුංචි පුංචි බිද වැටීම් හදුනාගෙන සහකරු සමග වඩා වඩා සම්බන්ධවෙන්න ක්‍රම සොයාගන්න.

17. විවාහ වැරදි: ඔබවම නොතකා හැරීම

විවාහය තුල ඔබව අමතක කරන්න එපා. ඔබේ ආශාවන් ඔබේ හැගීම් හදුනාගෙන විවාහයට එයට ගැලපෙන කෙනෙක් සොයාගැනීම මේ විවාහය නම් ගමන පහසු කරනවා.

18. විවාහ‌යේ වැරදි: නිදියහනේ වාදවිවාද කිරීම

ප්‍රශ්න තියාගෙන නිදියහනට යන්න එපා. නිදියහනේ තරක කරමින් නින්දට යෑම ඔබේ සම්බන්ධතා පළදු කරන්න එපා. තිබෙන ප්‍රශ්න උදෑසන අවදි වු විට සාකච්ඡා කරන්න. එය මානසික පීඩනය අවම හා නැවුම්ව මනස පවතින කාලයයි.

why men don't listen

19. විවාහ වැරදි: ලිංගික සම්බන්ධතා නොපැවැත්වීම

ඔබ ලිංගික සම්බන්ධතා නොපවත්වන විට සහකරු හා ප්‍රේමයෙන් වෙලෙන හා සහකරු ආකර්ෂණය වෙන හෝමෝන වහනය වීම අඩාල වෙනවා.

එවිට දෙදෙනා කෙරෙහි ඇති හැගීම් ඇති නොවෙන්න පුළුවන්. විවාහය තුල ලිංගික සම්බන්ධතා දෙදෙනා අතර සම්බන්ධතාවය තහවුරු කිරීමට මහත් සේවයක් කරනවා.

20. විවාහ‌යේ වැරදි:  සිත්ගන්නා සුළු සම්බන්ධතාවයක් නොපවත්වා ගැනීම

විවාහයේ හැමදාම මධුසමය නොවන බව ඇත්තයි. නමුත් සම්බන්ධතාවයක් ආකර්ෂණිය නොවන විට එය තිත්ත වෙනවා.

ඒ නිසා ඔබේ සම්බන්ධතාවය හැකි පමණ ආකර්ෂණිය කරගැනීමට උත්සහ කරන්න.

21.විවාහ වැරදි: පිටස්තරයන්ට ඇතුල්වීමට ඉඩ දීම

ඔබේ විවාහ ජිවිතයට අවශ්‍ය පුංචි පුංචි උපදෙස් ඔබ තවත් අයෙකු ගෙන් පතනවා වන්නට ඇත. එහි ගැටලුවක් නැත.

නමුත් ඔබ තවත් අයට ඔබේ විවාහට බලපෑම් කරන්න ඉඩ තබන්න එපා.

22.විවාහ‌යේ වැරදි: තනිව එකට කාලය ගත නොකිරීම

දරුවන් ලැබීම හෝ විවාහ ජිවිතය තුල පැන නගින අනෙකුත් ප්‍රශ්න ඔබ දෙපළට තනිව සිටීමට තිබෙන කාලය නැති කිරීමට හේතුවක් කර නොගන්න.

වඩා ශක්තිමත් විවාහක යුවළක් සහ වඩා හොඳ දෙමව්පියන් වීමට එකිනෙකා කෙරෙහි අවධානය යොමු කරන්න.

23.විවාහ වැරදි: වංචා කිරීම

විවාහය තුල වංචා කර සමාව ලබා ගත හැකි බවත් එය අමතක කල හැකි බවත් සිතන්න එපා. ඔබ එකිනෙකාට අවංක වෙන්න.

බොහෝ යුවළයන්ට සම්බන්ධතාවයේ විශ්වාසය හා ආරක්ෂාව පිළිබඳ හැඟීමක් නැවත ගොඩනඟන්න බැහැ

24.විවාහ වැරදි: නිතර තමා හරියැයි සිතීම

ඔබ නිතරම හරියැයි සිතන්න එපා. අපි හිතන පතන දේවල් වැරදි වුන අවස්ථා තියෙනවා නේද?

හොදම දේ නම් අනෙකාගේ මතයටද ගරු කරමින් අවබෝධයෙන් ජිවත්වීමයි.

සැමියාගේ වැරදි

25.විවාහ වැරදි: ඔබට ඒ ගැන සැලකිල්මත් නැති බව පැවසීම

මෙවන් රළු වාක්‍යයක් භාවිතා කිරීමට වඩා දෙයක් එකිනෙකාට හැගෙන ආකාරය ගැන එකිනෙකාට කියන්න.

එය ඔබේ ආදරය මෙන්ම සැලකිලිමත්භාවයද පෙන්වයි.

26.විවාහ වැරදි: ගැටළු විසඳීමට නොසලකා හැරීම

පුංචි ගැටළු නොසලකා හැරීමෙන් ඒවා ලොකු වෙන්න පුළුවන්. එය අවසානයේ ඔබේ විවාහය දෙදරා යන්න හේතු වෙන්න පුළුවන්.

ඒ නිසා සෑම පුංචි ගැටළුවක් ගැනම සැලකිලිමත් වෙන්න.

27.විවාහ වැරදි: එකිනෙකාට සවන් නොදීම

තාක්ෂණික දියුණුවත් සමගම ඔබ දුරකථනයට හෝ පරිඝනකයට ඇලී සිටිනවා වෙන්න පුළුවන්.

එවිට ඔබේ අවධානය අනෙක් කෙනා පවසන දෙයින් ගිලිහෙනවා. එය වෙන්න දෙන්න එපා. ඒවා මදක් බැහැර කර එකිනෙකාට සවන් දෙන්න.

28.විවාහ වැරදි: එකිනෙකා වෙනස් කිරීමට උත්සහ කිරීම

විවාහය තුල ඔබේ අනෙක් සහකරු ඔබට අවැසි ලෙස වෙනස් කරන්න උත්සහ කරන්න එපා.

ඔබව යමෙක් වෙනස් කිරීමට උත්සහ කරන විට ඔබට දැනෙන හැගීමම අනෙක් පුද්ගලයාටද දැනෙන බව අමතක නොකරන්න.

29.විවාහ වැරදි: සම්බන්ධතා ක්‍රියාත්මක කිරීම අමතක කිරීම

  බලාපොරොත්තු ගොඩාක් ඇති විට දිගු සම්බන්ධතා ගොඩ නැගෙනවා. සම්බන්ධතාවය පවත්වා ගැනීම සදහා ඒහා සබැදි බලාපොරොත්තු ගොඩ නගන්න.

30.විවාහ වැරදි: විවාහය ඔබේ ප්‍රශ්න සියල්ල විසදන බව සිතීම

විවාහයට හෝ සහකරුවෙකුට ඔබේ සියලුම ප්‍රශ්න විසදිය හැකි මැජික් එකක් කල නොහැක.

ඔබේ ගැටලු විසදීමට සහකරුට හවුල් විය හැකි නමුත් ඒ මගින් සියලුම ප්‍රශ්න විසදිය නොහැකි බව පමණක් මතක තබා ගන්න.

විවාහ වැරදි

 

31. විවාහ වැරදි : අනෙක් කෙනා නැතුව ලොකු තීරණ ගැනිම

ඔබේ සහකරු සමඟ සාකච්ඡා කිරීමෙන් ඔබ ඔවුන්ගේ මතය අගය කරන බවත්, ඔවුන්ගේ හැඟීම් ගැන සැලකිලිමත් වන බවත්, ඔවුන්ගේ අභිලාෂයන් මනසේ තබාගෙන සිටින බවත් පෙන්නුම් කරනවා.

ඒ නිසා එක්ව කතා බහ කර තීරණ ගන්න.

32.විවාහ වැරදි : සීමා මායිම් පැහැදිලිව තබා නොගැනීම

විවාහයකදි නැන්දම්මා ඇතුලු අනෙක් අයගේ බලපෑම් ඔබේ පවුලට එන්නට ඉඩ නොදිය යුතුය. ඒ අය හා ඔබේ පවුල අතර පැහැදිලි සීමාවන් පවත්වා ගන්න.

33.විවාහ වැරදි: අනෙකාට උදව් නොකිරීම

ඔබ දෙදෙනා එක් කණ්ඩායමක් වන අතර, ඔබේ සහකරුට ඔහු හෝ ඇය ගැටලුවක හෝ වේදනාවක සිටින විට ඔබේ සහය ලබා දෙන්න.

34.විවාහ වැරදි : කැමැත්ත හා ආදරය අතර වෙනස අමතක කිරිම

ඔබ එකිනෙකාට නිතර කැමැත්තක් නොදැක්කුවත් ඔබේ සම්බන්ධතාව ආදරය මත පදනම් වී ඇති බව කිසිම විටෙක අමතක කරන්න එපා.

35.විවාහ වැරදි: ලිංගික සම්බන්ධතා සදහා මානසිකත්වයක් එනතුරු බලා සිටීම

ඔබ දවස පුරා වෙහෙස වී සිටිනවා වෙන්න පුළුවන්. ලිංගික එක්විමකට මානසිකත්වය ඔබට නැතිවෙන්න පුළුවන්.

නමුත් උදාවෙන හැමදාම දවස අවසානය වෙහෙසබර බව අමතක නොකරන්න.

ඒ නිසා ඒ සදහා මානසිකත්වයක් එනතුරු බලා සිටිමෙන් වන්නේ දෙදෙනා අතර සම්බන්ධතාවය දුරස්වීම පමණයි.

36.විවාහ වැරදි: ඔබ දෙපළ තනිව ගතකරන මොහොතක බලය හදුනා නොගැනීම

ඔබ දෙදෙනා තනිව කාලය ගත කිරීම වැදගත් බව ඔබට ඔබට එක්වර නොසිතෙන්න පුළුවන්.

නමුත් නිතර මෙවන් අවස්ථා උදාකර ගැනීමෙන් ඔබ දෙපලට බොහෝ ලංවීමට හැකි අතර සම්බන්ධතාව ශක්තිමත් කරගන්නද පුළුවන්.

37.විවාහ වැරදි: අවංක නොවීම

යුවලක් එකිනෙකාට අවංක නොවීම තුල අවිශ්වාසය ගොඩ නැගෙනවා. එය විවාහය දෙදරා යන්න ප්‍රධාන හේතුවක් බව අමතක නොකරන්න.

සියල්ල විවෘතව කතාබහ කරන්න.

38.විවාහ වැරදි: එකිනෙකා ප්‍රශංසා කර නොගැනීම

ඔබ දෙදෙනා එකිනෙකා කරන දේවල් අගය කරන්න. එකිනෙකා තම පවුල වෙනුවෙන් කරන දේවල් අගය කිරීමෙන් ඒ දේවල් කරන්න උනන්දුවක් ඇතිවෙනවා මෙන්ම සම්බන්ධතාවයද ශක්තිමත් වෙනවා.

මානසික පීඩනය

39.විවාහ වැරදි: දරුවන්ට පළමු තැන ලබා දීම

ඔබේ ජිවිතයේ අංක එක විය යුත්තේ ඔබ හා බැදුනු අනෙක් පාර්ශවකරුවායි.

ඒ පුද්ගලයා හා ඔබ අතර උපදින දරුවන්ට ඊලග තැන ලබා දෙන්න පුළුවන්. නමුත් අංක එක අමතක කරන්න එපා.

40.විවාහ වැරදි : දුරකථනය නිදි යහනට ගෙන ඒම

ඔබේ දුරකථනය දෙස  පැය 24 ම බලා සිටීම වෙනුවට එකිනෙකා දෙස බැලීමට හා කතා කිරීමට කාලය සොයා ගන්න. 

මුලාශ්‍ර

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

කතන්දර ලිපි