විවාහයක් අසාර්ථක වීමට හේතු වන සහකරුවන් කරන වැරදි 41ක්

විවාහයක් අසාර්ථක වීමට හේතු වන සහකරුවන් කරන වැරදි 41ක්

විවාහයක් තව තවත් ලස්සන කරගන්නට නම් ඔබ නොදැනුවත්ව හෝ කරන මේ වැරදි කරන්නට එපා!

විවාහ උපදේශකයින් කිහිපදෙනෙකු විසින් මේ අදහස් බෙදාගන්නේ, ඔවුන් බහුලව දකින, සහකරුවන් විසින් ඔවුන්ගේ සුන්දර විවාහය පළුදු කරන නරකම වැරදි සහ ඒවා වළක්වා ගන්නා ආකාරය ගැන වැදගත් අදහස් කිහිපයකි.

සහකරුවන් එකිනෙකා  අතර ප්‍රේමය, ගෞරවය සහ සතුට යන පදනම මත ගොඩනැඟුණු හොඳ, අර්ථවත් සම්බන්ධතාවයක් ඇති බවට සැකයක් නැහැ!

කෙසේ වෙතත්, වසර ගණනාවක අත්දැකීම් තිබුණත්, සෑම විටම විවාහයක් වැඩිදියුණු කිරීම සඳහාත් ඉඩකඩ ඇති බවට ඔබ එකඟ වනවා නියතයි!

ඉතින්, ඔබේ විවාහය උපරිමයෙන් විඳගන්න, මෙම විවාහ උපදේශකයින්, මනෝචිකිත්සකයින් සහ විශේෂඥයින්ට අනුව - සතුටින් සිටින විවාහක යුවළයන් කිසි විටෙකත් නොකළ යුතු මෙම පුළුල් ලැයිස්තුව බලා ඔබේ විවාහයට සරිලන වෙනස්කම් තුළින් විවාහය ශක්තිමත් කරගන්න!

ඔබගේ සුන්දර විවාහය ශක්තිමත් කරගන්නවා වෙනුවට, පළුදු වන්නට තුඩු දෙන හේතු 41ක්

1. දෙදෙනා කරන සෑම දෙයක්ම වකට එකතු වී කිරීම

ස්වාධීන අවශ්‍යතා වර්ධනය කර ගැනීම වැදගත් බව ඇත්තයි. එකට එක්වී විනෝද වීමද විශිෂ්ටයි. නමුත් තනි තනිව විනෝද වීමටද ඔබ දැන සිටිය යුතුයි ඊට ඉඩ තිබිය යුතුයි.

සුන්දර විවාහය

2. වඩා හොඳ හෝ වඩා පරිපූර්ණ සම්බන්ධතාවයක් බලාපොරොත්තු වීම

සියලුම සම්බන්ධතාවන් ගොඩනැගෙන්නේ යම් යම් ක්‍රියාවලියන් වල ප්‍රතිඵලයක් ලෙසයි.

කවදා හෝ 'පරිපූර්ණ' සම්බන්ධතාවයක් ඇති කර ගැනීම ගැන කරදර වනවාට වඩා, දෙදෙනා අතර සබඳතාව ඉදිරියට ගෙනයාමේ දෛනික ගමන වෙත යොමුවීම වඩා වැදගත් වනවා.

3. සහකරු හෝ සහකාරිය වෙනත් ස්වාමිපුරුෂයන් හා භාර්යාවන් සමඟ සැසඳීම

නීතිඥයකු හා කතුවරයකු වන වෙන්ඩි පැට්‍රික් විශ්වාස කරන්නේ විශ්වාස කරන්නේ තම සහකරු හෝ සහකාරිය අන් අය සමඟ සංසන්දනය කිරීම කිසිඳු ඵලකට නැති උත්සාහයක් බවයි.

"ඔබ අවංකවම අගය කරන, ඔබේ සහකරු අද්විතීය කරුණු 10 ක් ගැන සිතන්න," ඇය පවසයි.

"මෙම ලැයිස්තුවට භෞතික, බුද්ධිමය, වෘත්තීය සහ පෞද්ගලික නිරීක්ෂණ ඇතුළත් විය හැකිය.

ඔබ අවසන් වන විට, වෙනකෙකු හැර, ඔබේ සහකරු ලැබීමට ඔබ වාසනාවන්ත බවඔබට තේරුම් යනු ඇත ."

4. තමන්ටම වෛර කරගැනීම සුන්දර විවාහය පළුදු කරයි

සුන්දර විවාහය

තමන්ටම වෛර කරගැනීම හෝ අකමැති වීම සෞඛ්‍යයට අහිතකර සම්බන්ධතා ගතිකයක් ඇති කරයි.

තමන් තමන්ටම ආදරය කරන විට සහ පිළිගන්නා විට, තමන්ගේ සහකරුගෙන් හෝ වෙනත් අයෙකුගෙන් ආදරය නොලැබීම ඉවසීමට ඇති ඉඩකඩ සහ හැකියාව වැඩි වනවා.

5. සහකරු තමන්ගේ මුළු ජීවිතයම බවට පත්කර ගැනීම

සුප්‍රසිද්ධ ප්‍රේමය හා සබඳතා උපදේශකයකු වන ලෝරල් හවුස්, පුද්ගලිකත්වයේ වැදගත්කම පිළිබඳව තදින්ම විශ්වාස කරනවා.

ඇය යෝජනා කරන්නේ සහකරුවන්ගේ අවශ්‍යතාවන් පමණක් ඉටු කිරීමට උත්සාහ නොකොට,  පුරුෂයින් හා ස්ත්‍රීන් තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා සහ අරමුණු කරාද යොමු විය යුතු බවයි.

තවත් කෙනෙකු වෙනුවෙන් පමණක් කැපවීමට පෙර, තමන් ස්වාධීන පුද්ගලයෙකු ලෙස වර්ධනය වීමටද හැකියාව තිබිය යුතු වනවා.

එමනිසා, ඇගේ න්‍යායට අනුව, ප්‍රීතිමත්ම විවාහක යුවළයන් එකිනෙකා කෙරෙහි පමණට වඩා බැඳීම් නොමැති අයයි.

ඔවුන් විවාහයෙන් වසර ගණනාවකට පසුව පවා තමතමන් ගැන ආත්මීය හැඟීමක් පවත්වා ගැනීමට වැඩි හැකියාව ක් ඇති අයයි.

6. තමන්ගේ සාරධර්ම අත්හැරීම සුන්දර විවාහය 

තම තමන්ගේ සාරධර්ම පවත්වා ගත යුතුයි. (ඔබේ සමස්ත පෞද්ගලිකත්වයට අමතරව). "ඔබේ ඇතුළාන්තයේ ජීවත් වන ඔබ කවුරුන්දැයි ඔබ දන්නවාද?

ඔබ විශ්වාස කරන සාරධර්ම මොනවාද? ඔබ නැගී සිටින්නේ මොනවා සඳහාද?

බොහෝ විට ඔබට මේවායින් ඈත්වුනු බවක් දැනෙන විට, තෘප්තිමත් නොවූ විට හෝ ඔබ ඔබම නොවේ යැයි හැඟුනු විට, එයට හේතුව ඔබ ඔබේ මූලික සාරධර්ම වලට පටහැනිව ක්‍රියා කළ නිසා වන්නට පිළිවෙන.

ඒවා මොනවාදැයි යන්න ගැන අවබෝධයක් ඇතිකරගන්න. එකිනෙකාගේ සාර්ධර්ම ශක්තිමත් කරන්නේ කෙසේද යන්න සොයා බලන්න.

දෙදෙනාටම තමන්ගේ හොඳම, වඩාත්ම අව්‍යාජ ආත්මීය අරමුණින් ජීවත් වීමේ හැකියාව එවිට ලැබෙනාව.

ඔබේ මූලික සාරධර්ම කෙරෙහි විශ්වාසයක් ඇති වූ පසු, ඔබ ගැන ඔබ තුළ විශ්වාසයක් ඇතිවනවා.

7. ඔහු / ඇය පවසන සියල්ල සමඟ එකඟ වීම සුන්දර විවාහය 

විවෘත සන්නිවේදනය ඉතාමත්ම වැදගත්. කෙසේ වෙතත් මෙයින් අදහස් කෙරෙන්නේ සැමවිටම ඔවුන් සමඟ එකඟ වීමක් නොවේ!

ඔබට ඔබේම අදහස් හා මතයන්ට හිමිකම් ඇත. කෙසේ නමුත් ඔබේ සහකරුගේ මත වලට ඇහුම්කන් දීමත් ඒවා අගය කළ යුතු බවත් ඔබ සිහි තබාගත යුතුය.

8. එකිනෙකාගේ සියලු ගැටලු විසඳීමට උත්සාහ කිරීම

ඇතැම් විට කෙනෙක්ට අවශ්‍ය වන්නේ කවුරුන් හෝ ඔවුන්ට ඇහුම්කන් දීම පමණයි. සැම විටම ඔවුන් විසඳුමක් සොයන්නේ නැත.

සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවයකට සන්නිවේදනය අත්‍යවශ්‍යය.

සුන්දර විවාහය

එබැවින් ඔබේ සහකරු ඔබ වෙත යොමු වන විට, ඔහු හෝ ඇය නිවැරදි කිරීමට වඩා සවන් දීමට අවධානය යොමු කරන්න.

මෙයට අනෙක් පුද්ගලයාගේ අත්දැකීම් අවබෝධ කර ගැනීම සහ වලංගු කිරීම සහ ගැටලුව විසඳීමට උත්සාහ කරනවාට වඩා 'මම ඔබට ඇහුම්කන් දෙන්නෙමි, තේරුම් ගතිමි' වැනි දේවල් පැවසීම ඇතුළත් වේ.

9. සංවාදය අතරතුර ඔබගේ දුරකථනය සමඟ සම්බන්ධ වීම සුන්දර විවාහය 

ඔබේ සහකරු ඔබ සමඟ කතා කරන විට, ඔබ කරන අනෙකුත් සියළු දෙයින් නිදහස් වී සම්පූර්ණ අවධානය ඔවුන් වෙත යොමු කරන්න.

ඔවුන්ගේ ඇස් දෙස බලා ඔවුන් කෙරෙහි අවධානය යොමු කර ඔවුන් පවසන දේට සැබවින්ම සවන් දෙන්න.

10. වෙනදා කළ සුළු කාරුණික ක්‍රියාවන් තවදුරටත් නොකිරීම

කාලයත් සමඟ විවාහක යුවළයන්ට සැනසීමක් ලැබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස, සමහර විට එම මිහිරි, කාරුණික ක්‍රියාවන් පසු සිතිවිල්ලක් පමණක් බවට පත්වනවා. කෙසේ වෙතත්, එය එසේ විය යුතු නැහැ!

ඔබේ සහකරුට විවෘතව සිට සුළු කරුණාවන්ත ක්‍රියාවන් කරන්න. "අපි හැමෝම අප වෙත කුඩාම හෝ සිතිවිල්ලක් හෝ යොමු වනවාට කැමතියි.

ඔබේ සහකරු කලබල වී ඇත්නම්, ඔබට කුඩා කරුණාවන්ත ක්‍රියාවක් ඉදිරිපත් කිරීමෙන් ඔහුගේ/ඇයගේ ගතිකය මුළුමනින්ම වෙනස් කළ හැකිය.

ඔබේ සහකරු සතුටින් සිටින විට, කරුණාවන්ත ක්‍රියාවන්හි දිගටම ගමන් කරනු ඇත. ඔබගේ සම්බන්ධතාවය, අත්තිවාරම සහ අනාගතය ශක්තිමත් කිරීමට උදව් කරන්න. ”

11. "කරුණාකරලා" හෝ "ස්තූතියි" කීමට අමතක කිරීම

කෘතඥතාව යනු සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවයක අත්‍යවශ්‍ය අංගයකි. ඔබේ සහකරුගේ ධනාත්මක ගුණාංග සහ අඩුපාඩු වලට වඩා සම්බන්ධතාවයේ ශක්තිමත් අංශ කෙරෙහි අවධානය යොමු කරන්න.

යහපත් දේ සඳහා කෘතඥතාව පළ කිරීම එකිනෙකා කෙරෙහි ගෞරවය හා අගය කිරීම පවත්වා ගැනීමට පමණක් නොව, ගැඹුරු සමීපතාවයකට යතුරයි. ”

12. "කුඩා දේවල්" පමණක් සැමරීම සුන්දර විවාහය 

වසර ගණනාවක් විවාහ වී සිටීමේ තවත් අතුරු ආබාධයක් වන්නේ සුළු සැමරුම් සහ සංවත්සරයන් නොසලකා හැරීමේ ප්‍රවණතාවයයි.

නිසැකවම ඔබ විශාල සැමරුම් වඩාත් චමත්කාරජනක ලෙස සැමරීමට උත්සාහ කළ යුතුය, නමුත් එයින් අදහස් කරන්නේ අනෙක් සුළු සැමරුම් වලට ඉරිතැලීම් මඟ හැරීමට ඉඩ දීම නොවෙයි.

"සෑම කෙනෙකුටම (සාමාන්‍යයෙන්) උපන් දින සහ සංවත්සර වැනි විශාල දේ මතක තබා ගත හැකිය.

නමුත් සාර්ථක විවාහයක සහකරුවන් මගබලාසිටින්නේ රැකියාස්ථානයේ හොඳ සමාලෝචනයක් ලබා ගැනීම හෝ පැටියා එක් රාත්‍රියක හෝ සුව නින්දකට යාම වැනි පුංචි දේවල් සැමරීමට කුඩා ක්‍රම සොයති"

13. කුඩා දේවල් වලට පමණට වඩා මහන්සි වීම

විවාහයේදී, ඔබ දැඩි බවක් වර්ධනය කර ගත යුතු අතර, කුඩා දේවල් ගනන් පමණට වඩා ගණන් නොගත යුතුයි.

කුඩා දේවල් වලට කරදර වනවාට වඩා ජීවිතයේ ඊට වඩා වැදගත්  බොහෝ දේ සිදුවෙමින් පවතිනවා!

"ඔබේ සහකරුගේ පුංචි පුංචි වැරදි ගැන දෝෂාරෝපණය කරනවා වෙනුවට ඔබේ සම්බන්ධතාවය ගැන ඔබ අගය කරන දේ කෙරෙහි අවධානය යොමු කරන්න".

14. නිෂේධාත්මක මානසිකත්වයක් ඇති කරගැනීම සුන්දර විවාහය 

දොස්තර හොඳ හිත කාටූනයේ "චවු චවු" වගේ අසුභඵලවාදීන්ට කිසිවෙකු කැමති නැහැ.

නිරෝගී සම්බන්ධතාවයක් පවත්වා ගැනීම යනු අඩුපාඩු වලට වඩා ඔබේ සහකරුගේ සහ ධනාත්මක ගුණාංග කෙරෙහි අවධානය යොමු කිරීමයි.

දිවි නසාගැනීම

මෙය විශේෂයෙන් සත්‍ය වන්නේ අභියෝගාත්මක කාලවලදී හෝ ගැටුම් වලදී වැරදි දේ පිළිබඳව අඩු යොමු කිරීම පහසු නොවන විටයි.

15. ඔබේ සහකරු නිරන්තරයෙන් විවේචනය කිරීම හෝ පහත් කොට සැලකීම

ශක්තිමත් සම්බන්ධතාවයකට ඇතුළත් වන තවත් රහසක් වන්නේ තම සහකරුට සහයෝගය දෙමින් ඔවුන් අගය කිරීමයි.

එයට ඇතුළත් නොවන දෙය නම්, සහකරු විවේචනය කිරීම හෝ පහත් කොට සැලකීම හෝ වෙනස් කිරීමට උත්සාහ කිරීම ය.

එම හැසිරීම් සම්බන්ධතාවයකට ඇතුළු වූ පසු එය යළි යථා තත්ත්වයට පත් කිරීම ඉතා අපහසු විය හැකියි.

16. ඔබේ සහකරුට හෝ සහකාරියට අගෞරව කිරීම

කිසිවෙකු අවතක්සේරුවට ලක්වීමට කැමති නැහැ. නිර්දය ලෙස අගෞරව ලක්වීමට කිසිවෙකු කැමති නැහැ. ඇත්තෙන්ම, ඔබ දෙදෙනා එක් කෙනෙක් වගෙයි. ඒකම ගමනක් යන කණ්ඩායමක් විය යුතුයි නේද?

එකිනෙකාට ගරු කිරීම සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවයකට අත්‍යවශ්‍ය අංගයකි. ගෞරවයෙන් තොර සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවයක් ලුනු නැති හොද්දක් වගෙයි - එහි කිසිඳු රසයක් නැහැ!

17. සම්මුතිය ප්‍රතික්ෂේප කිරීම

ඔබට සිතාගත හැකි පරිදි, නිරන්තරයෙන් ඇසට ඇස ගැටීම ප්‍රතික්ෂේප කිරීමෙන් ඔබට (සහ ඔබේ සහකරුට) වැරදි මාර්ගයකට පාට කැපිය හැකියි!

සම්මුතිය ඉතා වැදගත් වන්නේ එය ඔබගේ සහකරුට හෝ සහකාරියට වඔවුන්ගේ හැඟීම් හා ආශාවන්ට ඔබ ගරු කරන බව පෙන්වන ප්‍රතිඥාවක් වගේ බැවිනි.

එය ඔවුන් අගය කොට ඇති බවත් සම්බන්ධතාවය ඒක පාර්ශවීය නොවන බවත් ඔවුන්ට දැනගැනීමට එය සහතික කළ හැකි ක්‍රමයකි.

18. ඔබේ සහකරුට ඔබේ මනස කියවීමට සැලැස්වීම

ඔබේ සහකරු හෝ සහකාරිය වැඩිපුර ආතතියට පත්කරන්නට එපා. එකිනෙකාගේ මනස කියවීමට උත්සාහ කිරීම කිසි විටෙකත් ස්ථිර උපාය මාර්ගයක් නොවන අතර එය සාර්ථක  සන්නිවේදනයට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවකි.

මනස කියවීම මිථ්‍යාවකි! ඔබට ඔබේ සහකරුගේ මනස කියවිය නොහැක. ඔබ කොතරම් ආදරය කළත් එකිනෙකා 'දැන සිටියත්' ඔවුන්ට ඔබේ මනස කියවිය නොහැක. ඔබට අවශ්‍ය දේ කියන්න - ඒවා අනුමාන කරන්න එපා!

19. ඔබේ සහකරුට අපහාස කිරීම

සබඳතා බිදීමට හේතු වන විශාලතම සාධකයක් වන්නේ මෙයයි.

එක් සහකරුවකු සම්බන්ධතාවයේ සියළු අපහාස උපහාස වල බර කෙටි කාලයක් හිසේ දරාගෙන ඉදිරියට යාම සාමාන්‍ය දෙයක් විය හැකි‍යි.

සුන්දර විවාහය

නමුත්, අමනාපය සහ වෙනත් නිෂේධාත්මක හැඟීම් වලක්වා ගැනීම සඳහා එම කාල පරිච්ඡේදයන් සාකච්ඡා කර සමතයකට පත්කරගත යුතුයි.

20. ඔබේ සහකරු අදහස් කරන්නේ කුමක්දැයි ඔබ දන්නවා යැයි උපකල්පනය කිරීම

නිවැරදි සන්නිවේදනය, සාර්ථක සම්බන්ධතාවයක යතුර වේ. මෙය සත්‍යයක් වුවත්, එය සැබවින්ම සන්නිවේදනයේ වර්ගය සහ එය සිදු කරන ආකාරය සම්බන්ධතාවයේ සාර්ථකත්වයට අතිශයින් වැදගත්.

ඔබේ සහකරු පවසන වචන තේරුම් ගැනීම අනිවාර්යයෙන්ම ඔවුන් අදහස් කරන දේ තේරුම් ගැනීම හා සමාන නොවේ.

උපකල්පනය කරනවා වෙනුවට, ඔබ දෙදෙනාම තේරුම් ගන්නා තෙක් දෙදෙනාට දෙදෙනා පැහැදිලි ප්‍රශ්න අසන්න.

21. සෑම විටම නිවැරදි වීමට උත්සාහ කිරීම

වැරදීම් සිදුවීම මිනිස් ගතියක් අම්මේ, තාත්තේ. ඔබ සෑම විටකම නිවැරදි වන්නට අවශ්‍ය නැහැ. එබැවින් යම් නිහතමානිකමක් ඇති කර ඔබ නොදන්නා කාරණා ඇතිබව පිළිගන්න.

සෑම විටම නිවැරදි විය යුතු පුද්ගලයින් අපි කවුරුත් දන්නා අතර ඔවුන් සමඟ කටයුතු කිරීම කලකිරීමට හේතු වන බවත් අප දන්නවා. ඔබේ සහකරු සමඟ ඔබ කරන සංවාද වලදී නිවැරදි වීමට ඇති අවශ්‍යතාවය අත්හැරිය යුතු අවස්ථාව හඳුනාගන්න. සහකරුට ඇහුම්කන් දීමට පමණක් උත්සාහ කරන්න, " The Problem Was Me හිකතුවරයා වන තෝමස් ගග්ලියනෝ උපදෙස් දෙයි." නිවැරදි වීමට වඩා සමීප සම්බන්ධතාවයක් පවත්වා ගැනීම වඩා වැදගත්ය. "

22. ඔබ සීමාව පනින තුරුම දේවල් ඇවිලෙන්නට ඉඩ හැරීම

කාලයත් සමඟ ඔබේ ජීවිතයේ ඉතිරි කාලය ගත කරන පුද්ගලයා සමඟ දිනෙන් දින ආක්‍රමණශීලී වීම නරක ගුණාංගයක් වන්නේ මන්දැයි අපි සැබවින්ම පැහැදිලි කළ යුතුද? මේ ගැන වරක් පවසා ඇත්නම්, තව මිලියන වතාවක් පවසමු.

එය ඒ තරමට වැදගත් නිසයි. සාර්ථක සන්නිවේදනය මූලිකම දෙයයි. කෝපය ඉහවහා යන තුරු ගැටළු එකතු වීමට ඉඩ තනබන්නට එපා!

බිරිඳට දුක දීම

"අමනාපකම් ඇතිවීමටත් ඒවා පරළු වන්නටත්  ඉඩ දෙන්න එපා. සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම දිනෙන් දිනම අභියෝගයක් වන්නේ නැතුවා නොවේ. ඉවසීමෙන් සහ හික්මීමෙන් අසීරු සංවාද පැවැත්වීමට ඔබට ඉඩ සලසන කුසලතා ඉගෙන ගන්න."

23. ඔබේ සහකරු ඔබෙන් වැරැද්ද කුමක්දැයි විමසූ විට "කිසිවක්" නොකියා සිටීම

ඔබ මතක ඇති කතාක් කල් ඔබේ සහකරු සමඟ වාසය කර ඇත්නම්, යම් දෙයක් වැරදී ඇති විට ඔබට ඒ ගැන පැවසීමට හැකි වනු ඇත.

එය ගැටුමක් ලෙස කටුක සත්‍යය ගැන කතා කළත්, අලුත් කිරීමට, වෙනස් කිරීමට හා වර්ධනය වීමට ඇති මාර්ගය එහි ඇත.

24. මතගැටුම් වලදී සීමාවන් නොදැනීම

සන්නිවේදනය ප්‍රධානතම අංගය වුවත්, එයින් අදහස් කරන්නේ මත ගැටුමකදී සෑම දෙයක්ම මතුපිටට ගෙන ආ යුතු බව නම් නොවේ. සෑම දෙයකටම සුදුසු කාලයක් හා ස්ථානයක් තිබේ.

යුවළයන් ඇත්ත වශයෙන්ම බහින් බස් වන්නේ කුමක් දැයි සොයා ගැනීම අත්‍යවශ්‍ය වේ. තර්කයේ විස්තර මකා දමන්න. එය දුරකථනයේ වැඩිපුර සිටීම, මිතුරන් සමඟ වැඩි කාලයක් ගත කිරීම හෝ අවට නොසිටීම ගැන නොවන බව වන්නට පුළුවන්.

25. අනෙක් කෙනා මුලින්ම සමාව ඉල්ලන තෙක් බලා සිටීම

දැන් ඔබ පොඩි දරුවන් නොවේ. ක්‍රීඩා කිරී අවශ්‍ය නැහැ. සුළු දේවල් සම්බන්ධයෙන් ස්ථිරව සිටීමට අවශ්‍ය නැහැ.

සමාව ඉල්ලන්නට බැහැපත් වෙන්න. ඔබේ සහකරු හෝ සහකාරියත් එවන් බැහැපත් බවක් අනුගමනය කරාවි.

ගැටුමකදී, ඔබ අඩියක් පස්සට තැබිය යුතුය, අනෙක් පුද්ගලයා පිළිබඳ සියලු සිතුවිලි ඔබේ හිසෙන් ඉවතට ගත යුතුය.

ගැටුමේදී ඔබේ කොටස කුමක්දැයි වටහා ගැනීමට තරම් ස්වයං පරාවර්තනයක් ඇති කර ගත යුතුය. එවිට තත්වය වෙනස් කර ගැනීමට ඔබට කළ හැකි වෙනස්කම් තීරණය කරන්න පහසුයි.

26. “නිහඬ ප්‍රතිකාරය” භාවිතා කිරීම

අපි තවදුරටත් 2 වන පන්තියේ නෙවෙයි. නිහඬ ප්‍රතිකාරය ඵලදායී නොවන අතර විවාහයෙන් ඉදිරියට යාම එය කිසි විටෙකත් උපකාර වන්නේ නෑහැ.

සමහර විට යමක් වෙත ළඟා වීමට ඇති හොඳම ක්‍රමය නම් කිසිවක් නොකියා සිටීමයි, නමුත් එය ඔබේ සහකරු හිතාමතාම මග හැරීම දක්වා දැඩි වන්නට අවශ්‍යතාවක් නොවේ..

සන්නිවේදනය කිරීම අත්‍යවශ්‍ය දෙයක්. නිශ්ශබ්දව සිටින්න වඑපා. ඔවුන්ගෙන් ඔබට අවශ්‍ය දේ ඔවුන් සොයා ගනීවි යැයි බලාපොරොත්තු වන්න එපා.

ඒ වෙනුවට කතා කරන්න! උදාසීන වන්න එපා. සැඟවී සිටින්න එපා. අවංක වන්න, සෘජුව, විශ්වාසයෙන් හා ආදරයෙන් කටයුතු කරන්න.

27. යම් දෙයක් වැරදුනු වෙනත් අය වෙත ඇඟිළි දිගු කිරීම

ඔබ කිසියම් ගැටලුවකට දායක වූයේ කෙසේද යන්න සොයා බැලීමට සහ ඔබේ හැසිරීම පිළිබඳ වගකීම භාර ගැනීමට සැමවිටම ඉදිරිපත් වන්න. එක් එක්කෙනාට වැරදි පැටවීම පහසුයි. නමුත් නිවැරදි දෙය කරන්න.

28. බොරුව

ඔබේ සහකරුට හෝ සහකාරියට බොරු කීම නරක අදහසක්, ඒ ගැන කතා දෙකක් නැහැ.

බරපතල අභියෝගයන්ට මුහුණ දෙන බොහෝ යුවළයන් මූලික වශයෙන් සම්බන්ධතාවය කෙරෙහි විශ්වාසය කඩ කිරීමක් කර තිබෙනවා. මෙයට බොරු කීම හෝ බොරුව පවත්වාගෙන යාම හේතුවී තිබෙනවා. නිරෝගී යුවළයන් එකිනෙකා සමඟ උපරිම විශ්වාසය අඛණ්ඩව පවත්වා ගෙන යන අතර එය අන්‍යෝන්‍ය විශ්වාසය පමණක් නොව ආරක්ෂාව පිළිබඳ හැඟීමක් ද ඇති කරනවා."

29. ආතතිය ප්‍රකිරණය කිරීම සුන්දර විවාහය 

ආතතියට පත්වීම - බොහෝ දුරට - පාලනය කළ නොහැකි ය. එපමණක් නොව, ඔබට ආතතිය දුරු කිරීම ඉතා හොඳයි. නමුත් ඔබේ ආතතිය ඔබේ සහකරු වෙත පැටවීම හෝ සෑම විටම විශාල ආතතියක් ඇති කිරීම සහකරුගේ ගුණාත්මක භාවය දුර්වල කරයි.

එමනිසා, අලෙවිසැල් සොයා බලා ඔබේ ජීවිතයේ එම ආතතිය පාලනය කිරීමට උත්සාහ කරන්න.

30. "තමන්ගේ" වැඩ පමණක් කිරීම

දිනපතා සිදුවන කුඩා දේවලින් ශක්තිමත් හා සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවයක් වර්ධනය වන බව මතක තබා ගන්න.

පිඟන් කෝප්ප පිරිසිඳු කිරීමට හෝ කුණු කසළ ඉවත් කිරීමට උදව් කිරීම වැනි දේට අන්‍යොන්‍ය සහයෝගය දීමෙන් සම්බන්ධතාවයක්  සමෘද්ධිමත් වනවා. මේවා දෛනිකව කිරීමට නැඹුරු විය යුතුය.

31. ආත්මාර්ථකාමී වීම

සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවයක් ඇති කර ගැනීම සඳහා, තමා ගැනම වෙනුවට තම සහකරු කෙරෙහිද නිරන්තරයෙන් අවධානය යොමු කළ යුතුය. - මෙය ඔබේ සම්බන්ධතාවය වඩා කල් පවතින එකක් පමණක් නොව වඩාත් ප්‍රීතිමත් එකක් කරනු ඇත.

32. බාහිර ප්‍රභවයන්ගෙන් උපකාර පැතීම ප්‍රතික්ෂේප කිරීම සුන්දර විවාහය 

ඔබ දෙදෙනා කණ්ඩායමක් බව ඇත්ත. ඔබට සෑම දෙයක්ම සඳහාම එකිනෙකා මත විශ්වාසය තැබිය හැකි බවත් ඇත්ත.

නමුත්, ඔබට විශේෂඥයින්ගෙන්, සම වයසේ මිතුරන්ගෙන් හෝ ඔබේ අරගලයට ආධාර කිරීමට කැමති ඕනෑම අයෙකුගෙන් බාහිර උපකාර ලබා ගැනීමට අවශ්‍ය වන අවස්ථාවන් ජීවිතයේ එළබෙනු ඇත.

එවිට බාහිර දෘෂ්ටිකෝණයක් බොහෝ විට ඔබේ දැක්මට මහත් රුකුලක් වනවා.

සුන්දර විවාහය

බොහෝ අය තම ගැටළු ආගන්තුකයෙකු ඉදිරියේ කතා කරන්නට කැමති නැහැ.

එහෙත්, ඔබ නිරන්තරයෙන්ම එකම ගැටළුවක එඛම තැනට ඇද වටෙන්නේ නම් , හොඳ සම්බන්ධතා චිකිත්සකයෙකුගේ උපදෙස් පැතීම ඔබට මහත් අත්වැලක් වන්වා නියතයි.

33. ප්‍රේමාන්විත බව දුරු වීමට ඉඩ හැරීම

ඔබේ සම්බන්ධතාවයේ එම ප්‍රේමාන්විත පැතිකඩ කිසි විටෙකත් කැප කරන්නට එපා. ඔබ විවාහ වී කොපමණ කාලයක් සිටියත්, ඔබේ ආදරණීයයන්ට ආදර හැඟීම් නිරතුරු ඇති කිරීමට උත්සාහ කරන්න.

එය සතියේ එක් රාත්‍රියක් පමණක් වුවද, ඔවුන් දිනා ගත් එම ප්‍රේමාන්විත පැතිකඩ ඔබ ද්දෙනා අතරින් ගිලිහී යන්නට ඉඩ තබන්නට එපා.

34. දෛනික චර්‍යාවට වහල් වීම

සතිපතා සැලැස්මක් තිබීමේ කිසිදු වරදක් නැත. නමුත් ඔබ එම චර්යාවට වහලෙකු වන්නට ඉඩ හරින්න එපා.

ඔබේ සම්බන්ධතාවය ගෙදර පස්සා දොරෙන් පිටවන්නට හැරීම පුදුමයක් නොවේ.

අවාසනාවකට මෙන්, සහකරුවන් ස්ථාවර පුරුද්දකට අවතීර්ණ වන විටත්, දරුවන් ඇති දැඩි කිරීම, රැකියාව, විනෝදාංශ හෝ වෙනත් අරමුණු කෙරෙහි අවධානය යොමු කිරීමත් සිදු වන්නේ එයයි.

අවසානයේදී ඔබේ දෛනික ජීවිතය ඔබේ සැලසුමට අනුව සිදු වේවි.

නමුත්, එම දෛනික පුරුදු නිසා ඔබේ සහකරු සමඟ සමපාත වී සිටීම ඔබේ  අතින් ගිලිහෙනු ඇත.

35. ලිංගිකත්වය විවෘතව අපේක්ෂා කිරීම හෝ විවෘතව ප්‍රතික්ෂේප කිරීම සුන්දර විවාහය 

"මිනිසුන්ට විවිධ ලිංගික උත්තේජනයන් ඇති අතර ඔබ සැමවිටම ඒ පිළිබඳව එකම පිටුවක නොසිටිනු ඇති. නමුත් නිරෝගී සහකරුවන් අතර හොඳ ලිංගික සන්නිවේදනයක් ඇත. ඔවුන්ගේ අවශ්‍යතා හඳුනාගෙන උපහාසයට, වරදකාරිත්වයට හෝ ආරක්‍ෂාවට යොමුවන්නේ නැත. ඔවුන් සිතන්නේ ඔවුන් දෙදෙනාම ආයෝජනය කරන ප්‍රජා දේපලක් ලෙසය 'අපගේ ලිංගික ජීවිතය'.

36. ඔබේ ලිංගික ජීවිතය ඝාතනය කිරීමට (හෝ සම්පූර්ණයෙන්ම මන්දගාමී වීමට) දරුවන්ට ඉඩ දීම

දරුවන් පැමිණීමෙන් පසු, සම්බන්ධතාවයකට සමීප වීමට ඉඩ දීම අපහසුය. නමුත් වෙන කවරදාකටත් වඩා වැදගත් වන්නේ ඔබේ සම්බන්ධතාවයේ එම කොටස දිගටම පවත්වා ගෙන යාමයි.

එවිට ඔබට කණ්ඩායමක් ලෙස හැඟෙනු ඇත.

ඔබේ සම්බන්ධතාවය අවසානයේ ශක්තිමත්ව තබා ගැනීම නිසා එකට විනෝද වීමට කාලය ගන්න. ඔබේ දරුවන්ට උදව් කරයි.

37. අවදානමට ලක්වීමෙන් වැළකීම

"ඔබ සැබවින්ම ඔබේ සහකරු සහ ඔහුගේ හෝ ඇයගේ අවශ්‍යතා සහ ආශාවන් දැන හඳුනා ගන්නේ ඔබට ඔබම විවෘත වන තුරු පමණි," වෛද්‍ය ඕල්ඩ්ස් පවසයි. "ඔබේ සම්බන්ධතාවයේ ගැඹුර රඳා පවතින්නේ අවදානම වැලඳ ගැනීම මත ය."

38. ඔබේ සම්බන්ධතාවයට වඩා ඔබේ දරුවන්ට ප්‍රමුඛත්වය දීම සුන්දර විවාහය 

අපි කියන්නේ නැහැ ඔබ ඔබේ දරුවන් නොසලකා හැරිය යුතුයි කියලා ... අපි කියන්නේ සමහර වෙලාවට ඔබේ විවාහය ගැනත් ඒ හා සමානව සිතා බැලිය යුතු බවයි.

විවාහයක් අසාර්ථක වීමට හේතු වන සහකරුවන් කරන වැරදි 41ක්

මන්ද අප ඉගෙන ගත් පරිදි සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවයක් ඔබට මෙන්ම ඔබේ දරුවන්ටද ප්‍රයෝජනවත් වනවා.

බොහෝ සහකරුවන් විවාහයේ ප්‍රමුඛතාවය ලබා දිය යුතු විට වැරදීමකින් දරුවන් පවුලේ කේන්ද්‍රස්ථානය බවට පත් කරති” යනුවෙන් පිනා පවසයි.

"සම්බන්ධතාවයේ ස්ථිර, චිත්තවේගීය සෞඛ්ය සම්පන්න පදනමක් නොමැතිව, පවුලේ අනෙක් අය හොඳින් ක්රියා නොකරයි."

39. චිත්තවේගීය හෝ ශාරීරික කැළැල් ඇති කරගැනීම සුන්දර විවාහය 

අවිශ්වාසය තුළින් විශ්වාසය බිඳී ගිය පසු, චිත්තවේගීය හෝ ශාරීරික වේවා, එම සුවිශේෂී හවුල් බැඳීමෙහි සමානත්වයක් නැවත ලබා ගැනීම සඳහා ඉතා දිගු කාලයක් ගතවනු ඇත.

40. ඔබේ අවශ්‍යතා හා අශාවන් අතර වෙනස ව්‍යාකූල කරගැනීම සුන්දර විවාහය 

අප සියලු දෙනාටම සම්බන්ධතාවයක අවශ්‍යතා හා ආශාවන් ඇත. ඔබ ඔබේ සහකරු සමඟ කොපමණ කාලයක් එකට සිටියත් එය වෙනස් වන්නේ නැහැ. අපි හැමෝටම අපේ සම්බන්ධතාවයෙන් ලබා ගන්නට ආශා කරන බොහෝ දේ තිබෙනවා.

නමුත් අපට ඇත්තටම අවශ්‍ය වන්නේ කුමක්ද?

සන්නිවේදනය, ගෞරවය, අන්‍යෝන්‍ය අලංකාරය, අන්‍යෝන්‍ය ප්‍රසාදය, මූල්‍ය සුරක්ෂිතභාවය, සෙනෙහස සහ හවුල්කාරිත්වය ගැන සිතන්න - නිවාස හෝ විසිතුරු නිවාඩු වැනි දේවල් නොවේ,

41. ඔබේ සහකරු හෝ සහකාරියගේ අරමුණු අධෛර්යමත් කිරීම හෝ විහිළුවට ලක්කිරීම

වැස්සකින් කෙනෙකුගේ පෙළපාළියක් විනාශ වනවාට කවුරුත් කැමති නැත.

ඔබ අනුමත නොකරන්නේ නම් හෝ ඔබේ සහකරු ඔහුගේ හෝ ඇයගේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට තව කාලයක් ගනී නම් කමක් නැත.

ඒවා අධෛර්යමත් කිරීමට හෝ ඔවුන්ගේ අභිලාෂයන් විහිළුවට ලක් කිරීමට ඔබට අයිතියක් නැත.

ඔබට හැකි සෑම විටම ඔබේ සහකරුට සහයෝගය දැක්වීමට උත්සාහ කරන්න!

ඔබේ සහකරුගේ අරමුණු සඳහා, ඒ ඔබ තෝරාගෙන ඇති දෙයක් නොවුනත් ඒවාට සහයෝගය දැක්වීම ඉතා වැදගත් වේ.

ඔබේ සම්බන්ධතාවයේ මුල් අවදියේදී ඔබේ තනි සහ සම්බන්ධිත අරමුණු සාකච්ඡා කරන්න.

ඉන්පසු එකිනෙකා සමඟ නිතිපතා පරීක්ෂා කර බලා ඔබට හැකි ආකාරය විමසන්න.

එම අරමුණු කරා ළඟා වීමට ඔවුන් දිරිමත් කරන්න සහ සහාය දෙන්න.

 

theAsianparent  හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලූෆ පෙරේරා

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

කතන්දර ලිපි