theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
  • COVID-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

3 අවම කියවීම
බෙදාගන්න :
•••
සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

ඊට හේතු 5 ක්...

දරුවාගේ තනිකම, පාළුව කියන අදහසට අනවශ්‍ය ලෙස බය වෙන්න උවමනා නැහැ. වර්තමානයේ දෙමාපියන් හුඟක් කාර්ය බහුලයි. ඒ වගේම දරුවන්ටත් වැඩ අධිකයි. පුහුණුවීම්, පන්ති වලට යාම්, එකකින් අනෙකට යන්න වෙලා තියෙනවා. නමුත් ඒත් එක්කම කම්මැලිකමත් දරුවන්ට දැනෙනවා.

නමුත් දරුවා පාළුයි කියලා කියන එක එතරම්ම නරක දෙයක් නොවෙයි කියලයි මේ ලිපිය කියවන විට ඔබට හැඟේවි. වර්තමානයේ පාළුව දැනීම නරක දෙයක් නොවන බව බොහෝ දෙනා සොයාගෙන පිළිගෙන තියෙනවා.

දරුවාගේ තනිකම

දරුවන් නොයෙක් අවස්තාවල දී වාණිජකරණය, තරඟකාරීත්වය හා දෙමවිපියන්ගේ බල කිරීම් මත අධි වේගී ජීවිත රටාවකට හුරු වී තියෙනවා.  විෂය පරිභාහිර දේවල්, විවිධ ක්‍රීඩා කටයුතු, නැටුම් ගැයුම් සඳහා අමතර පන්ති වැනි දේ නිසා දරුවන් ගේ කාල සටහන් ඕනෑවටත් වඩා පිරෙනවා.

දරුවන්ගේ පරිකල්පන හැකියාවන්ට තියෙන ඉඩ කඩ මේවා නිසා ඇහිරෙනවා. පරිකල්පන ශක්තිය කියන්නෙ ළමා කාලයේ වැදගත්ම අංගයක්. ඒත් මෙයින් බිහි වෙන්නේ එක් රටාවකට පමනක් හුරු වුණු දරුවන් විය හැකිරි.

මෙවන් දරුවන් ඒ රටාවටම හුරුවීම නිසා රටාවෙන් බැහැර වන්නට සිදුවුනොත් පසු කලක දී ඉතා කලබලකාරී වෙන්න පුලුවන්.

පාළුව දරුවන්ගේ ජීවිතයේ ඇතුලාන්තය වර්ධනය කරනවා

දරුවන්ටත් තමන්ගේ ජීවිතයේ ඇතුලාන්තය සිතන්න නිදහස් කාලයක් අවශ්‍යයි. එමගින් ඔවුන්, ඔවුන් කවුරුන්ද යන වග දැන ගන්න ඉඩක් ලැබෙනවා. ළමා රෝග වෛද්‍ය වෙනිස්සා ලැපොන්ටා The Huffington Post වෙත කරුණු දක්වනවා. අපි තනිවූ අවස්ථාවකදී අපේ ඇතුලාන්තය ගැන සිතන්න අපට මොහොතක් ලැබෙන්නේ.

පාළුව දරුවන්ට පරිකල්පනයට පාර කපනවා

දරුවාගේ තනිකම

තනිකම සමග හිස් කොළයක් දරුවෙකුට හොඳ ආරම්භයක් වෙන්න පුළුවන්. මීරා ස්යාට් BBC වෙත අදහස් දක්වමින් පවසනවා. මේ මගින් ඔබේ දරුවා ඔහුට සතුටු විය හැකි මාවත් සොයනවා. සමහර දරුවන් විනෝදය පිණිස ලිවීම, චිත්‍ර ඇඳීම හෝ අත්කම් කරන්න මේ පාළුවෙන් පිරි කාලය යොදා ගන්නවා. දරුවාට ටැබ් එකක් අතට දීලා ඔහුව පාළුවෙන් මුදවන්න හදනවාට වඩා ඔහුටම ඒ ගැන සිතන්න ඉඩ දෙන්න.

පාළුව දරුවන්ට නියෝජිතයෙක් වෙන්න අවස්ථාව දෙනවා

පාළුව තුළින් ඔහුට සතුට සොයා යන්න ඔහු ඔහුව නියෝජිතයා බවට පත් කර ගන්නවා. එසේ නොකළහොත් ඔවුන් වැඩිහිටියන් වූ පසු මෙවැනි අවස්ථාවන් වලට මුහුණ දෙන්න හැකියාව නැතිවී යන්න පුළුවන්. දෙමාපියන් ලෙස දරුවන් තමන්ව සමාජය තුළට ගෙන යාමට ඔවුන්ටම ඉඩසලස්වා දිය යුතු වෙනවා. වැඩිහිටියෙකු වූ විට තමන්ගේ සතුට තමන්ම නිර්මාණය කරගැනීමේ හැකියාව සතු විය යුතු වෙනවා.

තමන් නොදන්නා තමන්ගේ රුචිකත්වයන් හඳුනාගන්නවා

දරුවාගේ තනිකම

පාළුව දරුවාට තමන් ගැන සිතන්න කාලය ලබා දෙනවා. ඒ මගින් තමන්ව සතුටට පත් කරන දේවල් ගැන සොයා යන්න ඔහුට සිතෙනවා. දරුවන්ට දරුවන් කැමති දේ සොයායන්න ඉඩ සැලසීම දෙමාපියන් නිශ්චිත කාලසටහනක් සුදානම් කර ඔවුන්ව ඊට යොමු කරනවාට වඩා බොහෝ සාර්ථකයි කියා 1993 මනෝවිද්‍යාඥයෙකු වන ඇඩම් පිලිප් පවසා තිබෙනවා.

දරුවාගේ තනිකම, පාළුව දරුවාව සැහැල්ලු කරනවා

Screen Free Parenting ට අනුව නිරන්තර වැඩවල යෙදීමෙන් මෙලෙස උද්දීපනය කාගේත් මොලයට හිතකර වන්නේ නැහැ. එය දරුවාටත් එලෙසමයි. ඒ නිසා පාළුව දරුවන්ට විවේකයක් ලබාදෙනවා. මේ මගින් හොඳ නින්දක් ලබාගැනීමටත් ඉඩ සලසනවා.

දරුවාගේ තනිකම සමහර විට දරුවා සතුටින් තබීමටත් හේතු වෙනවා

ඔබේ දරුවා පාළුව ගන කොතරම් මැසිවිලි නැගුවත් පාළු මකා ගැනීමට ඔහු ඔහුගේම විවිධ උපක්‍රම යොඋදා ගන්නා කෙනෙක් බවට පත්වෙයි. මේ දේවල් දරුවා විසින් ම උපකල්පනය කර ගන්නා දේවල් බැවින් ඉන් ඔහු/ඇය සතුටින් තබයි. මේ හේතුවෙන් දරුවා ගේ මානසික මට්ටම යහපත් කිරීමත් වක්‍රාකාරව සිදුවෙනවා.

 

 

ඔබ නොසිතන වැදගත් කරුණු අපේ ජීවිතයට ළංකරගන්න ඔබේ හොඳම මිතුරිය theAsianparent Sri Lanka සැකසූ මේ ලිපිය උදවු වනු ඇතැයි අපි විශ්වාස කරනවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

මුල් පරිවර්තනය: නිසංසලා ලියනගේ 

සංස්කරණය - බෝසඳුන් ගුණසේකර

මුල් රචනය: Cristina Morales

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

Written by

Nisansala Liyanage

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?
බෙදාගන්න :
•••
කතන්දර ලිපි
  • දෙමාපියන් දරුවන්ට කිසි විටෙකත් නොකිව යුතු කාරණා 10 ක් (දෙවනි කොටස)

    දෙමාපියන් දරුවන්ට කිසි විටෙකත් නොකිව යුතු කාරණා 10 ක් (දෙවනි කොටස)

  • දරුවන් හදාවඩා ගැනීමේ කටයුතුවලදී පියවරුන් දායක වන්නේ කෙසේද?

    දරුවන් හදාවඩා ගැනීමේ කටයුතුවලදී පියවරුන් දායක වන්නේ කෙසේද?

single
  • දෙමාපියන් දරුවන්ට කිසි විටෙකත් නොකිව යුතු කාරණා 10 ක් (දෙවනි කොටස)

    දෙමාපියන් දරුවන්ට කිසි විටෙකත් නොකිව යුතු කාරණා 10 ක් (දෙවනි කොටස)

  • දරුවන් හදාවඩා ගැනීමේ කටයුතුවලදී පියවරුන් දායක වන්නේ කෙසේද?

    දරුවන් හදාවඩා ගැනීමේ කටයුතුවලදී පියවරුන් දායක වන්නේ කෙසේද?

  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore
  • Thailand
  • Indonesia
  • Philippines
  • Malaysia
  • Sri Lanka
  • India
  • Vietnam
  • Australia
  • Japan
  • Nigeria
  • Kenya
© Copyright theAsianparent 2021. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි
  • මව්පදවිය
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
  • අධ්‍යාපනය
  • සෞඛ්‍යය
  • ජීවන රටා
  • ආහාර සහ පෝෂණය
  • මාපිය දැනුම
  • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
  • අපි පිලිබඳ විස්තර
  • කණ්ඩායම
  • අප හා සම්බන්ධ වෙන්න
  • නිතී හා රෙගුලාසි
  • Become a Contributor