theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සැමියා සමඟ ආරවුල්ද? මෙම වාස්තු ක්‍රම මගින් ඒවා විසඳාගනිමු!

5 අවම කියවීම
සැමියා සමඟ ආරවුල්ද? මෙම වාස්තු ක්‍රම මගින් ඒවා විසඳාගනිමු!සැමියා සමඟ ආරවුල්ද? මෙම වාස්තු ක්‍රම මගින් ඒවා විසඳාගනිමු!

නිරිතදිග දිශාවට පිවිසුම් දොරටුව පිහිටා තිබීම ඔබේ ස්වාමිපුරුෂයාගේ සැකය වැඩි කරන අතර එය ගැටළු වලට තුඩු දිය හැකි බව ඔබ දැන සිටියාද? මේ බලන්න විස්තරේ...

රැකියාවේ හෝ වේවා, නිවසේ හෝ වේවා, සමය හා සමගියට අකමැති කවුද? ඇත්ත වශයෙන්ම, සාමය සහ සතුට සඳහා ක්‍රියා කරන්නේ බිත්ති හතර නොව එය සහතික කරන්නේ එහි වාසය කරන පුද්ගලයින් විසිනුයි. කෙසේ වෙතත්, යම් ස්ථානයක සමගිය ඇති වන්නේ එය ස්වභාවධර්මයට අනුගත නම් හා අනුකූල නම් පමණි. එම අලනුකූලතාව පෙන්වන වාස්තු රහස් කිහිපයක් බලමු.

වාස්තු රහස්

දැව, ජලය, වාතය, අවකාශය සහ ගින්දර යන මූලද්‍රව්‍ය පහේ අන්තර්ක්‍රියාකාරිත්වය සහ මහවස්තු බලශක්ති කලාප 16කින් ඔබේ නිවස සමන්විත වන බව ඔබ දැන සිටියාද?

මෙහි වඩාත් සිත්ගන්නා කරුණ නම්, ඔබ ඔබේ නිවසේ පසුබිම මනාව සකස් කර වාස්තු ශාස්ත්‍රාණුකූලව වෙනස් කළහොත්, ඔබේ ජීවිතය ධනාත්මකව වෙනස් කළ හැකි වනවා.

නිවස හා පරිසරය තුළ ශක්තීන්ගේ සමබරතාවය සමගිය පවත්වා ගැනීම සඳහා සලකා බැලිය යුතු ප්‍රයෝජනවත් වාස්තු රහස් කිහිපයක් මේ:

  • ගෘහයේ ප්‍රධාන දොරටුව නිවසේ ශක්තිය විශ්ව ශක්තිය සමඟ සම්බන්ධ කරන බැවින්, එය නිසි ස්ථානයේ ඇති බව ඔබ සහතික කළ යුතුය. N4 (උතුරු වාස්තු කලාපය (north vastu zone)) හි උතුරු පිවිසුම නිවැසියාට ඔහුගේ පවුල සමඟ ඇති සම්බන්ධතාවය ශක්තිමත් කරන අතර එමඟින් ඔහුට මුදල් උරුම වේ. ප්‍රධාන දොරටුව බටහිර දෙසින් W6 (බටහිර-වයඹ- බටහිර වාස්තු කලාපය), නිවැසියන් මානසික අවපීඩනයට මුහුණ දෙන අතර සබඳතාවල අසාර්ථකත්වයක් අත්දැකීමට ඉඩ ඇත.
  • ඔබේ අන්තර් පුද්ගල පවුල් සබඳතා සතුටුදායක නොවේ නම්, නිරිතදිග මහ වාස්තු (South-West) කලාපය දෙස හොඳින් බලන්න. මෙම කලාපය ඕනෑවට වඩා දිගු කර ඇත්නම්, කෙටි කර ඇත්නම් හෝ එවන්නක් නොමැති නම්, හොඳ සබඳතා ඇති කර ගැනීමට හා පවත්වා ගැනීමට විශාල දුෂ්කරතා ඇති විය හැකිය. මෙම කලාපයේ මේසය මත තබා ඇති පෙම්කුරුල්ලන් (love-birds ) යුගලයක් තැබීමෙන් ඔබගේ සබඳතාවලට සෙනෙහස හා ආදරය ගෙන ඒමට එය උපකාරී වේවි.
  • ඔබගේ බැංකු, සේවා සහකරු ඇතුළු වෙනත් ආධාරක පද්ධති සමඟ ඇති කරදර අවම කරගැනීම සඳහා වයඹදිග (North-West)  වාස්තු කලාපය පරීක්ෂා කරන්න. උතුරු වාස්තු කලාපය ගනුදෙනුකරුවන් සහ සේවාදායකයින් සමඟ සබඳතා පාලනය කරයි. රජය සමඟ ඔබේ සම්බන්ධතාවය වැඩි දියුණු කිරීම සඳහා අශෝක කණුවක් (Ashoka pillar) මෙම කලාපයේ මේසයක් මත තබන්න. සූර්යයාගේ සිනහවෙන මෘදු සිතුවමක් මෙම කලාපයේ බිම සිට අඩි හතක් ඉහළින් එල්ලා තැබිය හැකිය.
  • හොඳ, දිගු කාලීන ගෘහස්ථ උපකාර ලබා ගැනීමට, ගිනිකොනදිග වාස්තු කලාපය (south-east vastu zone) සුදුසු විය යුතුය. නිවසේ උපකාර ලබා ගැනීම සඳහා පින්තූරයක් හෝ මල් බඳුනක් හෝ මෙම ප්‍රදේශයේ රඳවා තබා ගන්න. ඊසානදිග මානසික පැහැදිලි බවක් ලබා දෙන අතර දිව්‍ය විශ්වීය ශක්තිය සමඟ හොඳ සම්බන්ධතාවයක් ප්‍රවර්ධනය කරයි. එමනිසා, ඔබේ නිවසේ ඊසානදිග (North-East) වාස්තු කලාපය පිරිසිදුව, නිරවුල්ව තබාගෙන භාවනා කර එහි යාච්ඤා කරන්න. ඔබේ නිවස සහ ඔබ හොඳ සබඳතා ආකර්ෂණය කර ගනු ඇත.

වාස්තු රහස්

නිවසේ වාස්තු දෝෂ නිසා චිත්තවේගීය අස්ථාවරත්වයක් ඇති විය හැකි අතර එමඟින් වරදවා වටහාගැනීම් හා බිඳවැටීම් ඇති වේ.

ස්ථාවර, සාර්ථක හා ආදරණීය විවාහ දිවියක් නිර්මාණය කිරීම සඳහා පහත දක්වා ඇති වාස්තු රහස් සහ නොකළ යුතු දේ අනුගමනය කරන්න.

1. මහ දොර පිවිසුම:

නිරිතදිග දිශාවට (SouthWest direction) පිවිසෙන ස්ථානය සැක සහිත ස්වභාවයක් ඇති කරයි. එහි සුදු පටියක් පින්තාරු කිරීමෙන් තත්වය ලිහිල් කරගත් හැක.

2. නිදන කාමරය:

නැගෙනහිර-නිරිතදිග (East-SouthEast) වාස්තු කලාපයේ පිහිටි නිදන කාමරය, අවුල්සහගත හා කාංසාවෙන් යුත්  පරිසරයක් ඇතිකරන අතර, සුළු කාරණා අතහැර දැමීමට ඔබට ඉඩ නොදේ.

මෙය සහකරුවන් අතර නිතරම පදනම් විරහිත තර්ක හා මත ගැටුම් ඇති කරයි. හොඳම දෙය නම් එය උතුරට හෝ නිරිතදිගට මාරු කිරීමයි.

සැමියා සමඟ ආරවුල්ද? මෙම වාස්තු ක්‍රම මගින් ඒවා විසඳාගනිමු!

ඔබ‌ගේ නිදන කාමරයේ දිශාවට අමතරව පාටට හා එහි ඇතුලත සැකසුමටද මේ සදහා වැදගත් කාර්යභාරයක් ඉටු කරන්න පුළුවන්.

ඔබේ නිදන කාමරය නිවසේ දකුණු හෝ ගිනිකොන දෙසින් පිහිටා තිබේ නම්, ඔබ එහි වර්ණ ලෙස නිල්, අළු සහ කළු වර්ණ භාවිතා කිරීමෙන් වැළකී සිටිය යුතුය.

ඒ හා සමානව, නිරිතදිග දිශාවට කාමරය පිහිටා ඇතිනම් රතු, රෝස සහ කොළ වර්ණ ඒ සදහා යොදා ගැනීමෙන් වළකින්න.

ඔබේ කාමරයේ දරුවෙකුගේ පින්තූරයක්  තැබීමට ඔබ අදහස් කරන්නේ නම්, එය දකුණු හා නිරිතදිග දිශාව අතර ප්‍රදේශය භාවිතා නොකරන්න.

3. වැසිකිළිය: වාස්තු රහස්

නිවසේ නිරිතදිග කලාපයේ වැසිකිළියක් තිබීම සහකරුවන් අතර සමගිය කෙරෙහි බලපායි. එය ආදරය හා සබඳතාවල වාස්තු කලාපය වේ. විසඳුම වන්නේ වැසිකිළියේ බිත්ති කහ පැහැයෙන් පින්තාරු කිරීමයි.

4. මුළුතැන්ගෙය:

රෝස, රතු සහ තැඹිලි පාට තීන්ත වලින් බිත්ති පැහැ ගැන්වීමෙන් වළකින්න. එය උතුරු නැගෙනහිර (NorthEast) නම්, එය කෙටි කාලීන මානසික ආවේග වලට හේතු වේ.

5. කැඩපත:

හවුල්කරුගෙන් අපේක්ෂාවන් වැඩි කරන බැවින් කැඩපත නිරිතදිග (SouthWest)  කලාපයේ බිත්තියක් මත තබා ගැනීමෙන් වළකින්න.

දැනටමත් එසේ තබා ඇත්නම්, එය රෙදි කඩකින් ආවරණය කිරීම පහසු සහ ප්‍රායෝගික වාස්තු විසඳුමක් ලබා දෙයි.

විවාහය හා සම්බන්ධ වාස්තු කලාපය ගැන සැළකීමේදී, බිත්ති රතු, රෝස සහ තැඹිලි පැහැයෙන් වර්ණ ගැන්වීම මගින් සහකරුවන් අතර උණුසුම් මත්ගැටුම් හට ගනී.

ඔවුන් කෙතරම් සුහද වන්නට හා ළං වන්නට උත්සාහ කර ආදරණීය අවස්ථා එකට ගත කිරීමට උත්සාහ කරන සෑම විටම උණුසුම් වාද විවාද ඇති වීමේ වැඩි ප්‍රවණතාවක් ඇත.

පරිපූර්ණ වර්ණය සුදු පැහැයක් ගනී. ආක්‍රමණශීලී හැසිරීම පාලනය කිරීම සඳහා, නිරිතදිග දිශා වාස්තු කලාපයේ කහ පැහැය පින්තාරු කරන්න.

වාස්තු ශාස්ත්‍රය හොඳින් ක්‍රියාත්මක වේ! ඔබේ නිවස පුදුමාකාර, සපුරාලන සබඳතා ආකර්ෂණය කර ගනු ඇත.

ප්‍රසාද් කුල්කර්නි මුම්බායි හි මහ වාස්තු හි වාස්තු විශේෂඥයෙක් සහ ප්‍රධාන විධායක නිලධාරියෙක් වේ.

ප්‍රසාද් කුල්කර්නි(Prasad Kulkarni) විසින් ලියන ලද ලිපියක් ඇසුරෙනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලූෆ පෙරේරා

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

කවරයේ පින්තූර: indiatvnews.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • නිවස
  • /
  • සැමියා සමඟ ආරවුල්ද? මෙම වාස්තු ක්‍රම මගින් ඒවා විසඳාගනිමු!
බෙදාගන්න :
  • වාස්තු විද්‍යව අනුව පින්වත් දරු ඵල ලැබීමට නිදන කාමරය ‌මෙලෙස සකස් කරමු

    වාස්තු විද්‍යව අනුව පින්වත් දරු ඵල ලැබීමට නිදන කාමරය ‌මෙලෙස සකස් කරමු

  • සුළි කුණාටු, ගංවතුර වැනි හදිසි ආපදා තත්වයකට මුහුණ දෙන්නේ මෙහෙමයි

    සුළි කුණාටු, ගංවතුර වැනි හදිසි ආපදා තත්වයකට මුහුණ දෙන්නේ මෙහෙමයි

  • වාස්තු විද්‍යව අනුව පින්වත් දරු ඵල ලැබීමට නිදන කාමරය ‌මෙලෙස සකස් කරමු

    වාස්තු විද්‍යව අනුව පින්වත් දරු ඵල ලැබීමට නිදන කාමරය ‌මෙලෙස සකස් කරමු

  • සුළි කුණාටු, ගංවතුර වැනි හදිසි ආපදා තත්වයකට මුහුණ දෙන්නේ මෙහෙමයි

    සුළි කුණාටු, ගංවතුර වැනි හදිසි ආපදා තත්වයකට මුහුණ දෙන්නේ මෙහෙමයි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it