theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

නිවාඩු කාලේ ගෙදර ඉන්න පොඩ්ඩන්ට ළමා කතාන්දර 5 ක්

7 අවම කියවීම
නිවාඩු කාලේ ගෙදර ඉන්න පොඩ්ඩන්ට ළමා කතාන්දර 5 ක්නිවාඩු කාලේ ගෙදර ඉන්න පොඩ්ඩන්ට ළමා කතාන්දර 5 ක්

දරුවන්ට කතාන්දර වලින් විනෝදය වගේම ආදර්ශත් ලබා දෙන්න පුළුවන්.

ළමා කතන්දර කිව්වාහම දරුවන්ට නම් මතක් වෙන්නේ එයාලාගේ ආච්චිලා සීයලා වෙන්න පුළුවන්.

බබාට කතාවක් කියා දෙන්න අද අම්මලාට වේලාවක් නැහැ. නැතිනම් එයාලාට කතාන්දර මතක නැහැ.

ඒ මොනවා වුනත් මේ අහම්බයෙන් ලැබුන නිවාඩුවේ ප්‍රතිලාභ හොදින් ගන්න ඒ කාලය ප්‍රයෝජනවත් යමකට ආයෝජනය කන්න.

ඔබේ වටිනා කාලය වැය කර දරුවාට කතාන්දරයක් කියා දෙමුද?

නිවාඩු කාලේ ගෙදර ඉන්න පොඩ්ඩන්ට ළමා කතාන්දර 5 ක්

ඔන්න දුවේ පුතේ ඔබට ආදර්ශමත් කතා පෙළක්

01. ළමා කතන්දර 1  : ගොවියා සහ ඔහුගේ බිරිද

ළමා කතාන්දර

ඔන්න එකමත් එක කාලෙක පිටිසර ගමක ගොවියෙක් හා ඔහුගේ බිරිද ජිවත් වුනා.

ගොවියා උදේම කුඹුරට ගිහින් වැඩ කරද්දි ගෙවිලිය නිවසේ වැඩ කටයුතු කලා.

ටික දවසක් යද්දි ගොවියාට හිතුනා තමන් මහන්සි වෙලා කුඹුරු කොටද්දි ගෙවිලිය ගෙදරට වෙලා කිසිම වැඩක් නැතුව සතුටින් ඉන්නවා කියලා.

“ඔබ ගෙදරට වෙලා නිකන් ඉන්නවා. කාලය නාස්ති කරනවා  ”

ගොවියා තරහින්  ලගට ගිහින් කිව්වා. ගොවියාගේ බිරිද නුවණක්කාරයි. ඇය තරහා ගත්තේ නැහැ.

“ඔබ එහෙනම් හෙට ඉදන් ගෙදර ඉන්න. මම කුඹුරට යන්නම්”

ගෙවිලිය මදක් හිතා බලා කිව්වා. 

“ඒක කදිම අදහසක්. මම හෙට ඉදන් නිවසේ වැඩ කරන්නම්. ඔබ එහෙනම් කුඹුරට යන්න.  ”

ගොවියා සතුටින් කිව්වා.

“හොදයි එහෙනම් මේ ටික මතක තියා ගන්න. එළදෙන්නු ගෙන් කිරි ටික දොවන්න.  ඌරන්ට වේලාවට කන්න දෙන්න. වළං ටික සෝදන්න. කිකිළියන්ව බලන්න. ලණු ටික අඹරන්න  ”

ගෙවිලිය එහෙම කියලා පසුදා කුඹුරට ගියා. ගොවියා සතුටින් ගෙදර නතර වුනා.

ඔහු මුලින්ම කිරි දොවන්න ගියා. ඔහු කිරි දොවද්දි එළදෙනට රිදුනා. ඒ නිසා ඔහුට එළදෙන ගෙන් හොද පා පහරක් ලැබුනා.

ඊලගට ගියේ ඌරු කොටුවට එහි තිබුන ලෑල්ලක ඔහුගේ හිස වැදුනා.

කුස්සියේ වළං හෝදලා ඔහු හෙම්බත් වුනා. කිකිළියන් පස්සේ දුවලා හති වැටුනා.

අන්තිමට හවස් වුනා. ඒත් ඔහුට ලණු අඹරන්න අමතක වුනා.

හවස කුඹුරේ වැඩ නිමවා ගෙවිලිය ගෙදර ආවා. ගොවියා ලැජ්ජාවෙන් ඇය ඉදිරියට ආවා

“ඔබ ගෙදරට වෙලා මෙතරම් වැඩ කන්දක් කරද්දිත් කාලය නාස්ති කරනවා කිව්වාට මට සමාවෙන්න ”

ගොවියා  සමාව ඉල්ලුවා. ඉන්පසු කවදාවත් ගොවියා සිය බිරිදගේ සේවය හෑල්ලුවට ලක් කලේ නැහැ.

ඔහු කුඹුරේ වැඩ කරද්දි ගෙවිලියේ නිවසේ වැඩකටයුතු කලා. ඔවුන් සතුටින් කාලය ගත කලා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

අනෙක් අයට යමක් කියන්න කලින් ඒ ගැන අපි හිතලා බලන්න අවශ්‍ය වෙනවා. කාගේවත් සේවයක් හෑල්ලුවට ලක් කිරීමත් හරිම නරක වැඩක්.

02. ළමා කතන්දර 2  : බුරුවාගේ මොළය

නිවාඩු කාලේ ගෙදර ඉන්න පොඩ්ඩන්ට ළමා කතාන්දර 5 ක්

කපටි අයත් එක්ක ප්‍රවේශමෙන් කටයුතු කරමු

ඔන්න එකමත් එක කාලෙක කැලෑවක සිංහයෙක් වාසය කලා. මේ සිංහයාගේ මිතුරා වුනේ  කපටි හිවලෙක්.  

ඔවුන් දෙදෙනාම එකට සත්තු දඩයම් කලා.

සිංහයා සතුන් දඩයම් කලා. හිවලා ඒ සදහා උදව් කරලා තමන්ගේ කොටස ලබා ගත්තා.

ඔහොම කාලයක් ගෙවිලා යද්දි දවසක් සිංහයා හොදටම ලෙඩ වුනා.

ගුහාවෙන් පිටතට යන්න බැරි තරම් අමාරු වුනා. දවසක් දෙකක් යද්දි කෑම නැතිව සිංහයාට හොදටෝම බඩගිනි වුනා.

“හිවල් යාළුවේ මට බඩගිනියි. මට අසනීප නිසා එළියට යන්න බැහැ. ඔබට මට කෑම ටිකක් ගෙනත් දෙන්න පුළුවන්ද?”

සිංහයා හිවලා ගෙන් ඇහුවා.

ඔන්න ඉතින් හිවලා දඩයමේ ගියා. ඒත් හිවලා දඩයමේ දක්ෂ නැහැ. ඒ නිසා කපටිකමින් දඩයමක් කරගන්න හිවලා හිතුවා. 

ඔහොම හිවලා ඉස්සරහාට යද්දි ඌට බුරුවෙක් හමුවුනා.

 “බුරු මහත්තයා. සිංහ අධිරාජ්‍යානයෝ ඔබවහන්සේව මේ මහා වනාන්තරයේ අගමැති බවට පත් කිරීමට කැදවනවා”

හිවලා චාටු බසින් කිව්වා. ඉන්පස්සේ බුරුවාට ආචාර කළා.

මෝඩ බූරුවා හිවලාගේ චාටු බස් වලට රැවටුනා .

ඊටපස්සේ බුරුවා හිවලා පසුපස සිංහයා ලගට ගියා. සිංහයා මේ මෝඩ බුරුවාව පහසුවෙන් දඩයම් කලා.

 “මට හොදටම පිපාසයි. මම ඉක්මනින් එනකම් අපේ ආහාර වේල බලාගන්න.”

සිංහයා එහෙම කියලා ගග ලගට ගියා. හිවලා ඉක්මනින්ම බුරුවාගේ මොළය ආහාරයට ගත්තා

 “කෝ මේ බුරුවාගේ මොළය”

සිංහයා ඇහුවා.

 “මොළයක් තිබුනා නම් මේ බුරුවා මෙහෙම එනවාද”

හිවලා හිනා වෙලා කිව්වා.

ඔන්න කපටි අය ආශ්‍රය කරන කොට පරිස්සමෙන් ඇසුරු කරන්න.

ඒ වගේම බොරු චාටු කතා වලට රැවටුනොත් මේ බුරුවාට වුනා වගේ අනුන්ගේ උගුලක වැටෙන්න පුළුවන්.

3. ළමා කතා 3 : නුවණ ඇති පුතා

නිවාඩු කාලේ ගෙදර ඉන්න පොඩ්ඩන්ට ළමා කතාන්දර 5 ක්

එකෝමත් එක කාලෙක බුද්ධිමත් රජ කෙනෙක් රජ කළා. ඔහුට පුතුන් දෙදෙනෙක් සිටියා.

මේ පුතුන් දෙදෙනාට හොදින් ශිල්ප ලබා දෙන්න රජතුමා කටයුතු කලා.

ඔහොම කාලයක් යනවිට රජතුමා හොදටම ලෙඩ වුනා.

රාජ්‍යය ඊලගට බාර දෙන්නේ කාටද කියලා රජතුමා කල්පනා කලා.

ඒ නිසා ඔහු පුංචි පරික්ෂණයක් කරන්න හිතුවා. රජතුමා පුතුන් දෙදෙනාව කැදවුවා.

“මා ඔබ දෙදෙනාට කාමර දෙකක් ලබා දෙනවා. එය ඔබට හිතෙන දෙයකින් පුරවන්න.

හැබැයි එහි කිසි ඉඩක් ඉතිරි කරන්න බැහැ.” 

රජතුමා තම පුතුන් දෙදෙනාට කිව්වා. ඔවුන් දෙදෙනා පිටව ගියා. රජතුමා පසුවදා කාමර බලන්න ගියා.

ලොකු පුතා කාමරය පිදුරු වලින් පුරවලා තිබුනා. කාමරය ඇරියා විතරයි පිදුරු කන්දක් රජතුමාගේ ඇගටත් වැටුනා.

රජතුමාට තරහා ගියා. ඊටත් වඩා තමන්ගේ ලොකු පුතාගේ මෝඩකම ගැන කණගාටු වුනා.

ඊළගට රජතුමා ගියේ බාල පුතාට දුන්න කාමරයට එය වසා දමා තිබුනා. රජතුමා එයට තට්ටු කලා.

කාමරයේ දොර ඇරුනා. කාමරය අදුරුයි. ඔහු කාමරයට කිසිවක් ගෙනවිත් වත් නැහැ.

රජතුමාට හොදටම තරහා ගියා. බාල පුතා සංසුන්ව කාමරය වැසුවා

“පියාණනි තරහා ගන්න එපා. මම  මේ කාමරය ආලෝකයෙන් පුරවන්නයි යන්නේ. මේ බලන්න” 

බාල කුමාරයා කාමරය ආලෝකවත් කලා. ආලෝකයෙන් මුලු කාමරයම පිරිගියා. රජතුමා මහත් සතුටට පත්වුනා.

තැනට සුදුසු නුවණ තිබීමත් අපි කාටත් වටිනවා. අවස්ථාව අනුව අපගේ නුවණ භාවිතා කරන්න අපිත් ඉගෙන ගනිමු නේද?

4. ළමා කතන්දර 4  : අහංකාරකම විපාක දුන් හැටි

ළමා කතාන්දර

ඔන්න එකමත් එක කාලෙක ලොකු පොකුණක මාළු ගොඩාක් සතුටින් ජිවත් වුනා.

එයාලා හරිම ආඩම්බරයි. කවුරුත් කියන දේ ඇහුවේ නැහැ. මේ පොකුණේ කරුණාවන්ත කිඹුලෙක්ද පාඩුවේ ජිවත් වුනා.

විශාල පොකුණක මසුන් විශාල ප්‍රමාණයක් ජීවත් විය. ඔවුන් උඩඟු වූ අතර කිසිවෙකුට ඇහුම්කන් දුන්නේ නැහැ.

මෙම පොකුණෙහි කරුණාවන්ත හදවතක් ඇති කිඹුලෙකු ද ජීවත් විය.

“ඔය තරම් ආඩම්බර වීමෙන් ඔබට පාඩුවක් වෙන්නත් පුළුවන්. ”

කිඹුලා නිතර මාළුන්ට කිව්වා. මාළුන් කිසිවිටෙකත් ඔහුට ඇහුම්කන් දුන්නේ නැහැ.

ඔවුන් කිඹුලාට සම්ච්චලයට හිනා වුනා.

එක දවසක් කිඹුලා ඉවුරේ ගිමන් හරිමින් හිටියා.

“බලන්න මේ විලේ මාළුන් පිරිලා. අපි හෙට ඉදන් මෙතැන මාළු අල්ලන්න එමු. ”

ධිවරයන් දෙදෙනෙකු කතා කරනවා කිඹුලාට ඇහුනා. කිඹුලා ඉක්මනින්ම මාළුන් සොයා ගියා

“ඔබ සැවොම හෙට සිට පොකුණේ සැගව ඉන්න . හෙට උදේ පාන්දර ධීවරයන් දෙදෙනෙකු මාළු ඇල්ලීමට එනවා. ප්‍රවේශමෙන් යාළු”

කිඹුලා ගිහින් මාළුන්ට කිව්වා.

“අපිව අල්ලගන්න කාටවත්ම බැරි වුනා. අනේ කිඹුලෝ තමන්ගේ වැඩක් බලා ගන්න.”

මාළු වෙනදා වගේම සම්ච්චලයට හිනා වුනා.

 ඊලග දවසේ උදේම ධීවරයෝ ආවේ ශක්තිමත් ලොකු දැලක් අරගෙන,  ඔවුන් ඒ දැල විසී කරද්දි පොකුණේ පීන පීන හිටපු මෝඩ මාළුන් සියල්ලම අල්ලගත්තා.

“අනේ අපි උඩුගු නොවී කිඹුල් යාළුවට කන් දුන්නා නම් අපේ ජිවිතය බේරගන්න තිබ්බා.”

එක මාළුවෙක් දුකින් කිව්වා.

අහංකාර වීමත්, අන් අයට සවන් නොදීමත් නරක ගති ගුණ දෙකක් හොදද යාළුවනේ.

5. ළමා කතන්දර 5  : සදාකාලික මාලිගාව

නිවාඩු කාලේ ගෙදර ඉන්න පොඩ්ඩන්ට ළමා කතාන්දර 5 ක්

එකමත් එක කාලෙක බොහොම දක්ෂ රජ කෙනෙක් ජිවත් වුනා. ඔහු සිය ජනතාවට ආදරයෙන් ඉතා හොදින් රට පාලනය කලා.

රජතුමා රට තුල ගොඩාක් දේවල් ගොඩ නැගුවා. මෙහෙම රජකම් කරන කොට රජතුමාට අපුරු අදහසක් ආවා.

මම වෙන කිසි රාජ්‍යයක නැති සියල්ලම ඇති සදාකාලික මාලිගාවක් ගොඩනගනවා රජතුමා සිතුවා

රජතුමා පසුවදාම පෙදරේරුවන් හා වඩුවන් කැදවා එම මාලිගාව සදන්න නියම කලා.

ඔවුන් එක සේ වෙහෙස වෙලා රජතුමාගේ සදාකාලික මාලිගාව ඉක්මනින්ම සදා නිම කලා.

රජතුමා පුදුමයටත් සතුටටත් පත්වුනා. අසල්වැසි රටවල රජවරුන්ටත් එය නරඹන්න ආරාධනා කලා.

“හරි පුදුමයි. එහි සියල්ලම තියෙනවා. එය සැබෑම ලස්සන හා සදාකාලික මාළිගාවක් ”

වංශාධිපතියෝ එක හඩින් කිව්වා. මේ සියල්ල එක නුවණ ඇති මිනිසෙක් බලා ගෙන සිටියා.

ඔහු කිසිවක් කිව්වේ නැහැ. සියල්ලන්ම එක හඩින් තම මාලිගාව වර්ණනා කරද්දි මේ මිනිසා නිහඩව සිටින්නේ ඇයිදැයි රජතුමා බැලුවා.

“මගේ මාලිගාව ගැන නුඹ සිතන්නේ කුමක්ද? එය සදාකාලිකයි නේද? ”

රජතුමා ඒ මිනිසා ලගට ගොස් ඇහුවා.

“රජතුමනි ”

නුවණ ඇති මිනිසා කථාව පටන් ගත්තා

“එය හරිම විශ්මිත නිර්මාණයක් තමයි. හරිම සුන්දරයි. නමුත් එය සදාකාලික නැහැ ”

නුවණ ඇති මිනිසා කියද්දි රජතුමා පුදුම වුනා.

“මොනවා ”

පුදුමයට පත් රජතුමා ප්‍රකාශ කලා

“ඔව් රජතුමනි. මෙහි ගොඩනැගිලි හරිම ශක්තිමත් එය ශතවර්ෂ ගණනක් පවතිවි. නමුත් එහි ජිවත්‌ වෙන ජනයා හැමදාම ජිවත් වන්නේ නැහැ. ඔවුන් ස්ථීර නැහැ. ඒ නිසා එය සදාකාලික මාලිගාවක් වන්නේ නැහැ. ”

නුවණැති මිනිසා පහදා දුන්නා. රජතුමා එය තේරුම් ගත් අතර තමාගේ මෝඩ අදහස ගැන කණගාටු වුනා.

අපි අපේ වැරදි තීරණ තේරුම් ගැනීමත් හොද දෙයක්

මුලාශ්‍ර – www.advance-africa.com

පරිවර්තනය හා සංස්කරණය – නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ළමා කතා සහ කවි
  • /
  • නිවාඩු කාලේ ගෙදර ඉන්න පොඩ්ඩන්ට ළමා කතාන්දර 5 ක්
බෙදාගන්න :
  • නිවාඩු දවස් වල බබාට කියලා දෙන්න කතන්දර  3 ක්

    නිවාඩු දවස් වල බබාට කියලා දෙන්න කතන්දර 3 ක්

  • ළමා කතා: උඩඟු හිවලාගේ කතාව

    ළමා කතා: උඩඟු හිවලාගේ කතාව

  • නිවාඩු දවස් වල බබාට කියලා දෙන්න කතන්දර  3 ක්

    නිවාඩු දවස් වල බබාට කියලා දෙන්න කතන්දර 3 ක්

  • ළමා කතා: උඩඟු හිවලාගේ කතාව

    ළමා කතා: උඩඟු හිවලාගේ කතාව

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it