theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මම දිනපතා මගේ දුවව දිවා සුරැකුම් මධ්‍යස්ථානයට ඇරලවීමෙන් සතුටු වෙන්නේ ඇයි?

4 අවම කියවීම
මම දිනපතා මගේ දුවව දිවා සුරැකුම් මධ්‍යස්ථානයට ඇරලවීමෙන් සතුටු වෙන්නේ ඇයි?මම දිනපතා මගේ දුවව දිවා සුරැකුම් මධ්‍යස්ථානයට ඇරලවීමෙන් සතුටු වෙන්නේ ඇයි?

රැකියාවට යන මේ අම්මා කෙනෙක් ඇගේ තේරීම ගැන සමාජයේ ගැටළු තිබියදීත් ඍජුවම ඇගේ දුවට දිවා සුරැකුම් මධ්‍යස්ථානය හොඳයි කියලා කියන්නේ ඇයි කියලා දැනගන්න මෙය කියවන්න.

මම රැකියාවක් කරන මවක් විදිහට හැම මවකටම ඇති මාතෘකාවක් ගැන අවධානය යොමු කරන්න හිතුවා. ගෙදර ඉන්න මවක් වුනත් රැකියාවක් කරන මවක් වුනත් මව් පදවිය නිසා සියල්ල වෙනස් කරගත යුතු නැහැ කියලයි මම හිතන්නේ . ඒ නිසා මගේ දුවව දිවා සුරැකුම් මධ්‍යස්ථාන යක රඳවලා මගේ රැකියාව බබා ලැබුනට පස්සෙත් කරන්න තීරණය කළා.

දිවා සුරැකුම් මධ්‍යස්ථාන

දිවා සුරැකුම් මධ්‍යස්ථාන

White child room interior for mockup, 3D rendering

හුඟක් අය මගෙන් අහනවා මගේ දුව දවසම දිවා සුරැකුම් මධ්‍යස්ථාන යේ ඉන්න එක ගැන මට දුකක් නැද්ද කියලා? සමහරු මගෙන් එහෙම අහන්නේ නැතුව මගේ දුව දිහා අනුකම්පාවෙන් බැලුවේ අනේ පව් අහිංසක දරුවා කියනවා වගේ අදහසකින්.

පළමු දේ පළමුව කළ යුතු යැයි මම විශ්වාස කරනවා. මට දරුවා ලැබුණා වුනත් මම මගේ රැකියාව ඉදිරියට කරගෙන යන්න හොඳින් සැලසුම් කළා. මම මගේ දුවව දිවා සුරැකුම් මධ්‍යස්ථානයට දාලා සැලැස්මකින් යුතුව මේ දේවල් කරනවා. ඒ නිසා මම කිසිම වරදක් කරලා නැති බව මම දන්නවා. ඊට හේතු මම ඔබට කියන්නම්.

දිවා සුරැකුම් මධ්‍යස්ථාන : මම අධිෂ්ඨානශීලිව ජීවත් වෙනවා.

මම අධිෂ්ඨානශීලිව මගේ කටයුතු කරගෙන යනවා. මවක් වීම මගේ වෘත්තීය ජීවිතයට බාධාවක් වන්නේ නැහැ. වෘත්තීයක් තෝරා ගැනීමේදී මම මවක් විදිහට හුඟක් පීඩා වින්දා. නමුත් තාත්තා කෙනෙකුගෙන් මේ ප්‍රශ්නය අසන්න බැරි ඇයි? මාතෘත්වයෙන් පස්සේ මට කාන්තාවක් විදිහට ශක්තිමත් හුඟක් ඉලක්ක වලට යන්න තියෙනවා. මම ඉවසිලිවන්තව ඉදිරියට යන්නත් කාන්තාවක් විදිහට මගේ දුවටත් එය අවබෝධ කර දෙන්නත් උත්සාහ කරනවා. ඒ වගේම මම දෙවියන්ට ස්තූතිවන්ත වෙනවා ඇය වගේ අපූරු දියණියක් මට ලබා දුන්නට.

මට මගේ ජීවිතයේ  කරන්න තියෙන වගකීම් අතර මට සිහින කරා යන්න අවශ්‍යයි. එය කළකිරීමෙන් කරන්න බැහැ. මම මගේ දුවට ආදරෙයි එයට සීමාවන් නැහැ.

හැම සීමාවක්ම පියාට අදාල නැහැ

දිවා සුරැකුම් මධ්‍යස්ථාන

මම රැකියාවක් හොයමින් ඉන්නකොට හැම පුද්ගලයෙක්ම මගෙන් අහපු එකම ප්‍රශ්නය තමයි  “ඔයා රැකියාවට ගියහම ඔයාගේ දුවව බලාගන්නේ කවුද?” කියන එක. මම ඉන් ගොඩක් පීඩා වින්දා. අවසානයේ මගේ ඉවසීමේ සීමාව ඉක්මවූවා. එම ප්‍රශ්නයම තාත්තාගෙන් අහන්න ඔවුන්ට පුළුවන්ද කියලා ඔවුන්ගෙන් ඇහුවා.

කවුරුත් කවදාකවත් පිරිමියෙකුගෙන් අහනවද ඔබ රැකියාවට ගියහම දරුවා බලාගන්නේ කවුද? කියලා. පියා මවක් හා  සමාන නැද්ද? දරුවා ඔහුගේ වගකීමක් නොවේද? එය කාන්තාවන්ටම පමණක් පවරන්නේ ඇයි? මගේ සැමියා මේ ගැන අවබෝධයෙන් හිඳිමින් මට උදවු කරන නිසා මම වාසනාවන්තයි. මගේ දුවට අසනීප වුණ වෙලාවට, ඇයට එන්නත් ලබාදෙන්න තියෙනකොට, ඇයට නිවාඩු හුඟක් ලැබුන කාලයට හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථානය වසා ඇති විට අපි මාරුවෙන් මාරුවට රැකියාවෙන් නිවාඩු ගන්නවා. මගේ දුවට එය හොද ආදර්ශයක් වෙනවා.

මට ඕනේ විශ්වාසය ඇති දුවෙක් බිහි කරන්න

ඉස්සර තාත්තා වැඩට ගියහම අම්මා ගෙදර ඉන්නවා. ඒක තමයි පුරුදු වෙලා තිබුන විදිහ.  දැන් එය වෙනස් වෙලා  කාන්තාවනුත් පිරිමින්ට සමානව මුදල් උපයනවා. මට අවශ්‍යයි මගේ දුව එය වටහා ගනිමින් ඇගේ අම්මා ජීවිතයේ අනිත් භූමිකාත් හොඳින් නිරූපණය කරන බව පෙන්වන්න.

කාන්තාවන් විදිහට සිහින හා ආශාවන් සඳහා ඉදිරියට යාම වැදගත් කියලා ඇයට පෙන්වා දෙන්නත් ඇයව විශ්වාසවන්ත තරුණ දුවෙක් කරන්නත් මට අවශ්‍යයි. මම ඇයට දඬුවම් කරන්නේ නැහැ. එහෙත් ඇයව ලෝකයට මුහුණ දෙන්න දැඩිව සූදානම් කරනවා.

දිවා සුරැකුම් මධ්‍යස්ථාන : දරුවන් බලාගැනීමට මගේ දෙමාපියන් හෝ නැන්දම්මා මට අවශ්‍ය නැහැ

මගේ දුවව බලාගන්න විකල්පයක් ලෙස මට මගේ දෙමාපියන්ට හෝ සැමියාගේ දෙමාපියන්ට කතා කරන්න පුළුවන්. නමුත් මම එය තෝරා ගන්නේ නැහැ. ඇයි? මට දරුවා බලාගැනීමට ඔවුන්ව ගෙදර නවත්වා ගැනීමට අවශ්‍ය නැහැ. ඔවුන්ගේ ජීවිතය ඔවුන්ට අවශ්‍ය විදිහට අනිත් අය සමග ගෙවන්න, ඇවිදින්න යන්න, පවුලේ අයත් සමග ගත කරන්න සහ සුවපහසුවෙන් ජීවත් වෙන්න මේ කාලය අවශ්‍යයි.

දෙමාපියන් ඔවුන්ගේ මුළු ජීවිතයම ඔවුන්ගේ ආශාවන් පැහැර හරිමින් වැය කළේ දරුවන් බලාගන්නයි. ඔවුන්ගේ තරුණ කාලය ඔවුන්ගේ දරුවන් බලාගන්න වැය කරලා තියෙද්දී මට ඔවුන්ගෙන් අහන්න පුළුවන්ද මගේ දරුවන්ව බලාගත හැකිද කියලා. එය සාධාරණ නැහැ. ඔබට එහෙම හිතෙන්නේ නැද්ද?

මට ආර්ථික වශයෙන් ස්වාධීනත්වය අවශ්‍යයි

මම දිනපතා මගේ දුවව දිවා සුරැකුම් මධ්‍යස්ථානයට ඇරලවීමෙන් සතුටු වෙන්නේ ඇයි?

මට ආර්ථික වශයෙන් ස්වාධීනව ජීවත් වෙන්න ඕනේ. අපි ජීවත් වෙන්නේ මුදල් එක්ක ජීවත් වෙන සමාජයකයි. මෙය ඉක්මණින් තේරුම් ගැනීම විශේෂයෙන් කාන්තාවන්ට වැදගත්. තමන් රැකියාවක් කරලා මුදල් උපයනවා නම් ගෙදර ඇතිවන ආර්ථිකමය ගැටළු වලට කාන්තාවන්ටත් දායක වෙන්න පුළුවන්. සමහර විට සැමියාගෙන් වෙන්වෙන්න, නැත්නම් දික්කසාද වෙන්න සිදුවුනොත් සමාජයේ ඇති ගැටළු වලදී මට ශක්තියක් තියෙනවා. වරක් එක් පුද්ගලයෙක් කියා තිබුණා  “කරදරයක් ඇතිවීම පෙර ඊට සුදානම්ව සිටීම යහපත්” බව. මේ කතාවෙන් මගේ අදහස තවත් පැහැදිළි වෙනවා.

කාන්තාවක් ලෙස ඔබටත් සමාජයේ ස්ථාවරව ඉදිරියටම යන්න මග හෙළි කිරීමට ඔබේ හොඳම මිතුරිය theAsianparent Sri Lanka මේ ලිපිය සකස් කළා.

 

theIndusparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිත යි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකි ය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
  • /
  • මම දිනපතා මගේ දුවව දිවා සුරැකුම් මධ්‍යස්ථානයට ඇරලවීමෙන් සතුටු වෙන්නේ ඇයි?
බෙදාගන්න :
  • දිවා සුරැකුම් මධ්‍යස්ථානය වලින් දැකිය හැකි අනතුරු දායක කරුණු 10 ක්

    දිවා සුරැකුම් මධ්‍යස්ථානය වලින් දැකිය හැකි අනතුරු දායක කරුණු 10 ක්

  • පොඩ්ඩාව පෙර පාසැල් යැවීමට පෙර සුදානමක්

    පොඩ්ඩාව පෙර පාසැල් යැවීමට පෙර සුදානමක්

  • දිවා සුරැකුම් මධ්‍යස්ථානය වලින් දැකිය හැකි අනතුරු දායක කරුණු 10 ක්

    දිවා සුරැකුම් මධ්‍යස්ථානය වලින් දැකිය හැකි අනතුරු දායක කරුණු 10 ක්

  • පොඩ්ඩාව පෙර පාසැල් යැවීමට පෙර සුදානමක්

    පොඩ්ඩාව පෙර පාසැල් යැවීමට පෙර සුදානමක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it