theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ආත්තම්මයි සීයයි එක්ක දරුවන්ට සතුටුදායක ළමා කාලයක් තිළිණ කරන්න

5 අවම කියවීම
ආත්තම්මයි සීයයි එක්ක දරුවන්ට සතුටුදායක ළමා කාලයක් තිළිණ කරන්නආත්තම්මයි සීයයි එක්ක දරුවන්ට සතුටුදායක ළමා කාලයක් තිළිණ කරන්න

දරුවන් ඔවුන්ගේ ආච්චිලා සීයලාට ඒ තරම් ලෙංගතු ඇයි කියලා දන්නවාද ? මේ කාරණා 5 දැනගන්න.

දරුවන්ගේ ආච්චි සීයා සමග ඔවුන්ට ළමා කාලයේ ලොකු මහත් වෙන්න ඉඩ දීම ඔවුන්ට දිය හැකි ඉස්තරම්ම ත්‍යාගයයි.

එය එසේ යැයි ඔප්පු කරන්නට තවත් පරීක්ෂණ අවශ්‍ය නැහැ. ඇත්තටම ඔවුන් දරුවන්ට ලැබෙන ධන නිධානයි.

ඔබත් ඔබේ ළමා කාලයට ගිහින් බලන්න. ආච්චි අම්මා සීයා එක්ක ඔයාගේ අතීතයේ ලියවුන කොයිතරම් සොදුරු මතකයන් තියෙනවාද?

ආච්චි අම්මා අවුරුද්දට ඔබ එනකම් හදලා තියෙන රස කෑම, සීයා බැදලා දුන්න ඔන්චිල්ලාව, ආච්චි අම්මා කවපු රස බත් ගුලි ඒ විතරක්ද සීයා කියලා දුන්න කතාන්දර ඔබ වගේ ලස්සන මතකයන් ඔබටත් කොයි තරම් නම් ඇතිද?

ආච්චි අම්මා සීයා අපේ පොඩිත්තන්ටත් වටින්නේ ඇයි කියලා මේ දේවල් කල්පනා කරද්දි ඔබට තේරූම් ගන්න පුළුවන් වේවි.

පුංචි අයට නිරෝගී හා ප්‍රීතිමත් ලබා කාලයක් ලබා දෙන්නට ආච්චි අම්මායි සීයයි එක්ක දරුවන්ට වැඩෙන්න දෙන්න අවැසි ඇයි කියලා අපි තවදුරටත් සොයා බලමු.

  1. ආච්චි සීයා දරුවන්ට ආරක්ෂාව ලබා දෙනවා

ආත්තම්මයි සීයයි එක්ක දරුවන්ට සතුටුදායක ළමා කාලයක් තිළිණ කරන්න

දෙමව්පියන් වශයෙන්, අපට අපගේ දරුවන්ට හොදින් ඉගැන්වීමට, නිසි පරිදි හැඩගැස්වීමට, වැරදි තුලික් නිවැරදි දේ ඉගනීමට අවශ්‍ය වෙනවා.

නමුත් දරුවන් නිවැරදි මාර්ගයේ ගමන් නොකරන විට අපි දඩුවම් කර හෝ ඔවුන් නිවැරදි කරන්න උත්සහා කරනවා.

නමුත් අපි මෙලෙස දරුවන් පාලනය කරන්න යාමේදි ඔවුන් අපි සමග තරහා ගන්නත් පුළුවන්

ආච්චිලා සීයලාට අනිවාර්යයෙන්ම අපේ දරුවන් නිවැරදිව  හැසිරීම හා අපිට ගරු කිරීම සලකා බැලුවද ඔවුන් දඩුවම් කිරීමට උත්සහ කරන්නේ නැහැ.

අන්න ඒ නිසාම අපේ දරුවන් අපිත් එක්ක තරහින් ඉන්නකොට ආච්චිලා සීයලා ලගට දුවලා යනවා.

ඒ දරුවන්ට ආච්චිලා සීයලා ලග සුරක්ෂිත බවක් හැගෙන නිසයි.

ඒ නිසා දරුවන්ට සවස් වරුවේ ආච්චිලා සීයලා ලග ගැවසීමට ඉඩ දීමෙන්, දරුවන්ට සන්සුන් වීමට අවස්ථාවක් ලැබෙන්නේ නිරායාසයෙන්මයි.

  1. ඔවුන් දරුවන්‌ගේ සිත සනසන ආකාරය දන්නවා

අපගේ දරුවන්ගේ ප්‍රසංශා කරන එක වැඩි කරන්න උත්සහ කලත්  දරුවන් අපේ අදහස් මකම රදා සිටින්නේ නැහැ.

අපි ඔවුන්ගේ දෙමව්පියන් නිසා එසේ ප්‍රසංශා කරන  බව දරුවන් සිතනවා. අපි ඔවුන්ට උපත දුන්නත් අපිට අපක්ෂපාති වෙන්න බැහැ.

නමුත් ඇත්ත කථාව නම් ආච්චිලා සීයලා පක්ෂපාතියි. ඔවුන් දරුවන් වර්ණනා කරනවා වගේම දරුවනුත් ඔවුන්ව විශ්වාස කරනවා.

සමහර විට ඒ ඔවුන්ගේ නුවණ නැත්නම් අපිව කුඩා කල සිට හදාවඩා ගැනීමෙන් ලද පළපුරුද්ද නිසා එසේ කරනවා වෙන්න පුළුවන්.

එහෙම නැත්නම් ඔවුන් ඉතා සංසුන්ව කථා කරන කිසා වෙන්නත් පුළුවන්.

හේතුව කුමක් වුවත්, අපේ දරුවන්ට තමන් ගැන හොඳ හැඟීමක් ඇති කර ගැනීම සඳහා කුමක් කිව යුතුදැයි යන්න හා එය විශ්වාස කල හැකි පරිදි පවසන ආකාරය  ආච්චිලා සීයලා හරියටම දන්නවා.

  1. අම්මලා තාත්තලා නැති වේලාවට ආච්චිලා සීයලාට ඒ වෙනුවෙන් දරුවන්ගේ කටයුතු කරන්න පුළුවන්

ආත්තම්මයි සීයයි එක්ක දරුවන්ට සතුටුදායක ළමා කාලයක් තිළිණ කරන්න

දරුවන් ලගින් දෙමව්පියන් නැති වෙන අවස්ථා තියෙනවා.

දෙමව්පියන් ගෙන් කෙනෙක් මිය යෑම, දික්කසාදය හෝ සමහර විට දුර ඈත රැකියාවන් කිරීම වැනි හේතු නිසා දරුවන්ට මා පිය රැකවරණය අහිමි වෙන අවස්ථා තියෙනවා.

එවන් අවස්ථාවක දරුවාගේ ජිවිතයේ අම්මා හෝ තාත්තාගේ හිසතැන පුරවන්න ඔවුන් උත්සහා කරනවා. 

පියෙකු නොමැතිව වැඩෙන දරුවෙකුට අපූරු පිරිමි ආදර්ශයක් බවට  සීයා පත් වෙනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

ඔහු තාත්තා වෙනුවට ආදේශ කරන්න බැරි වුනත් තාත්තා නැති අඩුව ටිකක් හරි දරුවා‌ගේ හිතින් සමනය කරන්න ඔහුගේ ආදරය රැකබලා ගැනීම හේතු වෙනවා.

අම්මා අහිමි දරුවන්ට ආච්චි අම්මා දක්වන්නේද එවන්ම දායකත්වයකි.

  1. ආච්චි සීයා විශ්වාසය රකිමින් ක්‍රියා කරනවා

අපේ දරුවන් අපි වෙත පැමිණ සියල්ල කියනවායැයි අපි හිතුවද ඇත්තටම එය නිවැරදි නැහැ.

ඔවුන් ඔවුන්ගේ සමහර රහස් බෙදාගැනීමට සුදානම් නැහැ. ඇත්තටම අපි ඔවුන්ව තේරූම් නොගනිවි හෝ අපිට තරහා යාවි කියලා සමහර විට ඔවුන් සිතනවා.

නැතිනම්  ඔවුන් අපට එය පැවසිය යුතු ආකාරය දන්නේ නැහැ.

ඒ නිසා ඔවුන් ඒ සදහා දිවයන්නේ ඔවුන්ගේ විශ්වාසවන්තයින් වෙන . ආච්චිලා සීයලා ලගටයි.

ඔවුන් විනිශ්චයකින් තොරව සවන් දෙන අතර හොඳ උපදෙස් ලබා දෙනවා.

එය තරමක් බරපතල දෙයක් නම් ඔබේ අම්මාට කියන්න කියලා ඔවුන් දරුවන්ට පවසනවා. එය ඉතාම හොද තත්වයකි.

දරුවා එවන් බරපතල දෙයක් හිතේ තබා විසදුම් සොයන්න යනවා වෙනුවට ඔවුන්ට ඒවා කියන්න විශ්වාසවන්තයින් සිටීම කෙතරම් හොදද?

එය දරුවා අපිට නොකියන දැඩි දෙයක් නම් ඒවා ආච්චි හා සීයා හරහා හෝ අපිට දැනගන්න ලැබීමත් හොද දෙයකි.

  1. ආච්චි සීයා ළමයින්ට අතීතය ගැන කියා දෙනවා

ආත්තම්මයි සීයයි එක්ක දරුවන්ට සතුටුදායක ළමා කාලයක් තිළිණ කරන්න

අපේ දරුවන් ඔවුන්ගේ ආච්චිලා සීයලා ලග ඇති දැඩි කිරීමෙන් ඔවුන්ට ඉතිහාසය ගැන රසවත් දේවල් ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා.

අතීත සිදුවීම් තුල  අප ආදරය කරන පුද්ගලයින්ගේ ජිවිත තුල සිදු වු  හොඳ හෝ නරක ගැන දැන ගැනීමෙන්, අපේ දරුවන්ට ලෝකය මෙහෙයවීමේ වාරය වන විට වඩාත් දැනුවත් තීරණ ගන්න පුළුවන් වෙනවා.

සෑම පරම්පරාවකටම අවශ්‍ය වන්නේ ඊලග පරම්පරාව වඩා හොඳ දේ කිරීමයි.

කළ හැකි එකම ක්‍රමය වන්නේ පෙර පරම්පරාවෙන් ඉගෙනීමයි.

අපේ දරුවන් ඔවුන්ගේ ආච්චිලා සීයලා අසල ඇති දැඩි කිරීම කළ නොහැකි නම් කුමක් කළ යුතුද?

සමහර දරුවන්ගේ සීයලා ආච්චිලා ජිවතුන් අතර නැති වෙන අවස්ථා තියෙනවා. ඔව් කණගාටුදායක ලෙස ඔවුන් ජිවිතයෙන් කලින්ම යන්න ගිය අවස්ථා තියෙනවා. 

ඒ වගේම සමහර දරුවන්ගේ ආච්චිලා සීයලා ගමේ ජිවත් වෙද්දි විවිධ හේතු නිසා ඔබ දරුවන් හා ජිවත් වෙනවා.

තවත් විටෙක ආච්චිලා සීයලා වෙනමත් ඔබ හා දරුවන් වෙනමත් ජිවත් වෙන අවස්ථා තියෙනවා.

කෙසේ වුවත් ආච්චි අම්මා සීයා ජිවත්ව සිටී නම්  ඔබට දරුවන් සමීප කරන්න පුළුවන්. එයට ටිකක් කැපවීමෙන් වැඩ කරන්න අවශ්‍ය වෙනවා.

නිතර යන්න එන්න බැරි තරම් දුරබැහැරක ඔවුන් සිටිනවා නම් විඩීයෝ ඇමතුම් හරහා නිතර ඔවුන් හා දරුවන්ව  සම්බන්ධ කරන්න ඔබට පුළුවන්.

එම කතාබස් අතරතුර, ළමයින්ට ඔවුන්ගේ නවතම කලා ව්‍යාපෘති පෙන්වීමට, වැදගත් නොවැදගත් සියලුම අවස්ථා  වල තොරතුරු බෙදා ගැනීමට අවස්ථාව ලැබෙනවා.

හැකි සෑම දරුවන් විටම දරුවන්ව ආච්චියි සීයයි බලන්න එක්ක ගෙන යන්න.

එය වසරකට කිහිප වතාවක් වුවද දරු මුහුණබුරන් අතපත ගෑමට ඔවුන්ට අවස්ථාව ලබා දෙනවා.

ආච්චි සීයා බලන්න ගිය විට වෙනත් වැඩ සැලසුම් නොකර එම පරම්පරා දෙකට එක්ව ගුණාත්මක කාලයක් ගත කිරීමට අවස්ථාව දෙන්න.

ඉතිරි අවුරුද්ද පුරාම ඔබේ දෙමාපියන් ගැන දරුවන්ට විස්තර කියන්න.  ඔබේ දරුවන්ට කතන්දර කියන්න.

ඔවුන්ට ඡායාරූප පෙන්වන්න. ආච්චිට සහ සීයාට ලිපි ලිවීමට දරුවන්ට උදව් කරන්න.

ඔබේ දරුවන්ට ඔවුන්ගේ ආච්චිලා සීයලා ඊළඟ වතාවේදී හමු වු විට ඔවුන්ගෙන් ඇසීමට හෝ පැවසීමට අවශ්‍ය දේවල් වසටහන් කල විශේෂ මතක පොතක් පවා තබා ගන්න කියා දෙන්න.

ඔබ ලෝකයේ කොහේ හිටියත් ඔබේ දෙමාපියන් සමඟ ඔබේ දරුවන්ට සම්බන්ධ වීමට ඔබ සැබවින්ම උදව් කරන තාක්  කල්, ඔවුන්ගේ බැඳීම ශක්තිමත් වනු ඇත.

ඇත්ත වශයෙන්ම, ඔබට අවස්ථාවක් ඇත්නම්, ඔබ අනිවාර්යයෙන්ම ඔබේ දරුවන් ඔවුන්ගේ ආච්චිලා සීයලා අසල ඇති දැඩි කළ යුතුය.

එවිට දරුවන්ට මෙන්ම තනිකමින් ජිවිතයේ අවසන් සමය ගෙවන ඔබේ දෙමව්පියන්ටද වටිනාකමින් පිරුනු කාලයක් ගෙවීමට හැකි වෙනු ඇත.

මුලාශ්‍ර : www.creativehealthyfamily.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • ආත්තම්මයි සීයයි එක්ක දරුවන්ට සතුටුදායක ළමා කාලයක් තිළිණ කරන්න
බෙදාගන්න :
  • Why I'm Raising My Sons With Your Daughters In Mind

    Why I'm Raising My Sons With Your Daughters In Mind

  • ආච්චිටයි සීයටයි පුංචි දරුවන් ආදරය කරන ‌හේතු 25 ක්

    ආච්චිටයි සීයටයි පුංචි දරුවන් ආදරය කරන ‌හේතු 25 ක්

  • Why I'm Raising My Sons With Your Daughters In Mind

    Why I'm Raising My Sons With Your Daughters In Mind

  • ආච්චිටයි සීයටයි පුංචි දරුවන් ආදරය කරන ‌හේතු 25 ක්

    ආච්චිටයි සීයටයි පුංචි දරුවන් ආදරය කරන ‌හේතු 25 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it