theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

නිවසේදි ආරක්ෂිතව පෞද්ගලික ප්‍රදේශයේ රෝම ඉවත් කරගන්නේ මෙහෙමයි

5 අවම කියවීම
නිවසේදි ආරක්ෂිතව පෞද්ගලික ප්‍රදේශයේ රෝම ඉවත් කරගන්නේ මෙහෙමයිනිවසේදි ආරක්ෂිතව පෞද්ගලික ප්‍රදේශයේ රෝම ඉවත් කරගන්නේ මෙහෙමයි

රහස් පෙදෙසේ අනවශ්‍ය රෝම ඉවත් කරන්නේ නම් එය ආරක්ෂිතව කරන්න

අනවශ්‍ය රෝම ඉවත් කිරීම කියන්නේ ඔබට තියෙන තවත් ගැටළුවක්.

දහඩිය ගද නිසා හෝ වේවා ලිංගික ජිවිතයට බාධාවක් නිසා හෝ වේවා ඔබේ සෞඛ්‍යයට බාධාවක් නිසා ඔබට ඔබේ සිරුරේ අනවශ්‍ය රෝම විශේෂයෙන් රහස් ප්‍රදේශයේ රෝම ඉවත් කරගැනීමට ඔබට අවශ්‍ය වෙන්න පුළුවන්.

එම රෝම තබා ගැනීම හෝ කපා ඉවත් කිරීම එක් එක් පුදිගලයාගේ කැමැත්ත අනුව සිදු කරනු ලබනවා.

නිවසේදි ආරක්ෂිතව පෞද්ගලික ප්‍රදේශයේ රෝම ඉවත් කරගන්නේ මෙහෙමයි

නිවසේදී අනවශ්‍ය රෝම ඉවත් කිරීම

 

ඔබේ රහස් ප්‍රදේශයේ වැවෙන අනවශ්‍ය රෝම ඉවත් කිරීමට ක්‍රම ගණනාවක් තියෙනවා.

මේ ක්‍රම කිසිවක් ස්ථීර නැහැ. ඒ කියන්නේ ඔබට මේ අනවශ්‍ය රෝම ඉවත් කිරීමේ පුරුද්ද නොකඩවා කරගෙන යන්න වෙනවා. අපි එම ක්‍රම ගැන අද දැනුවත් වෙමු.

1. රෝම කැපීම

නිවසේදි ආරක්ෂිතව පෞද්ගලික ප්‍රදේශයේ රෝම ඉවත් කරගන්නේ මෙහෙමයි

මෙහිදි සබන් හෝ ෂේවින් ක්‍රීම් එකක්  හා පිරිසිදු රේසරයක ආධාරයෙන් රෝම කපා ඉවත් කරන්න පුළුවන්.

මෙය හරිම පහසු ක්‍රමයකි. නමුත් රේසරය නිසා ඇති වෙන කැපීම් තුවාල වලට බැක්ටිරියා ආසාදනය වෙව්ව පුළුවන්

ඒ නිසා ඔබේ රහස් ප්‍රදේශයේ රෝම ඉවත් කරන විට ප්‍රවේශම් වන්න.

රෝම කැපීම කිරීමට උපදෙස්

  • ඔබේ රේසරය විෂබීජහරණය කරන්න.
  • පහසුවෙන් කපා ඉවත් කිරීම සදහා රහස් ප්‍රදේශයේ රෝම තෙත් කරන්න.
  • සම තෙත් සහිත කිරීමට ස්වාභාවික ක්‍රීම්, මොයිස්චරයිසර් හෝ ජෙල් තෝරා ආලේප කරන්න. එවිට සමේ දැවිල්ල ඇතිවීම වළක්වාගන්න පුළුවන්.
  • ඔබේ රෝම වර්ධනය වන දිශාවට සම තදින් අල්ලාගෙන සෙමින් හා මෘදු ලෙස රෝම කපන්න.
  • සෑම කැපීම් පහරකට පසුම සෝදන්න.

2. රෝම ගැලවීම

රෝම කැපීමට වඩා මෙය මදක් වේදනාකාරිය. මෙහිදි රෝම ගස උගුල්ලා දමනු ලබනවා.  මෙය මෘදු ලෙස කළ යුතු අතර එසේ නොකලොත් සම තුවාල වීමටත් ආසාදනය වීමටත් ඉඩ තියෙනවා.

රෝම ගැලවීම කල යුතු ආකාරය

  • ඔබේ ටුවිසරය විෂබීජහරණය කරන්න.
  • ඔබට හොඳ ආලෝකකරණයක් තිබෙන ස්ථානයක් මේ සදහා තෝරාගන්න.
  •  සම තදින් අල්ලාගෙන, ට්වීසරයේ අඩු දෙක අතර රෝම ගස අල්ලාගෙන, රෝම වැඩෙන දිශාවට මෘදු ලෙස රෝම  ගස  ගසන්න.

3. රෝම කෙටි කිරීම

කුඩා කතුරකින් කෙටි කිරීම හරිම පහසුයි.  කතුර මගින් සමට හානියක් නොවන සේ එය ආරක්ෂිතව හසුරවන්න.

රෝම කෙටි කරන ආකාරය

  • කතුර  විෂබීජහරණය කරන්න.
  • ඔබේ රහස් වියළිව තබා ගත යුතුයි.
  • රෝම පොකුරු ලෙස ගෙන කපා තබන්න
  • අවසානයේදි කතුර පිරිසිදු කර පිරිසිදු හා වියළි ගබඩා කරන්න

4. රෝම ඉවත් කරන ආලේපන

මේවා රෝම වල කෙරාටින් නම්  ද්‍රව්‍යයක් දුර්වල කර රෝම වැටී යන්නට ඉඩ සලසයි. ඒ වගේම මේවා භාවිතය ඉතා සරල ය. 

රෝම ඉවත් කරන ආලේපන භාවිතා කරන ආකාරය

  • ඔබට රෝම  ඉවත් කිරීමට අවශ්‍ය ප්‍රදේශයට මෙම ක්‍රීම් ආලේප කරන්න. 
  • මිනිත්තු කිහිපයකට පසු ක්‍රීම් සහ හිසකෙස් පිස දමන්න.
  • මේවා වෙළද පලෙන් මිලදී ගත හැකි නමුත් අසාත්මිකතා ඇතිවීමට ඉඩ කඩ ඇත.
  • ඒ නිසා වෛද්‍ය උපදෙස් මත භාවිතා කරන්න.

5. වැක්ස් කිරීම 

ලිංගික ප්‍රදේශයේ රෝම

වැක්ස් කිරීම වේදනාකාරී විය හැකි නමුත් ඵලදායී ක්‍රමයකි. රෝම  නැවත වැඩෙන විට කැසීම අඩු කර ගන්න පුළුවන්.

වැක්ස් කිරීමේදි ඔබට සංවේදි සමක් ඇතිනම් අසාත්මිකතා ඇතිවීමට හා දැවිල්ලක් ඇති වීමට ඉඩකඩ තියෙනවා..

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

ඔබ වැක්ස් කල යුතු ආකාරය

  • ඔබ වැක්ස් කිරීමට බලාපොරොත්තු වෙන ප්‍රදේශය සෝදා පිරිසිදු කරන්න.
  • එම ප්‍රදේශයට උණුසුම් වැක්ස් ආලේප කරන්න. සම පිළිස්සී යන තරම් උණුසුම් ඒවා නොවේ
  • ඒ මතින් රෙදි පටියක් අලවා එය ප්‍රවේශමෙන් ඇද ගලවන්න.

වෛද්‍ය වරුන් විසින් අනවශ්‍ය රෝම ඉවත් කිරීම සදහා භාවිතා කරන ක්‍රම

1. ලේසර් කර රෝම ඉවත් කිරීම

ලේසර් ඉවත් කිරීමේදී වෛද්‍යවරයකු ඔබේ රෝම ඇති සම මත ලේසර් උපකරණයක් භාවිතා කරන අතර එමඟින් සාන්ද්‍රිත ආලෝකය රෝම කූප වෙත යවනු ලැබේ.

ලේසර් වලින් නිකුත් වෙන තාපයරෝම  දුර්වල වීම හෝ විනාශ කිරීම සිදු කරන අතර රෝම  නැවත වර්ධනය වීම වළක්වයි.

සියලුම ලේසර් උපාංග FDA විසින් අනුමත නොකරයි.

2. විද්යුත් විච්ඡේදනය

විද්‍යුත් විච්ඡේදනය කිරීමේ ක්‍රමය ලේසර් මගින් රෝම ඉවත් කිරීමට සමාන ය.

නමුත් රෝම කූප වලට හානි කිරීම සදහා  සමට රේඩියෝ සංඛ්‍යාත යැවීමට එපිලේටර් නම් උපකරණයක් භාවිතා කරනවා.

මෙම ප්‍රතිකාරය ලේසර් මෙන් නොව එක් වරකට තනි රෝම ගසකට සිදු කරනු ලබයි.

ලේසර් ක්‍රමය මෙන් සම්පූර්ණයෙන්ම ස්ථිර විසඳුමක් නොවේ.

නමුත් එය FDA විසින් හිසකෙස් ඉවත් කිරීම සඳහා ආරක්ෂිත යැයි අනුමත කර ඇති අතර ලේසර් ඉවත් කිරීමට වඩා ලාභදායී වෙන්න පුළුවන්.

අනවශ්‍ය රෝම බවත් කිරිමේදි ඇති විය හැකි අතුරු ආබාධ

  • කැසීම
  • රෝම ඉවත් කිරිමෙන් පසු නොවැඩුනු රෝම කූප ගැටිති
  • විශේෂයෙන් ඔබට සංවේදී සමක් ඇත්නම් රතු පැහැය සහ දැවිල්ල
  • ආලේපන අසාත්මික වීම
  • ලේසර් ඉවත් කිරීම හෝ විද්‍යුත් විච්ඡේදනය වැනි දේවල් සදහා ප්‍රතිශක්තිකරණ ප්‍රතික්‍රියා
  • ඉදිමීම හෝ දැවිල්ල
  • බ්ලේඩ් හෝ වැක්ස් පටි වලින් කැපීම හෝ සීරීම
  • විවෘත කැපුම් තුවාල වලට බැක්ටීරියා ආසාදන

ඔබ රෝම ඉවත් කිරීමෙන් පසු යම් අසාමාන්‍යතාවයක් හෝ රෝග ලක්ෂණයක් දුටුවේ නම් වහාම වෛද්‍යවරයෙක් හමුවෙන්න.

නිවසේදි කල හැකි එක් එක් ක්‍රම ගැන කෙටියෙන්

  • රෝම කැපීම : සුළු කැපුම් තුවාල ඇති විය හැකි අතර එවිට මදත් වේදනාකාරි වෙනවා
  • රෝම ගැලවීම: මෙය නම් තරමක් වේදනාකාරී වේ
  • කෙටි කිරීම: ඔබ අහම්බෙන් ඔබේ සම කපා ගැනීම හෝ ඇන ගැනීම සිදු වුවහොත් හැර මෙය කිසිසේත්ම වේදනාකාරී නැහැ
  • රෝම ඉවත් කරන ආලේපන : ආලේපන ඔබේ සමට අසාත්මික නොවන තාක් කල් වේදනාකාරී නොවේ.
  • වැක්ස් කිරීම : වේදනාව  දැනෙනවා. එය දරා ගැනීම ඔබේ ඉවසීමේ ප්‍රමාණය මත රදා පවතියි.

ඔබට සංවේදී සමක් ඇත්නම්, වැක්ස්, රෝම ගැලවීම , රෝම ඉවත් කරන ආලේපන සහ ලේසර් ඉවත් කිරීම හෝ විද්‍යුත් විච්ඡේදනය සදහා යොමු නොවෙන්න. රෝම කැපීම හෝ කෙටි කිරීම ඔබට කල හැකිය.

ඔබේ සමේ වර්ණයට නොගැලපෙන ප්‍රතිකාර භාවිතා කිරීමෙන් සමට හානි වෙන්න පුළුවන්.

කිසිදු සෞඛ්‍ය හේතුවක් නිසා ඔබට රෝම ඉවත් කිරීමට හෝ කප්පාදු කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. ඇත්තටම ඔබගේ අනවශ්‍ය රෝම විශේෂයෙන් රහස් ප්‍රදේශයේ අනවශ්‍ය රෝම ඉවත් කිරීම සිදුවන්නේ ඔබේ කැමැත්ත මතයි.

මුලාශ්‍ර -  www.healthline.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

nimnadhi

  • Home
  • /
  • විලාසිතා හා රූපලාවන්‍ය
  • /
  • නිවසේදි ආරක්ෂිතව පෞද්ගලික ප්‍රදේශයේ රෝම ඉවත් කරගන්නේ මෙහෙමයි
බෙදාගන්න :
  • ලිංගික ප්‍රදේශයේ රෝම ඉවත් කිරීම හානිදායකද?

    ලිංගික ප්‍රදේශයේ රෝම ඉවත් කිරීම හානිදායකද?

  • පෞද්ගලික ප්‍රදේශ වල රෝම ඉවත් කිරීම සදහා මග පෙන්වීම

    පෞද්ගලික ප්‍රදේශ වල රෝම ඉවත් කිරීම සදහා මග පෙන්වීම

  • ලිංගික ප්‍රදේශයේ රෝම ඉවත් කිරීම හානිදායකද?

    ලිංගික ප්‍රදේශයේ රෝම ඉවත් කිරීම හානිදායකද?

  • පෞද්ගලික ප්‍රදේශ වල රෝම ඉවත් කිරීම සදහා මග පෙන්වීම

    පෞද්ගලික ප්‍රදේශ වල රෝම ඉවත් කිරීම සදහා මග පෙන්වීම

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it