theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ආන්ත්‍රරාවයි: Bouncy Castles වල අනතුරු වලින් ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

5 අවම කියවීම
ආන්ත්‍රරාවයි: Bouncy Castles වල අනතුරු වලින් ඔබේ දරුවා ආරක්ෂා කරගන්නආන්ත්‍රරාවයි: Bouncy Castles වල අනතුරු වලින් ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

මෙම Bouncy Castles  වලින් වැටී ඔබේ දරුවාගේද හිසට අනතුරු වෙන්න පුළුවන්.

දරුවන්ගේ පාටි වලදි විනෝදයක් ලෙස, වර්ණවත්  Bouncy Castles  කොයි කවුරුත් අතර ජනප්‍රියයි. ඒ නිසාම එයින් සිදුවෙන අන්තරායන් ගැන දැන ගැනීම වඩාත් වැදගත් වෙනවා.

මෙවන්  Bouncy Castles එකකින් ඉවතට විසිවු දැරියක් අවසන් සුසුම් හෙලුවා. ඉතාම ‌ඛේදනීය කථාවක් ‌නේද?  ඔබේ දරුවා ‌මෙවන් අනතුරුදායක ක්‍රීඩා උපකරණ වලින් ආරක්ෂා කර ගැනීමට පුංචි උපදෙස් 5 ක් ‌මේ සමග ඉදිරිපත් කරනවා.

පාට පාට ලෝකයක් වගේ Bouncy castles එකක් හරිම විනෝදජනකයි වගේම එය  සෑම ළමයෙකුගේම සිහිනයක්. නමුත් අම්මලා තාත්තලා එහි අවදානම ගැන දැන් දැන් වැඩිපුර දැනුවත් වෙමින් සිටිනවා.

පසුගිය වසර කිහිපය තුළ මෙවන් සෙල්ලම් උපකරණ ජනප්‍රිය වී තිබුනද දරුවන්ගේ පාටි සදහාද ‌යොදාගන්නා ‌මේ Bouncy castles ඇතුලේ සැගවී සිටිය හැකි මාරයා ගැන දැන් දැනුවත් වෙනවා.

2015 වර්ෂයේ  ෆ්ලොරිඩාවේදී Bouncy castles එකක්  සුළි සුළඟකට හසු වූ අතර ඉන් කුඩා දරුවන් තිදෙනෙකු තුවාල ලැබුවා. 2016 දී, සමර් ග්‍රාන්ට් නම් හත් හැවිරිදි දැරිය මිය ගියා.

ඒ ඇය සෙල්ලම් කරමින් සිටි Bouncy castles එක ඇයත් සමගමග දැඩි සුළඟින් ගසාගෙන යෑම නිසයි.

ඇත්තට සිදුවුනේ නපුරු දෙයක්. එදින දරුණු සුලං ඇතිවිය හැකි බවට වු කාලගුණ අනතුරු ඇඟවීම් නොතකා, සැනකෙළියක මෙවන් Bouncy castles එකක් සකස් කර තිබුනා.

එදින පැවති සැනකෙළියේ සිටි සාක්ෂිකරුවන්ට අනුව තද සුළං හේතුවෙන් Bouncy castles එක වේගයෙන් ඉහළට හෝ අඩි 50 ක් පමණ ඉහළට ගසා ගෙන ගොස් පෙරළි තියෙනවා.

ආන්ත්‍රරාවයි: Bouncy Castles වල අනතුරු වලින් ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

අඩි 50 ක් පමණ ඉහලට ගසාගෙන යයි.

සැනකෙළියේ කම්කරුවන් අත්අඩංගුවට ගත් නමුත් ඔවුන් දැඩි නොසැලකිල්ල නිසා සිදු වු මිනීමැරුම් චෝදනා නොසැලකිලිමත් ලෙස ප්‍රතික්ෂේප කර තියෙනවා.

මේ ලිපිය සකස් වෙන විටත් ඒ පිළිබද  නඩු විභාගය සිදුවෙමින් පැවතුනා.

දරුවන්ගේ පාටි සදහා නිතර භාවිතා ‌වෙන Bouncy Castle අවදානම් ගැන දෙමව්පියන්ගේ ඉහළ යන දැනුවත්භාවය

Bouncy Castle  අනතුරු නිසා 2012 දී, එක්සත් ජනපදයේ පමණක් ළමුන් 30 ක් පමණ රෝහල්වල ප්‍රතිකාර ලබා තියෙනවා.

එක්සත් ජනපදයේ, සෑම වසරකම Bouncy Castle  අනතුරු හේතුවෙන් සිදුවෙන තුවාල 10,000 ක් පමණ වාර්තා වෙනවා.

ආන්ත්‍රරාවයි: Bouncy Castles වල අනතුරු වලින් ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

දරුවාගේ අතකැඩී අවසන් වු ‌සෙල්ලම්

මෑතකදී සිංගප්පූරුවේදි එවන් සිදුවීමක් වාර්තා වුනා. Bouncy Castle  අනතුර ගැන ඒ අම්මා සෑම දෙමව්පියෙකුටම අනතුරු අගවනවා. ජොආනා ෂෙන් නම් අම්මා ඇගේ කුඩා දියණියත් එක්ක Bouncy Castle  ඇති විනෝද ස්ථානයකට ලගා වුනේ ප්‍රීතිමත් දිනයක් ගත කරන්නයි.

 

නමුත් එය භයානක සිහිනයක් වුනේ මෙහෙමයි.

ඔවුන් ලිස්සන බෝට්ටුවකින් බැසීමට ආසන්නව සිටියදී, කාර්ය මණ්ඩල සාමාජිකාවක් ඇයට සහ ඇගේ දියණියට වෙන වෙනම ලිස්සා යා යුතු බව පැවසුවා.

එබැවින් ඇය තම දියණියට ඉදිරියෙන් යාමට ඉඩ හැරියාය. ස්ලයිඩයේ පතුල දෙසට, ඇගේ දියණිය පෙරළී  ගිය අතර වේදනාවෙන් අඩන්න පටන් ගත්තා.

ඇගේ දියණියගේ වම් අත කැඩී තිබුනා. වහාම දරුවා රෝහලට ගෙන ගිය අතර ඇගේ කැඩුණු අතේ ඇටකටු කම්බියකින් සවි කළ යුතු වුනා. ඇගේ කුඩා දරුවාට සුවය ලැබීමට මාසයක් ගතවේවි.

එබැවින් ඔබ සැනකෙළියකට යන විට හෝ ඔබේ දරුවාගේ ඊළඟ උපන්දින පාටිය සඳහා Bouncy Castle  එකක් සැකසීමට අදහස් කරන්නේ නම්, බියෙන් තොරව ඔබේ දරුවාට සෙල්ලම් කිරීමට ඉඩ සලසා දෙමින් Bouncy Castle  අවදානම් පිළිබඳව දැනුවත් වීම වැදගත් වෙනවා.

දරුවන්ගේ පාටි සදහා නිතර භාවිතා ‌වෙන Bouncy Castle අවදානම් වලින් ඔබේ දරුවන් ආරක්ෂා කරන්නේ කෙසේද?

ආන්ත්‍රරාවයි: Bouncy Castles වල අනතුරු වලින් ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

  1. ආරක්ෂිත කලාප ගැන ඔබේ දරුවන්ට උගන්වන්න

Bouncy castles වෙනස් ආකාරයකින් නිපදවා ඇති අතර සමහර ඒවායේ  කාලයත් සමඟ වායුව ඉවත් වෙන්න.

මේ නිසා, ඒවා පහසුවෙන් ලිස්සා යන්න හෝ මුදා හරින්න පුළුවන්. දරුවන්ට මැද සිටගෙන  සිටින ලෙස දන්වන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

එහි බිත්ති හෝ කොන් වලට යාම වළක්වා ගන්න.

  1. ඔබේ දරුවන් දෙස සුපරික්ෂාකාරිව බලන්න.

සෑම විටම දරුවන්ට  වැඩීහිටියන්ගේ අධීක්ෂණ යට Bouncy Castle හි සෙල්ලම් කිරීමට ඉඩ සලසන්න.

මේවා ආරක්ෂිත ලණු, වැලි මලු  සවි කර ඇති බවට වග බලා ගන්න.

  1. Bouncy castles මත දැඩිව සෙල්ලම් කරන්න ඉඩ දෙන්න එපා.

Bouncy castles වල  මතුපිට මෘදු හා නම්යශීලී නමුත් තවමත් අනතුරු සිදුවෙන්න පුළුවන්.

මෙයට හේතුව ළමයින්ට සෙල්ලම් කරන විට, තල්ලු කිරීම, පිනුම් ගැසීම හෝ ඕනෑවට වඩා  උඩ පැනීමයි.

ළමයින් මෙලෙස දැඩිව සෙල්ලම් කරන  බව ඔබ දුටු විට, වහාම ඔවුන්ව නවත්වන්න.

  1. කාලගුණ අනතුරු ඇඟවීම් පිළිපදින්න

සෙල්ලම් කරන දින වල ප්‍රචණ්ඩ සුළං අනතුරු කාලගුණ ඇඟවීම් නොමැති බවට වග බලා ගන්න.

එසේ තිබේ නම්, ඔබේ දරුවා එයට යොමු නොකොට ආරක්ෂිත වෙන්න.

Bouncy castles භාවිතා නොකර වෙනත් සෙල්ලමක නිරත වෙන්න.

  1. Bouncy Castle හි සෙල්ලම් කිරීමට වයස සුදුසු බව සහතික කරගන්න

ඔබේ දරුවාගේ පාටි එකක් පවත්වන  විට, සෑම වයස් කාණ්ඩයකම ළමයින් පැමිණීමට ඉඩ තියෙනවා.

එහිදි ඉතා කුඩා දරුවන් එහි සෙල්ලම් කිරීමට නොයන බවට වග බලාගන්න.

ඒ වගේම නව යෞවනයන් හා වැඩිහිටියන් සමග එකට ඔබේ දරුවන් Bouncy castles හි සෙල්ලම් කරන්න යවන්න එපා.

ප්‍රසිද්ධ ආපනශාලා තුල හා ළමා උද්‍යාන තුල වගේ ස්ථාන වල ශ්‍රී ලංකාව තුලද බහුලව මෙම Bouncy castles  දකින්න ලැබෙනවා.

බැලු බැල්මට ඉතා විනෝදකාමී ලෙස පෙනෙන නිසා දරුවන් ඒවාට ඇදෙන්නේ නියැතින්.

ඒ වගේම ඒ තුල ඇති අනතුරු එකවරම පේන්නේ නැහැ.

සුලිසුලං වැනි අනතුරු අපේ රටේ නැතිවුනත් Bouncy castles වලට හානි වී එහි සුලං ගොස් එය ලිස්සායෑමේ අවදානම අපේ රටේත් තවමත් තියෙනවා.

බැරි වෙලා හෝ දරුවා ලිස්සා ගියහොත් හිසට අනතුරුවීමේ අවදානම මෙන්ම අත පය බිදි යෑමේ අවදානමද ඉහළයි.

ඒ වගේම අවසානය මරණයෙන් කෙළවර වෙන්නත් පුළුවන්.

ඔබේ දරුවාගේ ආරක්ෂාව නිරන්තරයෙන් සැලකිලිමත් වෙන්න. ඔබේ සුපරික්ෂාව රහිතව මෙවන් අනතුරුදායක ස්ථානවල දරුවාට තනිව සෙල්ලම් කිරීමට ඉඩ තබන්න එපා. යම් ක්‍රීඩා උපකරණයක අනාරක්ෂිත බවක් ඔබට දැනේ නම් වහාම දරුවා එතැනින් ඉවත් කරන්න.

ඔබට මේ සම්බන්ධව අදහස් දැක්වීමට අවශ්‍ය නම් හෝ ප්‍රශ්න ඇතිනම් පහත දැක්වෙන කමෙන්ට් තීරුව භාවිතා කර අප වෙත එය ලබා දෙන්න.

theAsianparentහි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරි යහැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • ආන්ත්‍රරාවයි: Bouncy Castles වල අනතුරු වලින් ඔබේ දරුවා ආරක්ෂා කරගන්න
බෙදාගන්න :
  • ආච්චිගේ ප්‍රෙශර් පෙත්ත නැති වෙලා සිද්ධ වුනු හදිය

    ආච්චිගේ ප්‍රෙශර් පෙත්ත නැති වෙලා සිද්ධ වුනු හදිය

  • නිවසේ තියෙන ඔබ කවදාවත්ම නොහිතන බබාට අනතුරුදායක දේවල් 8 ක්

    නිවසේ තියෙන ඔබ කවදාවත්ම නොහිතන බබාට අනතුරුදායක දේවල් 8 ක්

  • ආච්චිගේ ප්‍රෙශර් පෙත්ත නැති වෙලා සිද්ධ වුනු හදිය

    ආච්චිගේ ප්‍රෙශර් පෙත්ත නැති වෙලා සිද්ධ වුනු හදිය

  • නිවසේ තියෙන ඔබ කවදාවත්ම නොහිතන බබාට අනතුරුදායක දේවල් 8 ක්

    නිවසේ තියෙන ඔබ කවදාවත්ම නොහිතන බබාට අනතුරුදායක දේවල් 8 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it