theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මේ සුප්‍රසිද්ධ ආහාර පිළිකාකාරක විය හැකි බව ඔබ දන්නවාද?

7 අවම කියවීම
මේ සුප්‍රසිද්ධ ආහාර පිළිකාකාරක විය හැකි බව ඔබ දන්නවාද?මේ සුප්‍රසිද්ධ ආහාර පිළිකාකාරක විය හැකි බව ඔබ දන්නවාද?

මෙම ළමා ආහාර වලට යොදාගෙන ඇති අමුද්‍රව්‍ය ඉතා හානිකර සංඝටක එකතුවකි. මෙම ලිපිය කියවා සවිස්තරාත්මකව දැනුවත් වන්න.

ස්වභාවධර්මයා විසින් මෙළොවට දෙමාපියන් බිහිකර ඇත්තේ දරුවන් රැකබලා ගැනීමේ සහ ආරක්ෂා කිරීමේ කාර්‍යභාරය සඳහායි. නමුත් අපේ දරුවන් මුහුණ දිය හැකි දරුණු සෞඛ්‍ය ගැටළු වලට හේතු කාරක, පිළිකාකාරක ආහාර ආදිය ගැන දන්නේ නැති නම් අප ඔවුන් ආරක්ෂා කරන්නේ කොහොමද? 

පිළිකාකාරක ආහාර පිළිබඳව (CSPI) වාර්තාව

එක්සත් ජනපදයේ මහජන උනන්දුව පිළිබඳ විද්‍යා මධ්‍යස්ථානය Center for Science in the Public Interest (CSPI) වැනි සංවිධාන අපගේ සහයට වඩින්නේ මෙවන් අවස්ථා වලයි. 

දරුවන් තුළ, විශේෂයෙන් ආහාර පරිභෝජනය තුළින් ඇතැම් සෞඛ්‍ය ගැටලු ඇතිවීමට හේතු විය හැකි කරුණු තිබෙනවා.

මේ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට මෙහිදී පියවර ගන්නවා.

CSPI විසින් 2016 ජනවාරි 19 වන දින ප්‍රකාශයට පත් කරන ලද රතු දැක්ම වාර්තාව නොහොත් Seeing Red report පවසන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ඇති ජනප්‍රිය ආහාර ද්‍රව්‍යවල ආහාර සායම් භාවිතය පිළිබඳව හදිසි පියවර ගත යුතු බවයි.

පිළිකාකාරක ආහාර ගැන ඔවුන්ගෙන් උපුටා ගැනීම:

ඇමරිකාවේ පමණක් කෘතිම සායම් යොදා සාදන අනෙකුත් විශේෂ ආහාර අතර, රතු මාපකයේ 40 පෙන්වූ මැක්ඩොනල්ඩ්හි ස්ට්‍රෝබෙරි සන්ඩේ (Strawberry Sundae) ඇතුළත් වේ. එක්සත් රාජධානියේ නම් මෙහි වර්ණය ඇතිවන්නේ තනිකරම ස්ට්රෝබෙරි පළතුරු වලිනි. 
 
ඇමරිකාවේ  Mars’ M&Ms පැකැට්ටුවක වර්ණය ගත් කළ නිල් 1, නිල් 2, රතු 40, කහ 5 සහ කහ 6 යන වර්ණකාරක අඩංගු වනවා; එක්සත් රාජධානියේ එහි සියල්ල ස්වාභාවික වර්ණ වන අතර නිල් 1 වර්ණ කාරකය එක් කර තිබෙනවා. 
 
Post සීරියල් කෝප්ප තුන් කාලක වර්ණකාරක මිලිග්‍රෑම් 13.9ක් අඩංගු වන අතර නිල් 2, රතු 40, කහ 5 සහ කහ 6 ඇතුළත් වනවා.

මෙහි සවිස්තරාත්මක වාර්තාව මගින් ආහාර සායම්වල පෝෂණ ගුණයක් නොමැති බව පෙන්වා දෙනවා.

ඒ අතරම එය සෞඛ්‍ය සම්පන්න අමුද්‍රව්‍ය සඳහා ලාභ ආදේශනයක් ලෙස බොහෝ විට භාවිතා වන බව පෙන්වා දෙනවා.

නිදසුනක් වශයෙන්, Tropicana Twister Cherry Berry Blast වල චෙරි වර්ග අඩංගු නැත. 

මූලික වශයෙන් එය සමන්විත වන්නේ රතු 40 නම් සායම් වර්ගයකිනි.

CSPI  තව දුරටත් සඳහන් කරන්නේ, “පසුගිය අවුරුදු 40ක් වැනි දිග කාලයක් තුළ සායම් භාවිතා කර සාදන ආහර සහ අනෙකුත් අමුද්‍රව්‍ය සමහර දරුවන්ගේ හැසිරීමට බාධාවක් විය හැකි” බවයි.

2011 දී එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනය සංවිධානය, U.S. Food and Drug Administration (FDA) තහවුරු කරන්නේ ආහාර සායම්වලින් හානිකර ආදීනව ඇති බවට සාක්ෂි වැඩි වන බවයි:

“කෘතිම ආහාර වර්ණක හා කල් තබා ගන්නා අමුද්‍රව්‍ය ඇතුළුව ආහාර සංරචක වලට නිරාවරණය වීම, ADHD රෝග තත්ව ආශ්‍රිත අහිතකර හැසිරීම් හා සමඟ සම්බන්ධ විය හැකිය.”  

බොහෝ දරුවන්ගේ ආහාර ද්‍රව්‍යවල පිරිපහදු කළ ඛනිජ තෙල් භාවිතා කරන බවද අධ්‍යයනවලින් පෙනී යනවා.

ඛනිජ තෙල් වල අතුරු නිෂ්පාදන වන කල් තබා ගන්නා අමුද්‍රව්‍ය, රසකාරක සහ දීප්තිමත් ආහාර වර්ණ කාරක ළමුන් සඳහා සැකසෙන ක්ෂණික අතුරු ආහාර වලට එක් කෙරෙනවා.  

උදාහරණයක් ලෙස, කහ 5 සහ රතු 40 වැනි බහුලව භාවිතා වන ආහාර සායම්, ඛනිජ තෙල් වලින් සාදන ලද ඒවා බවට වාර්තා වන අතර ඒවා මගින් බරපතල සෞඛ්‍ය ගැටලු ඇති විය හැකියි*.

මෙම පිළිකාකාරක ආහාර වලින් දරුවන්ට ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටළු:

  • ළමුන් තුළ අධි ක්‍රියාකාරිත්වය
  • පිළිකා (සත්ව අධ්‍යයන තුළින් තහවුරු කර ඇත)
  • අසාත්මිකතා
  • ඇඳ තෙත් කිරීම
  • කණේ ආසාදන
  • හිසරදය
  • ADD / ADHD
  • වර්ණදේහ හානි වීම
  • මනෝභාවය වෙනස් වීම

මෙම ද්‍රව්‍ය බොහොමයක් සෞඛ්‍යයට කෙතරම් හානිකර විය හැකිද යත් ඒවා යුරෝපය පුරා භාවිතය තහනම් කර ඇති බව CSPI පවසනවා.

නමුත් අවාසනාවකට මෙන්, මෙම ආකලනවලින් සමහරකට, තවමත් ළමයින් වඩාත්ම ප්‍රිය කරන ආහාර තුළට පිවිසීමට අවකාශ ලැබෙන බවට වාර්තා වනවා. 

CSPIහි රතු දැක්ම වාර්තාවට ( Seeing Red report) අනුව, ඔබ පරිභෝජනය කිරීමෙන් වැළකී සිටිය යුතු, ජනප්‍රිය ආහාර වර්ග 5ක්** පහතින් දක්වනවා.

මීට හේතුව මේවායේ සංඝටක මගින් දරුවන් තුළ චර්යාත්මක ගැටලු ඇතුළු සෞඛ්‍ය ගැටලු රාශියක් ඇතිකරන බැවිනි.  

පිළිකාකාරක ආහාර

1. M & Ms* 

මේ සුප්‍රසිද්ධ ආහාර පිළිකාකාරක විය හැකි බව ඔබ දන්නවාද?

මෙම ජනප්‍රිය බොත්තම් හැඩැති පාට පාට චොකලට් බෝල, බොහෝ විට රතු 40 සහ කහ 5 භාවිතා කරන අතර මොළය හා මුත්‍රාශයේ පිළිකා ඇති කරන නිල් 2 ද භාවිතා කරන බව CSPI වාර්තා කරනවා.

CSPI වාර්තාව අනුව නිල් 2 වර්ණකාරක කිසිසේත්ම සෞඛ්‍යයට හිතකර නොවේ. “මෙය මොළයේ පිළිකා අවදානම වැඩි කරන අතර පිරිමි මීයන් තුළ, විශේෂයෙන් මොළයේ ග්ලෝයෝමා වල පිළිකා ඇතිවීම හේතුකාරක වී තිබේ.

මේ නිසා සංඛ්‍යානමය වශයෙන් තහවුරු කළ දත්ත අනුව මෙය ආරක්ෂිත යැයි සැලකිය නොහැකිය.

එය ආහාර සඳහා භාවිතා නොකළ යුතුය.

එසේම, කහ 5 පිළිකාකාරක අහාර අමුද්‍ර්‍යව්‍ය කිහිපයකින් සමන්විත වන බව  CSPI පවසන්වා.

මීට අමතරව, එය ඇතැම් විට සුළු පිරිසකට දැඩි ලෙස අධි සංවේදීතා ප්‍රතික්‍රියා අවුලුවන අතර “දරුවන් තුළ අධි ක්‍රියාකාරීත්වය සහ වෙනත් චර්යාත්මක බලපෑම් ඇති කරයි.”

එම් M & Ms වල නිල් 1 ද අඩංගු වන අතර එයද අධි සංවේදීතා ප්‍රතික්‍රියා ඇති කර අමුද්‍රව්‍යයක් වනවා.

*2016 පෙබරවාරි මාසයේදී එම් ඇන්ඩ් M & Msහි නිෂ්පාදකයා වන මාර්ස් ඉන්කෝපරේෂන් සමාගම (Mars Inc,) ප්‍රකාෂයක් කර තිබෙනවා.
 
එනම්, වසර පහක කාලයක් තුළ ඔවුන්ගේ ආහාරවල (M&Msද ඇතුළුව) කෘතිම වර්ණ භාවිතයෙන් වලකින බව නිවේදනය කළේය. විස්තර සඳහා මෙම ලිපිය කියවන්න.

2. මැක්ඩොනල්ඩ් ස්ට්‍රෝබෙරි සන්ඩේ (McDonalds Strawberry Sundae)

Image from CSPI

Image: CSPI

මෙම ජනප්‍රිය ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් සංග්‍රහයේ (එක්සත් ජනපදයේ) රතු 40 වර්ණකාරකය අඩංගු බව CSPI පවසනවා.

රතු දැක්ම වාර්තාවට අනුව, මෙම සායම්, “ළමුන් තුළ අධි ක්‍රියාකාරිත්වයට හේතු විය හැක”.

එමෙන්ම “මෙහි ආරක්‍ෂිත භාවය සහ එහි අත්‍යවශ්‍ය නොවන බව සැලකිල්ලට ගෙන, පරීක්ෂන වලින් මෙහි ආරක්ෂිත බව තහවුරු කරන තෙක් රතු 40 ආහාර වලින් බැහැර කළ යුතුය.” 

3. ෆෘට් ලූප්ස් (Fruit Loops)

fruit loops sg

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

CSPI අනුව, එක්සත් ජනපදයේ භාවිතා කරන මෙම ජනප්‍රිය උදෑසන ආහාරයේ රතු 40, කහ 6 සහ නිල් 1 අඩංගු වේ.

රතු 40 හි ඇතිවිය හැකි සෞඛ්‍යමය බලපෑම් ඉහතින් විස්තර කෙරුනා.

කහ 6 “පිළිකා ඇති කරන රසායනික ද්‍රව්‍යවලින් සමන්විත විය හැකි අතර ඉඳහිට දැඩි අධි සංවේදී ප්‍රතික්‍රියා ඇති කරයි” යනුවෙන් CSPIපවසනවා.

නිල් 1 වර්ණකාරකයෙන් ඇති විය හැකි බලපෑම් මෙහි අංක 1 වන කරුණෙන් විස්තර කර ඇත

4. ෆැන්ටා ඔරේන්ජ් (Fanta Orange)

orange fanta sg

සිංගප්පූරුවෙන් මිළදීගත් ෆැන්ටා බහාළුමේ අමුද්‍රව්‍ය ලැයිස්තුව. වර්ණක වර්ග විස්තරාත්මකව සටහන් කර නැත

මෙම දීප්තිමත් තැඹිලි බීම නිසැකවම ළමයින්ට ප්‍රියජනක වේ. නමුත් CSPI අනුව මෙහි කහ 6 සහ රතු 40 අඩංගු වේ – මෙම සායම් දෙකෙහිම ඇති විය හැකි සෞඛ්‍යමය බලපෑම් ඉහත කරුණු 2 සහ 3 හි විස්තර කර ඇත.

5. ස්කිට්ල්ස් ඔරිජිනල් (Skittles Original)

skittles sg

 

මෙම වර්ණවත් කුඩා සංග්‍රහය රතු 40, කහ 5, කහ 6, නිල් 2 සහ නිල් 1 ඇතුළු සායම් දේදුන්නකින් සමන්විත වන බව CSPI පවසනවා.

මෙම සියලු සායම් වල සෞඛ්‍යමය බලපෑම් ඉහත විස්තර කර තිබෙනවා.

CSPI හි ‘රතු දැක්ම’ වාර්තාවේ 2 වන පිටුවේ සඳහන් එක්සත් ජනපදයේ ආහාර නිෂ්පාදන සහ ඒවායේ සායම් අන්තර්ගතය සඳහන් සම්පූර්ණ ලැයිස්තුව මේ.
 
නැවුම් අමුද්‍රව්‍ය වලින් සාදන ලද රසවත් හා පෝෂ්‍යදායී දරුවන්ගේ කෑම වර්ග සඳහා හොඳ අදහස් කිහිපයක් සඳහා, මෙම ඒෂියන්පෙරන්ට් ලිපිය කියවන්න.
 

CSPI හි ‘රතු දැක්ම’ වාර්තාවේ 2 වන පිටුවේ සඳහන් එක්සත් ජනපදයේ ආහාර නිෂ්පාදන සහ ඒවායේ සායම් අන්තර්ගතය සඳහන් සම්පූර්ණ ලැයිස්තුව මේ.

පිළිකාකාරක ආහාර

පිළිකාකාරක ආහාර

නැවුම් අමුද්‍රව්‍ය වලින් සාදන ලද රසවත් හා පෝෂ්‍යදායී දරුවන්ගේ කෑම වර්ග සඳහා හොඳ අදහස් කිහිපයක් සඳහා, මෙම ලිපිය කියවන්න. F 

">යොමුව: මහජන යහපත සඳහා විද්‍යා මධ්‍යස්ථානය  Center for Science in the Public Interest

* CSPIවාර්තාවේ 2 වන පිටුවේ ‘ආහාර වර්ණකාරක: අවදානම් දේදුන්නක්. (Food Dyes: A Rainbow of Risks.)’ හි පළ කර ඇති පරිදි, ආහාර සායම් නොහොත් වර්ණකාරක පිළිබඳ අධ්‍යයනයන්හි සාරාංශයක් සහ ඒවා මගින් ඇති විය හැකි සෞඛ්‍යමය බලපෑම දැන්ගැන්ම සඳහා මෙතැන ක්ලික් කරන්න . 

** පිළිකාකාරක ආහාර වර්ණකාරක සහිත ආහාර, මෙම ලිපියේ ලැයිස්තුගත කර ඇති ආහාර ද්‍රව්‍ය 5ට පමණක් සීමා නොවන බව සලකන්න. – මේ නිසා මෙම වර්ණකාරක අඩංගු තවත් බොහෝ ආහාර තිබිය හැක. වැඩි විස්තර සඳහා  CSPI රතු දැක්ම වාර්තාව කියවන්න. 

*** මෙම ලිපියේ තොරතුරු සත්‍යාපනය කිරීම සඳහා අප කිසිදු වෛද්‍ය වෘත්තිකයෙකු හා සම්බන්ධ වී නොමැති බව සලකන්න. නමුත් නිෂ්පාදනයක් මිලදී ගැනීමට පෙර ආහාර ලේබල් වල මෙම වර්ණකාරක ද්‍රව්‍යවලින් කිසිවක් අඩංගු දැයි පරීක්ෂා කර බැලීමට උනන්දු වන්න. 

****මෙම ලිපියෙන් ඉස්මතු කර ඇති ආහාර වල වර්ණකාරක/සායම් අඩංගු වන්නේ ඇමරිකාවේ ආහාර වල මිස යුරෝපයේ නොවන බව කරුණාවෙන් සලකන්න.

*****ශ්‍රී ලංකාවේ ආහාර ඇතුළත් පාරිභෝගික ආරක්ෂාව පිළිබඳ මගපෙන්වීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කළ මෙම ලේඛනයේ ඇත.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලූෆ පෙරේරා

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත.

ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • ළමා ආරක්ෂාව
  • /
  • මේ සුප්‍රසිද්ධ ආහාර පිළිකාකාරක විය හැකි බව ඔබ දන්නවාද?
බෙදාගන්න :
  • ඔබේ දරුවා නිරෝගීව තැබිය හැකි ක්‍රම රාශියක් තිබේ

    ඔබේ දරුවා නිරෝගීව තැබිය හැකි ක්‍රම රාශියක් තිබේ

  • ඔබේ දරුවන් ආචාරශීලී කරන්න නම් මේ දේවල් වලින් වළකින්න.

    ඔබේ දරුවන් ආචාරශීලී කරන්න නම් මේ දේවල් වලින් වළකින්න.

  • විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

    විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

  • ඔබේ දරුවා නිරෝගීව තැබිය හැකි ක්‍රම රාශියක් තිබේ

    ඔබේ දරුවා නිරෝගීව තැබිය හැකි ක්‍රම රාශියක් තිබේ

  • ඔබේ දරුවන් ආචාරශීලී කරන්න නම් මේ දේවල් වලින් වළකින්න.

    ඔබේ දරුවන් ආචාරශීලී කරන්න නම් මේ දේවල් වලින් වළකින්න.

  • විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

    විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it