theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබ දැන සිටිය යුතු ජිවිත කාලය තුල සිදුවෙන ඔබේ යෝනියේ වෙනස්වීම්

5 අවම කියවීම
ඔබ දැන සිටිය යුතු ජිවිත කාලය තුල සිදුවෙන ඔබේ යෝනියේ වෙනස්වීම්ඔබ දැන සිටිය යුතු ජිවිත කාලය තුල සිදුවෙන ඔබේ යෝනියේ වෙනස්වීම්

වයස එක්ක අඛණ්ඩව ඔබේ ‌යෝනිය ‌වෙනස් ‌වෙන්‌නේ ‌මෙහෙමයි.

ජිවිතයේ සිදුවෙන අනෙක් සියලුම වෙනස් වීම් මෙන්ම යෝනියේ වෙනස්වීම් ද අඛණ්ඩව සිදුවෙනවා.

මේ සමහර විට ඔබ දන්න නැතිනම් ඔබ නොදන්න ඒ ගැන තොරතුරුයි.

ඔබේ යෝනිය මුළු ජිවිත කාලයම එකම විදියට ජිවයෙන් පිරිපුන්ව පවතින්නේ නැහැ. එයත් කාලයත් සමග වයසට යනවා. ඒ අනුව එහි සක්‍රීය ක්‍රියාකාරිත්වයද අඩුවීම සාමාන්‍යයයි.

ලෝක ස්වභාවයට අභියෝග කරන්න බැරි වුනත් ඔබේ යෝනිය හොද ක්‍රියාකාරිත්වයෙන් නිරෝගිව තබාගත හැකි පුංචි මග පෙන්වීමක් කරන්නයි අපේ මේ සුදානම.

දශකයෙන් දශකයට මුකුලිත වීම කරා ලගා වෙන ඔබේ යෝනිය නිරෝගිව තබා ගන්නා ආකාරය අප අද පැහැදිලි කරනවා.

ඒ වගේම  ජීවිත කාලය පුරාම මෙලෙස වයස අනුව තම  යෝනියේ සිදුවෙන වෙනස්වීම් සෑම කාන්තාවක්ම දැන සිටීම වැදගත් වෙනවා.

කාලයත් සමඟ එය වෙනස් වෙනවා නේද? කලබලවෙන්න එපා එය සම්පුර්ණයෙන්ම  සාමාන්‍යයි.

යෝනියේ වෙනස්වීම් ගැන සාමාන්‍යයෙන් කවුරුත් කතා කරන්නේ නැහැ. එහෙත් වැඩිවිය පැමිණීම, දරු ප්‍රසූතිය හා ආර්තවහරණය යන සියල්ල ඔබේ යෝනියේ වෙනස්වීම් වලට බලපාන බව මවක් හා ගැහැනියක් ලෙස ඔබට වැදගත් වේවි.

කෙසේ වෙතත්, මේ සුවිශේ’ෂි සන්ධිස්ථාන වලදි යෝනියේ ඇතුලත මෙන්ම පිටතත් බොහෝ වෙනස්වීම් සිදුවෙනවා.

දශකයෙන් දශකය ඔබේ ‌යෝනිය වියපත් වන ආකාරය හා එහි නිරෝගිතාව පවත්වා ගැනීමට අවශ්‍ය ‌තොරතුරු ‌මෙහි අන්තර්ගතයි.

ඔබේ යෝනියේ විවිධ අවධින් තුල සිදුවෙන වෙනස්කම්

1

 දෙවෙනි දශකය තුල යෝනියේ ඇතිවෙන වෙනස්වීම්

වැඩිවිය පැමිණවීමත් සමග  ඔබේ යෝනිය පරිණත වීමට පටන් ගනියි. මෙම කාල පරිච්ඡේදය තුළදී  ඩිම්බ පිටවීම සිදු වන විට, ඔබේ යෝනියෙන් ශ්ලේෂ්මල පිටවීම සිදුවෙනවා.

ඔබේ වයස විසි ගණන්වලදී ඔබේ යෝනියේ පෙනුම කැපී පෙනෙන ලෙස වෙනස් වෙන්න පුළුවන්.

හෝමෝන මෙන්ම  උපත් පාලනය මෙයට හේතු වෙනවා. ඔබේ ලිංගේන්ද්‍රියේ අභ්‍යන්තර හා පිටත තොල් විශාල වී වර්ණය වෙනස් වෙන්න පුළුවන්.

පෙනුම වෙනස් වන අතර කිසිවක් හරි හෝ වැරදි නොවන බව මතක තබා ගන්න.

ඔබේ රහස්‍ය ස්ථානවල රෝම ඝනව වැඩෙන අතර  ඒවායේ වර්ණය ද වෙනස් වෙන්න පුළුවන්. මෙම කාලය තුළ, ඔබේ ශ්‍රෝණි තට්ටුව ඉතා ශක්තිමත් වෙනවා.

ඒ මෙම යුගය ඔබ දරුවෙකු කුස තුල දරා ගැනීමට නියමිත යුගය නිසයි.

තුන්වෙනි දශකය තුල යෝනියේ වෙනස්වීම්

ඔබ දැන සිටිය යුතු ජිවිත කාලය තුල සිදුවෙන ඔබේ යෝනියේ වෙනස්වීම්

ඔබේ වයස 30 ගණන්වලදී ගුරුත්වාකර්ෂණය සහ දරු ප්‍රසූතිය නිසා ඔබේ ශ්‍රෝණි තට්ටුවේ ශක්තිය දුබල වී යයි.

ඔබේ යෝනි මාර්ගයෙහි ස්වාභාවික මාංශ පේශි තානය නැති වී යාමට පටන් ගන්නවා.  මේ වයසේදි කෙගල් ව්‍යායාම වල යෙදීම වඩාත් වැදගත් වන්නේ මේ නිසයි.

මෙලෙස ශ්‍රෝණි තට්ටුව දුර්වල වීමෙන් කාන්තාවන්ට ශ්‍රෝණි අවයව ප්‍රසාරණය වීමේ අවදානමක් ඇතිවෙනවා.

මෙහිදි මුත්‍රාශය, ගර්භාෂයේ හෝ ගුද මාර්ගය පහළට වැටී යෝනි මාර්ගය මතට තල්ලු වෙනවා.

මෙම තත්වය මුත්‍රා හෝ මල පිටකිරීම අපහසුවීමේ අවදානම වැඩි කරනවා.

ඔබ යෝනි මාර්ගය ඔස්සේ උපතක් සිදුකර ඇත්නම් කෙගල් ව්‍යායාම ඔබට උපකාරී වේවි. මෙම අවස්ථාව තුළ ඇතිවිය හැකි ඉදිමීම, ඇදීම සහ දැවිල්ල පහව යනු ඇත. 

නමුත් කෙගල් ව්‍යයාම කිරීමෙන් වුවත්  ඔබේ යෝනි මාර්ගය එහි පෙර හැඩයට හා ප්‍රමාණයට නැවත එන්නේ නැහැ.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

එය සාමාන්‍ය නිසා ඒ ගැන කලබල වෙන්න එපා.

ඉතින්, ඔබ කෙගල් ව්‍යායාම කරන්නේ කෙසේද?

ඒක හරිම සරලයි. ඔබට හැකි තාක් දුරට දිනකට කිහිප වතාවක් ඔබේ යෝනි මාංශ පේශි ඉහළට අදින්න.

ඔබ ඔබේ මුත්‍රා තද කර තබාගෙන සිටිනවා සේ හැගීමක් දැනිය යුතුය. ඉන්පසු පිටවෙන්න දෙන්න.

ඔබේ හෝමෝන මට්ටම නිසා, මෙම කාලයේදි කාන්තාවන් ඔවුන්ගේ ජීවිතයේ හොඳම ආකාරයේ ලිංගික සම්බන්ධකම් පැවැත්වීමට තරම් ශාරීරිකව හැකියාවෙන් යුක්තයි.

මෙය එක්තරා ආකාරයක භෞතික විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් වු අදහසක් වෙනවා.  එහෙත් ප්‍රයොගික තත්වය මීට මදක් ‌වෙනස් බව ඔබ මදක් කල්පනා කලහොත් වටහා ගනිවි.

ඔබේ සහකරු ගැන ඔබට හැඟෙන ආකාරය සහ ඔහු කෙරෙහි ඇති ඔබේ ආකර්ශනය සැමවිටම ලිංගික තෘප්තිය කෙරෙහි වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව අමතක කරන්න එපා.

හතර වෙනි දශකය තුල  ඇතිවෙන වෙනස්වීම්

ඔබ දැන සිටිය යුතු ජිවිත කාලය තුල සිදුවෙන ඔබේ යෝනියේ වෙනස්වීම්

40 වෙනි විය උදාවෙන විට  ඔබේ ඊස්ට්‍රජන් මට්ටම අඩු වීමට පටන් ගනී.

මේ නිසා යෝනියේ පිටත හා අභ්‍යන්තර කොටස් ලිහිල්ව දැනෙන්න පුළුවන් . මේ අතර, ඔබේ රහස්‍ය පෙදෙසේ රෝම තුනී වී අළු පැහැයට හැරෙනවා.

ආර්තවහරණය සමගම යාේනියේ වියළි බවක් සහ යෝනි මාර්ගයේ රැළි වැටීම් ඇතිවෙන්න පුළුවන්.

ඔබේ ඔසප් චක්‍රයේ අවසානයෙහි සලකුණු වෙන වෙනත්   ලක්ෂණ විදියට උණුසුම් දැනීම, සිතුවිලි වෙනස් වීම සහ අක්‍රමවත් ඔසප් වීම් ඇතුළත් වෙනවා.

ඒ වගේම යෝනි මාර්ගයේ වියළි බව වේදනාකාරී ලිංගික එක්වීම්, ප්‍රසාරණය හෝ මුත්‍රා ආසාදන ඇති වෙන්න පුළුවන්.

සංසර්ගය අතරතුර කෘතිම ලිහිසි ද්‍රව්‍ය භාවිතා කිරීම සහ ලිංගික උද්දීපනයට කරන කාර්යයන් හා ඒ සදහා ගන්නා වේලාව වැඩි කිරීම වෛද්‍යවරු නිර්දේශ කරනවා.

උච්චතම අවස්ථාව කරා ලගා වීම සඳහා පෙරට වඩා බොහෝ දේ කල යුතු බව මතක තබාගන්න. ඒ සදහා අවශ්‍ය මගපෙන්වීම් සහිත ලිපි කියවන්න.

පස් වෙනි දශකය තුල යෝනියේ වෙනස්වීම්

ඔබේ යෝනියේ වර්ණය වෙනස් වෙන්න පුළුවන්. සම තුනී හා රැලි සහිත ලෙස පෙනෙන්නට පුළුවන්. ඔබ ‌ෙමෙන්ම ඔබේ ‌යෝනියද වියපත් ‌වෙනවා. සිරුරේ අනෙක් ‌කොටස් ‌මෙන්ම ‌යෝනියද එහි වියපත් බව ‌ෙපෙන්වනවා.

මෙම සියලු අදියරයන් සාමාන්‍ය බවත්  ඒවා අත් විදීමට සිදුවෙන බවත් මතක තබා ගන්න. ‌මෙම ‌වෙනස්වීම් වලට ඔබ මුහුණ දිය යුතුමයි.

නමුත්, ඔබේ යෝනිය වෙනස් වන ආකාරය ගැන ඔබ සැලකිලිමත් වන්නේ නම්, ඔබේ නාරි හා ප්‍රසව  විශේෂඥ වෛද්‍යවරයා ගෙන් විමසන්න.

ඔබේ යෝනිය ගැන දැනුවත් වෙන්න මේ ලිපිය කියවන්න. ඒ වගේම ඔබේ යෝනි ස්‍රාව ගැන දැනුවත් වෙන්න මේ ලිපිය කියවන්න.

මේ ගැන ඔබේ ලගත් අදහස් තියෙනවාද? එහෙනම් කමෙන්ට් කරලා අපිත් එක්ක ඒ වටිනා අදහස් බෙදාගන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ශාරීරික සුවතාව
  • /
  • ඔබ දැන සිටිය යුතු ජිවිත කාලය තුල සිදුවෙන ඔබේ යෝනියේ වෙනස්වීම්
බෙදාගන්න :
  • පිහිනීම යනු ගර්භණි අවධියේදී කිරීමට සුදුසුම ව්‍යායාමයක් බව ඔබ දන්නවාද?

    පිහිනීම යනු ගර්භණි අවධියේදී කිරීමට සුදුසුම ව්‍යායාමයක් බව ඔබ දන්නවාද?

  • කාර්‍යබහුල මව්වරුන්ට ඉතා පහසු ව්‍යායාම සදහා ඉගි 5 ක්

    කාර්‍යබහුල මව්වරුන්ට ඉතා පහසු ව්‍යායාම සදහා ඉගි 5 ක්

  • පිහිනීම යනු ගර්භණි අවධියේදී කිරීමට සුදුසුම ව්‍යායාමයක් බව ඔබ දන්නවාද?

    පිහිනීම යනු ගර්භණි අවධියේදී කිරීමට සුදුසුම ව්‍යායාමයක් බව ඔබ දන්නවාද?

  • කාර්‍යබහුල මව්වරුන්ට ඉතා පහසු ව්‍යායාම සදහා ඉගි 5 ක්

    කාර්‍යබහුල මව්වරුන්ට ඉතා පහසු ව්‍යායාම සදහා ඉගි 5 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it