දන්න කියන ආහාර වලින් බබාට වෙනස් ආහාර වට්ටෝරු 5 ක්

දන්න කියන ආහාර වලින් බබාට වෙනස් ආහාර වට්ටෝරු 5 ක්

අපි දන්න ආහාරම වෙනස් විදියට හැදුවාහම කොතරම් රසවත්ද කියලා බලන්නකෝ.

Hubby's Kitchen, ඉදිරිපත් කර තිබු  වෙනස් විදියේ රෙසපි කිහිපයක් අපි අද ඔබ වෙත ගෙනවා.

බබාලාටත් පෝෂණිය වගේම දැකුම්කළු ආහාර රෙසපි 5 තමයි. මේ.

වෙනස් විදියට රෙසපි 5 ක්

1. වෙනස් විදියේ රෙසපි: ඉතිරි බත් වලින් Rice Cake

දන්න කියන ආහාර වලින් බබාට වෙනස් ආහාර වට්ටෝරු 5 ක්

  • මේකට මං පිසගෙන ඉතිරි වූ බත් 300g වගේ ප්රමාණයක් ගත්තා. ඒකට මම බිත්තර 3ක් කඩලා දාගත්තා.
  • ඉන්පස්සේ කලවම් කරගත්තා. ඒ ටික බ්ලෙන්ඩර් එකට ජලය 200ml එක්ක දාලා හොදට බ්ලෙන්ඩ් කරගෙන ඒ රයිස් පේස්ට් එක බදුනකට දාගත්තා.
  • ඒකට ඊස්ට් 4g සහ සීනි මේස හැන්දක්, කෝන් පිටි 150g, සහ පාන් පිටි 150g එහෙමත් එකතු කරලා ඉතා හොදින් කලවම් කරගන්න ඕනි පාන් පිටි වල dry particles ඉතිරි නොවෙන ගානට.
  • එතකොට ඔයාලට හොද sticky paste එකක් ලැබේවි.
  • ඒ පේස්ට් එක plastic wrap එකකින් ආවරණය කරලා රැයක් ශීතකරණයේ තියලා උදේට එළියට ගන්න.
  • උදේට කැරට් අලයක් සුද්ද කරලා කුඩා කොටු හැඩයට කපාගෙන බදුනකට දාගන්න.
  • Green bell pepper ගෙඩියකුත් කුඩා කොටු හැඩයට කපාගෙන ඒ බදුනටම දාගන්න.
  • සොසේජ් දෙකක් වගේ අරගෙන කුඩා කොටු හැඩයට කපාගෙන ඒ බදුනටම දාගන්න.
  • ඉන්පස්සේ ලූණුකොළ චූටි මිටක් අරන් ඒකත් සිහින්ව ලියාගෙන ඒකටම දාගන්න.
  • දැන් dough එක හොදට පිපිලා තියෙනවා බලන්න පුලුවන් ඔයාලට ශීතකරණයෙන් එලියට අරගත්තාම.

  • Dough එක එකපාරක් කලවම් කරලා ඒකට ඔය කපාගත්ත සියල්ල එකතු කරලා
  • ඒකට ලුණු කුඩු තේ හැන්දකුත් එකතු කරලා හොදින් කලවම් කරගන්න.
  • Batter එක වහලා තවත් විනාඩි 10ක් තියෙන්න අරින්න ferment වෙන්න.
  • මම මේ රෙසිපිය කියලා දෙන්නේ අවන් එකක් නැති අයටයි. අවන් එකක් තියෙන අය අවන් එකේ බේක් කරගන්න.
  • නැති අය ටෝස්ටර් එකේත් මේක කරගන්න පුලුවන්. මම පාවිච්චි කලේ පොඩි electric round අවන් එකක්.
  • පොඩි පොඩි වැඩ වලට මොකටද ලොකු ලොකු දේවල්
  • ඒකේ තෙල් ටිකක් ආලේප කරගෙන අර අපි හදාගත්ත batter එක ඒකට වක් කරලා තුනී කරගන්න.
  • උඩින් sesame seeds ටිකකුත් ඉසගන්න. Batter එකේ කලර් එකට match වෙන්න කලු සහ සුදු පාට දෙකෙන්ම sesame seeds මම දැම්මා.
  • ඒකෙන් ලොකු අලංකාරයක් ගෙන දෙනවා.
  • උඩින් තෙල් ටිකකුත් ලාවට වගේ ඉසගන්න. ඉන්පස්සේ electric round oven එකේ උඩ පියන වහලා විනාඩි 8ක් බේක් කරගන්න.
  • ඉන්පස්සේ පියන ඇරලා බලන්න. රන්වන් පාටට බේක් වුන crispy මතුපිටක් සහිත Rice Cake එක ඔයාලට දකින්න පුලුවන් වෙයි.
  • Saptula එකකින් පොඩ්ඩක් press කරලා බලන්න යාලුවනේ, spatula එක නැවත උඩට එනවා වගේ නම් ගාන හරි.
  • ඊට පස්සේ එලියට අරගෙන අවශ්ය හැඩයට කපාගෙන පිලිගන්වන්න පුලුවන්

2. වෙනස් විදියේ රෙසපි :බ්රොකලි කේක්

වෙනස් විදියේ රෙසපි

  •  Broccoli විටමින් C, A බහුල එලවලු වර්ගයක් වගේම තන්තු හා ෆෝලික් ඇසිඩ් එහෙමත් අඩංගු වෙනවා.
  • Broccoli ආහාරයට ගැනීමෙන් විවිධ නිධන්ගත රෝගවලින් ඔබව ආරක්ෂා වෙනවා විතරක්ම නෙමෙයි ස්වභාවික විෂබීජ නාශක ගුණ සහිත ආහාරයක් කියලා තමයි පිළිගැනීම.
  • මුලින්ම බ්රොකලි ටික දණ්ඩෙන් කොටස් වලට වෙන්කරගෙන ලුණු කුඩු සහ විනාකිරි මිශ්ර ජලයේ විනාඩි 5ක් පෙගෙන්නට අරින්න.
  • ඒ අතර කැරට් අලයක් අරන් සුද්ද කරලා කුඩා කොටු හැඩයට කපාගෙන bowl එකකට දාගන්න.
  • ඉන්පස්සේ බ්රොකලි ටික හොදින් සෝදලා අරගෙන ජලය ටික ඉවත් කරලා වෙනම බදුනකට දාගන්න.
    • නිවුනාට පස්සේ බ්රොකලි ටික ඉතා සිහින්ව ලියාගෙන ඒ ටික අර කැරට් කපාගෙන දාපු bowl එකටම එකතු කරගන්න.
    • ඒකටම බිත්තර 4කුත් එකතු කරගන්න. ලුණු කුඩු සහ ගම්මිරිස් කුඩු ටිකකුත් එකතු කරගන්න. ගෑරප්පුවකින් හොදට කලවම් කරගන්න.
    • ඒකට කෝන් පිටි මේස හැදි 2ක් එකතු කරගෙන ඒවා හොදින් මිශ්ර වෙනකම් කලවම් කරගන්න.
    • බේකින් ට්රේ එකක් ග්රීස් කරගෙන ඒකට බේකින් පේපර් එකක් දාලා අපි හදාගත්ත මිශ්රණය වක් කරන්න.
    • ඒක විනාඩි 10ක් steam කරගන්න ඕනි ඉහළ උෂ්නත්වයක් යටතේ.

    • ඒක ස්ටීම් වෙන අතර අපි සෝස් එක හදාගමු. රතු පාට බෙල් පෙපර් ගෙඩියක් සිහින්ව කපාගෙන bowl එකකට දාගන්න.
    • සුදුළූණු බික් ටිකකුත් සිහින්ව කපාගෙන බෙල් පෙපර් දාපු බදුනට දාගන්න.
    • සෝයා සෝස් හා විනාකිරි මේස හැදි 2, sesame oil මේස හැන්දක් එකතු කරලා හොදින් කලවම් කරගන්න.
    • දැන් අපේ බ්රොකලි කේක් එක සූදානම් ඇති.
    • පියන ඇරලා බේකින් ට්රේ එක එලියට අරන් අනික් පස හරවලා කේක් එක එයින් ඉවතට අරන් නිවෙන්න තියන්න.
    • නිවුනාට පස්සේ බේකින් පේපර් එක ගලවලා ඉවත් කරන්න. දැන් ඔයාලට පුලුවන් කැමති හැඩයකට මේක කපාගන්න.
    • මේකෙ softness/elastic ගතිය හොදට තියෙන බව ඔයාලට දැකගන්න පුලුවන් වෙයි.
    • අපි හදාගත්ත විශේෂ සෝස් එකේ ඩිප් කරගෙන ආහාරයට ගන්න පුලුවන්.
    • වෙනස් වගේම හරිම රසවත්. මේක බේක් කරන්නත් පුලුවන්. ඒත් මම නම් එහෙම ට්රයි කරලා නෑ.
    • ස්ටීම් එකෙන් තමයි හොදටම එන්නේ. ට්රයි කරලා බලලා හොද නරක කියන්නකෝ.බදුනකට වතුර ටිකක් දාලා ලිපේ තියලා ඒක නටන කොට ඒකට ලුණු කුඩු තේ හැන්දක් සහ තෙල් තේ හැන්දක් එකතු කරලා අනතුරුව අර බ්රොකලි ටිකත් එකතු කරගන්න.විනාඩි දෙකක් තියෙන්න ඇරලා එලියට අරන් වතුර බේරලා නිවෙන්න තියන්න.

3. වෙනස් විදියේ රෙසපි :වෙනස්ම රසට බිත්තර

වෙනස් විදියේ රෙසපි

  • ලංකාවේ ගොඩාක් අය බිත්තර හදන්න දන්නේ ක්‍රම කිහිපයකට විතරයි.
  • නමුත් ලෝකයේ ගොඩාක් රටවල බිත්තර වලින් රසවත් කෑම හදනවා.
  • මම hubby's kitchen එකෙන් මේ පාර ගේන රෙසිපියත් අන්න එහෙම ටිකක් වෙනස්, බිත්තර වලින් හදන රසවත් ආහාරයක් ගැන තමයි.
  • වැඩි කතා නෑ මගේ. කෙලින්ම වැඩේට බහිමු. බිත්තර 6ක් ගන්න.
  • බදුන් දෙකක් අරගෙන බිත්තර 6 කඩලා එක බදුනකට සුදු මද සහ අනිත් බදුනට කහ මද ටික දාගෙන වෙන් කරගන්න.
  • කහමද සහිත බදුනට ලුණු කුඩු ටිකක් එකතු කරගන්න. ගෑරප්පුවකින් හොදට ගසාගන්න.
  • දැන් සුදු මද සහිත බදුනටත් ලුණු කුඩු ටිකක් එකතු කරලා ගෑරප්පුවකින් හොදට ගසාගන්න.
  • ඉන්පසු සුදුමද සහිත මිශ්‍රණය hand mixture එකක් මගින් අයිස්ක්‍රීම් වගේ ක්‍රීම් ගතියක් එනකම් බීට් කරගන්න.
  • බීට් කරන අතරතුර සීනි ස්වල්පයකුත් (තේ හැදි 2ක්) එකතු කරගෙන බීට් කරන්න.

  • දැන් non-stick pan එක්කට බටර් ටිකක් ආලේප කරලා ඉතා අඩු ගින්දර යටතේ රත් කරගන්න.
  • ඒ අතර කහමද මිශ්‍රණයට සීනී ස්වල්පයක් එකතු කරලා ගෑරප්පුවකින් හොදට ගසාගන්න.
  • දැන් pan එක රත් වෙලා ඇති. ඒකට කහ මද මිශ්‍රණය දාලා pan එක පුරා පැතිරෙන්න ඉඩහරින්න.
  • ඉන්පසු ඒක ටිකක් සවි වේගෙන එනකොට ඊට උඩින් බීට් කරගත්ත සුදු මද මිශ්‍රණය කහ මද වැසෙන සේ අතුරන්න.
  • ඉන්පස්සේ පියනකින් වහලා විනාඩි 5ක් අඩු ගින්දරේ පිසගන්න. ඒ අතර පියන අරින්න යන්න එපා.
  • විනාඩි 5ක් යනකොට මිශ්‍රණය පෆ් එකක් වගේ විශාල වෙලා දකින්න ලැබෙයි. අවශ්‍ය නම් විතරක් අනික් පසත් පිසගන්න පූලුවන්.
  • ඊට පස්සේ ප්‍රවේසමෙන් කැඩෙන්නේ නැති වෙන්න ඒක ලොකු දීසියකට දාලා අවශ්‍ය හැඩයකට කපාගන්න.
  • සෝස් එක්ක පිලිගන්වන්නත් පුලුවන්.

4. වෙනස් විදියේ රෙසපි : වම්බටු කේක්

දන්න කියන ආහාර වලින් බබාට වෙනස් ආහාර වට්ටෝරු 5 ක්

  • ඔක්කෝමලා දන්නවා වම්බටු (Egg Plant/Brinjal). බිත්තර, හැම්, සහ කැරට්, ළුණු කොළ සහ පාන් පිටි වලින් ඉක්මනින් වම්බටු වලින් රසවත් ආහාරයක් හදාගන්න තමයි මේ උත්සාහය.
  • හරි. මුලින්ම වම්බටු ලොකු ගෙඩි දෙකක් වගේ අරගෙන තරමක් ලොකුවට වලලු හැඩයට කපාගන්න. (එහිදී වම්බටු ගෙඩියේ දෙපස ඉවත් කරලා මැද කොටස විතරක් තමයි කපාගන්න ඕනි).
  • මේකෙදී මම නම් ගත්තේ ඝනකම 0.8cm වගේ.
  • කපාගත්ත වම්බටු පෙති ටික ලුණු වතුරේ විනාඩි 5ක් පෙගෙන්න අරින්න.
  • එහෙම කරන්නේ oxidation discoluration වලක්වා ගන්න.
  • ඒ කිව්වේ ඇපල් වගේ පලතුරක් වුනත් කැපුවාට පස්සේ බ්රවුන් කලර් වෙනවා.
  • එහෙම වෙන්නේ පලතුර හෝ එළවලුව කැපුවාම වාතය එක්ක ගැටී එලවලු/පලතුරු වල තියෙන එන්සයිම ප්රතික්රියා කරන නිසයි.
  • ඒක වලක්වා ගන්න තමයි අපි ලුණු මිශ්ර වතුරේ විනාඩි 5ක් පොගවාගන්නේ.
  • ඒක පෙගෙන අතර ලොකු කැරට් අලයකින් බාගයක් කුඩා කොටු හැඩයට කපාගෙන බදුනකට දාගන්න.

  • ඉන්පස්සේ ඒ හැම් ටිකකුත් කොටු හැඩයට කපාගෙන ඒ බදුනටම දාගන්න. ලූණු කොළ ටිකකුත් සිහින්ව කපාගෙන ඒ මිශ්රණයටම දාගන්න.
  • දැන් අර පෙගෙන්න තියපු වම්බටු ටික එළියට අරගෙන හැන්දක් ආධාරයෙන් ඒවායේ මැද කොටස රවුම් හැඩයට ඉවත් කරගෙන ඒ ටික වෙනම පසෙකින් තබාගන්න.
  • ඉන්පස්සේ ඉවත් කරපු මැද කොටස් ටිකත් පිහියකින් කුඩා කොටු හැඩයට කපාගෙන ඒ ටිකත් කලින් මිශ්රණයටම එකතුකරන් බිත්තර 3ක් කඩලා දාගන්න.
  • අනතුරුව ගෑරප්පුවකින් හොදට මිශ්ර කරගෙන ඊටපස්සේ අවශ්ය ප්රමාණයට ලුණු කුඩු ටිකක් සහ ගම්මිරිස් කුඩු ටිකක් දාගන්න.
  • පාන් පිටි මේස හැන්දක් එහෙමත් එකතු කරන් ගෑරප්පුවකින් කලවම් කරගෙන උකු බැටර් එකක් හදාගන්න.
  • දැන් පෑන් එකකට තෙල් ටිකක් දාලා පින්සලකින් ආලේප කරගෙන අර වම්බටු රවුම් වළලු ටික ඒ මත අතුරලා ඒ වම්බටු රින්ස් වල මැද අපි දැන් හදාගත්ත බැටර් එකෙන් පුරවාගන්න.
  • පිරිලා ඉතිරිලා යන්න මිශ්රණය දාන්න එපා. වලලු වල උසට සරිලන්න විතරක් මිශ්රණය එකතු කලාම ඇති.
  • ඉන්පස්සේ පියනකින් වහලා සාමාන්ය උෂ්ණත්වය යටතේ විනාඩි දෙකක් පිසගන්න.
  • විනාඩි දෙකකින් පියන ඇරලා ඒවායේ අනික් පසත් ෆ්රයි කරගන්න.
  • දෙපසම රන්වන් පාට වෙනකම් ෆ්රයි වුනාම මේවා ලිපෙන් බාගන්න පුලුවන්.
  • කරවෙන්න දෙන්න එපා. ලස්සන පාට එනකොටම ලිපෙන් බාගන්න. දෙපසම ෆ්රයි කරගන්න යන්නේ විනාඩි 4ක් වගේ කාලයක්.
  • ඔයාලටත් පොඩ්ඩෝ ඉන්නවා නම් වම්බටු කන්න අකමැති මෙන්න ආසාවෙන් වම්බටු එයාලම ඉල්ලන් කන ක්රමයක්.

5. වෙනස් විදියේ රෙසපි  : මුං ඇට වලින් රසවත් රෙසපියක්

දන්න කියන ආහාර වලින් බබාට වෙනස් ආහාර වට්ටෝරු 5 ක්

  • මුං ඇට කියන්නේ යකඩ, ප්රෝටීන, විටමින් වලින් අනූන ධාන්ය වර්ගයක් නිසා ශක්තිජනක ආහාරයක් වෙනවා.
  • ඒ විතරක් නෙමෙයි ආහාර ජීර්ණයටත් හරිම වැදගත්. කිරි මව් වරුන්ගේ කිරි වැඩි කිරීමට උදව් වෙනවා.
  • ශරීරයේ ඇති විස ඉවත් කරනවා, කොලෙස්ටරෝල් සුව කරවනවා,
    රුධිර පීඩනය ක්රමවත් කරවනවා, වගේම වකුගඩු රෝගත් සුව කරවනවලු.
  • හදවත් රෝග, සමේ රෝග, පිලිකා රෝග වලිනුත් අපිව ආරක්ශා කරන්න කදිම ආහාරයක් තමයි ඉතින්.
  • මුලින්ම මුං ඇට 100g පැය 5කට වඩා පෙගෙන්න අරින්න.
  • ඊට පස්සේ ලොකු රතු ඇපල් ගෙඩියක් අරගෙන මැද නාරටිය කොටස ඉවත් කරලා ඇපල් ගෙඩියේ බාගයක් අරගෙන පොතු ඉවත් කරගෙන කුඩා කොටස් වලට කපාගන්න.
  • පෙගෙන්න තියපු මුං ඇට ටික අරගෙන වතුර පෙරලා ඉවත් කරගෙන bowl එකකට දාගන්න.
  • ඒකටම බිත්තර දෙකක් කඩලා දාගන්න.
  • දැන් ඒකට අර ඇපල් ටික එකතු කරගෙන කලවම් කරලා වතුර 50ml සමග බ්ලෙන්ඩර් කප් එකට එකතු කරන් වේගය වැඩි කරලා බ්ලෙන්ඩ් කරගන්න.
  • බ්ලෙන්ඩ් කරගත් මිශ්රණය bowl එකකට දාගෙන ඒකටම ඊස්ට් 2g, බේකින් පවුඩර් 10g සහ සීනි මේස හැදි 2ක් එකතු කරලා කලවම් කරගන්න.
  • ඉන්පසු ඒ මිශ්රණයටම පාන් පිටි 200g දෙපාරකට පමණ එකතු කරමින් කලවම් කරලා බැටර් එක හදාගන්න.
  • ඒ බැටර් එකට තෙල් 10ml එකතු කරලා නැවත කලවම් කරගන්න. ඉන්පසු pan එකක පතුලේ තෙල් ආලේප කරලා බැටර් එක ඒකට දාගන්න.
  • බැටර් එක සහිත pan එක plastic wrap එකකින් ආවරණය කරලා ඔබේ මුළුතැන්ගෙයි හිරු එළිය පතිත වෙන ස්ථානයක (ජනේලයක් අසලින්) විනාඩි 30 තියෙන්නට අරින්න.
  • දැන් ඇපල් ගන්න ගෙඩියේ ඉතිරි බාගය අරගෙන පොතු ඉවත් නොකර එය කුඩා කොටු හැඩයට කපාගන්න.
  • විනාඩි 30 කට පසුව dough එක හොදින් පිපිලා තියෙනවා ඔයාලට දැකගන්න පුලුවන් වේවි. Pan එක මදක් සොලවලා මුං ඇට මිශ්රණය උඩින් අර කපාගත්ත ඇපල් ටික ඉසගන්න.
  • ඊට උඩින් කලුපාට sesame seeds ටිකකුත් ඉසගන්න.
  • ඒවායින් රසයක් වගේම අලංකාරයකුත් ගෙන දෙනවා. එතකොට නැවත බලන්න.
  • මුං ඇට සහිත මිශ්රණයට උඩින් තමයි කපාගත් ඇපල් ලේයර් එක තියෙන්නේ.

  • ඇපල් ලේයර් එකට උඩින් තමයි sesame seeds ටිකක් ඉසගන්නේ. පැහැදිලියි නේ?
  • එහෙම්ම විනාඩි 10 තියෙන්න ඇරලා ඉන්පස්සේ ස්ටීම් එකෙන් විනාඩි 30ක තම්බාගන්න.
  • විනාඩි 30කට පස්සේ ලිප ඕෆ් කරලා තව විනාඩි 5ක් පියන නොඇර තියෙන්න ඇරලා පසුව පියන විවෘත කරන්න.
  • රස නහර පිනායන ඇපල් සුවදක් සමග අලංකාරවත් ලෙස පිසුනු මුංඇට කේක් එකක් ඔයාලට දකින්න පුලුවන් වෙයි.
  • ලිපෙන් බාගෙන පිගානක් මතට දාගන්න. අනතුරුව ඔබට අවශ්ය හැඩයට කපාගෙන පිලිගන්වන්න පුලුවන්.
  • හරිම සොෆ්ට් විතරක් නෙමෙයි සුවදත් එහෙම්මයි. රසයි ගුණයි දෙකම.
  • සැ.යු: අවන් එකක් තියෙන අය අවන් එකේ බේක් කරගන්නත් පුලුවන් සාමාන්යයෙන් ඔයාලා කේක් එකක් බේක් කරන විදියටම

ඔබත් දන්නා තවත් රෙසපි තියෙනවා නම් අපිත් එක්ක එකතු වෙන්න.

The House of Cakes නම් ආයතනයේ හිමිකාරිත්වය දරන ඉමාලි මහත්මිය හා සශි දෙපල අතුරින් සශි හල්නෙත්ති මහතා විසින්  hubby's kitchen සමුහය තුල  කියාදුන් රසවත් ආහාර රෙසපි කිහිපයක් අප වෙබ් අඩවියේ පළ කිරීමට අවසර දීම පිළිබදව අපි ඒ දෙපළට ස්තුතිවන්ත වන්නෙමු.

ඔන්න ඔයාලාත් පානදුර පැත්තේ ගියොත් අපිට රසවත් රෙසපි හදන්න කියා දෙන  Hubby's Kitchen ආයතනයට ගොඩ වෙලා එයාලාගේ රසවත් ආහාර වේලක් රස විදින්න අමතක කරන්න එපා.

Hubby's Kitchen, 35/1, De Soysa Road, Panadura.  076 011 2430

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

කතන්දර ලිපි