ඔබේ සැමියා ඔබ සමඟ සංසර්ගයේ යෙදෙන්නට පෙරුම් පුරණ ලිංගික ඉරියව් 5 ක්

ඔබේ සැමියා ඔබ සමඟ සංසර්ගයේ යෙදෙන්නට පෙරුම් පුරණ ලිංගික ඉරියව් 5 ක්

මව්වරුණි, ඔබේ සැමියා ඔබ සමඟ සංසර්ගයේ යෙදෙන්නට හීන දකින ලිංගික ඉරියව් 5 ක් මේ. මේවා උත්සාහ කර ඔහුව සිරියහනේ Surprise කරන්න.

ආදර මව්වරුණි, සිරි යහනේ රමණයේ යෙදෙන කල ඔබෙන් පෙරුම්පුරා බලාපොරොත්තු වන සමහර දේවල් කෙලින්ම ඔබට කියා ඉල්ලන්නට, අත්හදා බලන්නට ඔබේ සැමියා ලැජ්ජා වන්නට පුළුවන්. ඉතින් ඔහු පෙරුම් පුරණ, සිහින දකින, පිරිමි ලිංගික සතුට වැඩි කරන මේ  ලිංගික ඉරියව් වලට අවස්ථාව ඇති කර ඔහුව පුදුම කරන්න ඔබ ලෑස්තිද?

ඔබේ සැමියාගේ පෙරුම් පුරණ ලිංගික ඉරියව් මොනවාද? ඔවුන් ඔවුන්ගේ සිහින ඉරියව් ගැන ඔබට කීවත් නැතත්, සමීප සම්බන්ධතාව ගැන කතා කිරීමේදී ඔවුන් කැළඹීමට නැඹුරු වුවත්,. නිසැකවම කිව හැකි දෙයක් නම් ලිංගිකව තෘප්තිමත් වන ආකාර ගැන පිරිමින්ට විවිධ අර්ථකථන ඇති බවයි .

ස්ත්‍රීයක් සුරාන්තයට ගෙන ඒම තුළින් පිරිමි ලිංගික සතුට

ස්ත්‍රියක සුරාන්තයට පැමිණීම කෙරෙහි ඇගේ g-spot එක විසින් කරන බලපෑම ආකාරයටම, පිරිමියෙකුගේ ශිෂේණයේ ප්‍රමාණයද තෘප්තියට බලපායි.

නමුත් මෙයින් අදහස් කරන්නේ ඔහුගේ ශිෂ්ණයේ ප්‍රමාණය සියලු කාරනා සඳහා වැදගත් නොවන බවයි.  අප කලින් ලියා ඇති පරිදි, කුඩා ශිෂේණයක් සහිත පිරිමින්ට පවා වඩාත් ආස්වාදජනක ලිංගික ඉරියව් තිබෙනවා.

ඇතැමුන් මෘදු, සමීප ලිංගික ඉරියව් වලට කැමති විය හැකි අතර අනෙක් අය වඩාත් වික්‍රමාන්විත හෝ ත්‍රාසජනක ඉරියව් වලට කැමති විය හැකිය.

විවාහක තුළ ලිංගික ආශාවන් තෘප්තිමත් කිරීම සඳහා වැදගත් වන්නේ ඔබ දෙදෙනාට සැපපහසු සහ ප්‍රියජනක ඉරියව් සොයාගැනීමයි. ඉරියව් වල වෙනසක් ඇති කිරීමට අමතක කරන්න එපා!

“විවිධත්වය ඔහුව උද්දීපනය කරයි. ඔහු බලාපොරොත්තු විය යුතු දේ නොදන්නා නිසා එය ඔහුව කුල්මත් කරනවා” යැයි මනෝ විද්‍යාඥ ජොයෙල් බ්ලොක්, The Art of the Quickie, හි කතුවරයා Cosmopolitan සඟරාව වෙත පවසනවා.

ඔබේ විනෝදය හා උද්දීපනය වඩවන්නට ඔබ උත්සාහ කළ යුතු පිරිමි ලිංගික සතුට වැඩි කරන ලිංගික ඉරියව් 5ක්

1. නවීකරණය කරන ලද මිෂනාරි ඉරියව්ව (Modified Missionary)

පරණ නමුත් හොඳ ඉරියව්වක්, මන්ද කීවොත් “මෙය ඔවුන්ගේ සුරාන්තයට පැමිණීමේ මිෂන් එකට ඔවුන් ගෙන යයි” කියා පිරිමි කට්ටිය එකඟ වේවි! ඒ විතරක් නෙවෙයි, මෙය ද්දෙනාටම පහසු ඉරියව්වක්!

නිකම්ම ඔබේ දෙපා සැමියාගේ ඉණ වටා යවන්නයි තියෙන්නේ ඔයහුට පහසුවෙන් ඔබ වෙත ඇතුල් වෙන්නට පුළුවන්.

2. පිටුපස සිට (From Behind)

ඔබේ ස්වාමිපුරුෂයා නම් විතව මේ බව ඔබට කියන්නට මැලි වේවි නමුත්, සුනඛ ඉරියව්ව මගින් ඔහුගේ හැඟීම් මහත් සේ ඇවිස්සෙන බව.

පිළිගැනීමට ලැජ්ජා විය හැකි නමුත් බොහෝ පිරිමින් මෙයට ගොඩක් කැමතියි! ඔබ එකිනෙකාගේ දෑස් දෙස බැලීමට නොහැකි වූ පලියට ඔබේ තෘප්තියට මෙයින් කිසිම බාධාවක් ඇතිවන්නේ නැහැ.

3. පිරිමි ලිංගික සතුට වැඩි කරන කාන්තාව ඉහළින් සිටින ඉරියව්ව (Woman on Top)

ඔබ විසින් ක්‍රියාවලියේ ආදිපත්‍යය ගැනීම ගැන ඔහු සතුටට පත් වේවි.

මෙම ඉරියව්ව මගින් ඔහුගේ ආශාව සැපිරෙන අතරම ඔබේ සතුට පාලනය කරගැනීමටද  ඔබට ඉඩ සලසයි – ලිංගික එක්වීමේ වේගය හා තීව්‍රතාවය පාලනය කිරීමේ හැකියාව තුළින්.

පිරිමි ලිංගික සතුට

පිරිමින්ගේ ලිංගික ආශාවන්ට කාන්තා ආධිපත්‍යය ද විශේෂ රසයක් මුසු කරනවා! | ඡායාරූප: Shutterstock

4. ගොපළු දැරිය ලිංගික ඉරියව්ව ආපස්සට (Reverse Cowgirl)

“ගොපළු දැරිය ලිංගික ඉරියව්ව ප්‍රතිලෝම ලෙස කිරීම විනෝදජනක වන්නේ එය සම්මත ඉරියව් වලට වඩා වෙනස් නමුත් එය කිරීමට පහසු වීමයි. එය සුනඛ ඉරියව්වට සමාන ය. නමුත් කාන්තාව අතේ වැඩි පාලනයක් ඇත.

”27 හැවිරිදි ස්ටීවන් විසින් බස්ටල්ට පැවසූයේ. “තවද ඔබ නම්‍යශීලී නම් හෝ දෙපතුල් ශක්තිමත් නම්, විවිධත්වයට පිවිසීම එතැන් සිට වඩාත් පහසු වනවා.”

මෙම ඉරියව්ව සඳහා, ඔබ ඔහුට ඉහළින් සිට ඔහුගේ ශරීරයේ පහත භාගයට මුහුණලා හිඳ ඔබට කැමති වේගයෙන් හා තීව්‍රතාවයෙන් ඔහු හා එකතු වන්න.

5. පිරිමි ලිංගික සතුට වැඩි කරන ආසන ඉරියව්ව (Chair Sex)

….පුටුවක් නැතහොත් ඔබට කැමති ඕනෑම ශක්තිමත් ගෘහ භාණ්ඩයක් මෙයට කදිමයි. මෙහිදී ඔබ ඔහු වටා ඔබේ කකුල් වලින් නැංගුරම් දැමීම වැනි ලිංගික ඉරියව් වලින් එකකි.

මෙම ඉරියව්ව නම් ඔබ ප්‍රසිද්ධියේ නරක දෙයක් කරනවා වැනි ප්‍රතිරූපයක් දෙන්නේ ඔනෑම වෙලාවක ඔබේ හොරය අහු වේ යන හැඟීම දෙමින්.

ඔබ මෙය උත්සාහ කරන විට වට පිට දරුමල්ලන් නැත් බවට වගබලා ගන්න!

මව්වරුනි, සිරි යහනේ ඔබට අවශ්‍ය දේ ඔහුගෙන් ඉල්ලන්නටත් පැකිලෙන්න එපා! ලිංගික චිකිත්සකවරියක ලෙස ග්ලෝරියා බ්‍රේම්, පී.එච්.ඩී. කොස්මොපොලිටන් වෙත පැහැදිලි කරන ආකාරයට, ඔබ සෘජුව ඔබට ආසා දේ පැවසීමට සහකරුවන් ඉතා ප්‍රිය කරයි.

“ඔහු ඔබට රිසි සේ යම් ක්‍රියාවක් කල විට එය කොතරම් හොඳදැයි ඔහුට කියන්නට අමතක කරන්න එපා!” ඇය යෝජනා කරන්නේ, ඔහු වටා මෙහිදී ඔබ ආධිපත්‍යය ගැනීම පුරුෂයින්ට වඩාත් ප්‍රිය බවයි.

ලිංගිකව තෘප්තිමත් කිරීම යන්නෙන් අදහස් කරන්නේ එකිනෙකාට සතුට ලබා දීම සඳහා එකිනෙකා මත අනවශ්‍ය ලෙස පීඩනයක් යෙදීම නොවේ! ඒ නිසා සිරියහනේ විනෝද වන්න. අලුත් දේවල් අත්හදා බලන්නට යොමු වන්න.

අහඹු ක්‍රියා වල යෙදෙන්න. ස්වයංසිද්ධතාවය සරාගීය.

පවුල් ජීවිතයක සාර්ථකත්වයට දෙදෙනා අතර ඇති ලිංගික තෘප්තිය හා ලිංගික සතුට ප්‍රබලතම සාධකයක් වනවා.

මෑත කාලයේ බොහෝ දෙනෙකුගේ පවුල් ජීවිත සතුටින් පිරී ඇති අතර මේ බොහොමයක් ගැටලු ඇතිවීම සඳහා බලපා ඇත්තේ දෙන්නා දෙමහල්ලන් අතර නොදැනුවත්භාවයයි.

එය වඩාත් බරපතල වන්නේ මේ තත්වය සමනය කරගැනීමට දෙදෙනා දක්වන උදාසීන භාවය හා නොසැළකිලිමත් බවයි.

විවෘතව සාකච්ඡා කිරීම හා තිබෙන දුර්වලතාවයන් නැතිකර දැමීම හරහා තෘප්තිමත් ජීවිතයක් අත්පත් කරගන්නට පුළුවන්.

නමුත් මෙයට ජීවිතයේ ප්‍රමුඛතාවයක් දීම සහකරුවන්ට අයත් වගකීමක් වනවා.

 

මූලාශ්‍ර: HealthYourTango, Cosmopolitan, Bustle

 

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: එන්. පෙරේරා

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

Written by

Niloufer Perera

කතන්දර ලිපි