theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ දරුවාට අමතර ආහාර හඳුන්වා දීමේදී හතර වටෙන් ඇහෙන මිත්‍යා මත

5 අවම කියවීම
ඔබේ දරුවාට අමතර ආහාර හඳුන්වා දීමේදී හතර වටෙන් ඇහෙන මිත්‍යා මතඔබේ දරුවාට අමතර ආහාර හඳුන්වා දීමේදී හතර වටෙන් ඇහෙන මිත්‍යා මත

බබාට අමතර ආහාර හදුන්වා දීමේ මිත්‍යාමත වලින් තොරව සාර්ථක වන්නට මග පෙන්වීමක්

අමතර ආහාර හඳුන්වා දීම ගැන ඔබ සියල්ල දැනුවත්ද?

ඔයාත් ළඟදීම දවසක ඔබේ චූටි පැටියාට අමතර ආහාර හඳුන්වලා දෙන්න නම් යන්නේ ඔබේ හිත ටිකක් කලබලයි.

පැටියාට ඉස්සෙලාම මොනවාද දෙන්නේ, කොහොමද දෙන්නෙ, එයා කිරි විතරක් හුරු නිසා කයිද, අඬයිද, බඩට ඔරොත්තු දෙයිද, දවසට කෑම කී පාරක් දෙනවාද කියන එක ගැන හිත වද වෙනවා නේද?

වටේ ඉටේ ඉන්න වැඩිහිටි ගැහැණු උදවියගෙනුත් උපදෙස් පිට උපදෙස් ලැබෙනවා ඇති.

අරක එපා. මේක එපා. ඒක දෙන්න. එහෙම දෙන්න. මෙහෙම දෙන්න. කතා ගොඩයි.

මේ කියන හැමදේම කනට ගන්න ගියොත් අන්තිමට බබාට කෑම දෙනවා වෙනුවට අම්මට ඔලුව කැක්කුම හැදිලයි නවතින්නේ.

හොඳ හුස්මක් එහෙම අරගෙන ඔලුව නිදහස් කරගෙන මේ ටික කියවලා ඉන්න.

මේ කියන්න යන දේවල් කෑම හඳුන්වා දීම සම්බන්ධයෙන් තියෙන මිත්‍යා මත.

කිසිම විද්‍යාත්මක පදනමක් මේවායේ නෑ.

හැබැයි මෙහෙම දෙයක් තියෙනවා.

ඔයාගේ පවුලේ විවිධ ආහාර වර්ග වලට ආසාත්මිකතාවක් ඇති ඉතිහාසයක් තියෙනවා නම්, එහෙමත් නැත්නම් ඔබේ දරුවාට යම් සෞඛ්‍ය ගැටලුවක් හෝ ගැටලු තියෙනවා නම්, ඔබේ දරුවාට අමතර ආහාර හඳුන්වාදීමට පෙර අනිවාර්යයෙන්ම දරුවාගේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා මුණගැසී උපදෙස් ලබා ගත යුතුමයි.

ඔබේ දරුවාට අමතර ආහාර හඳුන්වා දීමේදී හතර වටෙන් ඇහෙන මිත්‍යා මත

අමතර ආහාර හඳුන්වා දීම මිත්‍යා මත

01. අනිවාර්යයෙන්ම බත් තලපයෙන් ආරම්භ කරන්න ඕනි

බබාගේ ක්ලිනික් පොතෙත් තියෙන්නේ එහෙමයි. ගමේ ක්ලිනික් එකෙන් කියන්නේත් එහෙමයි.

අපේ ලංකාවේ ආර්ථි, සමාජීය පසුබිමට ගැලපෙන්නයි එහෙම කියලා තියෙනේ.

ආහාර පටන් ගත් පසු ඔබේ දරුවාට ඉතිරි ජීවිත කාලයම තියෙනවා බත් කන්න.

මුලු ජීවිත කාලයම ලංකාවේ අපි කන්නේ තුන් වේලම බත්. ඉතින් අලුතෙන් ආහාර පටන් ගන්න ඔබේ දරුවාට බත් වලට වඩා රසවත්, ගුණවත් ආහාරයකින් අමතර ආහාර හඳුන්වා දෙන්න පුලුවන්.

උදාහරණයක් විදියට බතල, අලිගැටපේර, කෙසෙල් කියන්නේ හොඳ ආහාර කිහිපයක් පලමු ආහාරය විදියට හඳුන්වා දෙන්න පුලුවන්.

බත්ම දෙන්න ඕනි කියලා දෙයක් ඇත්තටම නෑ.

දැන් ඉතින් මෙහෙම කිව්වා කියලා අම්මලා ටික ඔලුවේ අත ගහ ගන්නවා එහෙම නෙමෙයි.

මොකද බත් තලපය මුලින්ම නොකෑවා කියලා බබාට පසු කාලිනව වත් කිසිම අයහපත් සෞඛ්‍ය ගැටලු මතු වන්නේ නෑ.

ඇත්තටම ලංකාවේ විතරයි මෙහෙම බත් තලපයට මූලිකත්වය දෙන්නේ.

ඒක තමා හොඳම දේ කියලා හිතනවා නම් ලංකාවේ සෞඛ්‍ය අතින්, නිරෝගී කම අතින් මුලින්ම ඉන්න ඕනි නේ. නේද?

ඒත් ඉතින් බත් තලපය කියන සංකල්පයේම ඉන්නවා නම් ඒක නොදී වෙන දෙයක් දෙන එක හිතට හරි මදි නම් බත් තලපයම දුන්නාට කිසිම ප්‍රශ්නයක් නෑ.

ඒක මුලින්ම නුදුන්නා කියලත් ගැටලුවක් නෑ.

ඔබේ දරුවාට අමතර ආහාර හඳුන්වා දීමේදී හතර වටෙන් ඇහෙන මිත්‍යා මත

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

02. මාස 4ත් 6ත් අතරේ අමතර ආහාර හඳුන්වා දීම පටන් ගන්න ඕනි

 

මේ කතාව කියන්නේ වැඩිහිටියෝ. සමහරු කියනවා බබාට අපි නම් මාස 3න්ම කෑම දුන්නා.

වතුර දුන්නා, කොත්තමල්ලි වතුර දුන්නා. පලතුරු යුශ දුන්නා කියලා.

එයාලා කියන්න ගියොත් එහෙම දෙන්න හොඳ නෑ කියලා, එයාලා තරුණ පරපුරේ අම්මලාට බනිනවා හරි පණ්ඩිතයි කියලා.

ඉතින් වාද කරන්න යන්න එපා. ඔබේ දරුවාගෙ මව විදියට දරුවට හොඳම දේ කරන්න.

බොහෝමයක් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් දරුවාට මාස 4ක් වගේ වයසකදී ආහාර ලබා දෙන්න කියලා කියන්නේ කලාතුරකින්.

ඒ වයස වෙද්දී බොහෝ විට දරුවා සූදානම් නෑ අමතර ආහාර පටන් ගන්න.

ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේත් මාස 6 වනතුරු ඉන්න කියලා අමට්ගර ආහාර හඳුන්වලා දෙන්න.

මාස 4 වගේ වෙද්දි දරුවාට හිස කෙලින් තියා ගන්න එහෙම බෑනේ.

හිස කෙලින් තියා ගන්න පුලුවන් වෙනවා කියන්නේ අමතර ආහාර පටන් ගන්න පුලුවන් කියන එකට එක සලකුණක්.

මාස 6න් පස්සේ දරුවෙක්ට මව් කිරි වලින් ලැබෙන පෝෂණය මදි.

අමතර ආහාර වලින් ඊට වඩා හොඳ පෝෂණයක් ලැබෙනවා.

හැබැයි මෙහෙම දේකුත් තියනවා. සමහර වෙලාවල් තොයෙනවා අම්මා කෙනෙකට මාස 6ට කලින් අමතර කෑම හඳුන්වලා දෙන්න වෙන. ඒවට වෛද්‍යමය හේතු තියනවා.

එක්කෝ බබාගේ බර අඩු වෙලා, වර්ධනය අඩාල වෙන්න බලනවා නම්, අම්මාට මව් කිරි ලබා දීමේ ගැටලුවක් තියෙනවා නම්, රැකියාවකට යා යුතු මවක් නම්, මව් කිරි දොවා තබා යාමේ අපහසුවක් තියෙනවා නම් වෛද්‍ය උපදෙස් මත අමතර ආහාර හඳුන්වා දීමේ කිසිදු ගැටලුවක් නෑ.

හැබැයි හිතු මතේ මාස 6ට කලින් අමතර ආහාර හඳුන්වා දෙන්න යන්න එපා.

03. අලුත් ආහාරයක් හඳුන්වලා දෙන්න කලින් දවස් 03ක් 04ක් වත් එකම ආහාරය ලබා දෙන්න ඕනි

මේකත් ලංකාවේ අම්මලා ලොකුවට විශ්වාස කරන මතයක්.

දරුවාට අමතර ආහාර හඳුන්වලා දෙද්දි හොඳ කල්පනාවෙන් බලන්න ඕනි බබාගේ ප්‍රතිචාරය කොහොමද කියලා ඒ ඒ ආහාර වලට. අපිත් සමහර ආහාර වලට ආස නෑනේ.

බබාලත් එහෙමයි. එයාලට එයාලාගේම රුචි අරුචිකම් තියනවා.

ගොඩාක් වෙලාවට එලවලු, පලතුරු ආසාත්මික වෙන්න ඉඩ ඇත්තේ ඉතාමත්ම කලාතුරකින්.

ආසාත්මිකතාවයන් ඇති වෙන්නේ ප්‍රෝටීන් අඩංගු ආහාර වලට.

උදාහරණ විදියට කියනවා නම්, කිරි සහිත ආහාර, සෝයා, තිරිඟු, බෙල්ලන්, ඇට වර්ග (රට කජු, කජු, ආමන්ඩ්, වොල්නට්ස්) වගේ ඒවා.

පවුලේ ආසාත්මිකතා වලට ඉතිහාසයක් නැත්නම් ලොකුවට මේ ගැන බය වෙන්න ඕනි නෑ.

එහෙම ඉතිහාසයක් තියනවා නම් ඒ ආහාර වර්ග හඳුන්වලා දීල දවසක් දෙකක් බලන එක උචිතයි.

ඒවගේම එහෙම ආසාත්මිකතා ඇති වෙන්න ඉඩක් තියෙනවා නම් බබාගේ වෛද්‍යවරයා සමඟ කතා කරන එකත් ඉතා වැදගත්.

04. දරුවාගේ අමතර ආහාර වලට, කෑම එක රස කර ගන්න පුලුවන් දේවල් දාන්න හොඳ නෑ. එයාලාගේ කෑම එක විශේෂ රසකින් යුක්ත නොවිය යුතුයි

දරුවාට ඝන ආහාර

මුලින්ම කියන්න ඕනි අවුරුද්දක් යනකල් දරුවාට ලුණු, සීනි දෙන්නම එපා.

කෑම එක රස කර ගන්න ඕනි කිව්වාට ඒකට ලුණු, සීනි දාන්නේ නෑ.

ඒ වෙනුවට අපිට පුලුවන් ස්වාභාවික රසකාරක පාවික්කි කරන්න.

කුළුබඩු, ළූණු, කරපිංචා, සේර, රම්පේ, ඉඟුරු, සුදුළූණු, වගේ දේවල් පාවිච්චි කරන්න පුලුවන්.

බබාට කෑම හදන විට කරි එකක් විදියට සකසගෙන කවන්න පුලුවන් හැම දේම එකට දාල තම්බා ගන්නවට වඩා.

බබාලා ගොඩ දෙනෙක් ආසයි ඒකට. එක එක රසයට බබාලත් ආසයි අපි වැඩිය ඒ ගෑ නොහිතුවාට.

පෝෂණය ගැන විතරක්ම නොසිතා රස, ගුණ දෙකම හිතන්න ඕනි.

05. දරුවාට කෑම සාදා ගන්න එයාටම කියලා විශේෂ උපකරණ ගන්න ඕනි

ඔයාට ඕනි වෙන්නේ බබාගේ කෑම එක හදා ගන්න සරල දේවල් ටිකක් විතරයි.

බබාටම කියලා වෙනමම ආහාර සාදන උපකරණ සෙට් එකක් ගන්න අත්‍යාවශ්‍යම නෑ.
ගෙදර තියන බ්ලෙන්ඩරය, ෆුඩ් ප්‍රොසෙසරය, එහෙම නැත්නම් ගෑරුප්පුවක් හරි කමක් නෑ පාවිච්චි කරන්න පුලුවන්.

අමතර ආහාර ගන්න පටන් ගත්ත පලවෙනිම මාසේ වගේ නම් ගෑරුප්පුව භාවිතයෙන් මෑශ් කර ගන්නවා නම් වතුර ස්වල්පයක් එකතු කරලා දරුවාට කෑමට ලේසි වන ආකාරයේ මෘදු විදියට සකසා ගන්න වෙනවා.

කෑම කන්න පටන් අරගෙන ටිකක් කල් ගිහිල්ලා නම් ඝන ලෙස ආහාර ගන්නවා නම් සාමන්‍ය ලෙස මෑශ් කර ගත්තාම ඇති.

බොහෝමයක් බබාලා ඒ විදියට මෑශ් කරලා කන්නේ මාස කිහිපයක් විතරයි.

ඊට පස්සේ finger food (අතින් අරගෙන කන කෑම) වලට හුරු වෙනවා.

මුල් ලිපිය: අම්මයි බබයි(Ammai babai)

දරුවන්ට ඩයපර්ස් භාවිතය අහිතකරයිද?මෙම ලිපිය ලියූවේ අපගේ හිතවත් පාඨක ඈන් නිර්මාණි විසින්. මෙහි මුල් ලිපිය අම්මාවරුන්ගේ සමූහය නම් ඇයගේම ෆේස්බුක් සමූහයේ පළ වුනා. ඈන් උපාධිධරිනියක් මෙන්ම ගුරුවරියක් වන අතර ඇයගේම ව්‍යාපාරයක්ද පවත්වාගෙන යන කාර්‍යබහුල මෙන්ම ආදරණීය මවක්.

 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ආහාර සහ පෝෂණය
  • /
  • ඔබේ දරුවාට අමතර ආහාර හඳුන්වා දීමේදී හතර වටෙන් ඇහෙන මිත්‍යා මත
බෙදාගන්න :
  • ඔබේ පුංචි පැටියාට අවුරුද්දක් සම්පුර්ණ වීමට පෙර කලයුතු දේවල් 6ක්

    ඔබේ පුංචි පැටියාට අවුරුද්දක් සම්පුර්ණ වීමට පෙර කලයුතු දේවල් 6ක්

  • බබාට ලුණු හඳුන්වාදෙන්නේ කවදාද කියලා අම්මලා දන්නවාද?

    බබාට ලුණු හඳුන්වාදෙන්නේ කවදාද කියලා අම්මලා දන්නවාද?

  • ඔබේ පුංචි පැටියාට අවුරුද්දක් සම්පුර්ණ වීමට පෙර කලයුතු දේවල් 6ක්

    ඔබේ පුංචි පැටියාට අවුරුද්දක් සම්පුර්ණ වීමට පෙර කලයුතු දේවල් 6ක්

  • බබාට ලුණු හඳුන්වාදෙන්නේ කවදාද කියලා අම්මලා දන්නවාද?

    බබාට ලුණු හඳුන්වාදෙන්නේ කවදාද කියලා අම්මලා දන්නවාද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it