theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

තවත් බබෙක් හදන්න ඔබ සුදානම්ද?

7 අවම කියවීම
තවත් බබෙක් හදන්න ඔබ සුදානම්ද?තවත් බබෙක් හදන්න ඔබ සුදානම්ද?

ඔබ දෙවැනි වර නැත්තම් තෙවැනි වර  තවත්  බබෙක්  හදන්න සුදානම්ද කියා තීරණය  කිරීමට ඔබට මේ තොරතුරු උදව් කරාවි.

නැවත ගැබ් ගැනීම කට ඔබ සුදානම් කියා දැන ගන්නේ කෙසේද? ඔබේ රත්තරන් පැටියාගේ මුණ දැකපු පළවෙනි දවස ඔබට කවදාවත්ම අමතක වෙන්නේ  නැහැ කියලා ඔබම දන්නවා.

ඔබ පුංචි පැටියා දිහා දැන් බලන කොට කාලය කොච්චර ඉක්මනට ගෙවිලා ගිහින්ද කියලා හිතෙනවා. ඒක හරියට ඊයේ වුනා වගේ, ඇය මොකුත්ම කරගන්න බැරි පුංචි පැටියෙක් වෙලා හිටියා. ඒත් අද ඇය කථා කරනවා; දුවනවා; උඩ පනිනවා.

නැවත ගැබ් ගැනීම

ඇයගේ පැත්තට හරවා ගන්න ඔබත් එක්ක සාකච්ඡා කරනවා. ඒ වගේම ඇයට මීට අවුරුද්දකට කලින් කරන්න බැරි වුන බොහොමයක් දේවල් කරනවා.

ඇය දෙස බලන විට ඔබට ඇයගේ ළදරු අවදිය මග හැරී තිබෙන්න පුළුවන්. ඒ වගේම ඔබ තවත් බබෙක් හදන එක ගැන සිතනවා වෙන්නත් පුළුවන්.

සියල්ලටම පසු ඔබ එය එක් වරක් කරලා තියෙනවා. ඔබ මේ දරුවන් රැකබලා ගැනීමේ යුද්ධයෙන් හෙම්බත් වෙලා. එය නැවත කරන එක කොතරම් අසීරු වෙයිද?

වටිනාම පැනය වන්නේ ඔබ තවත් බබෙක් හදන්න සුදානම් කියා දැන ගන්නේ කෙසේද? යන්නයි. උත්තරය හැගීම්බරයි.

දෙමව්පියෙක් වශයෙන් ඔබ ඔබේම තීරණයක් ගත යුතුය. ඒ සදහා  වැදගත් තොරතුරු කිහිපයක් ලගින් තබා ගැනීම උදව්වක් වේවි.

නැවත ගැබ් ගැනීම කට ඇත්තටම ඔබ සුදානම් දැයි තීරණය කිරීමට මෙන්න මේ තොරතුරු ඔබට උදව් කරයි

දරුවන් අතර වයස් පරතරය 

ඔබ ඔබේ අසල්වැසියාගේ අවුරුදු 6 ක් හා 8ක් වු දරුවන් දෙදෙනා සුන්දරව  එකතු වී සෙල්ලම් කරන අයුරු දැක ඇති.

ඒ නිසා දරුවන් අතර අඩු වයස් පරතරයක් තිබීම හොද යැයි ඔබට සිතෙන්න පුළුවන්.  වයස අවුරුදු දෙකක් හෝ ඊට අඩුවෙන් තබා ගැනිමෙන් අනිවාර්යයෙන්ම ප්‍රතිලාභ ලැබෙන නමුත්  තවත් සැලකිලිමත් විය යුතුය.

ඔබගේ පළමු දරුවාට අවුරුදදක්  වෙන විට  තවත් දරුවෙකු හැදීමේ  වාසි හා අවාසි

නැවත ගැබ් ගැනීම

වාසි

•ඔබේ දරුවන් වයසින් ලංව  සිටීමෙන්  ඔවුන් වඩාත් හොඳ මිතුරන් කරන බව ඉන් අදහස් වේ.( කුඩා දරුවා සෙල්ලම් කල හැකි වයසට පැමිණි විට )

•අලුත උපන් බිළිඳකුගේ  මුලික රැකබලා ගැනීම (උදා: මව්කිරි දීම, ඇදුම් ඇන්දවීම , ස්නානය කිරීම, ඩයපර්  වෙනස් කිරීම ආදිය) තවමත් ඔබේ මතකයේ තිබේ.

•ඔබේ වැඩිමහලු  ළමයාගේ  සෙල්ලම් බඩු, පොත්, ඇඳුම් ආදිය කුඩා දරුවාටද භාවිතා  කළ හැකි ය.( කුඩා ළමුන්ගේ භාණ්ඩ කොතරම් මිල අධික දැයි ඔබ දන්නවා ඇත.)

•ඔබේ ජීවිතයේ ඉතිරි කාලයේදී   පුංචි දරුවන්ව ඔබට රැකබලා  ගන්නට සිදුනොවනු ඇත.

•චිත්‍ර හා නැටුම් පංති, සහ පෙර පාසැල් වැනි බොහෝ ක්‍රියාකාරකම් සදහා ආයතන වලට බාල සහෝදරයා සමඟ එකතු වන විට වට්ටම් ලබා දෙයි.  ඒ නිසා ඔබට මුදල් ඉතිරි කරගත හැක. (මගේ වැඩිමල්  පුතාගේ පෙර පාසල මගින් මගේ බාල පුතා සඳහා වට්ටම් ලබා දුනි).

අවාසි

ගෙදර කවදාවත් අවසන් නොවන හැඩිවීමක් දකින්න පුළුවන්.  මගේ පුතුන් අතර  වයස  පරතරය අවුරුදු 2 ක් පමණයි (ඔවුන් දැන් අවුරුදු 2 යි 4 ක් වයසේ පසුවේ). දවස අවසානයේදී, මගේ නිවස සුළිකුණාටුවකට අහුවෙලා වගේ.

•එක්ව හැඬීම/ උද්වේගකාරී ලෙස හැසිරීම : සමහර දවස්වල ඔබේ දරුවන් එකම වේලාවේ  විවිධාකාර 'අර්බුදයන්' ඇති කරන  බව ඔබට හැඟෙන්න පුළුවන්. මගේ පුංචි දරුවෝ එකිනෙකාගේ හැඟීම්  (විශේෂයෙන්ම කෝපය හෝ දුක) අනුකරණය කරනු මම නිතර දකිනවා. එක් කෙනෙකුට සැනසිය නොහැකි  දරුවෙකු සමඟ කටයුතු කිරීම දෙවැන්නාද එයට එක් වු විට  අසීරු වේ.

•ඔවුන්ගේ වයස් පරතරය විශාල නොවන්නේ නම්, සහෝදර සහෝදරියන් සමඟ පුංචි පුංචි රණ්ඩු සමග  කටයුතු කිරීමට ඔබට සුදානම් වෙන්න වේවි.

•සටන් / පැමිණිලි / එකිනෙකා හිංසා කරගැනීම : ගැටුම් වලට  (මගේ නිවසේ නම් ශාරීරිකව හා වාචිකව සිදුවෙන ) සූදානම් වීමට හා  පැමිණිලි සම්බන්ධව කටයුතු කිරීම (සාමාන්‍යයෙන් වැඩිමහලු  සහෝදරයා ගෙන්). මගේ බාල දරුවා   තම වැඩිමල් සහෝදරයාට දිනකට 10 වතාවක් (හෝ ඊට වැඩි) වත් නොනවත්වා හිංසා කලයුතු බව සිතනවා. ප්‍රතිඵලය   ඔබට සිතාගත හැකි පරිදි බොහෝ විට ව්‍යාකූල වෙනවා.

විශේෂයෙන් ඔබේ වැඩිමල් දරුවා නිවසේ ඇත්නම් ඔවුන් දෙදෙනාටම ඔබගේ අවධානය සෑම  වේලාවේම එකම විට අවශ්‍ය  වේ.

දරුවන් අතර විශාල වයස් පරතරයක්  තිබීමත් ප්‍රතිලාභ ලබාදෙයි.

ඔබේ පළමු දරුවා වයසින්  වැඩෙන  තෙක් ඔබ බලා සිටීමට තීරණය කරන්නේ නම් (වසර 4-5 කට වඩා වැඩි කාලයක්)? සලකා බැලීමට කරුණු කිහිපයක් පහත දැක්වේ.

වාසි

•ඔබේ පළමුවන දරුවා තමා විසින්ම යම් යම් දේවල් කිරීමට ප්‍රමාණවත් තරම් වයසින් වැඩී සිටිනු ඇත. ඒ නිසා බාල දරුවාට  අවධානයක් යොමු කිරීමට වැඩි කාලයක් ලැබේ.

•දරුවා රැකබලා ගැනීමේ පුංචි  පුංචි වලට අත් උදව් දෙන්නට  ඔබේ වැඩිමල් දරුවා වගකීමෙන් ප්‍රමාණවත් වේ

•ඔබේ වැඩිමල්  දරුවා පාසලෙහි සිටියදී, ඔබේ කුඩා දරුවා හා බැදීමක් ඇතිකර ගැනීමට   කාලයක්  ඔබට ලැබේ.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

•ඔබේ බාලම දරුවාගේ හැසිරීම සම්බන්ධයෙන් ඔබ වඩාත් විශ්වාසයක් ඇතිකර  හැකි අතර කුඩා දේවල් වලින් කලබලයට පත් නොවන්න ඉගෙන ගනිවි.

අවාසි

•අලුත උපන් බිළිඳෙකු රැකබලා  ගැනිමෙන්  ඔබට අලුතින් ශක්තියක් වැය කරන්න සිදුවේවි.

•ඔහු හෝ ඇය දිගු කලක්  එකම දරුවා වු ඔබේ වැඩිමල්  දරුවා බාල දරුවාට  ඊර්ෂ්‍යා කිරීමට ඉඩ ඇත.

නැවත ගැබ් ගැනීම කින් පසු අලුත උපන් බිළිදෙකු නැවත රැකබලා ගැනීමට  ඔබ සූදානම්ද?

ආර්ථික තත්වය

ළමයින්ට වැයවෙන වියදම අධිකයි. ඒ ගැන කිසිදු සැකයක් නැත. දෙවෙනි දරුවෙක්  හැදීමෙන්  සෑම දෙයක් සඳහා වියදම දෙගුණයක් වේ. එනම් ආහාර, සෙල්ලම් බඩු සහ ඇඳුම් පැළඳුම් සහ අධ්‍යාපනය සඳහා යන වියදම් දෙගුණයක්  වෙයි.

එමනිසා ඔබ තවත් ළදරුවෙකු සඳහා හැදීමට  සූදානම් වීම තීරණය කිරීමට පෙර, ඔබේ ආර්ථික තත්වය සලකා බලන්න.

ඔබ රැකියාවක්  කරන අම්මා කෙනෙක් නම්, දෙවැනි දරුවා  හෝ තෙවැනි දරුවා ලැබීමෙන්  පසුව පූර්ණ-කාලීන හෝ අර්ධ කාලීන රැකියාවක යෙදීම   අපහසු විය හැකිය.

ඔබගෙන්ම ඇසිය යුතු ඒ හා සම්බන්ධ මේ ප්‍රශ්න  අසන්න.

ඔබගේ පවුලේ අය වෙනුවෙන් ගන්නා හොඳම තීරණය ලෙස  රැකියාවෙන් ඉවත්  වෙන්න ඔබට පුළුවන්ද?

ඔබ දිගටම වැඩ කිරීමට තීරණය කරන්නේ නම්, නව දරුවාගේ  රැකවරණය වෙනුවෙන්  හෝ ළදරුවන් රැක බලාගැනීමට   ඔබට මුදල් වැය කල හැකිද?

සිංගප්පූරු වැනි සමහර  රට වල තව දරුවෙක් ලබා ගැනීමට තීරණය කරන දෙමාපියන්ට මුල්‍ය ආධාර සපයන නමුදු අප රටේ එවැනි තත්වයක් නොමැත.

ඔබේ වයස

අවාසනාවකට, වෙනත් දරුවෙකු බිහි කිරීමට තීරණය කිරීමේදී  මවගේ  වයස අදාළ වේ. ඔබ වයස අවුරුදු 40 ක් පමණ වේ නම් ඔබට එක් දරුවෙකුට  වඩා වැඩියෙන්  අවශ්‍ය නම්, සමහරවිට ඔබේ දරුවන් අතර අවුරුදු 3 හෝ 4 ක පරතරයක්දී ලබා දිය හැකි සැප පහසුකම්  අහිමි විය හැකිය.

කෙසේ වෙතත් ඔබ වයස අවුරුදු 35 ට අඩු නම් සහ 2 වන දරුවා පිළිසිඳගැනීමට බලපාන  කිසිදු සෞඛ්‍ය  ගැටළුවක් නොමැති නම්, ඔබට තවත් ළදරුවකු ලැබීමට අවශ්‍ය කවදාද යන්න ගැන ටිකක් වැඩිපුර නම්‍යශීලී විය හැකිය.

කෙසේ වෙතත්, එය ඔබ සහ ඔබගේ සහකරු එකට එකතු වී ගත යුතු තීරණයක් වන අතර, ඔබට දරුවන් හැදීම  නැවැත්වීමට තීරණය කරන කාලය පිළිබඳ පොදු දැක්මක් තබාගැනීමට උදව් කරයි.

ඔබ සහ ඔබේ සහකරු හෝ සහකාරිය තවත් දරුවෙකු හැදිමට සූදානම් වීම  ඔබ ඉතා වැදගත් ය.

නැවත ගැබ් ගැනීම කට ඔබ සහ ඔබේ සහකරු එකඟද?

තවත් දරුවෙකු සඳහා ඔබ සූදානම් බව තීරණය කිරීමට එක් දෙයක් වන නමුත් ඔබගේ සහකරු තවත් ළදරුවෙකු හැදීමට සූදානම් ද?

ඔබගේ වෙනස්කම් නිරාකරණය කිරීමට යම් යම් තත්වයන් තුළ අපහසු විය හැකි අතර, ඒවා ගැන කතා කිරීම හා අනෝන්‍යය  එකඟතාවකට පැමිණීම වඩාත් සුදුසු  වේ.

ඔබේ ජීවිතය තවත් දරුවෙකු වෙනුවෙන් කටයුතු කිරීම  ඔබට  අවශ්‍යයද?

බොහෝ අලුත උපන් ළදරුවන් සහ කුඩා ළදරුවන් අතිශයින් අධික ලෙස නඩත්තු කලයුතු බව අප සියලු දෙනා දන්නවා.

නැවත ගැබ් ගැනීම

ඔබේ ජීවිතය තවත් දරුවෙකු වෙනුවෙන් කටයුතු කිරීම සදහන්  ඔබ සූදානමින් සිටිනවාද?

ඔබේ අනිත් දරුවා සමඟ ඔබ  පහසුවෙන් කටයුතු කරනවා විය හැකිය.

ඔහු හෝ ඇය රාත්‍රිය තුල නිදාගන්නා  අතර, ඔබ සහ ඔබේ සහකරුට එකිනෙකා වෙනුවෙන්  නැවත යම් කාලයක් ලැබී තිබෙනවා විය හැකිය.

නැත්නම් සමහරවිට ඔබ නැවත රැකියාවට ගොස්  එයින් සතුටට පත්වෙනවා විය හැකිය.

ඔබ නැවත ගැබ් ගැනීම කට සූදානම් බව තීරණය කිරීමට පෙර මේ සියල්ල (සහ තවත් දේ) සලකා බලන්න.

අලුත උපන් දරුවා හා ළදරුවා ගේ කටයුතු කිරීමට සඳහා ඔබට කාලය සහ ශක්තිය තිබේ දැයි  හා ඔබේ දරුවා (හෝ දරුවන්) නිවසේ අලුතින් බිළිඳකු සමඟ කටයුතු කිරීමට සූදානම්ද  ඔබෙන්ම විමසන්න.

පසුකාලීනව  ඔබ දරුවන් පිළිසිඳගැනීමට  උත්සාහ කරනවිට ඔබ පළමු වතාවට පිළිසිඳ ගැනීමට උත්සාහ කරන විට වගේම, ඔබ නිතිපතා ව්‍යායාම් කිරීම හා සුදුසු ආහාර ගැනීම වැදගත් වෙනවා.

අවසානයේදී, තවත් බබෙක් හදන්න තීරණය ඔබගේ සහ ඔබේ සහකරුගේ වන අතර ඔබගේ තේරීමට බලපෑම් කළ හැකි මෙම ලිපියේ සඳහන් වන සාධක වලට  වඩා බොහෝ සාධක තිබිය හැක.

සියල්ලට පසු, ළදරුවන් ආදරය සමග බිහිවන නිසා ඔබ ඔබේ හදවතට සවන් දීමට අමතක නොකරන්න.

තවත් බබෙක් හදන්න තීරණයක් ගැනීමට ඔබේ සිතට අවැසි සවිය මෙසේ ගෙන ආවේ the Asianparent Sri Lanka වෙතිනි.

 

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මව්පදවිය
  • /
  • තවත් බබෙක් හදන්න ඔබ සුදානම්ද?
බෙදාගන්න :
  • අම්මියෙක්ගේ  කදුලු...

    අම්මියෙක්ගේ කදුලු...

  • අනේ මටත් දුවෙක් සිටියා නම්...

    අනේ මටත් දුවෙක් සිටියා නම්...

  • අම්මියෙක්ගේ  කදුලු...

    අම්මියෙක්ගේ කදුලු...

  • අනේ මටත් දුවෙක් සිටියා නම්...

    අනේ මටත් දුවෙක් සිටියා නම්...

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it