theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබත් සමාජ ජාල වල උණුසුම් පුවත් රස විඳින්නෙක් නම් මෙය කියවන්න

4 අවම කියවීම
ඔබත් සමාජ ජාල වල උණුසුම් පුවත් රස විඳින්නෙක් නම් මෙය කියවන්නඔබත් සමාජ ජාල වල උණුසුම් පුවත් රස විඳින්නෙක් නම් මෙය කියවන්න

"මෙම කැළල එක් අයෙක්ට පමණක් සිමා නොවේ. එම පුද්ගලයාටත් ඔහුගේ හෝ ඇයගේ ස්වාමිපුරුෂයාට හෝ බිරිඳටත් දූ දරුවන්ටත් ඇතිවන මානසික පිඩාව කෙතෙක්දැයි ඔබට සිතා ගත හැකිද?"

Gossip Sri Lanka : මේ දිනවල දිවයිනේ පිළිගත් පුද්ගලයින් හා සම්බන්ධ අතිශයින්ම පෞද්ගලික තොරතුරු කාන්දු වීමක් නිසා හටගත් උණුසුම් gossip නොහොත් ඕපාදුප පුවතක් ලැව් ගින්නක් සේ  අන්තර්ජාලය හා ජනප්‍රිය සමාජ ජාල ඔස්සේ සංසරනය වෙනවා. සමාජ ජාලා අඩවි වලින් Facebook මුල් තැනක් ගන්නවා.

ඔබ මෙය කියවනවානම් අනිවාර්යයෙන්ම ඔබටත් Facebook ගිණුමක් ඇති මා සිතනවා. ඒ ඩිගිටල් ලෝකයේ අපගේ හැඳුනුම්පතක් විලසට Facebook ගිණුමට අප හිමිකම් කියන නිසා.

මුල් කාලයේ කාලාන්තරයකට පසු මිතුරු මිතුරියන් මුණ ගැසීමටත්, පවුලේ සාමාජිකයින් හා හිත මිත්‍රාදීන් සමග අපගේ විස්තර චායාරුප බෙදා හදා ගැනීමටත්, රසවත් පුවත් බෙදා හදා ගැනීම ආදීයට Facebook  මහත් රුකුලක් වුනා.

නමුත් දැන් බොහෝ විට මෙවැනි සමාජ ජාල මුලිකව භාවිතා වන්නේ gossip සහ මඩ ප්‍රහාර සඳහායි.

ජාති, ආගම, දේශපාලනය යනාදී සියලුම මති මතාන්තර සඳහා පිල් බෙදී හුවමාරු කරගන්නා මඩ පෝස්ටර්, හාස්‍යජනක විවේචන හා වාද විවාද වලින් අප Facebook තිරයන් පිරී ඉතිරී ගොසින්.

තිරයේ උඩ පහළ යන අප බොහෝ දෙනා කාගේ හෝ මඩ ප්‍රරහාරයකට සහභාගී වී එහෙට මෙහෙට මඩ විසි කරගන්නේ ඇතැම් විට පැය ගනන් ගෙවා නිනව්වක් නැතිව.

සමහර විට ගේ දොර වැඩ, රාජකාරී හා අධ්‍යාපන කටයුතු පවා පාඩු කර ගනිමින් මේ තිරයේ කල් ගත කරන අප මනංකල්පිත facebook විණිසුරුවරු බවට පත් වන්නේ අපටවත් රටටවත් කිසිම පලදායි දෙයක් නොකරයි.

මේ තත්වය වඩාත් ධරුනු වන්නේ මේ මඩ ප්‍රහාර පුද්ගලිකත්වය අලලා හෝ තනි පුද්ගලයෙක්ගේ පෞද්ගලික ජීවිතය වෙත එල්ල වන විටයි.

gossip sri lanka

Gossip වලට කැමතිද? මේ කරුණුත් මතක තියාගන්න (gossip sri lanka)

1. පුද්ගල ජීවිතය අන් සියලු දේට වඩා උතුම්

ඉහත විස්තර කල සියලුම දේ මිනිසා අතින් කෙරෙනුයේ අන් යට වඩා  ඉස්මතු වීමට හෝ තමන් නිවැරදි යයි උකහා දක්වන්නට නිරායාසයෙන් ඇති කැමැත්ත නිසයි.

එසේ තිබියදී යම් හෙයකින් ඔබගේ සුළු හෝ අහිතකර පෞද්ගලික මොහොතක් යමෙක් සමාජගත කළහොත් ලැබෙන අපකීර්තිය, විනිශ්චයන් හා මඩ ප්‍රහාර වලින් ඔබ මොන තරම් පිඩාවට පත් වේදැයි ඔබට සිතා ගත හැකිද?

මට හිතෙන්නේ එය පුද්ගල ඝාතනයක් සමාන බවයි. මොකද එම අපකීර්තිය එම කෙනාගේ ප්‍රතිරූපය ඔහු දන්නා නොදන්නා සියලු දෙනා අතර විකෘති වන අතර පරම්පරා ගණනාවකට චරිත ඝාතනයේ කැළලක් ඇති කරයි.

2. මෙම ඕපාදූප කැළල එක් අයෙක්ට පමණක් සිමා නොවේ. (gossip sri lanka)

එම පුද්ගලයාටත් ඔහුගේ හෝ ඇයගේ ස්වාමිපුරුෂයාට හෝ බිරිඳටත් දූ දරුවන්ටත් ඇතිවන මානසික පිඩාව කෙතෙක්දැයි ඔබට සිතා ගත හැකිද?

මුලින්ම මෙවන් පුද්ගලික දත්ත අතිශයින්ම ප්‍රවේසම් සහගතව පරිහරණය කිරීම අපගේ පරම වගකීමක්.

නුතන ලෝකයේ සුලබ අධි තාක්ෂණික උපාංග භාවිතය නිසා පුද්ගලිකත්වය රැක ගැනීම අද අභියෝගයක් වී තිබෙනවා.

එබැවින් නොසැලකිල්ලෙන් හෝ සුළු අත් වැරදීමකින් ඇති විය හැකි ප්‍රතිවිපාක එමටයි. ඊට මේ දිනවල සිදුවන මේ පුවත් සංසරනය කදිම නිදසුනක්.

පුවත් කාන්දු වීම අත් වැරදීමකින් සිදු වුවත් පුවත් බෙදා හැරීම හිතාමතාම සිදු කරන දෙයක්.

මේ ලිපිය ලියන්නේ අප දැනුවත්ව හෝ නොදැනුවත්ව මෙවන් පුවත් සංසරනය කරනවා නම් එය ඉහත විස්තර කල පරිදි අප අතින් සිදු කරන නොමනා ක්‍රියාවක් සේම මහා පාප කර්මයක්.

සමාජ ජාල පුවත් තමන්ගේ සිමාවන් තුළ රස විඳිමින් (gossip sri lanka) පුවත් සංසරනය කල හැක්කේ කෙසේදැයි බලමු.

1. සමාජ ජාල භාවිතය සඳහා දවසේ නියමිත කාලයක් වෙන් කිරීම

බොහෝ බටහිර රටවල් වල ඇතැමුන් සමාජ ජාල භාවිතයට ඇබ්බැහි වෙලා තිබෙනවා.

ජිවිතයේ අරුතක් ඇති දෑ  පසෙක ලා සමාජ ජාලා අඩෙවි වලට ඇබ්බැහි වීමෙන් ජීවිතය නීරස වී ඇතැමුන් වෛද්‍ය ප්‍රතිකාර වලට පවා යොමු වනවා.

මේ නිසා අප වැඩිහිටියන් හැටියට අපගේ කාලය නිසි ලෙස පරිපාලනය කිරීමෙන් ජීවිතය සමබරව ගෙන යා හැකි වනවා.

අපගේ දරුවන්ට මේ බව පහදා දී සමාජ ජාලා වලට නතු නොවී ඒවායින් හොඳ දේ උකහා ගන්නට අප හා අප දරුවන් යොමු කරන්නට පුළුවන්.

2. වගකීමෙන් යුතුව පුවත් බෙදා ගැනීම

සමාජීය පුවත් අනුන් හා බෙදා ගැනීමේදී අප සමාජ ජාල විවෘත පොතක් වැනි යයි සිහි තබා ගත යුතුය.

අප ප්‍රචාරය  කරන පුවත් අනුව අපගේ පෞරුෂය හා ප්‍රතිරූපය හුවා දැක්වෙන අතර යමෙකුගේ සුභ සිද්දියට අපගේ ක්‍රියාවෙන් හානියක් වේදැයි හොඳින් සිතා බලා කටයුතු කල යුතුය.

3. Gossip රැල්ලෙන් මිදී සිටීමට සිත පරිනත කර ගැනීම

අද සමාජයේ සියලු සිදුවීමක්ම මුදලට යට වී ඇත.

කොතනහෝ වෙන කුමන හෝ දෙයක් රූපගත කර අන්තර්ජාලයට මුදා හරිම හුදෙක් පිටු නැරඹුම් ප්‍රමාණය සඳහා සිදු වන්නේ කිසිම වගකීමකින් තොරව.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

මේ මාෆියාවට හසු නොවී අපගේ හිතට එකඟව උවමනාවට එපාවට පුවත් පත් බෙදා නොගෙන වගකීමෙන් කටයුතු කිරීමෙන් අප කරන්නේ සමාජ මෙහෙවරක්.

සාමාන්‍යයෙන් පෞද්ගලික හෝ අහිතකර ප්‍රවෘත්ති පැතිරෙන්නේ ඉතාමත්ම වේගයෙන්.

පොඩි අමතර උත්සහයකින් අපටත් සුභවාදී තොරතුරු ග්‍රාහකයන් වන්නට පුළුවන්.

අප දිනපතා කරන සුළු ක්‍රියාකාරකම් වලින් අද සිට සමාජයට සුභ පවුලක් දීමටත් අප දරුවන්ටද එසේ සුභවාදී තොරතුරු ග්‍රාහකයන් වන්නට ඉගැන්විමෙන්ද ඔබටත් මටත් අප රට මිට වඩා සුන්දර තැනක් කළ හැකි වනවා.

 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • ඔබත් සමාජ ජාල වල උණුසුම් පුවත් රස විඳින්නෙක් නම් මෙය කියවන්න
බෙදාගන්න :
  • දරුවන් දෙදෙනෙකු සිටින මවක ගෙන් අලුත් පියෙකුට විවෘත ලිපියක්

    දරුවන් දෙදෙනෙකු සිටින මවක ගෙන් අලුත් පියෙකුට විවෘත ලිපියක්

  • "පොස්ට් එකක් ටැග් කළහම ඒක නොදැක්කා වගේ ඉන්න එපා": බිරිඳක් සැමියාට කියන සංවේදී කතාව

    "පොස්ට් එකක් ටැග් කළහම ඒක නොදැක්කා වගේ ඉන්න එපා": බිරිඳක් සැමියාට කියන සංවේදී කතාව

  • දරුවන් දෙදෙනෙකු සිටින මවක ගෙන් අලුත් පියෙකුට විවෘත ලිපියක්

    දරුවන් දෙදෙනෙකු සිටින මවක ගෙන් අලුත් පියෙකුට විවෘත ලිපියක්

  • "පොස්ට් එකක් ටැග් කළහම ඒක නොදැක්කා වගේ ඉන්න එපා": බිරිඳක් සැමියාට කියන සංවේදී කතාව

    "පොස්ට් එකක් ටැග් කළහම ඒක නොදැක්කා වගේ ඉන්න එපා": බිරිඳක් සැමියාට කියන සංවේදී කතාව

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it