theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන්ගේ හානිදායක රෝග ලක්ෂණ 5ක්

4 අවම කියවීම
දරුවන්ගේ හානිදායක රෝග ලක්ෂණ 5ක්දරුවන්ගේ හානිදායක රෝග ලක්ෂණ 5ක්

මොනවාද බරපතල නොවන්නේ මොන වගේ අවස්ථා වලදීද බිය විය යුත්තේ යන්න තීරණය කිරීම අසීරුයි. බියවීම සුදුසු නැති වුනත්  මේම ලක්ෂණ හා රෝග ලක්ෂණ  5 නම්  ඔබ විසින් නොසලකා හරින්න එපා.

ඔබ ළදරුවන්ගේ හෝ පුංචි දරුවන්ගේ හානිකර නොමැති ලෙස පෙනුනද සුපරීක්ෂාකාරී විය යුතු හානිදායක රෝග ලක්ෂණ පහක් මෙන්න.

හානිදායක රෝග ලක්ෂණ

හානිදායක රෝග ලක්ෂණ

හානිදායක රෝග ලක්ෂණ පහක්

1. සමේ ලප වල හැඩය , ප්‍රමාණය වෙනස් වීම

Melanocytes ඔබේ සමට වර්ණය ලබා දෙන සෛල වේ. ඒවා සමට යටින් තැම්පත් වී ලප බවට පත් වේ. ලපයක්  සාමාන්‍යයෙන්  රවුම් හෝ ඕවල් හැඩයක් ගන්නා අතර  සහ සුමට මායිම් ඇත. ඒවා පැතලි ලෙස ඇතිවිය හැකි අතර   සමහර අවස්ථාවලදී රෝම ඇති විය හැකිය. එය සාමාන්‍ය වේ.

ළදරුවන් බිහි වනවිට ලප කිහිපයක් තිබීම සාමාන්‍ය  දෙයක් වේ. දරුවන් හා යොවුන් දරුවන්  තුළ නව ලප  ඇතිවිය හැකිය. දරුවා වර්ධනය වන විට ඒවා බොද වී යෑම හෝ නොපෙනී යෑම සාමාන්‍ය  දෙයක් වේ. කෙසේ වෙතත්, මෙම ලප හදිසියේම හා ඉක්මණින් විශාල  වීම සාමාන්‍ය  දෙයක් නොවේ. මෙම රෝග ලක්ෂණය නොසලකා නොහැරිය යුතුය.

ඔබ වෛද්‍යවරයකු වෙත යායුතු මෙම  ලප වල වෙනස්කම්

  • හැඩය වෙනස්කම්
  • විශාල වීම
  • වර්ණය තද පැහැති වීම හෝ වර්ණ දෙකක් සහිත වීම
  • විශාල වීම හෝ සමේ තවත් ඇතිවීම
  • පැතිරයෑම, කැසීම, හෝ ලේ ගැලීම
  • එය භයානක පෙරනිමිත්තක්  විය හැකිය. ඒ නිසා මෙය මතක තබාගන්න.

2. හානිදායක රෝග ලක්ෂණ: බර අඩු වීම

දරුවා ඇවිදින්න පටන්ගත් විට හෝ ඔහු රෝගී වු විට ශරීරයේ බර අඩුවීම සාමාන්‍ය වේ. ඔවුන්ගේ  ප්‍රමාණය  නිසා දියර සුළු ප්‍රමාණයක් හෝ අඩු වීම බර තුලින් පෙන්නුම් කරනවා.

කෙසේ වෙතත්, නිරන්තර බර අඩු වීම හෝ තිබිය යුතු බර මට්ටම  බර වැඩි කර ගැනීමට නොහැකිවීම ගැන ඔබ කලබල විය යුතුය. උස හා බර හෝ BMI අගය සියයට 5 ට වඩා අඩු  නම් අතර ප්‍රධාන උස බර රේඛා 2 ක පහත වැටීමක් දක්නට ඇතිනම්  එය ශක්තිමත් වර්ධනයට අසමත් වීම නම් තත්වය විය හැකිය .

එය දරුවා වර්ධනය සමග අරගල කරන  තත්වයකි. එය මන්දපෝෂණය  විය හැකිය. නමුත් වෙනත් සාධකද එයට හේතු විය හැකිය. එමනිසා ඔහු බරක් වයස පිළිබඳ ප්‍රස්ථාරය හෝ BMI ප්‍රස්ථාරයේ ඇද වැටීමක්  වුවහොත් ඔබගේ වෛද්‍යවරයා  හමුවෙන්න.

3. ඔබේ දරුවා නිතර පිපාසය ඇතිවීම

ඔබේ දරුවා ක්‍රියාශීලී නම්, ඇය බොහෝ ජලය අවශ්‍ය  වනු ඇත. කෙසේ වෙතත්, ඇය නිතර  පිපාසය ඇති වේ නම් , එය දියවැඩියාව නමුන් හැඳින්වෙන තත්වයේ රෝග ලක්ෂනයක් විය හැකිය. මෙය සාමාන්‍ය  දියවැඩියාවෙන්  වෙනස් වේ.

මෙම දියවැඩියා  තත්වයේදී හෝමෝන දෙකක් නිසි ලෙස ක්‍රි නොකරයි. මෙහි ප්‍රතිඵලයක්  ලෙස වකුගඩු වලට ජලය රඳවා ගැනීමට නොහැකි වන අතර දරුවාට නිතර  මුත්‍රා  පිට වේ.  මේ දියර පිටවීම  නිසා, දරුවාට නිතරම පිපාසය ඇති වේ. පිපාසය ප්‍රකාශ  නොකළ හැකි ළදරුවන්ට අපහසුතාවයට ලක්වීම උණුසුම් ස්පර්ශයක් අවැසි වීම අධික ලෙස හැඩීම සිදුවෙනු ඇත. ඔවුන්ද වර්ධනය වීම ප්‍රමාද බවට සලකුනු පෙන්වනු ඇත. මේ අවස්ථාවලදී බර අඩු අඩුවීමක් පවා පෙන්නුම් කල හැකියි.

ඔබ දිනපතා තෙත් නැපි ගොඩක් මාරු කරන බව ඔබ සිතන්නේ නම් ඔබේ දරුවා ජලය විශාල ප්‍රමාණයක් පානය කරන්නේ නම්  වෛද්‍යවරයකු හමුවන්න.

4. හිස් විශාලත්වය වැඩි වීම

මොළය උපතේ සිට වසර කීපයක් දක්වා වර්ධනය වන අතර, හිස් කබලේ ප්‍රමාණයද එසේය. කෙසේවෙතත්, හිස වටා වැඩි වීම නිතරම ස්ථාවර වේ. බර හෝ උස මෙන් නොව, ඔහුගේ මෙම ප්‍රස්තාරය වැඩිවීම  ඉතා අඩුය.

හිස ප්‍රමාණයේ වැඩිවීමක් තිබේ නම්, දරුවා වඩාත් නොසංසුන්  වන බව ඔබට පෙනේ නම් හෝ බලාපොරොත්තු  වනවාට වඩා ඔහුගේ හැසිරීම් වෙනස්වීමක් තිබේ නම් ඔබ වෛද්‍යවරයකු  වෙත යා යුතුය. හිස් කබලේ අස්ථී අතර හිස් අවකාශය , හිස් මුදුනේ මෘදු පීඩනය වැඩි නොවිය යුතුය. එය එසේ නම්, ඔබගේ සෞඛ්‍ය  වෘත්තිකයෙකුගේ උපදෙස්  ලබා ගත යුතුය.

5. හැමවිටම ඔහුගේ නමට ප්‍රතිචාර  නොදැක්වීම

ඔබේ දරුවාගේ නමට ඔහු ප්‍රතිචාර  දැක්වීම  මාස 8 සිට අරඹයි. මෙය ටිකක් ප්‍රමාදද විය හැක.  නමුත් එය ප්‍රතිචාර දැක්වීම ආරම්භ කර හදීසියේම    නතර කරයි නම්, එය හොඳ සලකුණක්  නොවේ.

මෙය සිදුවන්නේ නම්, ඔබේ දරුවා අවධානයෙන්  සිටිනවාද දොරවල්  ඇරෙන ශබ්ද හෝ රැටල්  ශබ්දවලට ප්‍රතිචාර  දක්වයිද යන්න පරීක්ෂා කරන්න. දෙපැත්තටම  ඇඟිල්ලකින් ශබ්ද කර ඇය එයට  ප්‍රතිචාර දක්වයි දැයි පරීක්ෂා කරන්න. ඇය එය දෙසට හැරිය යුතුය. ඇය එසේ නොකළහොත් ඇයට ඇසිමේ ගැටලුවක් තිබිය  හැකිය. ඔබට  සැකයක් ඇති නම්,  ඒ පිළිබඳ පරීක්ෂණයක් කිරීම වඩා සුදුසුය.

හානිදායක රෝග ලක්ෂණ: සාරංශය

මව්වරුනි දරුවෙකු හදාවඩා  ගැනීම  වෙහෙසකරයි, නමුත් දිනපතා නාවන විටදී ඔහුව පරීක්ෂා කරන්න.  හැඩය හෝ ප්‍රමාණය  වෙනස් වන ඕනෑම ලපයක්  පරීක්ෂා කර බලන්න. ඔහුගේ ශරීරයේ ගැටිති  පරීක්ෂා කරන්න. ඔහුගේ බර, උස සහ හිසේ වට ප්‍රමාණය  නිතර  පරීක්ෂා කරන්න.

ඔහුගේ ආහාර ගැනීමේ හා පානය කිරීමේ පුරුදු අනෙකුත් දරුවන්ට වඩා බෙහෙවින් වෙනස් බව ඔබට සිතෙයි නම් ඔබ එය සටහන් කරගත යුතුය. අවසාන වශයෙන් ඔහු අන්තර්ක්‍රියා වලදී ප්‍රතිචාර දක්වන අයුරු බලන්න. ඔහු නොසංසුන් නම්, ප්‍රතිචාර නොදක්වයි නම් එය ඊලග සායනයේදී වෛද්‍යවරයාට ඉදිරිපත් කරන්න.

දරුවා ගැන සැලකිලිමත් වීමට ඔබට මේ පුංචි මතක් කිරීම The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • රෝග සහ අසාත්මිකතා
  • /
  • දරුවන්ගේ හානිදායක රෝග ලක්ෂණ 5ක්
බෙදාගන්න :
  • ඔබ ගැබ් ගෙන ඇතැයි කියා පාන ගර්භනී ලක්ෂණ 12ක්

    ඔබ ගැබ් ගෙන ඇතැයි කියා පාන ගර්භනී ලක්ෂණ 12ක්

  • නොහිතන ලෙස මතුවිය හැකි අමුතු කොරෝනා ලක්ෂණ 

    නොහිතන ලෙස මතුවිය හැකි අමුතු කොරෝනා ලක්ෂණ 

  • ඔබ ගැබ් ගෙන ඇතැයි කියා පාන ගර්භනී ලක්ෂණ 12ක්

    ඔබ ගැබ් ගෙන ඇතැයි කියා පාන ගර්භනී ලක්ෂණ 12ක්

  • නොහිතන ලෙස මතුවිය හැකි අමුතු කොරෝනා ලක්ෂණ 

    නොහිතන ලෙස මතුවිය හැකි අමුතු කොරෝනා ලක්ෂණ 

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it