පිරිසිදු එළගිතෙල් ආහාරයට එකතු කර ගැනීමෙන් නිරෝගී විය හැකිද?

පිරිසිදු එළගිතෙල් ආහාරයට එකතු කර ගැනීමෙන් නිරෝගී විය හැකිද?

පිරිසිදු එළගිතෙල් හෝ පිරිසිදු  බටර් මේ වන විට වසර දහස් ගණනක් තිස්සේ ඉන්දියානු ප්‍රධාන ආහාරයේ කොටසක් වෙමින් ආහාර රසවත් කරනු ලබයි. මෙන්න අපි ඔබ දැන ගත යුතු පිරිසිදු එළගිතෙල් වල සෞඛ්‍ය  ප්‍රතිලාභ ගැන අපි මෙහිදී කතා කරමු.

සාමාන්‍යයෙන් විවිධ  පිසින තෙල්වලින් ගැන මිනිසුන්  උද්‍යෝගීමත් බවක් දක්වයි. එහෙත් ඉන්දියානු නිවෙස් වල ප්‍රධාන ආහාරයක් වන පිරිසිදු එළඟිතෙල් සෞඛ්‍ය  ප්‍රතිලාභ ගැන ඔවුන් නොදන්නා කරුණක් තියෙනවා .

අතීතයේ දී එළගිතෙල් වලට පෝෂණ ලෝකය තුළ නරක නාමයක් ඇති බව මෑත සමීක්ෂණවලින් හෙළි වී ඇත.

පිරිසිදු එළගිතෙල් පරිභෝජනයෙන් ලැබෙන සෞඛ්‍යමය ගුණාංග රැසක් සොයාගෙන තිබේ.

පිරිසිදු එළඟිතෙල් වල සෞඛ්‍ය  ප්‍රතිලාභ

එළගිතෙල් පරිභෝජනය කිරීමේ ප්‍රබල සෞඛ්‍ය  වාසි කිහිපයක් මෙන්න:

1. පිරිසිදු එළගිතෙල් අධි කොලෙස්ටරෝල් මට්ටම් සහිත පුද්ගලයින් සඳහා 

එළගිතෙල් යනු ඉහළ කොලෙස්ටරෝල් මට්ටමේ සිටින පුද්ගලයන් සඳහා සෞඛ්‍ය  සම්පන්න මේදය සහිත  මූලාශ්‍රයකි.

අධ්‍යයනයන් මගින් හෙලිවී ඇත්තේ පරිභෝජනයට නුසුදුසු කොලෙස්ටරෝල් වන  (LDL) සහ VLDL කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට එලගිතෙල් භාවිතය උදව් කරන බවයි. ට්‍රයිග්ලිසරයිඩ් මට්ටමේ පහත වැටීමක් අධ්‍යයනයෙහිදී නිරීක්ෂණය කෙරිණි.

පිරිසිදු එළගිතෙල් ආහාරයට එකතු කර ගැනීමෙන් නිරෝගී විය හැකිද?

එළගිතෙල් වල වැනිම ක්‍රියාවලියක්  'කන්ජියුජිනට් ලයිනොලික් අම්ලය' (CLA) තුළ දක්නට ලැබේ. එය කෝලෙස්ටරෝල් සෑදෙන  මේද ජීරණයට අවශ්‍ය වන  අම්ල බයිල් ඇසිට් වැඩි  කරයි.

බයිල් ඇසිට් ඉවත් වන නිසා සිරුර නැවත නිෂ්පාදනය කිරීමට කොලෙස්ටරෝල් භාවිතා කරයි.

මෙය රුධිරයේ අධික රුධිර කොලෙස්ටරෝල් ඇති වීම වළක්වා සහ එය පරීක්ෂාකාරීව  තබා ගැනීයි.

2. පිරිසිදු එළගි තෙල් මතකය වැඩි දියුණු කරයි.

පිරිසිදු එළගිතෙල් මතකයේ හා සිතේ සුපරීක්ෂාකාරිත්වය සඳහා ප්‍රයෝජනවත් වන බවට පැරණි කතාවක් තියෙනවා.

පිරිසිදු එළගිතෙල් ආහාරයට එකතු කර ගැනීමෙන් නිරෝගී විය හැකිද?

එය මොළය හා ස්නායු පද්ධතිය ශක්තිමත් කරනවා. මිනිස් මොළයට හානි පැමිණිය හැකි ඔක්සිකාරක ආතති තත්වයන් ඇතිවිය හැකිය.

ස්වාභාවික ප්‍රතිඔක්සිකාරක ආරක්ෂක පද්ධතියේ ක්‍රියාකාරිත්වය එළගිතෙල් වැඩි දියුණු කරන අතර එවන් නොමනා ආක්‍රමණ වලට එරෙහිව මොළය ආරක්ෂා කරයි.

3. පිරිසිදු එළඟිතෙල් හදවත ආරක්ෂා කරයි

සාමාන්‍යයෙන් එළගිතෙල් ආහාරයට ගැනීමෙන් ඔවුන්ගේ හෘද සෞඛ්‍යයට  අහිතකර  බව මිනිසුන්ට හිතනවා.

නමුත් මෙය සත්‍ය  විය නොහැක. පිසින තෙල් ලෙස පිරිසිදු එළගිතෙල් භාවිතා කිරීම මගින් රුධිර HDL මට්ටම හෝ යහපත් කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම හේතුවෙන් හෘදයාබාධ ඇතිවීමේ අවධානම අඩු කර ගත හැකිය.

පිරිසිදු එළගිතෙල් ආහාරයට එකතු කර ගැනීමෙන් නිරෝගී විය හැකිද?

HDL කොලෙස්ටරෝල් රුධිරයේ සිට නරක කොලෙස්ටරෝල් ඉවත් කරයි. එබැවින්, එය ධමනි තුළ කැටි ඇති වීම වළක්වමින් සහ  රුධිරය මෘදුව ගලන බව සහතික කරයි. එළවළු තෙල් සමඟ සසඳන විට පිරිසිදු එළගිතෙල්  සෞඛ්‍ය  සම්පන්න විකල්පයකි.

4. ඔක්සිකාරක ආතතියට එරෙහිව සටන් කිරීමට උදව් කරයි.

ඔක්සිකාරක ආතතිය විවිධ රෝග සහ ආබාධ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වේ.  ඒවායේ හානිකර බලපෑම් වලට එරෙහිව ශරීරය ආරක්ෂා කිරීමට

ඔක්සිකාරක  ආතතියට එරෙහිව සටන්  ප්‍රතිඔක්සිකාරක අවශ්‍ය වේ.

ශරීරයේ  ඔබේ සාමාන්‍ය ආහාරයට පිරිසිදු එළගිතෙල්  එකතු කිරීමෙන් ශරීරය තුල  ස්වාභාවික ප්‍රතිඔක්සිකාරකවල ක්‍රියාකාරිත්වය වැඩිවේ.

ප්‍රතිඔක්සිකාරක ප්‍රතික්‍රියාවන්ට එළගිතෙල්  වල අඩංගු  කන්ජියුජිනට් ලයිනොලික් අම්ලය  ( CLA) හේතු වී ඇත.

CLA මඟින් ශරීරයේ ස්වාභාවික ප්‍රතිඔක්සිකාරක ආරක්ෂක පද්ධතිය වැඩිදියුණු කිරීමෙන් ඔක්සිකාරක වලට එරෙහි  සෛලවලට ආරක්ෂාව සපයයි.

5. බඩවැල් වල සෞඛ්‍ය  වැඩි දියුණු කරයි

ආමාශගත ආබාධ සහිත පුද්ගලයන්ට බොහෝ විට  මේදය ජීරණය කිරීමේ ගැටලු තිබේ. පිරිසිදු එළගිතෙල්  ආහාර ජීර්ණ මාර්ගයේ ඇතුළත ආවරණය ආරක්ෂා කිරීමෙන් එය සුව කරයි.

කුඩා අණු වලින් සකස්වුන මේද අම්ල එහි බහුලව ඇති අතර එවා බඩවැල් වල සෛල පෝෂණය කරමින් බඩවැල් ශක්තිමත් කර හානිය වළක්වන  සෞඛ්‍යයට  හිතකර බැක්ටීරියා නිෂ්පාදනයට උපකාර කරයි.

හදවතට හිතකර එළගිතෙල් ගැන මේ තොරතුරු ඔබ වෙත ගෙන ආවේ the Asianparent Sri Lanka වෙතිනි.

කියවන්න: 

lk.theasianparent.com/ගී-මිශ්‍ර-බතක්/

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත.

ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.