theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අඩු කැලරි සමග සමබල පෝෂණයක් දෙන ආහාර වර්ග 5ක්

3 අවම කියවීම
අඩු කැලරි සමග සමබල පෝෂණයක් දෙන ආහාර වර්ග 5ක්අඩු කැලරි සමග සමබල පෝෂණයක් දෙන ආහාර වර්ග 5ක්

ඔබගේත් ඔබ පවුලේ සැමගේත් සෞඛ්‍යය වර්ධනය කරගන්න මේ අඩු කැලරි ආහාර ඔබේ පවුලේ ආහාර වේලට එක් කරගන්න.

ක්‍රියාශීලී හා සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතක් ගත කිරීම අප බොහෝ දෙනාගේ අභිප්‍රාය යි. ඒ සඳහා අපි දිවා රෑ නොබලා වෙහෙසෙනවා. සමහරු දිනපතාම පාහේ ව්‍යායාම මධ්‍යස්ථානවලට යනවා. කෙසේ නමුත් මින් සමහරකට හොඳ ප්‍රතිඵල ලබාගැනීම අපහසු වී තිබෙනවා. අඩු කැලරි ආහාර

සෞඛ්‍යමත් හා හැඩකාර සිරුරකට යමෙක් ගන්නා ආහාරයත් ඉතා වැදගත් වෙනවා.

වැඩි කැලරි ප්‍රමාණයක් සහිත සමබල නොවූ ආහාර ගැනීමෙන් සිරුරේ හැඩය රැකෙන්නේ නැතිවා සේම, අනවශ්‍ය ලෙස ආහාර වේල් මඟහැරීම ද යහපත් ප්‍රතිඵල අත්කර දෙන්නේ නැහැ.

ආහාර වර්ග පිළිබඳ ඔබේ දැනුම වැඩිදියුණු කරනු වස් අඩු කැලරි ප්‍රමාණයක් සහිත, ඉතා හොඳ පෝෂණයක් ශරීරයට ලබා දෙන ආහාර වර්ග 5ක් පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙන එන්නට අපි තීරණය කළා.

1. ඕට්ස් අඩු කැලරි ආහාර

අඩු කැලරි සමග සමබල පෝෂණයක් දෙන ආහාර වර්ග 5ක්
preventionaus.com.au

ලොව පුරා ශරීරයේ බර අඩු කරගන්නට උත්සාහ කරන අයගේ ජනප්‍රියම ආහාරයක් ලෙස ඕට්ස් හැඳින්විය හැකියි. 

මෙය අඩු කැලරි ප්‍රමාණයක් සහිත ආහාරයක් වුවත් තන්තුවලින් පොහොසත් නිසා ඉක්මනින්ම ආමාශය පිරී ගියා සේ සංවේදනයක් ලබා දෙනවා.

ඕට්ස් කෝප්ප බාගයක හෙවත් ග්‍රෑම් 40 ක අඩංගු වන්නේ කැලරි 148ක් පමණ යි. එනමුත් එහි ප්‍රෝටීන් ග්‍රෑම් 5.5ක් හා තන්තු ග්‍රෑම් 3.8ක් අන්තර්ගත වෙනවා. මේ ද්විත්වයම ශරීරයේ බර අඩුකරගෙන, මාංශපේශි වර්ධනයට මහෝපකාරී වෙනවා.

2. ග්‍රීක යෝගට්

අඩු කැලරි සමග සමබල පෝෂණයක් දෙන ආහාර වර්ග 5ක්
eatthismuch.com

ග්‍රීක යෝගට් සැලකෙන්නේ ඉතා හොඳ ප්‍රෝටීන ප්‍රභවයක් ලෙස යි. මීට අමතරව මෙමඟින් ශරීරයේ බර අඩු කරගන්නටත් හොඳ පිටුබලයක් ලැබෙනවා.

වර්ගය අනුව යම් යම් වෙනස්කම් තිබුණ ද සාමාන්‍යයෙන් ග්‍රීක යෝගට් කෝප්ප 2/3ක හෙවත් ග්‍රෑම් 150ක ප්‍රමාණයක අඩංගු වන්නේ කැලරි 130ක් පමණක් වන අතර එහි ප්‍රෝටීන ග්‍රෑම් 11ක් පමණ අන්තර්ගත වනවා.

3. සුප් අඩු කැලරි ආහාර

අඩු කැලරි ආහාර
bbc.com

සුප් වර්ගත් ශරීරයේ බර අඩුකර ගැනීම සඳහා නිතරම භාවිතා කෙරෙන ආහාරයක්.

වර්ගය අනුව මෙයින් ලැබෙන කැලරි ප්‍රමාණවල හා අනෙකුත් පෝෂකවල අගයන් සැලකිය යුතු තරමින් වෙනස් වුවත්, සුප් වර්ග බහුතරය අඩු කැලරි ප්‍රමාණ ශරීරයට සපයන ඒවා වෙනවා.

විශේෂයෙන්ම ඒවායේ වැඩි වශයෙන් ජලය අඩංගු වීම නිසා ඉක්මණින්ම ආමාශය පිරී යාමත්, එහි අඩංගු පෝෂක පහසුවෙන් ශරීරයට උරාගැනීමත් නිසා සුප් ශරීරයේ හැඩය හා සෞඛ්‍ය පිළිබඳ සිතන අයවළුන්ට ඉතා සුදුසු ආහාරයක් වෙනවා.

අධ්‍යයනයකින් හෙළි වී ඇති පරිදි ප්‍රධාන ආහාර වේලකට පෙර සුප් පානය කළහොත් ප්‍රධාන ආහාර වේල මගින් ශරීරගත කරගන්නා කැලරි ප්‍රමාණය 20% කින් පමණ අඩු වනවා.

ක්‍රීම් වර්ග අඩංගු වන සමහර සුප් වර්ගවල කැලරි ප්‍රමාණය සාපේක්ෂව වැඩි වන නිසා ශරීරයේ බර අඩු කරගැනීම උදෙසා සුප් වර්ග තෝරාගැනීමේ දී සැලකිලිමත් විය යුතු වෙනවා.

4. බෙරි වර්ග

අඩු කැලරි සමග සමබල පෝෂණයක් දෙන ආහාර වර්ග 5ක්
Shutterstock

බෙරි වර්ග ඉතා සෞඛ්‍යමත් ආහාරයක් වනවා. (උද්භිද විද්‍යාත්මකව සත්‍ය බෙරී නොවුණත්) ස්ට්‍රෝබෙරි, රාස්බෙරි, හා බ්ලූ බෙරි වැනි බෙරි වර්ග විටමින, ඛණිජ ලවණ හා ප්‍රතිඔක්සිකාරක වැනි දේවලින් පොහොසත්.

ඒවායේ අඩු කැලරි ප්‍රමාණයක් සහ වැඩි තන්තු ප්‍රමාණයකුත් අන්තර්ගත යි.

උදාහරණ ලෙස බ්ලූබෙරි කෝප්පයක හෙවත් ග්‍රෑම් 148ක අඩංගු වන්නේ කැලරි 84ක් පමණක් වුවත්, එහි තන්තු ග්‍රෑම් 3.6ක් අන්තර්ගත වෙනවා.

බෙරි වර්ගවල පෙක්ටින් වැඩි ප්‍රමාණයකුත් අන්තර්ගත වෙනවා. මේ තන්තු වර්ගය ආමාශයේ වැඩි වේලාවක් රැඳී කුසගින්න අඩු කරනවා.

5. බිත්තර

අඩු කැලරි ආහාර
myrecipes.com

බිත්තරත් අඩු කැලරි ප්‍රමාණයක් සහිත, අත්‍යවශ්‍ය පෝෂක රාශියක් සහිත ඉතා පෝෂ්‍යදායී ආහාරයක් වෙනවා.

විශාල ප්‍රමාණයේ බිත්තරයක කැලරි 72ක් අන්තර්ගත වෙනවා. මෙහි ප්‍රෝටීන ග්‍රෑම් 6ක් අන්තර්ගත වන අතර තවත් වැදගත් විටමින හා ඛණිජ වර්ග අන්තර්ගත වෙනවා. මීට අමතරව බිත්තර කුසගින්න අඩු කරනවා.

මූලාශ්‍ර: nwhp.org, historynet.com, un.org

රචනය: Dinindu Ekanayake
 
මෙම මුල් ලිපිය  Roar Media විසින් නිර්මාණය කර පළ කල ලිපියකි. ඔවුන්ගේ අනුදැනුම ඇතිව මෙම ලිපිය ඔබ වෙත ඉදිරිපත් කරනවා.

https://roar.global/roar-media/about/

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • ආහාර සහ පෝෂණය
  • /
  • අඩු කැලරි සමග සමබල පෝෂණයක් දෙන ආහාර වර්ග 5ක්
බෙදාගන්න :
  • ඔබේ ලිංගික ආශාවන් හීන වීම රෝගයක පෙර නිමිත්තක්ද?

    ඔබේ ලිංගික ආශාවන් හීන වීම රෝගයක පෙර නිමිත්තක්ද?

  • බිරිඳ ලිංගිකව එක් වෙන්න බෑ කී නිසා කෝප වූ සැමියා පුංචි පුතා මරා දමයි

    බිරිඳ ලිංගිකව එක් වෙන්න බෑ කී නිසා කෝප වූ සැමියා පුංචි පුතා මරා දමයි

  • ඔබේ ලිංගික ආශාවන් හීන වීම රෝගයක පෙර නිමිත්තක්ද?

    ඔබේ ලිංගික ආශාවන් හීන වීම රෝගයක පෙර නිමිත්තක්ද?

  • බිරිඳ ලිංගිකව එක් වෙන්න බෑ කී නිසා කෝප වූ සැමියා පුංචි පුතා මරා දමයි

    බිරිඳ ලිංගිකව එක් වෙන්න බෑ කී නිසා කෝප වූ සැමියා පුංචි පුතා මරා දමයි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it