theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

රසම රස බටර් චිකන් රෙසිපියක්

2 අවම කියවීම
රසම රස බටර් චිකන් රෙසිපියක්රසම රස බටර් චිකන් රෙසිපියක්

පුංචි දියණියක් පහසුවෙන් හදන මේ රසවත් කුකුල් මස් බටර් චිකන් ව්‍යංජනය ඔබත් හදා ගන්න. වෙනස්ම රසයක් ගෙන දෙන මෙය ඔබේ ප්‍රනිතම ආහාර ලැයිස්තුවට එක් වනවා නොඅනුමානයි.

අද ඔබ සමඟ බෙදා ගන්නේ අපේ එකොළොස් හැවිරිදි පුංචි දූ අපව මවිතයට පත් කිරීමේ අරමුණින් අපට පිළියෙළ කර දුන් රසම රස බටර් චිකන් ව්‍යංජනයක් ඉතාම පහසුවෙන් හදා ගන්නා ආකාරයයි.

ඔබට මෙය පහසුවෙන් හදා ගත හැකි වන අතර ඔබේ දෝණිත් ඉවුම් පිහුම් වලට කැමති නම් මේ කෑම වට්ටෝරුව පිළියෙළ කරන්න ගොඩාක් සතුටු වෙයි.  

බටර් චිකන්: අවශ්‍ය කළමණා

කටු රහිත කැබලි කපාගත් කුකුල් මස් ග්‍රෑම් 500ක්

කොත්තමල්ලි කොළ ඉති 3ක් හෝ 4ක්

කපාගත් තක්කාලි ගෙඩි 2ක්

කපාගත් ලොකු ළුණු ගෙඩි 1ක්

සුදු ළුණු බික් 6ක්

නැවුම් ක්‍රීම් (fresh cream) කෝප්ප ¼ක් (ක්‍රීම් වෙනුවට එළ කිරි ආදේශ කර ගත හැක.)

මිරිස් කුඩු තේ හැඳි 4ක් පමණ

ගම්මිරිස් කුඩු ස්වල්පයක්

ලුණු කුඩු ස්වල්පයක්

සීනි අවශ්‍ය පමණ

වතුර තේ කෝප්ප 1ක්  

තෙල් ස්වල්පයක්

බටර් චිකන් සාදාගන්නා ආකාරය

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
  1. කුකුල් මස් වලට මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු, කපාගත් සුදු ළුණු බික් තුනක් දමා හොඳින් අතගා විනාඩි 20ක් පමණ තිබෙන්නට හරින්න.
  2. දැන් තෙල් ටිකක් ලිප තබා එයට කුකුල් මස් ටික දමා යන්තම් බදාගෙන මදක් මෙලෙක් වන තුරු වසා පිසගන්න.
  3. කුකුල් මස් ටික පිස ගත් පසු එය දීසියකට අයින් කර, එම බඳුනේම සුදු ළුණු සහ ළුණු එක් කර රන් වන් පාට වන තෙක් බැදෙන්නට හරින්න.
  4. දැන් මෙයට තක්කාලි හා කොත්තමල්ලි කොළ එක් කොට විනාඩියක් පමණ කූරු ගාගන්න.
  5. දැන් මෙයට වතුර කෝප්පය එක් කොට උතුරන්නට හරින්න.
  6. ලිප නිවා මිශ්‍රණය යන්නම් නිවුණු පසු හොඳින් බෙලෙන්ඩර් කරගන්න.
  7. දැන් මෙය නැවත ලිපේ තබා එයට මස් ටික එකතු කරන්න.
  8. ෆ්‍රෙෂ් ක්‍රීම් හෝ එළකිරි ටිකත් එකතු කර හොඳින් කලවම් කර ගන්න.
  9. ළුණු හා සීනි ඔබේ රසට අනුව මුසු කර ආහාරයට ගන්න.

බටර් චිකන් නාන් රොටි හෝ පරාටා සමඟ කදිමට මුසු වන අතර රත් පැහැ ගතිය වැඩි කර ගැනීමට නම් මිරිස් කුඩු හෝ පැකට් කල තක්කාලි පේස්ට් ටිකක් භාවිතා කර ගන්න පුළුවන්. නොබෝ දිනකින් ඔබට පහසුවෙන් නාන් රොටි හදා ගන්නා හැටි කියා දෙන්නම්.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • කෑම වට්ටෝරු
  • /
  • රසම රස බටර් චිකන් රෙසිපියක්
බෙදාගන්න :
  • රසම රස කටට සැර කුකුළු මස් කරියකට කදිම වට්ටෝරුවක් මෙන්න

    රසම රස කටට සැර කුකුළු මස් කරියකට කදිම වට්ටෝරුවක් මෙන්න

  • අනූෂා ගෙන් අහගෙන චිකන් වලින් රසවත් කෑම වර්ග 8 ක් හදමු

    අනූෂා ගෙන් අහගෙන චිකන් වලින් රසවත් කෑම වර්ග 8 ක් හදමු

  • රසම රස කටට සැර කුකුළු මස් කරියකට කදිම වට්ටෝරුවක් මෙන්න

    රසම රස කටට සැර කුකුළු මස් කරියකට කදිම වට්ටෝරුවක් මෙන්න

  • අනූෂා ගෙන් අහගෙන චිකන් වලින් රසවත් කෑම වර්ග 8 ක් හදමු

    අනූෂා ගෙන් අහගෙන චිකන් වලින් රසවත් කෑම වර්ග 8 ක් හදමු

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it