theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කිසිවෙකු කථා නොකරන මාතෘත්වයේ ශෝචනීය  පැතිකඩ

5 අවම කියවීම
කිසිවෙකු කථා නොකරන මාතෘත්වයේ ශෝචනීය  පැතිකඩකිසිවෙකු කථා නොකරන මාතෘත්වයේ ශෝචනීය  පැතිකඩ

අපිත් මේ ශෝචනීය පැතිකඩ ගැන දැනුවත් භාවයක් ලබා දීමට ඒ ගැන සාකච්ඡා කලා. ඒ තුලින් මව්වරුන්ට  මාතෘත්වයේ හා දෙමාපියන්ගේ යථාර්ථයට හොදින් මුහුණ දීමට සුදානම් විය හැකිය .  මේ ඒ සදහා කාලය නොවේද?

"හැගීම්  සතුට, දුක, ආදරය, ආඩම්බරය වුනත් ඒවා වඩා ගැඹුරු හා තියුණු  වෙනවා. අවසානයේදී ඒවා ඔබට ඉතිරි කරන්නේ නොපැසුනු බව, නිරාවරණය හා දුකම පමණකි." ඩෙබ්රා ගිනස්බර්ග්. ඔබ පළමු වරට ගර්භණී බවට පත් වු විට දෙමව්පියෙක් වීම දකින්නේ ආදරය, නිහඬ බව හා සිනාහ පිරුණු සැහැල්ලුවෙන් පිරි තෝතැන්නක් ලෙසිනි. මව් පදවිය අභියෝග රැසක් ඇති එකක්.

දෙමව්පියෙක් වීම ජීවිතය වෙනස් කරන,විශ්මය ජනක වෙන අතර එය කිසිම අත්දැකීමකට සමාන වෙන්නේ නැහැ.

මව් පදවිය අභියෝග

ඇත්තෙන්ම, මේ සියල්ල සත්‍යයි. දෙමව්පියෙක් බවට පත් වීමේ හෝ දෙමාපියෙක් වීමේ අත්දැකීම ගැන අපි කථා කරන්නේ අන්න ඒ නිසයි. ඒ හේතුවෙන්  ගර්භණී වීම විශේෂයෙන් ප්‍රථම වරට ගර්භණී භාවයට පත්වීම ඉතා උද්වේගජනක වෙනවා.

මේ ප්‍රීතියේ අනෙක් පැත්ත ගැන බොහෝ දෙනා කථා කරන්නේ ඉතා අඩුවෙනි.සතුට කොතැනද දුක හා වේදනාව කොතැදද යන්න බොහෝ දුරට අපි දන්නවා.

දෙමව්පියන් වීම ඉතා සුන්දර, විශ්මය ජනක වුවත් මෙහි අපේ ආත්මයන් හා හදවත් එවැනි අවස්ථාවකට මුහුණ දෙන තුරු අපි පිළිගන්න අකමැති ශෝචනීය  පැත්තක් තියෙනවා.

ඔබට දරුවෙක් ලැබුන විට දරු උපතින් පසු ඇතිවෙන මානසික පීඩන තත්වය නිසා මවට අසරණ බවක් දැනීම, කවදාවත් නොදැන සිටි පැත්තක් සමග කටයුතු කරන්න සිදුවීම වැනි දෑ නිසා මෙම ශෝචනීය පැත්ත පාලනයකින් තොරව ඔබවම පීඩාවට පත්කරන්න පුලුවන්.

දෙමාපියන් මුහුණ දෙන ගැඹුරුතම හා ශෝචනීය අවස්ථා පහක් පහත දැක්වේ

වේදනාව

දෙමාපියන් වීම තුලින් ශාරීරික හා මානසික වේදනා ලැබෙනවා.

ගර්භණී බවෙන් ඇතිවෙන අසහනය තුලින් ප්‍රසුතිය හා දරු උපත කෙසේ වේදැයි අනවශ්‍ය සැසදීම මගින් අසරණ භාවයට පත්කරනවා.

මෙම නිසා ඔබට දරුවා ලැබුන වහාම ඔබේ සිරුර ඇතුලත යෝධයෙකු විසින් ඉරා දැම්මා වැනි හැගීමක් ඇතිවීමට හේතුවෙනවා.ඒ වගේම පසුකාලීනව කුසේ ඉරුණු මාංශපේෂි, කැපුම්, මැහුම්, වේදනාව හා රුධිර ගැලීම් සමග ඔබට කටයුතු කරන්න වෙනවා.

කුමන වයස හෝ දරුවෙකු නැති වීමේ දුක දරා ගන්න බැහැ. එය හදවත තුල කවදාවත්ම හොද නොවෙන තුවාලයක් බවට පත්වෙනවා.ඒ වගේම ඔබේ දරුවා රෝගී වු විට ඔහුට දැනෙන ශාරීරික වේදනාවන් ඔබට දරා ගන්න සිදුවෙනවා. මව් පදවිය අභියෝගය ක් කියන්න තවත් හේතු උවමනාද? නැහැ නේද?

මව් පදවිය අභියෝග

සහයකින් තොරව දවසින් දවස පැය විසිහතර පුරා නිවසින් පිටත රැකියාවක් කරන හා නිවසේ වැඩ කරන ලොව පුරා සිටින සියලු මව්වරුන්ට ඔවුන්ගේ අසීරු  වැඩ හේතුවෙන් කොන්ද රිදීම්, උරහිස් හා දණහිස් කැක්කුම් මෙන්ම ඇදීමට ලක්වුනු සලකුණු හා රැලීවැටීම් ඇති වෙන්න පුලුවන් .

නමුත් ඔබ ඔබේ දරුවන්ගේ දියුණුව හා වර්ධනය දකින විට ආඩම්බරයක් හා නොවරදින තෘප්තිමත් හැගීමක් ඒ තුලින් ඔබට ලැබේවි.

 කණගාටුව

සමහර වෙලාවට මට මගේ නිදා සිටින දරුවන් දෙස බලන විට ඔවුන් කොතරම් ලොකු වෙලාද කියලා පෙනෙනවා. මම ඉතා කණගාටුවට පත්වෙනවා.

ඔවුන්ගේ ළදරු කාලය ගෙවි ගොස් ඇති බවත් එය මා වෙතට යලි නොඑනා බව සිහිකරමින් මෙම කණගාටුව ඇතිවෙනවා.

එය සිදුවෙන්න තව බොහෝ කාලයක් ගත විමට තිබුනා වුනත්, දැන් වගේ නොවේ දවසක ඔවුන් වැඩිවියට පත් වේවි යන්න  මට හිස් බවක් දනවනවා.

දෙමාපියන් වීම තුල මේ වගේ කණගාටුදායක අවස්ථා පිරිලා තියෙනවා . මව් පදවිය අභියෝග වලින් පිරුන එකක්.

ඔබ කැමති නම් එය කටුක යැයි පවසන්න.නමුත් ඔබේ දරුවා පළමු වරට පාසැල් ගිය දිනයේ සිට ඔහු ඔබත් ඔබේ මෘදු බිදුනු ආදරණීය හදවතත් අතැර ඔබේ නිවසින් සදහටම නික්මෙන දිනය දක්වා ඔබේ දෑසින් කදුලු වැටෙන අවස්ථා බොහොමයක් ඔබට අත්විදින්න ලැබේවි.

මව් පදවිය කෝපය දැනෙන දෙයක්

සමහර වෙලාවට මගේම අය තරම් මාව තරහා ගන්වන්න පුලුවන් කිසිම කෙනෙක් නෑ. මම ඒ වගේ වෙලාවට මටම වෛර කරගන්නවා. ඒ වුනාට එහෙම වෙන එකම කෙනා මම නොවන බව මම දන්නවා.

සමහර විටෙක සමහර මව්වරුගේ මෙම කෝපය, කිසිවක් නොපෙනී යෑම, දැඩි කෝපය හා නියමිත රැකවරණය හා මැදිහත් වීම අවශ්‍ය වන භයානක තත්වයක් වන දරු උපතින් පසු ඇතිවෙන මානසික පීඩන තත්වය   වැනි පැති වලට හැරවෙනවා . එයත් මව් පදවිය අහියෝග ඇති එකක් බව පෙන්වන්නක්.

මව් පදවිය වෙහෙස ඇති එකක්.

දෙමාපියන් විම තුලින් වෙහෙස වීමට සිදුවෙනවා. මෙය  වැඩි  දුරටත් විස්තර කරන්නේ කොහොමද ?

ඔබේ හෝමෝන හා කුස තුල වර්ධනය වන දරුවා නිසා නින්ද නැතිවෙන විට ගර්භණී කාලය තුල වෙහෙස නියැතින්ම ඔබ වෙත ලගා වෙනවා. ඔබේ දරුවන් වයසෙන් වැඩෙන විට රෝග නිසා ඔබ වෙහෙසට පත්වෙනවා. මව් පදවිට අහියෝග යක් කියන්නේ ඒ නිසාමයි.

ඔබට දිවා රාත්‍රී වෙනසක් නැතිව ආහාර ගැනීම,ස්නානය කිරීම,සෙල්ලම් කිරීම වැනි බොහෝ දේවල් වෙනුවෙන් කාලය කැප කරන්න වෙනවා

ඒ වගේම දෙමාපියන් වීම තුල නැවත කිසිදා නොලැබෙන ලෙස ඔබේ නින්ද ඔබට  නැතිවේවි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

ඔබේ දරුවා රෝගී වු විට රාත්‍රිය පුරා අවදිව හිදිමින්, ඔහුගේ උණ බැලීම, ඔහුව තෙත මාත්තු කිරීම , ඔහුව සැනසීම වැනි දෑ එක්ක  ඔබ අතිශයින්ම වෙහෙසට පත් වේ.

ඔබේ දරුවාගේ ජීවිතය තුල අඩුම තරමින් ඔහු ටිකක් වයසින් වැඩෙන තුරු ඔබේ දරුවා හදාවඩා ගැනීම, ඔබේ රාජකාරි, ඔබේ පවුල සහ ඔබේ ජීවිතය තුල ඉතා දක්ෂ සමතුලනය කරන්නෙකු වෙමින් ඔබට වෙහෙසට පත්වෙන්න වෙන අවස්ථා බොහොමයක් තියෙන්න පුලුවන් . මව් පදවිය අභියෝග  වලින් පිරුන එකක්.

මව් පදවිය අභියෝග

 මව් පදවිය කලකිරීම දැනෙන දෙයක්

මගේ දරුවන් මාව කලකිරීමට පත්කල අවස්ථා ගණන කියලා ඉවර කරන්න බැහැ.

මගේ පළමු දරුවාට පළමු වරට ඝන ආහාර හදුන්වා දුන් විට නිමක් නැතිව වමනය දැමීම, මගේ දෙවැනි දරුවාගේ භයානක උද්වේගකාරී හැසිරීම හා කටයුතු කිරීම, දරුවන් දෙදෙනාගේ තෝරා ගත් සවන්දීම හා කටයුතු කිරීම, ඒ වගේම ඉතා සෙමින් ආහාර  කන්නෙකු වන මගේ පළමු පුතා පැයකටත් වැඩි කාලයක් ආහාර  අත ගාමින් සිටිනු දැකීම එම අවස්ථා වලින් කිහිපයකි.

මේ වගේ ශෝචනීය අවස්ථා දෙමව්පියන් වීම තුල  පිරී ඇති අතර ඔබ බොහොමයක් එවැනි අවස්ථා අත්විද තිබෙන්න පුලුවන්.

ඒ වගේම අදුර කොතැනද ආලෝකයත් එතැනම  ඇති බව අමතක නොකරන්න.

දෙමාපියන්ගේ ගැඹුරු ශෝචනීය අවස්ථා ශේෂ කරන ආලෝකය පිරිසිදු හා සත්‍ය වන අතර අදුරු බව පරාජය කර බැබලෙන්න එහි දීප්තියට පුලුවන්. මව් පදවිය අහියෝග සහිතක් උනත් ඒවාට මුහුණ දෙන්නට ශක්තිය ඇති වීවි.

ඔබ  දෙමව්පියෙක් වීම තුල  ඇති ශෝචනීය අත්දැකීම මොනවාද? පහලින් සටහනක් යොදමින් එය අපිත් එක්ක  බෙදා ගන්න.

අම්මේ, තාත්තේ ඔබ ඔබේ දරුවන් වෙනුවෙන් කරන අපමණ කැපවීම් අපි දන්නවා .ඔබ අත්විදින මේ ශෝචනීය දේවල්  the Asianparent Sri Lanka ඔබ වෙත ගෙන ආවේ ඒ පිලිබඳ ඔබට අවබෝධයක් ලබා දෙන්නමයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මව්පදවිය
  • /
  • කිසිවෙකු කථා නොකරන මාතෘත්වයේ ශෝචනීය  පැතිකඩ
බෙදාගන්න :
  • මාතෘත්වය ඔබේ මනසට බලපාන්නේ කොහොමද?

    මාතෘත්වය ඔබේ මනසට බලපාන්නේ කොහොමද?

  • මාතෘත්වය ගැන අම්මා කෙනෙකුගේ අර්ථකථනය: "මගේ ශරීරය මට නැති වුණා"

    මාතෘත්වය ගැන අම්මා කෙනෙකුගේ අර්ථකථනය: "මගේ ශරීරය මට නැති වුණා"

  • මාතෘත්වය ඔබේ මනසට බලපාන්නේ කොහොමද?

    මාතෘත්වය ඔබේ මනසට බලපාන්නේ කොහොමද?

  • මාතෘත්වය ගැන අම්මා කෙනෙකුගේ අර්ථකථනය: "මගේ ශරීරය මට නැති වුණා"

    මාතෘත්වය ගැන අම්මා කෙනෙකුගේ අර්ථකථනය: "මගේ ශරීරය මට නැති වුණා"

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it